සාමාන්ය දැනිම/General Knowledge

සාමාන්ය දැනිම/General Knowledge

Share

This page is belongs to up the General Knowledge of anyone..

09/01/2026

ඔබේ ගෙදර බළලුන් සිටිනවාද ?? ඔබ කියවිය යුතුම පොත " බළල් ජීවිතය ".....
බළල් ලෝලී බාල මහලු වැඩිහිටි ඔබට අනගි අවස්තාවක්....
ඔබගේ බළලාගේ විශ්මිතවූ ජීවිතය ගැන 100%ම දැනගන්න කැමතියිද?
----------------------------
බළලුන් පිලිබදව වූ සියලූම තොරතුරු ඇතුලත්ව ලංකාවේ පළමුවරට බළලුන් සදහා ලියවුනු පළමු ග්‍රන්තය දැන් ඔබට ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකියි.
පිටු 280 ක වර්ණයෙන් මුද්‍රිතයි. ....
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් නිර්දේශිත පුස්තකාල සදහා අනුමත ග්‍රන්තයකි.
බළලුන්ගේ ඉතිහාසයේ සිට පරිච්ජේද 40ක් පුරා සියලූම විස්තර ඇතුලත් කර සකසා ඇත. ලෝකයේ අභිජනනය කර ඇති සියලූම බළල් වර්ගවල වර්ණ ජායාරෑප සහ විස්තර ඇතුලත් බළල් අභිජනන නාමාවලියකින්ද සමන්විත මෙම පොත දැන් ඔබට COD හරහා ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.
@ නිවසේ ඇතිකිරීම සදහා බළලෙකු තෝරා ගැනීමේ සිට,
@ බළලුන්ට වැළදෙන රෝග සහ ඒවාට පිලියම්,
@ ඔබේ බළල් සුරතලා මියයන තුරුම ඔබ විසින් පිලිපැදිය යුතු කරුණු ආදී, සියල්ල ඇතුලත් කර ඇත.
විශ්වවිද්‍යාල සිසුන්, සත්ත්ව ලෝලීන්ට සහ පොත් කියවන ඔබට ඉතාමත් වටිනා තොරතුරු සහිතව , ඔබේ ජීවිතයේ මෙතෙක් නොඇසූ බළල් ජීවිතයේ රසමුසු තැන් සියල්ල පොතට අන්තර්ගත කර ඇත.
කතුවරයා අවුරුදු 40 ක බළලුන් සම්බන්ධව කල අධ්‍යයන සහ පර්යේෂණ සියල්ල මෙහි ඇතුලත් කර රසමුසුව සකසා ඇති පර්යේෂණ ග්‍රන්තයකි.
1' බළලුන්ගේ ඉතිහාසය
2' බළලුන්ගේ පරිණාමය
3' බළලුන් පැමිණියේ කොහෙන්ද?
4' බළලුන්ගේ වර්තමානය
5' ශ්‍රී ලාංකේය බළල් පරපුර
6' ඔබ බළලෙක් ඇති කළ යුත්තේ ඇයි?
7' නිවෙසේ ඇති කිරීම සදහා බළලෙකු තෝරාගැනීම
8' බළලුන් හඳුනාගැනීම
9' බළලුන් හඳුනාගැනීමේ විශේෂ සලකුණු
10' බළලුන්ට ආවේණික පුරුදු සහ ක්‍රියා
11' බළලුන් කැමැති සහ අකැමැති දේවල්
12' බළලුන්ගේ ශරීර ඉරියව් තේරුම් ගැනීම
13' හිසේ ඉරියව් තේරුම් ගැනීම
14' වලිග භාෂාව තේරුම් ගැනීම
15' මිත්‍රශීලී ඉරියව් තේරුම් ගැනීම
16' ගැටුම් සම්බන්ධ ඉරියව් තේරුම් ගැනීම
17' කන් භාෂාව
18' නිදාගැනීමේ ඉරියව්
19' නිදාගැනීමේ ස්ථාන
20' ආක්‍රමණශීලීත්වය
21' ලැජ්ජාශීලීත්වය සහ ආතතිය
22' ʻමියෑව්’ වදය
23' මුත්‍රා සලකුණු කිරීම්
24' චර්යාත්මක ගැටලු
25' නිශාචර ජීවිතය
26' බළල් ක්‍රීඩා සහ රස්තියාදු
27' බළලුන්ගේ සැපීම්, සීරීම් සහ ලෙවකෑම්
28' බළලුන්ගේ පිරිසිදුකම
29' ලිංගික චර්යාවන් සහ සහකරුවන් හඳුනාගැනීම
30' බැළලියන්ගේ ගැබ් ගැනීම සහ ප්‍රසූතිය
31' බළල් පැටවුන් ඇති දැඩි කිරීම
32' දරුවන්ට හඳුන්වා දීම සහ කළමනාකරණය
33' බළලුන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ
34' බළලුන්ගේ සෞඛ්‍ය ගැටලු
35' බළලුන්ගේ සෞඛ්‍යයට හානි කළ හැකි වෛරස
36' බළලුන් එන්නත් කිරීමේ මාර්ගෝපදේශය
37' බළලුන්ගේ පොදු රෝග, ප්‍රතිකාර සහ පිළියම්
38' බළල් ජීවිතයේ අවසානය-ඔබ දැනගත යුතු දේ
39' ඔබේ බළලාගේ ජීවිතයේ අවසාන හෝරා කිහිපය
40' බළල් අභිජනන නාමාවලිය
නම # බළල් ජීවිතය
කර්තෘ # රුවන් ගමරාළලාගේ
පොතක මිල # 2800/=
(පොතක මිලෙන් 10%ක් බළල් සුභසාධනය වෙනුවෙනි)
දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි.
විමසීම් # 07608292335 වට්ස් ඇප් 071 2232326
විද්යුත් ලිපිනය # [email protected]




26/10/2025

"දහස් ගණන් ජීවිත රකින මහා පාරේ දියමන්තිය"

ලංකාවේ විවිධ වර්ගයේ මාර්ග සංඥා විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා.
ඒ ගැන මිනිසුන්ට තියෙන අවබෝධය විවිධාකාරයි.

සමහරු මාර්ග සංඥා වර්ග කොච්චර තියෙනවද කියන එක ගැනවත් ලොකු අවබෝධයක් නෑ.

ඒ වගේ ගොඩක් මිනිස්සුන්ට ලොකු අවබෝධයක් නැති,
සමහරු එහෙම එකක් තියෙනවද කියලා දන්නෙවත් නැති මාර්ග සංඥාවක් තමයි මේ "දියමන්තිය".

මේක ඔයාලට දකින්න ලැබෙන්නේ පදික මාරුවකට කලින්. හරියටම කිව්වොත් පදික මාරුවකට මීටර් 50 ක් තියෙද්දී තමයි මේක තියෙන්නේ.
මේකෙන් කියන්නේ පදික මාරුව ආශ්‍රිත සීමාව ආරම්භ වන බවත්, පැයට කිලෝමීටර් 10 කට අඩු වේගයකින් වාහනය ධාවනය කල යුතු බවත්.

දෙපැත්තේ තියෙන diamond sign අතර කොටසේ වාහන ඉස්සර කරන්න බෑ.
ඒක පදික මාරුව උඩ විතරයි බැරි කියලා හිතන් ඉන්න ගොඩක් දෙනෙක් නොදන්න නීතියක්.

සමහර ප්‍රදේශවල වේග සීමා අනුව මීටර් 50 සීමාව වෙනස් වෙන්න පුළුවන්.

ඒ කියන්නේ මේ "දියමන්තිය" දකින වාරයක් පාසා ඔයාගේ ඔළුවට එන්න ඕනේ,
"මම දැන් පදික මාරුවක් ආසන්නයට ඇවිත් ඉන්නවා, මම වේගය අඩුකරගන්න ඕනේ, සැළකිලිමත් වෙන්න ඕනේ" වගේ එකක්.

මෙච්චර කල් එහෙම ආවේ නැත්තන් හෙට ඉදන්වත් මේ දේවල් ගැන අවබෝධයෙන් වාහන ධාවනය කරන්න මතක් වෙයි.

මෝටර් වාහන පනතේ මාර්ග සංඥා අංක RM-36 යටතේ තමයි මේ මාර්ග සංඥාව තියෙන්නේ.

1. අනතුරු ඇඟවීමේ සලකුණු (Danger Warning Signs)
2. තහනම් සලකුණු (Prohibitory Signs)
3. සීමාකාරී සලකුණු (Restrictive Signs)
4. විධාන සලකුණු (Mandatory Signs)
5. ප්‍රමුඛතා සලකුණු (Priority Signs)
6. මඟපෙන්වීමේ තොරතුරු සලකුණු (Directional Information Signs)
7. අනෙකුත් සලකුණු (Other Signs)
8. මාර්ග ලකුණු කිරීම් (Road Markings)

වගේ විවිධ වර්ගීකරණ යටතේ මාර්ග සංඥා තියෙනවා.
මේ ගැන ඉස්සරහට පෝස්ට් සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ලැබෙන ප්‍රතිචාර අනුව.

පරිස්සමින් වාහන එලවන්න.

ජය වේවා.

- විකුම් හර්ෂණ -

16/10/2025

මම අද අරගෙන ආවේ ඔයාලව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනාගතයට අරගෙන යන, ඔයාලා "නිර්මාණය" සහ "සිනමාව" ගැන හිතන විදිහ සදහටම වෙනස් කරන, ඇස් ඇරවන සුළු, සුපිරිම AI විප්ලවයක් ගැන කතා කරන්න.

හිතන්නකෝ ටිකක්... ඔයාගේ ඔළුවේ, හිතාගන්න බැරි තරම් ලස්සන, සිත්ගන්නා සුළු චිත්‍රපට දර්ශනයක් (movie scene) තියෙනවා. 🏔️🐉 "මකරෙක්, සීගිරිය උඩින් පියාඹලා යනවා." එහෙමත් නැත්නම්, "නුවරඑළියේ තේ වත්තක, 1980 ගණන්වල විලාසිතාවෙන් සැරසුණු පෙම්වතුන් යුවලක්."

මේ වගේ අදහසක්, ඇත්තටම වීඩියෝ එකක් කරන්න නම්, ඔයාට මොනවද ඕන? 😥 කැමරා, නළු නිළියන්, ලොකේෂන්, ලයිට්ස්, ඩ්‍රෝන්, සහ සල්ලි මලු ගණන්... ඒක හීනයක් විතරයි නේද?

තවදුරටත් නැහැ! 🤯

Google සමාගම, ඒ හීනය ඇත්තක් කරමින්, AI ලෝකයම දෙවනත් කරමින්, එයාලගේ අලුත්ම, බලවත්ම නිර්මාණය ලෝකෙට එළිදක්වලා තියෙනවා. ඒ තමයි Google Veo 3.1 AI වීඩියෝ නිර්මාණ යන්ත්‍රය.

මේක නිකම්ම තවත් AI tool එකක් නෙවෙයි. මේක, ඔබේ ඔළුවේ තියෙන ඕනෑම හීනයක්, තත්පර 60ක් ඇතුළත, ලෝක මට්ටමේ සිනමාපටයක් බවට පත්කරන, ඔබේම පුද්ගලික හොලිවුඩ් චිත්‍රාගාරයයි! 🎬

# # Veo 3.1: ඔබේ වචනය, සිනමාව බවට පත්කරන මායාව!
Veo 3.1 කියන්නේ කලින් ආපු AI වීඩියෝ හදන මෙවලම් වගේ නෙවෙයි. මේකේ තියෙන හැකියාවන් ඇහුවම ඔයාට පුදුම හිතෙයි.

1. TV එකේ වගේ Quality එකක්! (1080p Cinematic Videos) 🎥
Veo 3.1 වලින් හදන වීඩියෝ, බොඳවුණු, පැහැදිලි නැති ඒවා නෙවෙයි. Full HD (1080p) ගුණාත්මකභාවයෙන් යුත්, සිනමාත්මක (cinematic) දර්ශන තමයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ, ඇත්තටම කැමරාවකින් ගත්තා වගේ, පැහැදිලි, ගැඹුරු, සහ යථාර්ථවාදී වීඩියෝ.

2. එකම නළුවා, එකම විදිහට! (Enhanced Character Consistency) 🧑‍🤝‍🧑
AI වීඩියෝ වල තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි, එක දර්ශනයක ඉන්න චරිතය, ඊළඟ දර්ශනයට යද්දී වෙනස් වෙන එක. ඒත් Veo 3.1 එකෙන්, ඔයාට පුළුවන් එකම චරිතයක්, එකම මුහුණ, එකම ඇඳුම ඇතුව, වීඩියෝව පුරාම ස්ථාවරව පවත්වාගෙන යන්න.

3. AI එකම Editor කෙනෙක් වගේ! (Multi-Shot Generation) ✂️
ඔයාට තියෙන්නේ කතාව කියන්න විතරයි. Veo 3.1, ඒ කතාවට අදාළව, විවිධ දර්ශන (multiple scenes), කැපීම් (cuts), සහ මාරුවීම් (transitions) ඉබේම හදලා, සම්පූර්ණ කතාවක් ගලාගෙන යන විදිහට, පොඩි චිත්‍රපටයක් වගේ හදලා දෙනවා.

4. සද්දෙයි රූපෙයි දෙකම එකට! (Native Audio Integration) 🎧
මෙන්න නියමම දේ. Veo 3.1, වීඩියෝ එක හදනකොටම, ඒකට අදාළ sound effects, දෙබස් (dialogue), සහ පසුබිම් සංගීතය (background music) පවා නිර්මාණය කරලා, වීඩියෝ එකත් එක්කම හරියටම සමමුහුර්ත (sync) කරනවා.

5. පින්තූරයකට පණ දීම සහ අදහස් මුසු කිරීම (Image-to-Video & Multi-Prompting) 🖼️➡️🎞️
ඔයාට පුළුවන්, ඔයා ළඟ තියෙන ඕනෑම පින්තූරයක් දීලා, ඒක චලනය වෙන, සිනමාත්මක වීඩියෝවක් බවට පත්කරන්න. ඒ වගේම, පින්තූර සහ වචන එකට දීලා, ඔයාට අවශ්‍යම විදිහේ ප්‍රතිඵලයක් ගන්නත් පුළුවන්.

6. ඔයා තමයි Director! (Creative Control & Presets) 🎬
"Zoom in කරන්න", "drone shot එකක් ඕන", "slow-motion ඕන" වගේ සිනමාත්මක උපදෙස් දීලා, ඔයාගේ වීඩියෝවේ කැමරා චලනයන් පවා පාලනය කරන්න පුළුවන්. මේ නිසා, කිසිම දැනුමක් නැති කෙනෙක්ට වුණත්, වෘත්තීය මට්ටමේ නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබෙනවා.

# # මේකෙන් ලංකාවේ අපිට මොකද වෙන්නේ? 🇱🇰
මේක නිකම්ම විනෝදයට තියෙන දෙයක් නෙවෙයි. මේක ලංකාවේ නිර්මාණශීලී ආර්ථිකයට රන් දොරටුවක්!

පොඩි ව්‍යාපාර වලට: 🏪
ගමේ කඩේ ඉඳන්, ලොකු හෝටලය දක්වා, ඕනෑම කෙනෙක්ට, ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැතුව, තමන්ගේ නිෂ්පාදන වලට, ලෝක මට්ටමේ වීඩියෝ දැන්වීම් (video ads) හදාගන්න පුළුවන්.

Content Creators සහ YouTubers ලාට: 🧑‍🎨
ඔයාගේ ඊළඟ YouTube වීඩියෝ එකට, ඔයාට හිතාගන්න බැරි තරම් ලස්සන දර්ශන (B-roll footage), එහෙමත් නැත්නම් සම්පූර්ණ කෙටි චිත්‍රපටයක්ම නිර්මාණය කරන්න පුළුවන්.

සංගීත ශිල්පීන්ට: 🎵
ඔයාගේ අලුත්ම සින්දුවට, කිසිම වියදමක් නැතුව, ඔයාගේම කියලා Music Video එකක් හදාගන්න පුළුවන්. ඔයාට තියෙන්නේ සින්දුවේ පද ටික දීලා, ඔයාගේ හිතේ තියෙන දර්ශනය කියන එක විතරයි.

ශිෂ්‍යයන්ට: 🎓
ඉතිහාස පාඩමක්, විද්‍යා සංකල්පයක්, ලස්සන වීඩියෝ එකක් විදිහට හදලා, තමන්ගේ projects වලට ඉදිරිපත් කරන්න පුළුවන්.

✨ අවසාන වශයෙන්: නිර්මාණශීලීත්වයේ අලුත් යුගය
අවුරුදු කිහිපයකට කලින්, මේ වගේ දෙයක් විද්‍යා ප්‍රබන්ධයක් විතරයි. ඒත් අද, Veo 3.1 එක්ක, චිත්‍රපට නිර්මාණය කියන දේ, මිල අධික උපකරණ සහ ලොකු කණ්ඩායම් වලට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි.

දැන්, ලෝකයේ වටිනාම දේ වෙන්නේ, ඔයාගේ "කැමරාව" නෙවෙයි, ඔයාගේ "කල්පනාවයි" (Imagination).

මේ වටිනා පණිවිඩය, ඔයා දන්න හැම නිර්මාණශීලී කෙනෙක්ටම, හැම ව්‍යවසායකයෙක්ටම, හැම තරුණයෙක්ටම share කරන්න. මොකද, මේක අපේ රටේ නිර්මාණශීලීත්වයට අලුත් පියාපත් ලබා දෙන, අනාගතයේ දොරටුවයි.

ඔබේ ඔළුවේ තියෙන ඊළඟ චිත්‍රපටය කුමක්ද?
උපුටාගැනීමකි

13/10/2025

අකුණු අකුණු ⛈️⛈️🌩️🌪️🌫️🌬️

අපේ රටේ බොහෝ දෙනෙකුට අකුණු පිලිබද දැනුම අඩු බව මා දැක ඇත,මන්ද යත් ජංගම දුරකථන බාවිතයේදී අකුනු වදිනවායැයි දුරකථන ක්‍රියා විරහිත කරගන්නවා මා දැක ඇත,

සරලවම කිව්වොත් අකුණක් කියන්නෙ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. ඒත් වළාකුලකට කොහෙන්ද ආරෝපණ? මතකද පොඩි කාලෙ පෑනක් හිසකෙස් වල පිරිමැද්දම ඇතිවන ස්ථිති විද්‍යුත් ආරෝපණය? ඒ වගේම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් තමයි වළාකුලත් චාජ් වෙන්නෙ.

ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන්.
තවත් හේතුවක් තියෙනවා. අහල ඇතිනෙ රත්වූ වාතය / ජලය එහෙම ඉහළ යනවා, සීතල දේවල් පහළට එනව කියල. ඔය තියරියම වළාකුල ඇතුලෙත් සිද්ධවෙනවා.

වළාකුලේ යට හරියෙ තියෙන්නෙ සාපේක්ෂව උණුසුම් ජල වාෂ්ප. වළාකුලේ උඩ හරියෙ තියෙන්නෙ ඉතාම සිසිල් ice crystals. ඉතින් කලින් කිව්වා වගේ ජල වාෂ්ප උඩට යනවා, අයිස් ස්ඵටික යටට එනවා. ඒ එන අතරමගදි මේ දෙගොල්ලො එකිනෙක ඇතිල්ලීගෙනයි එන්නෙ. ඉතින් ඒ ඇතිවෙන ඝර්ෂණය නිසාත් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නවා.

ආරෝපණ කිව්වම ධන (+) ආරෝපණ සහ ඍණ (-) ආරෝපණ 2ම වළාකුලේ විසිරිලා තියෙනවා. මේ විසිරුණු ආරෝපණ වලින් ධන අරෝපණ ටික වළාකුලේ ඉහළට ගිහින් ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් වළාකුල දෙකට බෙදනවා හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ.

ඇයි වළාකුලේ පොළොවට ලඟ යට පැත්තම ඍණ වෙන්නෙ? මොකද පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිතයි. ධන කෙනා ලඟට ආකර්ෂණය වෙන්නෙ ඉතින් ඊට විරුද්ධ ඍණ කෙනානෙ. හැබැයි මේ ආරෝපණ බෙදීම නිශ්චිතවම වෙන හැටි ගැන තාමත් හොයාගෙන නෑ.

අකුණු වළාකුලක් කිට්ටු වෙද්දි පොළොවෙ තියන ධන ආරෝපණ ටිකත් යකා නටන්න ගන්නවා. මොකද එයත් කැමති සෘණ අයටනෙ. ඉතින් ඒ ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක (කිතුල් ගස්,ගිනිකූරු/ඇට්ටෝනියා) වගේ ගස් උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වෙනවා. විශේෂයෙන් උල් හා දාර ඇති සන්නායක තුඩු වලට. ගිහින් අර වළාකුලේ තියෙන සෘණ ආරෝපණ තමන් ලඟට එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.

හැබැයි යන්නෙ "පොළොවට සම්බන්ධ" සන්නායක දිගේ.
උදාහරණ : යකඩ දිගේ, කඳු උඩට,

ගස් දිගේ (ගස් ඇතුලෙ වතුර තියෙනවනෙ. වතුර හොඳ සන්නායකයක්),

මිනිස්සු දිගේ (අපේ ශරීරයෙනුත් 70%ක් විතර ජලයනෙ).

අකුණු වළාකුලකට වෝල්ට් "මිලියන" 100කට වඩා වැඩි විභවයක් තියාගන්න පුළුවන්. ඒ වගේම කූලෝම් 5ක 15ක වගේ සෘණ ආරෝපණයකුත් තියෙනවා.

ඉතින් මේ සෘණ ආරෝපණත් අර ඇන්ටනා උඩට වෙලා තමන් එනතුරු බලන් ඉන්න ධන ආරෝපණ ටික දැක්ක ගමන් ඉක්මණට එයාල ලඟට පනිනවා (ප්‍රභල අකුණකට සැතපුම් කිහිපයක් දුරට පනින්න පුළුවන්).

ඕකට තමයි සරළව අකුණක් කියන්නෙ.

අකුණක් හටගන්නෙ එක්කො වළාකුළු 2ක් අතර (එක වළාකුලක සෘණ පැත්ත හා තව වළාකුලක ධන පැත්ත අතර පනින පුළිඟුවක් හෙවත් spark එකක් ලෙස). නැත්තං වළාකුලක් හා පොළොව අතර.

>දැන් ටිකක් කතාවෙ ගැඹුරට යමු.

අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ.

ඇයි අකුණක් zigzag ආකාරයට ගමන් කරන්නෙ? මේකත් සිදුවන හැටි තාම හොයාගෙන නෑ.

හැබැයි වෙන්නෙ මේකයි. අකුණ ඉතාම ප්‍රභල වුණාට මොලේ කළඳක් නෑ. අකුණ ටික දුරක් පහළට එනවා. ඇවිත් තත්පරයෙන් 1/20000ක පමණ කාලයක් ඔළුව කස කස වටපිට හොයල බලනව කොහෙද පොළොවට සම්බන්ධ ළඟම ධන ආරෝපණය (පොළොවට යන ලේසිම පාර) තියෙන්නෙ කියල. ඒ කාලයෙ තමයි zigzag එකේ තිරස් ඉර හැදෙන්නෙ. ගමනාන්තය හොයාගන්න බැරිවුණොත් ආපහු ටික දුරක් පහළට ඇවිත් ලැජ්ජ නැතුව තව තත්පරයකින් 1/20000ක කාලයක් කස කස හොයනව පොළොවට යන ලේසිම පාර කොහෙද කියල. ඔන්න දෙවනි zigzag එකත් හැදුනා. ඕක පාර හොයාගන්නකන්ම වෙනවා.

ඒ වගේම අකුණක් ගහක මුල් පද්ධතිය වගේ අතු බෙදෙනවා. බෙදිල ගිහින් හොයනව කොහෙද පොළොවට යන ලේසිම පාර කියල. ඒක නම් හැමෝම දැකල ඇතිනෙ.

තව ප්‍රශ්නයක්.. කලින් කිව්ව වගේ වළාකුලෙන් පොළොවට එන්නෙ සෘණ ආරෝපණ. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන. ඒත් ධාරාව (current) ගමන් කරන්නෙ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවටනෙ. එහෙම නම් ඇත්තටම අකුණ වදින්නෙ අහසින් පොළොවටද? නැත්තං පොළොවෙන් අහසටද?

අතු බෙදිලා zigzag හදල ඔක්කොම වැඩ දාලා අකුණ කරන්නෙ පොළොවට තියෙන ළඟම පාර හොයාගන්න එකයි. කොහොමහරි කරල පාර හොයාගෙන ගමනාන්තයට ආවම පොළොවත් වළාකුලත් අතර සෘජු සම්බන්ධයක් හැදෙනවා. දැන් ඉතාම දීප්තිමත් අති ප්‍රභල විදුලි ධාරාවක් (ඇම්පියර් 30000 පමණ) පොළොවේ අකුණ වැදුණු තැන සිට වළාකුලට ඉතාම කෙටි කාලයක් තුල අතු නොබෙදී ගමන් කරනවා. ඉතින් ගෙවල් දොරවල් අළු නොවී තියෙයිද?

>Trip Switch

"අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා" ඕක ඕන තරම් අය කියනවනෙ. කියන්න කණගාටුයි මිත්‍රවරුනි ට්‍රිප් ස්විච් එකේ රස්සාව කිසිසේත්ම අකුණු වලින් පරිපථ බේරාගැනීම කියන දේ නම් නෙමෙයි.

එයා කරන්නෙ මෙහෙම වැඩක්.
ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා (කාටහරි කරන්ට් එක වැදිලා).

ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි කරනවා. ට්‍රිප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි පුතී.

හත්ඉලව්වේ ඒ වුනාට අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවනෙ. ඔව් ඉතින් අකුණු ගහද්දි ලොකු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ පැතිරෙනවනෙ. ඒ ක්ෂේත්‍රය නිසා අපේ ගෘහස්ථ විදුලි පරිපථයෙ එක එක තැන් වල ධාරාවන් ප්‍රේරණය වෙන්න ගන්නවා. මේ ට්‍රිප් ස්විච් එක හරහා ගේ ඇතුලට ආපු CEB එකෙන් දීපු ධාරාවක් නෙමෙයිනෙ. දැන් ඉතින් කොහොමත් ගෙදරට ආපු ප්‍රමාණයයි පිටවෙන ප්‍රමාණයයි වෙනස් වෙනවනෙ. ඉතින් ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා.

ඉතින් ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වුණොත් හොඳයි. CEB line එක දිගේ එන අකුණකින් බේරෙන්න ඕන නම් එක්කො අකුණු ගහද්දි ප්ලග් ටික ගලවල main switch එක/ circuit breakers off කරන්න. නැත්තං SPD (Surge Protection Device) එකක් ස්ථාපනය කරගන්න.

>Phone එකටත් අකුණු වදිනවද?

වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක ශෝක් එකට වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කරන්න.

Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු එන්නෙ නෑ. එහෙම එන්න පුළුවන් නම් ගෙදරට current එක දෙන්න වයර් මොකටද? රේඩියෝ තරංග වලින්ම කරන්ට් එකත් දෙනවනෙ.

"ඔහොම කිව්වට අකුණු ගහද්දි අපේ සියගෙ පෝං එක ඩෝං ගාල පුපුරල ගියානෙ"

අකුණු ගහද්දි ඒ සංඛ්‍යාත වලට අනුනාද වෙලා ගෙදර ජනේල් එහෙම දෙදරන හැටි දැකල තියෙනව නේද? වායුගෝලයේ විද්‍යුත් චුම්භක අනුනාද සංඛ්‍යාතය 7.83 Hzක් වගේ. ඒකට 1.43Hz, 20.8Hz, 27.3Hz හා 33.8Hz වගේ harmonics තියෙනවා.

ඉතින් ෆෝන් එකත් බැරිවෙලාවත් ඔය සංඛ්‍යාත වලට දරුණු ලෙස අනුනාද වුනොත් බැටරිය පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒකට ඉතින් බාල ෆෝන් නොගෙන TRC approval තියෙන සෞඛ්‍යාරක්ෂිත ෆෝන් එකක් ගන්න.

>හරකුන්ට වැඩිපුර අකුණු වදින්නෙ ඇයි?

කොහෙහරි තැනකට අකුණක් වැදුනම එහි ප්‍රභලතාවය අඩුවෙමින් අවට භූමිය පුරාම වලල්ලක් වගේ පැතිරෙනවා. හරියට භූමි කම්පාවක් වගේ. භූමි කම්පාවෙ කේන්ද්‍රයට තමයි වැඩිම බලපෑම (අකුණ වැදුන තැන වගේ. අපි හිතමු එතන වෝල්ට් 100000 කියල).

කේන්ද්‍රයේ ඉඳල ටිකක් දුරින් පිහිටි ලක්ෂ්‍යයකට භූමිකම්පාව දැනෙන්නෙ කේන්ද්‍රයට වඩා ටිකක් අඩු ප්‍රභලතාවයකින් (අකුණත් එහෙමයි. වැදුණු තැන ඉඳල මීටර් 10ක් දුරින් ලක්ෂ්‍යයක වෝල්ටීයතාවට වෝල්ට් 50000 වෙන්න පුළුවන්.)

අකුණ වැදුන තැනින් තවත් ටිකක් දුරට ගියොත් වෝල්ටීයතාවය තවත් අඩුයි. හරක් වගේ සත්තුන්ගෙ ඉස්සරහ කකුල් 2යි පිටිපස්සෙ කකුල් 2යි අතර සැලකිය යුතු දුරක් තියෙනවනෙ. ඉතින් ඉස්සරහ කකුල් 2 තියෙන්නෙ එක වෝල්ටීයතා කලාපයක, පිටිපස්සෙ කකුල් 2 තියෙන්නෙ තවත් වෝල්ටීයතා කලාපයක.

සරලවම කිව්වොත් හරකගෙ කකුල් අතරෙ විභව අන්තරයක් (Voltage Difference) ඇතිවෙලා. සන්නායකයක් හරහා විභව අන්තරයක් ඇතිවුණාම ඒ හරහා ධාරාවක් ගමන් කරනවනෙ. ඉතින් හරකගෙ ඇඟ හරහා කරන්ට් එකක් ගමන් කරලා ඌව පිළිස්සිලා මැරෙනවා.

කකුල් ලං කරගෙන තියාගන්න පුළුවන් සතෙක්ට මේ ප්‍රශ්නෙ නෑ.

සංවෘත වාහනයක හිටියොත්

වාහනයක් කියන්නෙ Faraday Cage එකක්. ඒ කියන්නෙ සන්නායකයකින් සංවෘත වූ ප්‍රදේශයක්. ෆැරඩේ කුටීරයක ඇතුලෙ තියෙන ආරෝපණ ඔක්කොම මතුපිට පෘෂ්ඨයට යනවා. ඒ නිසා ඇතුලෙ ඉන්න අයට කිසිම බලපෑමක් නෑ.

ඒ නිසා අකුණු ගහද්දි පුළුවන් නම් ගෙදර විදුලි /දුරකථන සැපයුම් ඔක්කොම විසන්ධි කරල සංවෘත වාහනේකට වෙලා හිටියත් කමක් නෑ (බයික් එකේ නෙමෙයි)

The Traveler ✍️✍️
Copied.

04/10/2025

Gemini එකෙන් වේවා ChatGPT එකෙන් වේවා එහෙමත් නැත්නම් Leonardo AI එක වේවා මේ ඕනෑම image generate කරන්න ගන්න AI model එකකින් හරියටම අපිට ඕන output එක ගන්න prompt එකක් ලියන්න ඔයා දන්නවද? සාමාන්‍යයෙන් ඔයා IT කේෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක් හරි අධ්‍යාපනය ලබන කෙනෙක් හරි නම් මේ ගැන දන්නව ඇති. ඒ උනාට ලංකාවේ බහුතරයක් ඉන්නේ එහෙම අය නෙමේ හින්දා මන් හිතුවා මේ හැමෝටම තේරෙන විදියට හරියටම කොහොමද prompt එකක් ලියන්නේ කියන එක කියලා දෙන්න. එහෙනම් යමු කතාවට.

මේකෙදි මන් prompt එකක් ලියන්නේ කොහොමද කියලා විතරයි කතා කරන්නේ. Gemini එකට හරි ChatGPT එකට හරි යන කෑල්ල, ඔයාගේ පොටෝ එකක් upload කරන විදිය එහෙම දන්නැත් නම් පොඩ්ඩක් YouTube එකේ search කරලා බලන්න අද වෙද්දි ඕන තරම් ඒ ගැන කියන වීඩියෝ තියෙනවා. අනික ඒ කෑල්ල මට මෙහෙම ලියලා කියලා දෙන්නත් බෑනේ. ඔයාල ඇහෙන් දකින්නම ඕනේ කරන විදිය. අනිත් එක මන් මේ කියන පහල දාන විස්තරය ලොකු හෑල්ලක් වගේ පෙනෙයි. හැබැයි ඒ ටික ඔක්කොම කියවන්න. මොකද මේ පටන් අරන් තියෙන්නේ photographer වෘත්තියේ අවසාන කාලය. ඔයා මේ කියන ටික හරියට ඔලුවට දා ගත්තොත් ඔයාට ආයේ කවදාවත් ලක්ෂ ගණන් දීලා photographer කෙනෙක්ව ගන්න ඕනේ නෑ.

හරි අපි එහෙනම් මුලින්ම බලමු ඇයි අපිට මේ විදියට හරියට prompt එකක් ලියන එක වැදගත් වෙන්නේ කියලා. ආහ් තව දෙයක් කියන්න ඕනේ මන් මෙතනදි උදාහරණ විදියට කතා කරන prompt ඉංග්‍රීසියෙන් ලිව්වට ඔයාට අදාල AI model එකට සිංහලෙන් උනත් දෙන්න පුලුවන්. මොකද අද වෙද්දි බහුතරයක් image generate කර ගන්න භාවිතා කරන AI model වලට අපිට වැඩිය හොදට සිංහල තේරෙනවා.

සාමාන්‍යයෙන් image prompt එකක් කියලා කියන්නේ AI model එකට, අපට නිර්මාණය කර ගන්න ඕනේ දේ ගැන විස්තර කරන වචන ටිකට. හැබැයි පැහැදිලි prompt එකක් හා නොපැහැදිලි prompt එකක් අතර වෙනස හරියට රෑ දවල් වගේ. මන් ඒක විස්තර කරන්න උදාහරණයක් කියන්නම්කෝ.

Prompt 1: “A dog in a park.”

Prompt 2: “A golden retriever puppy sitting on fresh green grass in a sunny park, with a blue sky and children playing in the background, photorealistic, 4k.”

මෙතන ඔයාලට පේනව ඇති උදාහරණ විදියට මන් prompt දෙකක් ලියලා තියෙනවා. එතනින් ඔයා පලවෙනි prompt එක අරගෙන ඒක google Gemini වගේ මොකක් හරි AI model එකක ගහලා enter කරොත් ඔයාට නිකන් park එකක ඉන්න බල්ලෙක්ව හදලා දෙයි. සමහර වෙලාවට ඒ හදලා දෙන පොටෝ එක cartoon එකක් වගේ වෙන්නත් පුලුවන්. හැබැයි ඔයා දෙවන prompt එක දුන්නොත් ලස්සනට ඇත්තක් පින්තූරයක් වගේම එකක් හදලා දෙනවා. අන්න ඒක තමා අපි හරියට prompt ලියන එකේ වැදගත්කම.
සාමාන්‍යයෙන් මේ විදියට ඔයාට ඇත්තටම අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙන prompt එකක් ලියන්න නම් ඔයා මුලින්ම ඒක හරියට ව්‍යුහගත කරලා ඉන්න ඕනේ. ඒ විදියට ලියන විශිෂ්ඨ image prompt එකකට නම් පහත අංග ටික ඇතුලත් වෙලා තියෙන්න ඕනේ.

🔴Subject – ඔයාට හදා ගන්න ඕනේ පින්තූරයේ ඉන්න ප්‍රධාන පුද්ගලයා හෝ වස්තුව

• Example: “A medieval castle” (මධ්‍යතන යුගයේ බලකොටුවක්)

🔴Details – Specific features, characteristics, or qualities. ( අදාල ප්‍රධාන වස්තුවේ හෝ පුද්ගලයාගේ තිබිය යුතු ලක්ෂණ හෝ ගුණාංග)

🔴Example: “Made of grey stone, with tall towers, surrounded by a moat” (දිය අඟලකින් වට වෙලා තියෙන, අළු පැහැති ගල් වලින් ඉදි කල හා උස කුළුණු සහිත)

🔴Style – The artistic direction you want. (ඔබට අවශ්‍ය කලාත්මක දිශාව)

• Example: “In a watercolor painting style” (දියසායම් සිතුවමක් වගේ පින්තූරයක්)

🔴Mood/Atmosphere – The emotion or feeling you want the image to give. ( අදාල පුද්ගලයාගේ තිබිය යුතු මනෝභාවය හෝ වායුගෝලයේ ස්භාවය)

• Example: “Mysterious and gloomy, with fog in the background” (අභිරහස් සහ අඳුරු, පසුබිමේ මීදුම සමඟ)

🔴Technical Aspects – Resolution, lighting, angles, etc. (විභේදනය, ආලෝකකරණය, කෝණ, ආදිය.)

• Example: “Ultra-realistic, 8k resolution, cinematic lighting, wide-angle” (අධි යථාර්තවාදී හෝ සිනමාත්වක වැනි)

මේ කිව්ව ටික හරියට ඒකාබද්ධ කරනවා කියන්නේ හරියට ඔයා චිත්‍රපටියක අධ්‍යක්ෂක වගේ AI model එක මෙහෙයවනවා වගේ වැඩක්.

දැන් බලමු මේ විදියට හරියට prompt එකක් ලියන පියවර ටික මොකක්ද කියලා.

1. Start with the Subject – AI මොඩලයෙහි අවධානය යොමු කිරීමට ඔයාට අවශ්‍ය දේ ගැන හිතන්න මුලින්ම. එය පුද්ගලයෙකුද, භූ දර්ශනයක්ද, වස්තුවක්ද, නැතහොත් වියුක්ත සංකල්පයක්ද? ඒ වගේම නිශ්චිත වන්න. “කුරුල්ලෙක්” යැයි පැවසීම වෙනුවට “පියාපත් මත තැඹිලි පාට පිහාටු සහිත පණ තියෙන නිල් පාට මැකෝ ගිරවෙක්” වගේ විස්තර ඇතුව ඔයාට ඕන විදිය පැහැදිලි කරන්න.

2. Add Context and Background - ඔයා හදන පින්තූරයේ තියෙන වටපිටාවෙන් තමා ඔයාගේ පින්තූරයට ජීවයක් එක් කරන්නේ. මොකද අපි නිකන්ම ගිරවෙක් ඉන්නවා කියලා කිව්වට සමහර වෙලාවට ගිරව් කැලෑ අත්තක් මත වාඩි වී ඉන්නත් පුලුවන්, එක්කෝ දිය ඇල්ලකට ඉහලින් පියාසර කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් මුහුදු කොල්ලකරුවෙකුගේ උරහිස මත වෙලා ඉන්නත් පුලුවන්නේ. ඒ කියන්නේ ඔයා AI මොඩල් එකට කියන සෑම සන්දර්භයක්ම වෙනස් ප්‍රතිඵලයක් නිර්මාණය කරනවා.

3. Define the Style - ඔයාට ඕනේ ඇත්තම එකක් වගේ යථාර්ථවාදී පින්තූරයක්ද, චිත්‍රයක් වගේ එකක්ද, ඩිජිටල් සිතුවමක්ද එහෙමත් නැත්නම් anime style එකක්ද කියන එකත් පැහැදිලිව සදහන් කරන්න prompt එක ලියද්දි.

4. Include Lighting and Atmosphere - ආලෝකකරණය කියන්නේ පින්තූරයක ස්භාවය සම්පූර්ණයෙන් කන පිට හරවන්න පුලුවන් එකක්. ඒ හින්දා මතක ඇතුව ඔයාගේ prompt එක ලියද්දි ඒකට golden hour, neon glow, cinematic shadows, soft candlelight වගේ ආලෝකකරණයට අදාල වචන දාන්නත් අමතක කරන්න එපා.

5. Specify Technical Quality - අන්තිම එක තමා ඔයාට අවශ්‍ය මොන වගේ Quality එකක් තියෙන පින්තූරයක්ද කියන එක සදහන් කරන්න. ඒ කියන්නේ ඔයාට තියුණු බව, ගැඹුර හෝ යථාර්ථවාදය අවශ්‍ය නම් high definition, photorealistic, 8k, macro photography. වගේ වචන භාවිතා කරන්න.
හරි දැන් බලමු මෙහෙම prompt එකක් ලියද්දි ඔයාල කරන පොදු වැරදි මොනවාද කියලා.

🔴ඕනෑවට වඩා නොපැහැදිලි වීම - හිතන්න ඔයාට හදා ගන්න ඕනේ පියාඹන කාර් තියෙන අනාගත නගරයක රාත්‍රී දසුනක් කියලා. එහෙනම් ඒකට ලියන prompt එකේ ඔයා නිකන්ම නගරයක් කියලා දැම්මොත් ඒක වැරදී. එතකොට හරියට එන්නෑ පින්තූරය. ඒක වලක්ව ගන්න නම් ඔයා කියන්න ඕනේ නියොන් ලයිට් සහිත පියාඹන මෝටර් රථ සහ වැස්සෙන් තෙමුණු වීදි සහිත හා සිනමා ශෛලියෙන් යුක්ත අනාගත සයිබර්පන්ක් නගරයක රාත්‍රී දසුනක් කියලා.

🔴ඔයා prompt ලියද්දි අනවශ්‍ය ඉඟි ඕනෑවට වඩා ලියන එක - ඔයා මාළිගාවක පින්තූරයක් නම් හදන්නේ ඒකට ලියන prompt එකේ “මකරුන්, සුරංගනාවියන්, නයිට්වරු, ගින්න, අභ්‍යවකාශ නැව්, රොබෝවරු, කඳු සහ සාගර සහිත මාලිගාවක්” කියලා දෙන්න එපා. ඒකෙදි ඔයා මාළිගාවකට අනවශ්‍ය ගොඩක් දේවල් කියලා. ඒ වෙනුවට හැකි සෑම විටම එක් ප්‍රධාන අදහසක් කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට ඔයාට සැමවිටම වෙනස්කම් ජනනය කරන්න පුලුවන්.

🔴පින්තූරයේ විලාසය නොසලකා හැරීම. - සාමාන්‍යයෙන් AI model එකක් ගොඩක් වෙලාවට සාමාන්‍ය රූප ලබා දෙන්නේ. හැබැයි ඔයා හරියට යථාර්ථවාදය, විකට කලාව වගේ යොමු විලාසයක් එක් කරොත් AI එකත් ඔයාට ඒ විදියටම හදලා දෙයි.

තව කියන්න අමතක උන කරුණක් තමා මතක් කරලා prompt එකක් ලියද්දි ඔයාට පින්තූරය අවශ්‍ය size එකත් දාන්න. 16:9 size, TikTok video size, Intergram post size, Facebook cover photo size, 1200*1450 size වගේ. ඒ වගේම තමා හොද prompt එකක් ලියද්දි ඔයාට ඒකට යටින් negative prompt එකකුත් ලියන්න පුලුවන්. ඒකෙන් කියන්නේ ඔයාට ඕන පින්තූරයේ තියෙන්න ඕනේ නැති දේවල් මොනාද කියන එක. ඒකට උදාහරණයක් දාන්නම් මන් පහලින්,

Prompt: "A high-resolution illustration of the evolution of potatoes from wild species to modern cultivars, showing genetic diversity and geographical spread."

Negative Prompt: "Low quality, cartoonish style, text overlays, watermarks, distorted anatomy, unrealistic colors, cluttered background."

මේක තමා මන් හිතන්නේ වැදගත්ම කාරණය ඔය උඩ මන් කිව්ව ඔක්කොම කියවලත් ඔයාට හරියට prompt එකක් ලියා ගන්න බැරි නම් ඔයා ඒක අදාල AI model කියලා ලියව ගන්න. උදාහරණයක් විදියට ඔයා fb එකේ උඩට පහලට යද්දි දකිනවා ලස්සන පොටෝ එකක්. ඒක ඇත්ත එකක් වෙන්න පුලුවන් AI වලින්ම හදපු එකක් වෙන්න පුලුවන්. කොහොම හරි ඔයාට ඒක හදා ගන්න ඕනේ නම් ඔයා ඒ පින්තූරය ChatGPT එකට වගේ upload කරලා කියන්න මට මගේ පින්තූරයක් යොදාගෙන මේ වගේම පින්තූරයක් හදා ගන්න පුලුවන් විදියේ හොද විස්තරාත්මක prompt එකක් ලියලා දෙන්න කියලා. හරි සරලයි.

මන් පහලින් දාන්නම් ඒ වගේ හොදට ලියපු image prompt කිහිපයකට උදාහරණ ටිකක්. මේ article එක medium එකේ හරි blogger එකේ හරි දාල link එක මේකට දානවා කියලා මුලින් හිතුනත් පස්සේ හිතුනා නෑ මේක සිංහලෙන්ම ලියලා page එකේ දැම්මොත් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ හින්දා මේක කියවන හැමෝම like එකක් comment එකක් share පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. තව තේරුන් නැති දෙයක් තිබ්බොත් පහලින් comment එකක් දාගෙන යන්න.

1. Nature Scene
“A majestic snow-capped mountain under a starry sky, reflected in a calm lake, ultra-realistic, long exposure photography style.”

2. Portrait
“A 19th-century woman in a red velvet dress, holding a lantern, oil painting style, dramatic lighting, mysterious expression.”

3. Fantasy
“A dragon flying over a floating island with waterfalls spilling into the clouds, magical atmosphere, digital painting, high detail, 8k.”

4. Product Photography
“A luxury wristwatch on a marble table, soft shadows, studio lighting, photorealistic, ultra-high definition.”

5. Cartoon Style
“A cheerful panda eating bamboo under cherry blossom trees, Pixar-style 3D animation, bright and colorful.”





✍️The Metrix

01/10/2025

🎓📚 ඉගෙනුමෙන් ඉස්සරහට යන්න උදව් වෙන, ටිකක් අලුත් AI ටූල්ස් 10ක් ගැන කියන්නම්!

1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
🔗 https://www.perplexity.ai/

2️⃣ QuillBot ✍️: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
🔗 https://quillbot.com/

3️⃣ MathGPTPro ➗: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
🔗 https://www.mathgptpro.com/

4️⃣ Cognii 🤖: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
🔗 https://www.cognii.com/

5️⃣ NotebookLM 📖: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
🔗 https://notebooklm.google/

6️⃣ Elicit AI 🔬: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
🔗 https://elicit.org/

7️⃣ Consensus AI 📊: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
🔗 https://consensus.app/

8️⃣ Team-GPT 👥: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්‍රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
🔗 https://www.team-gpt.com/

9️⃣ Socratic by Google 🧠: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
🔗 https://socratic.org/

🔟 Otter AI 🎙️: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
🔗 https://otter.ai/

🎯 මේ ටූල්ස් ටික ඔයාගේ ඉගෙනුම් ගමන වේගවත් හා රසවත් කරනවා! ලින්ක්ස් එක්ක ට්‍රයි කරලා බලන්න, ඔයාට හොඳම එක හොයාගන්න! 💡

You're still doing it manually? In 2025?
Here are 14 next-gen AI tools that will save your time and boost your output:

Sloyd.ai – create 3D models in your browser
Veed.io – edit videos with captions and effects
Lovo.ai – generate voiceovers with emotion
Play.ht – turn text into realistic speech
Papercup.com – translate videos with AI dubbing
Genmo.ai – create videos using text prompts
Quickchat.ai – build AI chatbots that sound human
Supermeme.ai – generate viral memes with prompts
Neural.love – upscale and restore images with AI
Podcastle.ai – record, edit, and publish podcasts
Copy.ai – write ads, emails, and blogs instantly
Modyfi.com – design images with real-time AI editing
Audo.ai – clean noisy audio automatically
Magai.co – organize all your GPT chats and prompts

29/09/2025

මුද්දර ගාස්තු පිළිබඳව ඇති නීතිය 💸

ජීවිතයේ කවදා හෝ දවසක ඉඩමක් මිලදී ගැනීම 🏡, වාහනයක් ලීසිං ක්‍රමයට ගැනීම 🚗, නැත්නම් අඩුම තරමේ ගෙයක් කුලියට ගැනීම 🔑 වැනි කටයුත්තකට ඔබ අනිවාර්යයෙන්ම මුහුණ දී ඇති. ඒ සෑම අවස්ථාවකදීම, ඔබේ නීතිඥවරයා විසින් සකසන ලද බිල්පතේ ඔබ දැක ඇති එක් වචනයක් තිබෙනවා - "මුද්දර ගාස්තු" 🧾.

බොහෝ දෙනෙක් කරන්නේ කුමක්ද? නීතිඥවරයා කියන ගාණ ගෙවා, ඒ ගැන වැඩිදුර නොසොයා සිටීමයි 🤔. "ඕවා ඉතින් නීති කටයුතුනේ, අපිට තේරෙන්නේ නෑ" කියා සිතනවා. නමුත්, ඔබ දන්නවාද, මේ මුද්දර ගාස්තුව යනු රජයට ගෙවන සෘජු බද්දක් බවත් 🏛️, එය ගණනය කිරීමට ඉතා සරල සහ පැහැදිලි ක්‍රමවේදයක් ඇති බවත්? 🤓

අද අපි ඒ රහස හෙළි කරමු 🕵️‍♂️. නීතියේ නොදැනුවත්කම නිසා අමතර මුදලක් ගෙවීමට හෝ වංචාවකට හසුවීමට ඇති ඉඩ අහුරමු 🛡️.

මුද්දර ගාස්තු යනු ඇත්තටම කුමක්ද? 🧐

සරලවම කිවහොත්, මුද්දර ගාස්තු යනු යම් යම් නීත්‍යානුකූල ලියවිලි සහ ගනුදෙනු සඳහා රජය විසින් අයකනු ලබන බද්දකි. අතීතයේදී මෙම ගාස්තුව ගෙවූ බවට සනාථ කිරීම සඳහා අදාළ ලියවිල්ලේ (උදා: ඔප්පුවේ) වටිනාකමට සරිලන මුද්දර ඇලවූ නිසා එයට "මුද්දර ගාස්තු" යන නම ලැබී ඇත 💌. වර්තමානයේදී මුද්දර ඇලවීම මෙන්ම, බැංකුවට මුදල් ගෙවීමෙන්ද මෙම ගාස්තුව පියවිය හැකිය 🏦.

මෙම ගාස්තු අය කිරීම 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත 📜 සහ පළාත් සභා මගින් පාලනය වන නීති රීති යටතේ සිදු වේ.

මුද්දර ගාස්තු ගණනය කිරීමේ සූත්‍රය මෙන්න! 🧮

විවිධ ගනුදෙනු සඳහා මුද්දර ගාස්තු ගණනය වන්නේ විවිධ ආකාරයටයි. වඩාත් සුලභ අවස්ථා කිහිපයක් අපි දැන් විමසා බලමු. 👇

1. ඉඩමක් විකිණීමේදී (විකුණුම් ඔප්පුවක් සඳහා) 🏡🤝

මෙය බොහෝ දෙනෙකුට අදාළ වන අවස්ථාවකි. මෙහිදී මුද්දර ගාස්තුව ගණනය වන්නේ ඉඩමේ විකුණුම් වටිනාකම මත පදනම්වයි.

වටිනාකමින් පළමු රු. 100,000 සඳහා: 3% යි ඉතිරි වටිනාකම සඳහා: 4% යි

👉 උදාහරණයක් බලමු

ඔබ රුපියල් මිලියනයක (රු. 1,000,000) ඉඩමක් මිලදී ගන්නවා යැයි සිතමු.

පියවර 1: පළමු ලක්ෂයට (100,000) මුද්දර ගාස්තුව:

රු. 100,000 x 3% = රු. 3,000

පියවර 2: ඉතිරි මුදල:

රු. 1,000,000 - රු. 100,000 = රු. 900,000

පියවර 3: ඉතිරි මුදලට මුද්දර ගාස්තුව:

රු. 900,000 x 4% = රු. 36,000

ගෙවිය යුතු මුළු මුද්දර ගාස්තුව: ✅ රු. 39,000

2. තෑගි ඔප්පුවකින් ඉඩමක් පැවරීමේදී 🎁👨‍👩‍👧‍👦

තෑග්ගක් ලෙස දේපළක් පැවරීමේදී මුද්දර ගාස්තුව තරමක් අඩුය.

වටිනාකමින් පළමු රු. 50,000 සඳහා: 3% යි ඉතිරි වටිනාකම සඳහා: 2% යි

👉 උදාහරණයක් බලමු

රුපියල් මිලියනයක් (රු. 1,000,000) වටිනා ඉඩමක් තෑගි ඔප්පුවකින් පවරයි.

පියවර 1: පළමු පනස් දහසට (50,000) මුද්දර ගාස්තුව:

රු. 50,000 x 3% = රු. 1,500

පියවර 2: ඉතිරි මුදල:

රු. 1,000,000 - රු. 50,000 = රු. 950,000

පියවර 3: ඉතිරි මුදලට මුද්දර ගාස්තුව:

රු. 950,000 x 2% = රු. 19,000

ගෙවිය යුතු මුළු මුද්දර ගාස්තුව: ✅ රු. 20,500

⚠️ මුද්දර ගාස්තු අඩු කර ගැනීමේ අරමුණින් තෑගි ඔප්පුවක ඉඩමේ වටිනාකම අඩුවෙන් සඳහන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට මෙහිදී නිසි වටිනාකම තක්සේරු කිරීමට බලය ඇත.

3. උකස් ඔප්පුවක් සඳහා 🏦🔗

දේපළක් උකස් කර මුදලක් ලබා ගැනීමේදී, උකස් මුදල මත මුද්දර ගාස්තු අය කෙරේ.

සෑම රු. 1,000 කටම රු. 1 ක් (එනම් 0.1%)

👉 උදාහරණයක් බලමු

ඔබ රුපියල් මිලියනයකට (රු. 1,000,000) ඉඩමක් උකස් කරයි.

මුද්දර ගාස්තුව: ✅ රු. 1,000

4. නිවසක්/ඉඩමක් බදු/කුලියට දීමේදී/ කල්බදු ලීසින් (Lease and Rental Agreements) 🏘️📝

මෙහිදී මුද්දර ගාස්තුව ගණනය කරන්නේ මුළු බදු කාලය සඳහාම වන එකතු වූ කුලී වටිනාකම මතයි.

සෑම රු. 1,000 කටම රු. 20 ක් (එනම් 2%)

නමුත් 🤩 මාසික කුලිය රු. 5,000 ට අඩු නම් මුද්දර ගාස්තු අය නොකෙරේ.

👉 උදාහරණයක් බලමු

මාසිකව රු. 10,000 බැගින් වසර දෙකක (මාස 24) කාලයකට නිවසක් කුලියට දෙයි.

පියවර 1: ගිවිසුමේ සම්පූර්ණ වටිනාකම:

රු. 10,000 x මාස 24 = රු. 240,000

පියවර 2: මුද්දර ගාස්තුව:

රු. 240,000 x 2% = රු. 4,800 ✅

5. පොරොන්දු නෝට්ටුවක් සඳහා (Promissory Note) ✍️📜

මුදල් ගනුදෙනුවක් සඳහා නිකුත් කරන පොරොන්දු නෝට්ටුවකටද මුද්දර ගාස්තු ගෙවිය යුතුය.

සෑම රු. 1,000 කට හෝ එහි කොටසකට රු. 1 ක් (එනම් 0.1%)

👉 උදාහරණයක් බලමු

රුපියල් මිලියනයක (රු. 1,000,000) පොරොන්දු නෝට්ටුවක් සඳහා.

මුද්දර ගාස්තුව: ✅ රු. 1,000

මේ මුදල ගෙවීමේ වගකීම කාගේද? 🤔🤷‍♂️

මෙයද පොදු ගැටළුවකි. සාමාන්‍ය සම්ප්‍රදාය සහ නීතිමය පිළිගැනීම මෙසේය

👉 විකුණුම් ඔප්පුවකදී ➡️ ගැනුම්කරු විසින් 🛍️.

👉 උකස් ඔප්පුවකදී ➡️ උකස්කරු (ණය ලබාගන්නා ඉඩම් හිමියා) 🙋‍♂️.

👉 කුලී/බදු ගිවිසුමකදී ➡️ කුලියට/බද්දට ගන්නා තැනැත්තා 🚶‍♂️.

සරලවම කිවහොත්, ගනුදෙනුවෙන් ප්‍රධාන ප්‍රතිලාභය ලබන පාර්ශවය විසින් මුද්දර ගාස්තු ගෙවීම සිරිතයි. 👍

මුද්දර ගාස්තු ගෙවන්නේ කෙසේද? 💳🏦

වර්තමානයේදී විශාල වටිනාකම් සඳහා මුද්දර ඇලවීම ප්‍රායෝගික නොවන බැවින්, ලංකා බැංකුවේ ඇති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ විශේෂ ගිණුම්වලට මුදල් බැර කිරීමෙන් මෙම ගෙවීම සිදු කළ හැකිය. එම රිසිට්පත ඔප්පුවට ඇමිණීම 📎 මගින් ගාස්තුව ගෙවූ බවට සනාථ වේ.

අවසාන වශයෙන්... 🏁

මුද්දර ගාස්තු යනු අභිරහසක් හෝ නීතිඥවරුන්ට, බැංකුවලට හෝ කල්බදු ලීසින් සමාගම් වලට පමණක් තේරෙන දෙයක් නොවේ. එය පැහැදිලි නීතිමය රාමුවක් තුළ ගණනය කෙරෙන, රටේ සංවර්ධනයට දායක වන බද්දකි. මින් ඉදිරියට, යම් ගනුදෙනුවකදී ඔබට මුද්දර ගාස්තු ගෙවීමට සිදු වූ විට, එය ගණනය වී ඇති ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.

දැනුවත් වන්න, නීතිය අවබෝධ කරගන්න, ඔබේ මුදල් නිවැරදිව කළමනාකරණය කරන්න. 🧠💪

මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වුණා නම්, එය තවත් කෙනෙකුටත් වටිනා බව අමතක කරන්න එපා!
👍 Like කරන්න
💬 Comment එකකින් ඔබේ අදහස කියන්න
🔁 Share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න!

Admins Law Guide ©️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo