Alumni Organization University of Colombo

Alumni Organization University of Colombo The Alumni Organization of the University Of Colombo was established in the year 1993.

Today we are a proud Organization comprising many Graduates of the University Of Colombo as members representing well-established professionals in various fields in Sri Lanka and abroad. To build up and strengthen the cordial relationship among Alumni Members of the University Of Colombo while looking after their well-being and actively involved in activities conducted by the University Of Colombo

to upgrade the quality and standard of the University and assist Academic and Non-Academic staff in their endeavor and the undergraduates whenever and wherever needed the physical and financial support in order to gather everybody under one banner.

සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්‍යාලයේ එළිම...
07/08/2026

සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්‍යාලයේ එළිමහනේ විචිත්‍රවත් ලෙස ඊයේ පවත්වන ලදී. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වය සංවිධානය විය.

මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආදි විද්‍යාර්ථීන් ආදී විශාල ජන සහභාගිත්වයක් දක්නට විය.මෙම වැඩසටහන මගින් සිසුන්ට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථා, තම කුසලතා ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලබාදේ. මෙමගින් සිසුන්ට රූපවාහිනී හා ගුවන්විදුලි ඉදිරිපත් කිරීමේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට, නවීන මාධ්‍ය ප්‍රවණතා හා සන්නිවේදන කුසලතා පිළිබඳ දැනුම ලබාගැනීමට සහ නව නිෂ්පාදන හා සේවා පිළිබඳ හඳුනාගැනීමේ අවස්ථාව ලැබේ. සරසවි සිරස වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර උසස් අධ්‍යාපනය සහ මාධ්‍ය ක්ෂේත්‍රය අතර ප්‍රබල සම්බන්ධතාවක් ගොඩනැගීම, සිසුන්ට වෘත්තීය අවස්ථා හඳුනාගැනීමට සහ ජාලකරණය කිරීමට අවස්ථාව සලසා දීම, සරසවි ජීවිතය නිර්මාණාත්මක හා විනෝදාත්මක ක්‍රියාකාරකම් වලින් පොහොසත් කිරීම සහ රටේ නව පරපුරේ කුසලතා හඳුනාගැනීම සහ ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වේ. මෙමගින් සිසුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම උපදෙස් ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර, අධ්‍යාපනික අගයක් සමඟින් විනෝදාත්මක අත්දැකීමක් ලබාදීම යන කරුණු නිසා කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංවිධානය මෙවන් කාර්යයන් සම්බන්ධීකරණය සඳහා මූලිකත්වය ගනී.

ලංකාවේ රාජ්‍ය සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව ව...
07/08/2026

ලංකාවේ රාජ්‍ය සරසවිවල සිසුන්ගේ ජීවිතයට විනෝදාත්මකත්වය, නිර්මාණාත්මකත්වය සහ වෘත්තීය දැනුම ලබා දෙන සරසවි සිරස කොළඹ විශ්ව විද්‍යාලයේ එළිමහනේ විචිත්‍රවත් ලෙස ඊයේ පවත්වන ලදී. මෙය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහ කොළඹ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මූලිකත්වය සංවිධානය විය. මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ආදි විද්‍යාර්ථීන් ආදී විශාල ජන සහභාගිත්වයක් දක්නට විය.

මෙම වැඩසටහන මගින් සිසුන්ට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථා, තම කුසලතා ප්‍රදර්ශනය කිරීමේ වේදිකාවක් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලබාදේ. එමෙන්ම රූපවාහිනී හා ගුවන්විදුලි ඉදිරිපත් කිරීමේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට, නවීන මාධ්‍ය ප්‍රවණතා හා සන්නිවේදන කුසලතා පිළිබඳ දැනුම ලබාගැනීමට සහ නව නිෂ්පාදන හා සේවා පිළිබඳ හඳුනාගැනීමේ අවස්ථාව ද ඇත. සරසවි සිරස වැඩසටහනේ තවත් අරමුණු අතර උසස් අධ්‍යාපනය සහ මාධ්‍ය ක්ෂේත්‍රය අතර ප්‍රබල සම්බන්ධතාවක් ගොඩනැගීම, සිසුන්ට වෘත්තීය අවස්ථා හඳුනාගැනීමට සහ ජාලකරණය කිරීමට අවස්ථාව සලසා දීම, සරසවි ජීවිතය නිර්මාණාත්මක හා විනෝදාත්මක ක්‍රියාකාරකම් වලින් පොහොසත් කිරීම සහ රටේ නව පරපුරේ කුසලතා හඳුනාගැනීම සහ ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වේ. මෙමගින් සිසුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සෘජුවම උපදෙස් ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර, අධ්‍යාපනික අගයක් සමඟින් විනෝදාත්මක අත්දැකීමක් ලබාදීම මෙම ව්‍යාපෘතිය කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථින්ගේ සංවිධානය මැදිහත්වීමේ ප්‍රධාන අරමුණකි.

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ න...
05/08/2026

ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙණිය රචිත ‘සිඹිමි රඟබිම දිගාවී’ ස්වයං චරිතාපදාන අගෝස්තු 4 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ජනගත කරනු ලැබීය.

මෙම උත්සවය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ සංවිධානය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාඥයින්ගේ සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කිරීමේ ප්‍රමුඛයා විය. කොළඹ සහ පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ බැඳීම් තහවුරු කිරීම සඳහා
සුසංයෝගී අන්‍යෝන්‍ය සහයෝගිත්වයෙන් ආදී විද්‍යාර්ථී සංවිධාන දෙකක සක්‍රිය දායකත්වය එහිදී ඉස්මතු විය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකර මෙන්ම, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධාන සහභාගිත්වයෙන්ද, මහාචාර්ය සරත් විජේසූරියගේ මුඛ්‍ය දේශනයෙන්ද බුද්ධදාස ගලප්පත්ති විසින් කෙටි මතකාවර්ජනයක් සිදුකරනු ලැබීය. පූරක භූමිකාව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටිගෙනි. විවිධ යුගවල පේරාදෙණිය සහ කොළඹ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් මෙන්ම සමකාලීන විද්‍යාර්ථීන්ද, කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද, ශාස්ත්‍රීය බුද්ධිමතුන්ද, දේශපාලඥයන්ද, පොදු සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ද කොළඹ විශ්වවිද්‍යාලීය කලාකාරය සම්පූර්ණයෙන්ම පිරි යන ආකාරයෙන් මේ උත්සවයේදී රැස්වී සිටීම සුවිශේෂී විය.

මෙම චරිතාපදානය හුදෙක් එක් පුද්ගලයෙකුගේ කතාවක් පමණක් නොව, ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍යයේ රන් යුගයේ සමාජීය හා කලාත්මක පසුබිම වාර්තා කළ ලිඛිත සාක්ෂියක් ලෙස හැඳින්විය හැකිය. නිශ්ශංක දිද්දෙණිය රත්නපුර පනාවැන්න ග්‍රාමීය පසුබිමක උපත ලබා, පනාවැන්න ධර්මාරාම විද්‍යාලයෙන් ආරම්භ කළ අධ්‍යාපනය පැල්මඬුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය හා ශ්‍රී සුධර්මෝදය මධ්‍ය මහා විද්‍යාලයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සම්පූර්ණ කළේය. එකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය කණ්ඩායමට එක්වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

ඔහුගේ රංගන ජීවිතයේ කූඨප්‍රාප්ති අවස්ථාව වූයේ වසර විසිහයක් පුරා (1970-1996) ‘සිංහබාහු’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමයි. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය හැරුණු විට දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, ,කේ.බී.හරත්, රන්ජන් ධර්මකීර්ති, ලූෂන් බුලත්සිංහල ඇතුළු අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ 40කට අධික වේදිකා නාට්‍ය සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය. චිත්‍රපට ක්ෂේත්‍රයේද “තිලක හා තිලකා” (1976), “එයා දැන් ලොකු ළමයෙක්” (1977), “බිත්ති හතර” (1982) සහ “දුවන මුවන්” (2014) ඇතුළු නිර්මාණ සඳහා දායකත්වය දැක්වීය. 2020 ජාතික නාට්‍ය උළෙලේදී “නාට්‍ය කීර්ති” සම්මානයෙන් පිදුම් ලැබීය.

උත්සවයේ සංගීත අංග අතර මහානාම වික්‍රමසිංහගේ සහ නවරත්න ගමගේ සංගීතවත් කිරීමෙන් යුතුව රත්නා ලාලනී ජයකොඩි, නිහාරි සෝමසිරි, මාදනී මල්වත්තගේ, කාංචනමාලා රණසිංහ, රවින්ද්‍ර අලගියවන්න, මනුජ දිද්දෙණිය හා නිශ්ශංක දිද්දෙණිය ඇතුළු කලාකරුවන්ගේ නාට්‍ය ගීතාවලියක් ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ සරසවියසරසන දවසට ඔබත් එන්න ඔබේ කතාව කියන්නසරසවි සිරසට Sarasavi Sirasa ✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight📅 අ...
03/08/2026

කොළඹ සරසවිය
සරසන දවසට
ඔබත් එන්න
ඔබේ කතාව කියන්න
සරසවි සිරසට

Sarasavi Sirasa

✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight

📅 අගෝස්තු 6 වැනි දා
🕕 සවස 6:00 ට
📍 කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී

🎤 මිහිඳු ආරියරත්න
🎤 සුනීර සුමංග
🎤 ආශ්කා කුලතුංග
🎤 මියුරු සෝමරත්න
🎤 මිදෝරි කරුණාරත්න

🎼 සංගීත අධ්‍යක්ෂණය: සචී මධුරංග
🎙️ ඉදිරිපත් කිරීම: හිමානන්ද රාජපක්ෂ

සංවිධාන ශක්තිය : කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය
#සරසවි_සිරස #කොළඹකතාව

කොළඹ සරසවිය
සරසන දවසට
ඔබත් එන්න
ඔබේ කතාව කියන්න
සරසවි සිරසට

Sarasavi Sirasa

✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight

📅 අගෝස්තු 6 වැනි දා
🕕 සවස 6:00 ට
📍 කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී

🎤 මිහිඳු ආරියරත්න
🎤 සුනීර සුමංග
🎤 ආශ්කා කුලතුංග
🎤 මියුරු සෝමරත්න
🎤 මිදෝරි කරුණාරත්න

🎼 සංගීත අධ්‍යක්ෂණය: සචී මධුරංග
🎙️ ඉදිරිපත් කිරීම: හිමානන්ද රාජපක්ෂ
#සරසවි_සිරස #කොළඹකතාව

නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය  " සිඹිමි රඟබිම දිගාවී"  ජනගත කිරීමේ උළෙල  අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා සවස 4...
02/08/2026

නිශ්ශංක දිද්දෙණියගේ ස්වයං ලිඛිත චරිතාපදානය " සිඹිමි රඟබිම දිගාවී"
ජනගත කිරීමේ උළෙල
අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා
සවස 4.00 ට
කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී .

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය
සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව
එක්ව සංවිධානය කරනු ලබන මෙම මෙම උත්සවය
ආචාර්ය ගුණදාස අමරසේකර සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ද ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මුඛ්‍ය දේශනය සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය පවත්වනු ලබන අතර,

ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති කෙටි මතකාවර්ජනයක් සිදු කරනු ඇත.

පූරක භූමිකාව ප්‍රවීණ මාධ්‍යවේදී
සමන් අතාවුදහෙට්ටි මෙහෙයවනු ඇත.

නිශ්ශංක දිද්දෙණියගේ නාට්‍ය ගීතාවලියෙන් සමන්විත විශේෂාංගය සඳහා ප්‍රවීණ ශිල්පීන් රැසක් ගායනයෙන් එක්වීමට නියමිත අතර රත්නා ලාලනී ජයකොඩි, නිහාරී සෝමසිරි, මාදනී මල්වත්තගේ, කාංචනමාලා රණසිංහ, රවීන්ද්‍ර අලගියවන්න, මනුජ දිද්දෙණිය නිශ්ශංක දිද්දෙණිය යන ශිල්පීහු දායක වෙති.

ගීත සඳහා සංගීතය ප්‍රවීණ සංගීතවේදීන් වන මහානාම වික‍්‍රමසිංහ සහ නවරත්න ගමගේ දායකත්වය සපයති.

University of Colombo කොළඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ඉහළම විශ්ව විද්‍යාලය ලෙස (1) පළමුවන ස්ථානයේ පවතින බව 2026 Webometr...
30/07/2026

University of Colombo කොළඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ ඉහළම විශ්ව විද්‍යාලය ලෙස
(1) පළමුවන ස්ථානයේ පවතින බව 2026
Webometrics සහ FindMyDegree ශ්‍රේණිගත කිරීම් අනුව තහවුරු කර ඇත.

එය ජාතික මට්ටමින් නායකත්වය පවත්වාගෙන යන අතර ගෝලීය Webometrics ශ්‍රේණිගත කිරීමේදී 1,745 වන ස්ථානයේ පවතිනවා.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් 2026

| විශ්ව විද්‍යාලය | ජාතික ශ්‍රේණිය | Webometrics ගෝලීය ශ්‍රේණිය | QS/THE ශ්‍රේණිගත කිරීම |
|-----------------------------|-----------------|-----------------------------|-----------------------------|
| University of Colombo | #1 | 1745 | QS: 1001–1200 / THE: 1001–1200 |
| University of Sri Jayewardenepura | #2 | 2125 | QS: 1401+ / THE: 1501+ |
| University of Peradeniya | #3 | 2258 | QS: 1201–1400 / THE: 1201–1500 |
| University of Ruhuna | #4 | 2504 | — |
| University of Moratuwa | #5 | 3004 | QS: 1401+ / THE: 1501+ |
| University of Kelaniya | #6 | 3104 | THE: 1501+ |

- University of Colombo: ශ්‍රී ලංකාවේ නායක විශ්ව විද්‍යාලය ලෙස 2026 දී තහවුරු වී ඇත. ගවේෂණය, දෘශ්‍යතාව සහ විවෘත ප්‍රවේශය යන මූලික මැනුම් මත Webometrics ශ්‍රේණිගත කිරීමේදී ඉහළම තත්ත්වය ලබාගෙන ඇත.

- Webometrics මූලිකව ගවේෂණ ප්‍රතිඵල, දෘශ්‍යතාව සහ විවෘත ප්‍රවේශය මත පදනම්ව ශ්‍රේණිගත කරයි.
- QS සහ THE ගෝලීය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කිහිපයක් පමණක් ඇතුළත් වේ.
- FindMyDegree Rank QS, THE, Webometrics සහ සිසුන්ගේ සංඛ්‍යාව එකට ගෙන සම්පූර්ණ ශ්‍රේණිගත කිරීමක් සකස් කරයි.

https://www.facebook.com/share/p/14jH4NLNi9T/
14/07/2026

https://www.facebook.com/share/p/14jH4NLNi9T/

කොළඹ සරසවිය
සරසන දවසට
ඔබත් එන්න
ඔබේ කතාව කියන්න
සරසවි සිරසට

Sarasavi Sirasa

✨ සරසවි සිරස - කොළඹ කතාව ✨with Black Knight

📅 අගෝස්තු 6 වැනි දා
🕕 සවස 6:00 ට
📍 කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී

🎤 මිහිඳු ආරියරත්න
🎤 සුනීර සුමංග
🎤 ආශ්කා කුලතුංග
🎤 මියුරු සෝමරත්න
🎤 මිදෝරි කරුණාරත්න

🎼 සංගීත අධ්‍යක්ෂණය: සචී මධුරංග
🎙️ ඉදිරිපත් කිරීම: හිමානන්ද රාජපක්ෂ
#සරසවි_සිරස #කොළඹකතාව

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් - මානව හිහිකම් නීතිඥ, කථිකාචාර්ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක - දෙවන වරටත් ග්‍රේෂන් සම්මානය දිනා ග...
07/06/2026

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් - මානව හිහිකම් නීතිඥ, කථිකාචාර්ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක - දෙවන වරටත් ග්‍රේෂන් සම්මානය දිනා ගනී.

මෙවර ඔහුගේ ‘The Son and the Lover’ නවකතාවට මෙම 33 වන ග්‍රේෂන් සම්මානය හිමි විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය කොළඹ විශ්වවිද්‍යාල ආදි ශිෂ්‍යයකු ලෙස ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධව උණුසුම් සුභ පැතුම් ඔහුට පිරිනමමු.

(1999 වසරේදී ද ඔහුගේ ‘Forbidden Area’ නවකතාවට ඔහු මේ සම්මානය දිනා ඇත.)

Visakesa Chandrasekaram

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Alumni Organization University of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Alumni Organization University of Colombo:

Shortcuts

Share