Life with Hirundi and Kevindi

Life with Hirundi and Kevindi

Share

hi everyone welcome to our page. we are hirundi and kevindi teenage twin girls who lives in Srilanka.

01/01/2024

පිපී හිනහෙන තඹරු පෙති මෙන්
හදවිලේ මල් පූදන්න..
නැවුම් අරුනළු නැගෙයි සිතිජයෙ
ඉතින් ජීවිතේ අලුතින් අරඹන්න..
තැලුණු රිදුණු තැන් ඇතිනම් අතීතයෙ
අමතක කොට වේදනා දුරලන්න..
අලුත් වසරක අලුත් දවසක්
අපිට පුළුවනි අලුතෙන් හිතන්න...
මිනිස්කම් ගෙන සිනා බෝකොට
එන්න දිරිය ගෙන නැගිටින්න..
නොනැවතී යමු ජයටැඹ සොයා
අපිට හැකියි ජීවිතය දිනන්න....

නෑඹුල් පැතුම් ඉටුවී, මුවග හසරැල්ලෙන් පිරී,ඉසුරින් උතුරන, සැනසිල්ලෙන් පිරුනු ,සියලු සුභ සිතුවිලි සාර්ථක වන සුභම සුභ නව වසරක් වේවා...

✍️මේ ආදරණීය සුභ පැතුම හිරුන්දි කෙවින්දිගෙන්...

09/11/2022

An inside look at how we film videos in our creative studio 🎥

Photos from Life with Hirundi and Kevindi's post 06/11/2022

ටෙඩී මල්ලි 1
අද ඔන්න අපි දෙන්න ලෑස්ති වෙන්නෙ අපේ පවුලේ අලුත් පුංචි සාමාජිකයා අඳුන්නලා දෙන්න. දැන් අපේ ගෙදර එක කරදරකාරයෙක් වෙනුවට කරදරකාරයො දෙන්නෙක්ම ඉන්නවා. අපේ කරදරකාර මල්ලියයි, මල්ලිගෙ sh*tzu වර්ගයේ බලු මල්ලිය ටෙඩීයි.

පෙනුමට අහිංසක ලස්සන පුළුන් බෝලයක් වගේ හිටිය නිසා අපි එයාව ලැබිච්ච ගමන් එයාට නමක් රෙජිස්ටර් කරා "ටෙඩී" කියලා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි ඒක මහා වැරදි වැටහීමක්. දවසක් දෙකක් යනකොටම එයාගෙ තිබ්බ ශාන්ත දාන්ත ගතිගුණ කැලේ ගිහිල්ලා එයා අපේ මල්ලිගේ ඔක්කොම ගතිගුණ පුරුදු වුණා. සමහර වෙලාවට අපි කල්පනා කරනවා එයාට නම දාන්න තිබ්බේ "ඩස්ටි" කියලා හරි "හයිස්පීඩ්" කියලා හරි කියලා. 🤔 පහුගියකාලෙ අපේ මල්ලිගෙයි, එයාගෙ බලු මල්ලිගෙයි තිබුන එකම වෙනස මල්ලි කකුල් දෙකෙන් යන එකත් බලු මල්ලි කකුල් හතරෙන් යන එකත් විතරයි. හැබැයි දැන් බලු මල්ලි කකුල් දෙකෙන් ඇවිදින්න ඉගෙන ගෙන නිසාත් ,අපේ මල්ලි අතපය හතරෙන්ම ගේ පුරා බලුමල්ලි එක්ක ඇවිදින නිසාත් දැන් ඒ වෙනසත් නෑ😂🤣.
අපේ අහිංසක අම්මාට මේ බලු මල්ලිව දීපු ආන්ටි නම් කිව්වේ එයා අපි හැමෝගෙම ආරක්ෂාව බලා ගනියි කියලා. ඒකත් කියන්න සන්තෝෂයි මිත්‍රවරුනි බලු මල්ලි අපිව බලා ගැනිල්ල කෙසේ වෙතත් අපි හැමෝම එකතු වෙලා දැන් එයාව බලාගන්න ශෝචනීය තත්ත්වයක් තමයි උද්ගත වෙලා තියෙන්නේ.
එක තැනක විනාඩියක් වත් ඉන්න බැරි පැයට කිලෝ මීටර බර ගාණක වේගෙන් බඹර චක්‍රයක් වගේ කැරකෙන කොලු පැටියෙක් හිටපු ගෙදරකට ඒ වගේම පිස්සු හැදිච්ච බලු පැටියෙකුත් ආවම වෙන දේ හිතාගන්න පුළුවන්නේ. ලස්සනම වැඩේ කියන්නෙ අපේ මල්ලි වගේම අපේ බලු මල්ලිටත් පොත් ඇලජික්. අපේ මල්ලිට පොත් දැක්කම නැති ලෙඩ හැදෙනවා. පොත් තියෙන ප්‍රදේශය ඉඳලා කිලෝමීටර බරගානක් එහායින් යන්න එයා පුරුදු වෙලා තියෙනවා. බලෙන් හරි පොතක් දුන්නම ඒ පොත ඔලුව ලගින් කොට්ටෙට තියාගෙන විනාඩියට නින්ද යන ප්‍රවේණිගත ලෙඩක් අපේ පුංචි මල්ලියට තියෙනවා. එයා හිතන් ඉන්නේ එතකොට පොතේ තියෙන ඔක්කොම ටික එයාගේ ඔළුවට ඉබේම යයි කියලා. එයාගෙ බලු සහෝදරයාගෙ පොත් ගැන දර්ශනයත් එයාට වඩා වෙනස් වෙන්නේ දශමයකින් විතරයි. අපේ පුස්තකාලයේ රාක්කවල පහළ තට්ටුවෙ තියෙන පොත් තෝරා බේරගෙන හපන්න එයාට තියෙන්නෙත් උපන් හපන්කමක්. හැබැයි හපපු තරමටම ඒ වගේ තියෙන දේවල් එයාගේ ඔළුවට ගියානම් අපේ බලු මල්ලි අද ලෝකයේ ඉන්න විශිෂ්ටතම බුද්ධිමතෙක් වෙන්න ඕන.😂🤣 ඇයි දන්නවද එයා හපන්නේ ලේසි පහසු පොත් නෙමෙයි. නවකතා කෙටිකතා එකී මෙකී නොකී දාහක් පොත් තියෙන අස්සෙන් එයා තෝරගන්නේ ඇල්බට් අයින්ස්ටයින් , මහත්මා ගාන්ධි, පැබ්ලෝ පිකාසෝ, ස්ටීවන් හෝකින්ස් , ජැක් මා වගේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගේ චරිතාපදාන පමණයි. අපේ පොත් වලට හානි කරලා බැණුම් අහන එක කෙසේ වෙතත් හිතලා බලන්නකෝ ඒවා හපලා එයාගෙ මොළේට ගිහිල්ලා තියෙන දේවල් වල තරම.

කොහොම වුණත් හිතවතුනි, දඟ මල්ලක් වෙච්ච අපේ මල්ලිගෙ දඟ අඩු කරන්න, එයා පාඩුවේ බලු මල්ලි එක්ක සෙල්ලං කර කර ඉදියි කියලා එයාගේ තනියට අපේ අම්මා ගෙනාපු අහිංසක බලු මල්ලි හින්දා ලඟදීම වයසටත් කලින් කෙස්ටික සුදු කරගන්න අප දෙදෙනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වලම වෝල් එකේ පහලට යන්න.

(ප.ලි. එහෙම කිව්වට දැන් ටෙඩී මල්ලි නැතුව අපටත් බැරි බව කරුණාවෙන් සලකන්න.)

සඟරා කවරයක් සරසන්න ටෙඩී මල්ලි ජාත්‍යන්තරයට ගියපු අවස්ථාවක පොටෝ ටිකක් ඔන්න.

Costume

Photos from Life with Hirundi and Kevindi's post 27/10/2022

2022 ලෝක ළමාදිනය හා සමගාමීව සංවිධානය කෙරුනු "Srilankan Future Leaders Award 2022" සම්මාන උළෙල පසුගිය සතිඅන්තයේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මහත් හරසරින් පවත්වන්නට යෙදුනා. එහිදී ශ්‍රී ලංකාවේ අනාගත නායකයින් ලෙස අභිශේක ලබමින් සම්මානයට පාත්‍ර වූ, විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 දෙනා අතරට ඇතුළත් වීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්.

🔸ශ්‍රී ලංකාවේ ලාබාලතම අභිප්‍රේරණ දේශිකාවන් ( Srilankan Youngest Motivational Preachers)
🔸ශ්‍රී ලාංකේය ලාබාලතම ව්‍යවසායකයින් ( Srilankan Youngest Eentrepreneurs)
🔸බොහෝ ක්ෂේත්‍රයන්හි වැඩිම දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් ( Multi talented skill student - All rounder)

නාමයන් තුනක් අප සතු කර ගැනීමට එහිදී අපට හැකියාව ලැබුණා..

ඉතින් අප උපන්දා සිට අද දක්වා වසර දහතුනක් පුරාවට අප ආ මේ ගමන්මග අපට දිරිදුන්, ගුරුහරුකම්දුන් , අපට සෙනෙහස, සවියදුන් ඔබටයි අපේ උත්තමාචාරය හා මේ සෙනෙහසේ මල් මිට......💐

Photos from Life with Hirundi and Kevindi's post 01/10/2022

ආදරණීය නැන්දේ මාමේ.....,
අහසටත් ඉහළින් විහිදයන
පොළොවටත් පහලින් ඇදී යන
මේ විසල් ලෝකය
බර වැඩි පොඩි සිතට....

සුළඟටත් සැලෙන සිත
සෙනෙහසින් තුරුලු කොට
කියාදෙනු මැන අපට
ලොව දිනන හැටි හෙටට....

ඔබ ගෙවූ සොඳුරු ඒ
ළමාවිය කෙළිදෙලෙන්
විදින්නට අප හටද
මොහොතකට ඉඩ දෙන්න...

නිදහසේ පියඹනා
අපේ තටු සිදින්නට
එපා මව් පියවරුනි
යන්ත්‍රයක් නොවෙයි අප....

යලි නොඑන මගේ ඒ
පුංචි කාලයෙ මතක
සෙනෙහසින් විදිමින්ම
ලොකු වෙන්න කැමති මම....

ඉතින් "පුංචි කාලෙ මං මෙහෙමයි" කියා වැඩිහිටියෙක් වූ දිනක සතුටින් කියන්නට පුංචි අපි හැමෝටම ඉඩ හසර ලැබේවා!!!

2022 ලෝක ළමා දිනයේදී පුංචි අපි හැමෝම වෙනුවෙන් මේ පැතුම ආදරණීය හිරුන්දි ,කෙවින්දි ගෙන්..💕

Photos from Life with Hirundi and Kevindi's post 01/09/2022

Goodbye August👋 Hello September!💕
It’s a new month with new hope and a new spirit. Be a month of peace and love!!!

27/08/2022

ආදරණීය අම්මේ,
සුභම සුභ උපන්දිනයක් වේවා!!!

අද ඔබ ගැන කිසිවක් නොලියන්නෙමු. කරුණාරත්න දිවුල්ගනයන්ගේ මේ ගීය පමණක් මෙහි අමුණන්නෙමු. ඔබ ගැන අප ලිවිය යුතු සියල්ල එහි රැදී ඇති බව ගර්වයෙන් ලොවට කියන්නෙමු...

"වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

කදුළක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ"

ඉතින් සියක් වසරකට ආයු,වර්ණ සැප,බල ලැබේවා.....
ආදරණීය හිරුන්දි ,කෙවින්දි හා නිසූගෙන්...

03/06/2022

ලෝක ධාවකයන්ගේ දිනය හා ලෝක පරිසර දිනය 2022 හා සමගාමීව පවත්වනු ලබන
“World River Run – 2022”

ලෝක පරිසර දිනයට සමගාමීව පවත්වන මෙම ව්‍යාපෘතිය සඳහා අප හා එක්වන ජාත්‍යන්තර සංවිධාන

•Thirst organization
•The valuing in water initiative
•World business council for sustainable development
•World wild life fund
•Youth Action Network Sri Lanka


මෙවර තේමාව-
''නදී ගංගා සිහිල ගෙනෙනා
සොබා මාතා රකිමු නිතිනා''

''Keep the rivers clean and earth evergreen”

මෙවර ලෝක පරිසර දිනය සඳහා තේමාව ලෙස ගංගාවන් සුරැකීම පිළිබඳව අවධානය යොමු කරමින්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිනිස සංවිධානය කරනු ලබන “world river run – 2022” ව්‍යාපෘතිය ලොව පුරා රටවල් එකසිය පනහකට අධික ප්‍රමාණයක දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව ජුනි 1වන දා සිට ජූනි 5 වන දා දක්වා ක්‍රියාත්මක කරනු ලබයි.

ඉතින් මේ සඳහා එක් වීමට ඔබට ආරාධනා....

වැඩි විස්තර දැන ගැනීමට හා අප හා එක්වීමට පහත ලින්කුව තුළට පිවිසෙන්න.👇
https://www.minaguli.com/world-river-run #

“World River Run - 2022”
The smallest gesture to save rivers can bring about a big change….. Let us save the beautiful rivers for a beautiful tomorrow!!!

International organizations joining us for this competition which is being held to coincide with the World Environment Day and world runners day 2022.

•Thirst organization
•The valuing in water initiative
•World business council for sustainable development
•World wildlife fund
•Youth Action Network Sri Lanka

Our theme
''Nadee ganga sihila genena
Soba matha rakimu nitina''

'' Keep the rivers clean and earth evergreen ''

The above organizations have decided to focus on the protection of rivers as the theme for this year's World Environment Day. On behalf of that, they are implementing the "world river run - 2022" campaign with the participation of thousands of people from more than 150 countries around the world. Sri Lankan country captains of these international organisations have conducted this all-island project throughout the week from May 29 to June 5.

Lets do it together.
Futher details 👇
https://www.minaguli.com/world-river-run #

!
.

➡️ www.worldriverrun.com

Photos from Life with Hirundi and Kevindi's post 31/05/2022

සුභම සුභ උපන්දිනයක් වේවා ආදරණිය අප්පච්චි......

👨‍👧‍👧ඉතින් ආදරණීය අප්පච්චි මේ උපන්දිනය දවසේ ඔබ වෙනුවෙන් අපේ හදවතේ ඇති ආදරය වදන් වලට පෙරලන එක තමා ඔබට දිය හැකි හොදම තෑග්ග.....
හැමදාමත් වගේ ඔබ ගැන ලියන්නට වචන දහස් ගණනක් තිබුණත් කසුන් කල්හාරයන්ගේ මේ හෘදයාංගම ගීතය අපේ හිතේ ඔබ ගැන තියෙන සියලු සිතුවිලි එක තැනකට ගොනු කරනවා. ආදරණීය අප්පච්චි ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා!!!!👨‍👧‍👧

"සියක් උල්පත් මවා දී නිසලවම ඉඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි..අප්පච්චී....

ඔබෙන් දිය ලැබ සාරවූ
තුරුණු කෙත් වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම ඉඳිනා
අප්පච්චී..අප්පච්චී

මෙහෙවරට ආලයේ සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සඟවා
අකම්පිත වත් පා
අප්පච්චී අප්පච්චී....."

හිරුන්දි කෙවින්දිගෙන් ආදරයෙන් 💕

Our story 26/05/2022

අපේ යූටියුබ් නාලිකාව 📢📣
ඔන්න අද අපි දෙන්නා ඔබ හමුවට ආවේ විශේෂ පුවතක් අරගෙන. අපි දෙන්නා අවුරුද්දක් පුරාවටම "Talented Kids with Hirundi & Kevindi" කියන අපේ යූටියුබ් නාලිකාවෙන් විරාමයක් අරගෙනයි හිටියේ. ඒත් අද ඉදන් අපේ යූටියුබ් නාලිකාව අලුත් කරලා, අලුත් විදියකට, අලුතෙන් පටන් ගන්න අපි තීරණය කළා. හැබැයි ටිකක් වෙනස් විදියකට. මේ අලුත් ආරම්භයේ පලවෙනි පියවර විදියට තමයි අපි අපේ යූටියුබ් නාලිකාවේ නම "Talented Kids with Hirundi & Kevindi" වෙනුවට "Life With Hirundi & Kevindi" විදියට වෙනස් කළේ. ඉතින් අපි මේ අලුත් ආරම්භය වෙනුවෙන් අපේ යූටියුබ් නාලිකාව වෙනස් කරපු විදිය මේ අලුත් වීඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්. ඒ වගේම අපේ යූටියුබ් නාලිකාවට අලුතින් එකතු වෙන අය වෙනුවෙන් අපි ගැන පුංචි හැඳින්වීමක් ඇතුලත් වීඩියෝ එකකුත් මේ වීඩියෝ අතරේ තියනවා. එහෙනම් ඔබත් අපේ අලුත් වීඩියෝ බලල රසවිදින්න වගේම අද ඉදන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නත් අමතක කරන්න එපා.

Kids grow up fast, Talented Kids with Hirundi & Kevindi has now become Life With Hirundi & Kevindi

Today we are here to tell you a very special news. Guess what, after a whole year of taking a break from youtube, we finally decided to come back. But in a little bit different way. As the first step towards this new beginning, we have changed our channel's name from "Talented Kids with Hirundi & Kevindi" to Life With "Hirundi & Kevindi". So these new videos are to show you guys how we have changed our channel for this new beginning. And for those who are new to our channel, there is an intro video for you to get to know about us too. For the first few videos that we are going to post, we decided to show you guys some unforgettable experiences that we got in the Sacred City of Anuradhapura. So watch and enjoy guys. Don't forget to stay connected with us for more videos like these.
👇

Our story Hi guys Welcome back to our channel, this is Life With Hirundi & Kevindi. After a whole year of taking a break from youtube, we finally decided to come back....

22/05/2022

අද සාපෙළ කඩඉම ජයගන්නට යන ඔබට;
----------------------------------------------------------------------
රටම පෙලු ව්‍යාසනයක රුදුරු ගිනි මැද
පෝලිමෙන් ගෙනා කිරි පොදක් බී දුවන පුත....
විසන්ධි කළ විදුලියට නොවදිනා පංකාවල
සීතල සුළං අහිමිව දරා සියොළගම දහඩිය
එහෙත් අත දැරුව පොත පෙරලුවා දිරි ඇතිව...

දිසාපාමොක් දකින්නට වරම් අඩුවෙන් ලද නමුත්
තනිව අකුරු අහුලා දිනන්නට ලොව වෙර දරන...
වෙලාවට විභාගෙට යන්න හැකි වෙයිද මට
සිතා සිත බියපත්වූ පරපුරෙයි නුඹ සොයුර...

ඉතින් හිත දිරි ගනින් අසා ලක්වැසි පැතුම
මේ පැතුම නුඹටමයි එකාසේ අපි සිතුව...
❤️💙💚💛🧡💜️

නිසරු කතරක වුවත් ජල බිඳක් නැතුව වුව
අඳුර විනිවිදන් එහි ඉරි තැලූ පොළොව මත
පතොක් මල් පිපෙනවා දන්නවද ඔබ සොයුර
ඔබත් ඒ මලක් වෙයි සුවඳ දැනෙනවා මට......

ඉතින් අද දිනේ ඒ කතර මැද සුවඳ දෙන
පතොක් මල් වගේ වී පෙති විහිදා පිපෙනු මැන
මලක් වී පිපී මේ නුඹ උපන් මවුබිමට
සරු හෙටක් ගෙන එන්න සිප් සවිය ලබනු මැන....

ගැඹුරුවූ ආගාධෙක පතුල නොපෙනෙනා විට
ඒ පතුලෙ පිපෙන මල් හීන ගෙන එයි නිබද
ඉතින් සරසවි මෑණි වරමින්
නුවණ දෙන ගණ දෙවිදු පිහිටෙන්
ඒ හීන අහුලනා කඩඉමට පියමනින
නුඹට සවි බල දිරිය ලැබියන්
නොතිත් බාධක පසුකරන් ගොස්
පතොක් මල් සේ සුවඳ දෙන්නට.......

✍️මේ සුභපැතුම ආදරණීය හිරුන්දි කෙවින්දි සොයුරියන්ගෙන්

Photos from Life with Hirundi and Kevindi's post 17/05/2022

You guys better watchout👯 we are Twins🤷🤷
👩‍❤‍💋‍👩Two is better than one.👩‍❤‍💋‍👩




Photo credits 📷📸 Avirade photography
Location - Janaka Uduwana photo location

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo