Alumni Organization University of Colombo

Alumni Organization University of Colombo

Share

The Alumni Organization of the University Of Colombo was established in the year 1993.

Today we are a proud Organization comprising many Graduates of the University Of Colombo as members representing well-established professionals in various fields in Sri Lanka and abroad. To build up and strengthen the cordial relationship among Alumni Members of the University Of Colombo while looking after their well-being and actively involved in activities conducted by the University Of Colombo

30/05/2026

With කොළඹ අපි – I just got recognized as one of their top fans! 🎉

27/05/2026
17/05/2026

ලාංකේය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය කුමාරි ජයවර්ධන
ඇගයීම

2026, ජූනි මස 02 වැනි අඟහරුවාදා සවස 4.30ට,
නව කලාගාරය (NAT)
කොළඹ විශ්වවිද්‍යාලය

ප්‍රධානත්වය
උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක

මුඛ්‍ය දේශනය
සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මෙහෙයවීම
ආචාර්ය සසංක පෙරේරා

මහාචාර්ය කුමාරි ජයවර්ධන පිළිබඳ කෙටි හැඳින්වීමක්
ආචාර්ය චූලනී කොඩිකාර

ඔබ සැමට සහෝදරාත්මක ආරාධනාව
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන්

Photos from Alumni Organization University of Colombo's post 25/04/2026

අප සංවිධානයේ විධායක කමිටු සාමාජිකා විමලා කටුලන්ද මහත්මියගේ මීගමුව නිවසේ මෙවර මාසික විධායක සභාව සුහදව පැවැත්විණ

28/03/2026

පලස 2026

විශ්වවිද්‍යාලයීය උපාධිලාභී විද්‍යාර්ථීන් සඳහා

කවි, කෙටිකතා සහ කෙටි නාට්‍ය පිටපත් තරඟාවලිය

රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ප්‍රථම උපාධි, පශ්චාද් උපාධි සම්පූර්ණ කළ ඕනෑම ආදි විද්‍යාර්ථියෙකුට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

එක් එක් තරග අංශයට අදාළව නම, ලිපිනය, වයස, ජංගම දුරකථන අංකය, වස් ඇප් අංකය සහ ඊ මේල් ලිපිනය සමග නිර්මාණයේ නම් යන තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රයක් සමග මෙම නිර්මාණය විය නිර්මාණයක් බවට සහතික කර එවිය යුතුය.

එක් තරගකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අංශයකින් එක් නිර්මාණයක් පමණි.

පැහැදිලි අකුරෙන් ලියා හෝ ටයිප්කර මෙම නිර්මාණය එවිය හැකිය.

මීට පෙර පලස හෝ ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් නිර්මාණ නොඑවිය යුතුය.

කෙටි කතා වචන 1500 නො ඉක්ම විය යුතු අතර කෙටි නාට්‍ය මිනිත්තු 20කට ගැළපෙන සේ සැකසිය යුතුය.

ඔබගේ නිර්මාණය පිටපත් 3 කින් එවීම අනිවාර්ය වේ. එමෙන්ම අයදුම්පතේ සහ නිර්මාණයේ PDF පිටපතක් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ජයග්‍රාහී නිර්මාණ සඳහා සහතික, සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, එම නිර්මාණ පළකිරීමටද අපේක්ෂා කෙරේ.

alumniUOC යූටියුබ් නාලිකාවෙන් නිර්මාණ කරණය ගැන දැනුම්වත් විය හැකිය.

විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණයයි.

ඔබගේ නිර්මාණ 2026 ජූනි 20 දින හෝ ඊට පෙර ලැබෙන ලෙස ලිපි කවරයෙහි ඉහළ වම් කෙලවර විද්‍යාර්ථි අංශය ලෙස ලියා පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

පලස 2026 තරගාවලිය

කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසක කාර්යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ 03.

කමල් දිසානායක 0714425613

රංජිත් විජේනායක 0778618275 |

බර්නාඩ් කාරියවසම් 0714407230

අප හා එක්වන්න - www.uocalumni.com

27/03/2026

பலச 2026

கொழும்பு பல்கலைக்கழக மாணவர் அமைப்பின் தலைமையில் நடாத்தப்படுகின்ற பல்கலைக்கழக மாணவர்களுக்கு இடையிலான கவிதைப் போட்டி

அரச அல்லது தனியார் எந்தவொரு பல்கலைக்கழக மாணவன் / மாணவியும் இதற்கான ஆக்கங்களைச் சமர்ப்பிக்க முடியும்.

பெயர், முகவரி, வயது, பல்கலைக்கழகத்தின் பெயர். தனிப்பட்ட தொலைபேசி இலக்கம், மின்னஞ்சல் முகவரி மற்றும் ஆக்கத்தின் பெயர் என்பவற்றை உள்ளடக்கி மாணவன் /மாணவியினுடைய கையொப்பமிடப்பட்ட ஒரு விண்ணப்பப் படிவத்தை அனுப்பவும். மேலும் குறிப்பிட்ட ஆக்கமானது குறித்த பல்கலைக்கழக மாணவன / மாணவியினுடையது என்பதை உறுதிப்படுத்துவதற்கு துறைத் தலைவர் (Head of the Department) அல்லது பீடாதிபதியின் கையொப்பம் மற்றும் பதவி முத்திரை என்பவற்றுடன் சான்றுப்படுத்தி அனுப்புதல் வேண்டும்.

ஒரு போட்டியாளரினால் ஒரு துறையின் கீழ் ஒரு ஆக்கத்தினை மட்டுமே சமர்ப்பிக்க முடியும்.

தெளிவான எழுத்துக்களால் எழுதியோ அல்லது தட்டச்சு (Type) செய்தோ ஆக்கத்தினை அனுப்ப

முடியும்

வெற்றிபெறும் ஆக்கத்திற்கு சான்றிதழ் மற்றும் விருது வழங்கப்படும். அத்தோடு தெரிவு செய்யப்பட்ட ஆக்கங்களை வெளியிடுவதற்கும் தீர்மானித்துள்ளோம்.

alumniUOC யூடியுப் செனலினைப் பார்வையிடுவதன் மூலம் ஆக்கப்படைப்புக்களை மேலும் மேம்படுத்திக் கொள்ள ஆலோசனைகளைப் பெற்றுக்கொள்ளலாம்.

நடுவர் குழுவின் தீர்மானமே இறுதித் தீர்மானமாகும்.

உங்கள் ஆக்கத்தின் 3 பிரதிகளை 2026 ஜூன் 20 ஆம் திகதியோ அல்லது அதற்கு முன்னரோ கிடைக்குமாறு

கடிதத்தின் இடது பக்க மேல் முலையில் "பல்கலைக்கழகப் பிரிவு" எனக் குறிப்பிட்டு

பின்வரும் முகவரிக்கு பதிவுத் தபாவில் அனுப்புதல் வேண்டும்.

மேலும் விண்ணப்பப் படிவம் மற்றும் குறித்த ஆக்கத்தின் PDF பிரதி என்பவற்றை [email protected] என்ற மின்னஞ்சல் முகவரிக்கு அனுப்பவும்.

பளச இலக்கிய போட்டி 2026,

கொழும்பு பல்கலைக்கழக பழைய மாணவர் அமைப்பு, சிரேஸ்ட மாணவர் ஆலோசகர் அலுவலகம், கொழும்பு பல்கலைக்கழகம், கொழும்பு 03.

விசாரணைகள் -

கமல் திஸாநாயக்க 0714425613 |

ரஞ்சித் விஜேநாயக்க 0778618273 |

பேர்னாட் காரியவசம் 0714407230

www.uocalumni.com

26/03/2026

පලස 2026

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සඳහා

කවි, කෙටිකතා සහ කෙටි නාට්‍ය පිටපත් තරගාවලිය

රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවකට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

එක් එක් තරග අංශයට අදාළව නම, ලිපිනය, වයස, ජංගම දුරකථන අංකය, වට්ස් ඇප් අංකය සහ ඊ මේල් ලිපිනය සමඟ නිර්මාණයේ නම යන තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රයක් සමග මෙම නිර්මාණය අදාළ ශිෂ්‍යයාගේ/ශිෂ්‍යාවගේ ස්වීය නිර්මාණයක් බවට අත්සන යොදා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බවට අංශ ප්‍රධාන හෝ පීඨාධිපති මුද්‍රාව සහ අත්සන සහිතව සහතික කර එවිය යුතුය.

එක් තරගකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අංශයකින් එක් නිර්මාණයක් පමණි.

පැහැදිලි අකුරෙන් ලියා හෝ ටයිප්කර මෙම නිර්මාණය එවිය හැකිය.

මීට පෙර පලස හෝ ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් නිර්මාණ නොඑවිය යුතුය.

කෙටි කතා වචන 1500 නොඉක්මවිය යුතු අතර කෙටි නාට්‍ය මිනිත්තු 20 කට ගැළපෙන සේ සැකසිය යුතුය.

ඔබගේ නිර්මාණය පිටපත් 3 කින් එවීම අනිවාර්ය වේ. එමෙන්ම අයදුම්පතේ සහ නිර්මාණයේ PDF පිටපතක් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ජයග්‍රාහී නිර්මාණ සඳහා සහතික, සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, එම නිර්මාණ පළකිරීමටද අපේක්ෂා කෙරේ.

alumniUOC යූටියුබ් නාලිකාවෙන් නිර්මාණ කරණය ගැන දැනුම්වත් විය හැකිය.

විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණයයි.

ඔබගේ නිර්මාණ 2026 ජූනි 20 දින හෝ ඊට පෙර ලැබෙන ලෙස ලිපි කවරයෙහි ඉහළ වම් කෙලවර අන්තර් විශ්වවිද්‍යාල අංශය ලෙස ලියා පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

පලස 2026 තරගාවලිය
කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසක කාර්යාලය,
කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ 03.

විමසීම් -

කමල් දිසානායක 0714425613 |

රංජිත් විජේනායක 0778618273 |

බර්නාඩ් කාරියවසම් 0714407230

අප හා එක්වන්න - www.uocalumni.com

19/03/2026

ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම පවතින වාතාවරණය මත කල්දැමීමට තීරණය කරන ලදි. නැවත පවත්වන දිනය දැනුම් දෙනු ලැබේ.

15/03/2026

පලස 2026

පාසල් සිසුන් සඳහා

කවි, කෙටිකතා, කෙටිකතා නාට්‍ය පිටපත සහ චිත්‍ර තරගාවලිය

රාජ්‍ය හෝ පෞද්ගලික පාසල් වල අ.පො.ස.(උසස් පෙළ) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කවි, කෙටිකතා සහ කෙටි නාට්‍ය පිටපත් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

10 වසර සහ 11 වසර සාමාන්‍ය පෙළ ඕනෑම ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට චිත්‍ර තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකිය.

10/11 ශ්‍රේණි සිසුන් සඳහා ඕනෑම මාධ්‍යයකින් ඕනෑම මාතෘකාවක් යටතේ චිත්‍ර, A 3 (297×420mm) ප්‍රමාණයේ කඩදාසියේ ඇඳ එවිය යුතුය.

එක් එක්තරග අංශයට අදාළව නම ලිපිනය, වයස, ජංගම දුරකථන අංකය. වස් ඇප් අංකය සහරි මේල්ලිපිනය සමග නිර්මාණයේ නම යන තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රයක් සමග මෙම නිර්මාණය අදාළ ශිෂ්‍යයාගේ / ශිෂ්‍යාවගේ නිර්මාණයක් බවට විදුහල්පති හෝ අංශ ප්‍රධාන අත්සන හා මුද්‍රාව යොදා සහතික කර එවිය යුතුය.

එක් තරගකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අංශයකින් එක් නිර්මාණයක් පමණි.

පැහැදිලි අකුරෙන් ලියා හෝ ටයිප්කර මෙම නිර්මාණය එවිය හැකිය.

මීට පෙර පලස හෝ ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් නිර්මාණ නොඑවිය යුතුය.

කෙටි කතා වචන 1500 නොඉක්මවිය යුතු අතර කෙටි නාට්‍ය මිනිත්තු 20කට ගැළපෙන සේ සැකසිය යුතුය.

ඔබගේ කවි කෙටිකතා සහ කෙටි නාට්‍ය නිර්මාණ පමණක් පිටපත් 3 කින් එවීම අනිවාර්ය වේ. එමෙන්ම අයදුම්පතේ සහ නිර්මාණයේ PDF පිටපතක් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.( මෙය චිත්‍රවලට අදාල නොවේ)

ජයග්‍රාහි නිර්මාණ සඳහා සහතික, සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, එම නිර්මාණ පළකිරීමට ද අපේක්ෂා කෙරේ.

alumniUOC යූටියුබ් නාලිකාවෙන් නිර්මාණ කරණය ගැන දැනුම්වත් විය හැකිය.

අරුණ පුවත්පතෙන් ද අයදුම්පතේ ආකෘතියක් ලබා ගත හැකිය.

විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණයයි.

ඔබගේ නිර්මාණ 2026 ජූනි 20 දින හෝ ඊට පෙර ලැබෙන ලෙස ලිපි කවරයෙහි ඉහළ වම් කෙලවර 'පාසල් අංශය' ලෙස ලියා පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

පලස 2026 තරගාවලිය
කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනුශාසක කාර්යාලය,
කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ 03.

විමසීම් -

කමල් දිසානායක 0714425613 |

රංජිත් විජේනායක 0778618273 |

බර්නාඩ් කාරියවසම් 0714407230

අප හා එක්වන්න - www.uocalumni.com

Photos from University of Colombo's post 11/12/2025
Photos from Alumni Organization University of Colombo's post 08/12/2025

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ 2025/2026 වර්ෂය සඳහා පත්කර ගන්නා ලද නිළධාරී මණ්ඩලය

සභාපති : බර්නාඩ් කාරියවසම්
ලේකම්: කමල් ඛී. දිසානායක
භාණ්ඩාගාරික: හරිශ්චන්ද්‍ර රොඩ්‍රිගෝ
ප්‍රධාන සංවිධායක : සී. සතරසිංහ
ප්‍රධාන සංස්කාරක: මාලක දේවප්‍රිය
උප සභාපති වරු : මල්රාජි වන්නිආරච්චි, රංජිත් විජේනායක, උදේෂ් සෙනවිරත්න
උපලේකම්වරු : ඉන්ද්‍රපාල ගමාරච්චි,
චාන්දනී ගීතිකා පතිරණ
උප භාණ්ඩාගාරික: බන්දුමාලා කරුණාසේන
සහාය සංවිධායක: අරුණ ප්‍රසන්න එඩේරගේ
සහාය සංස්කාරක: එෆ් ආර්. ඒ. ජීෆ්රි
අභ්‍යන්තර විගණක: රංජිත් ප්‍රේමතිලක

විධායක මණ්ඩලයේ සෙසු සභිකයෝ

අජිත් ජයවර්ධන, අතුලසිරි සමරකෝන්, අශෝකා ප්‍රියදර්ශනි, ආර්. ඒ. කරුණාතිලක, ඒ. ජී. ප්‍රේමරත්න, ඊ. එම්. ඩී. උපාලි, එම්. කේ. සී. ඥානසේකර, එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන්, ඔස්මන් චන්ද්‍රවංශ, කේ. ඒ. කන්දයියා ආරුමුගම්
කුමාරි රණසිංහ, කුමේන්ද්‍ර ගුණර්වධන, චන්ද්‍රලතා වික්‍රමාරච්චි, චමිලා කුලසේකර, ජිනාලි හෙට්ටිආරච්වි, ධම්මිකා සමරනායක, ඩයස් ඔබේසේකර, නාමල් වීරසේන, නිහාල් අලහප්පෙරුම, නිලක්ෂි ගුණසේකර, නිලන්ත ප්‍රේමකුමාර, නිල්මිණි දියබෙදනගේ, යූ.ආර්.කේ. මැණිකේ, ලතා ආරීයදාස, ලතිකා නීලවෙල
ලලිත් විජේසේකර, විමලා කටුලන්ද, විපුල හේවා වලිමුණි, සෙනවිරත්න පීල්ලගේ, සුමිත්‍රා නාරංගොඩ, සුනිල් වලිමුණි, සුසන්ත ආරියරත්න
ස්වර්ණිකා දේවප්‍රිය පිටිගල, හේමන්ත බොතේජු
උපුල් උඩවත්ත, උපාලි උපවංශ, උපුලා අරුණාන්ජිනී ද සිල්වා

විගණක
සරත් මායාදුන්න

අනුශාසකවරු:
එස්.එම්.එස්.ජයවර්ධන
ජී.පියසේන
රන්ජිත් ගුණවර්ධන
වී.ජී.කරුණාසේන

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo