OUSL Parana Katha

OUSL Parana Katha

Share

We have had funny talks & funny stories during our study period @ OU.

13/02/2023

Apply Now!!!

26/12/2022

නූතන ප්‍රතිසංස්කරණ ගැන දුර්මත ගණනාවක් සමාජයේ තියෙනවා. කොච්චර පැහැදිලි කළත් සමහරු ඒවාම ආයේ ආයේ කියන හින්දා ලියලා තියන්න හිතුවා.

1. පළවෙනි එක තමයි ආයෝජකයන් එන්නේ ලාභය විදියට ඩොලර් අරගෙන යන්න, ඒ නිසා ආයෝජන වැඩක් නෑ කියනවා.

අපි හිතමු උදාහරණයක් ලෙස අපිට වසරකට ආයෝජන ලෙස ඩොලර් මිලියන 1000ක් ආවා කියලා. වසර අවසානයේ එහි ලාභය උපයා ගත්තා නම් , එය ආසන්නව 10% ක් පමණ විය හැකියි. එහෙනම් වසර අවසානයේ රටේ ඩොලර් වලින් මිලියන 100 ක් ලාභ විදිහට ඔවුන් අරගෙන යනවා. කෙනෙක් හිතනවා අයියෝ 100 ගාණේ අවුරුදු පතා ගෙනිච්චහම අපිට මොනවද ඉතුරු වෙන්නේ කියලා.

අපි තේරුම් ගන්න ඕන පළවෙනි කාරණය තමයි ආයෝජකයන් එන්නේ ලාභ උපයන්න මිසක් පිනට දෙන්න නෙවෙයි. ආයෝජන වල මුඛ්‍ය පරමාර්ථයම ලාභය තමයි. දැන් ඉහත උදාහරණයටම අනුව අපේ රටෙ ව්‍යාපාර කරලා සාර්ථකව ලාභය උපායා ගත්තා කියන්නේ අපේ රටේ කර්මාන්තය සාර්ථකයි. වැඩේ කෙරෙනවා. එහිදී වෙන්නේ මූල්‍ය වෙළෙඳපොළෙන් තවත් ආයෝජන රටට ගලා එන්න පටන් ගන්න එක. කළින් 1000 ගෙනාපු කෙනා ඒ දාහෙන් 100ක් නෙවෙයි අරගෙන යන්නේ. ඒ දාහ දාලා මෙහෙ කරන කර්මාන්තයෙන් මුදල් උපයලා ඒකෙන් 100ක් තමයි අරගෙන යන්නේ. උපයපු එකෙන් කොටසක් මෙහෙත් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිමට අපේ අතේ ඩොලර් මිලියන 900ක් ඉතුරු වෙනවා නෙවෙයි, ඊට වඩා ඉතුරු වෙනවා.

දැන් මේ ලාභ ලබන ආරංචිය ලෝකේ මූල්‍ය වෙළෙඳපොළ දැන ගත්තම ඊළඟ අවුරුද්දේ තව ආයෝජන ගලා එනවා. ඒ කියන්නේ ව්‍යාපාර කරන්න සුදුසු , ලාභ ලැබෙන රටක් නම් තව ආයෝජන නිකම්ම එනවා. මේ පාර ඩොලර් මිලියන 1000ට වැඩිපුර ආයෝජන ගලා එනවා. ඔය සමස්ථයේ එකතුව වසරෙන් වසර අපේ විදෙස් සංචිත ඉහළ යනවා. දැන් කාලයක් යනකොට අර අරගෙන යන ලාභයත් අපිට ප්‍රති ආයෝජන විදිහට ඉතිරි කර ගන්න පුළුවන්. මේ අතරෙම අපි ප්‍රාග්ධනයට ගලා යන්න තියෙන බාදා අවම මූල්‍ය වෙළෙඳපොළක් නිර්මාණය කළ විට රට ඇතුලේ අපිට කලාපීය මූල්‍ය වෙළෙඳපොළ මධ්‍යස්ථානයක් බවට හෙවත් Financial Hub එකක් බවට පත් වෙන්න පුළුවන්. අපි සාර්ථකව ලෝකය එක්ක ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන් ඒවා ලේසියෙන් හැදෙනවා. එදාට ඩොලර් ප්‍රශ්නය සදහට ඉවරයි.

2. දේශීයව රුපියල් විතරක් උපයන ව්‍යාපාරයකට ආයෝජන ලෙස ඩොලර් පැමිණි විට ලාභය ලෙස ඩොලර් ටික අරගෙන යෑමක් ගැනත් පිරිසකට බය තියෙනවා. උදාහරණයක් ලෙස තෙල් වෙළෙඳපොළට විදෙස් ආයෝජන ඇවිත් රට ඇතුලේ තෙල් රුපියල් වලට විකුණලා ලාභය අරගෙන යෑම ගැන තමයි මේ බයත් හැදිලා තියෙන්නේ.

මේ ආයෝජකයන් ඩොලර් වලින් ගෙවලා තමයි තෙල් මිළදී අරගෙන එන්නේ. ඇවිත් විකුණලා රුපියල් උපයලා ඒ ටික ඩොලර් බවට අරගෙන ඒකෙන් තමයි යම් ලාභයක් ලබන්නේ. මේකත් ඉහත කරුණ වගේම තමයි. රටේ කර්මාන්ත ඉහත පරිදි සාර්ථකව කෙරෙන්න හොඳ බල ශක්ති වෙළෙඳපොළක් අවශ්‍යයයි. ලෝකයේ ප්‍රභල තෙල් සමාගම්, බල ශක්ති සමාගම් සිටිනවා නම් තමයි ආයෝජකයන්ට බල ශක්තිය පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්නේ. නොකඩවා තමන්ට අවශ්‍ය බල ශක්තිය ලැබෙනවා කියන විශ්වාසය ගොඩ නැගෙන්නේ. ඒත් එක්කම සාර්ථකව කෙරෙන රටක ආයෝජන මෙන්ම කර්මාන්ත නිසා ඩොලර් සංචිත ඉහළ යනවා. එවිට අවශ්‍ය කෙනෙකුට ඕන තරම් ඩොලර් එහා මෙහා කරන්න තරම් විශාල සංචිතයක් නිර්මාණය වෙනවා. අපි හිතන්න ඕනේ ඒ මට්ටම ගැන මිසක් බංකොලොත් රටක තියෙන ඩොලර් සොච්චම අරගෙන යයි කියන මානසික මට්ටමෙන් නොවෙයි.

3. විදෙස් ආයෝජන එන්නේ මේ රටේ තියෙන පුංචි වෙළෙඳපොළට භාණ්ඩ නිශ්පාදනය කරන්න නෙවෙයි. ආයෝජන එන්නේ ලෝක වෙළෙඳපොළටම භාණ්ඩ නිශ්පාදනය කරන්න. කර්මාන්තය මෙහේ තියෙන්න පුළුවන්. අපේ මිනිසුන් ඒවායේ වැඩ කරන්න පුළුවන්. නමුත් ඒවා අලෙවි කරන්නේ බිලියන 8 ක් මිනිස්සු ඉන්න මුළු ලෝකයටම. ඒ නිසා ආයෝජන එන්නෙම අපනයන සැකසුම් භාණ්ඩ වෙනුවෙන්. ඒ ආයෝජන වලින් තමයි විශාල කර්මාන්ත හැදෙන්නේ. හිතන්නේ ලංකාවේ තියෙන දැවැන්නම කර්මාන්ත වන MAS එක වගේ ඒවා. විශාල කර්මාන්ත ශාලා. රැකියා දහස් ගණන් ලබා දෙනවා. නිශ්පාදන යවන්නේ ලෝකෙටම. විදෙස් විණිමය , ධනය නිර්මාණය කරනවා. ඒවායින් තමයි රටක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්නේ.

ඒ විදියට ලෝකය එක්ක ගණුදෙනු කිරීමෙන් අපිට උත්පාදනය වෙන ඩොලර් සංචිතය ඉතා විශාලයි. එහෙත් දේශීය වෙළෙඳපොළ තුල යමක් විකුණලා හම්බෙන්නේ පොඩි මුදලක්. අර මහා සංචිතයක් ගොඩ නැගෙද්දී, පොඩි ප්‍රමාණයක් අරගෙන යයි කියලා බය වීම තේරුමක් නෑ.

4. ආයේ අපේ තියෙන මතයක් තමයි ආරක්ෂාවට තර්ජනයක් කියන මිත්‍යාව. මේක අපිට පසු ගිය දශකය පුරා ඇසුණු කාරුණක්. කිසිම රටක් කිසිම විටෙක තමන්ගේ ආරක්ෂාව කැප කරන්නේ නෑ. හැම රටම තමන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගෙන තමයි දේවල් කරන්නේ. ඒ නිසා වෙළෙඳපොළ හමුවේ රජයක්, රටක් දුර්වල විය යුතු නෑ. වෙළෙඳපොළ ප්‍රභලයි නම් රාජ්‍යය විසින් කළ යුත්තේ රාජ්‍යයේ ප්‍රභලත්වය වැඩි කර ගැනීම පමණයි. රාජ්‍ය කුඩා වූවත් එය නිරන්තරයෙන් වෙළෙඳපොළට වඩා ප්‍රභල විය යුතුයි. සාර්ථක රාජ්‍යයන් නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි.

එහෙත් නූතන ලෝකයේ වෙළෙඳපොළට බයෙන්, අධිරාජ්‍යවාදයට බයෙන් සැඟවී කටයුතු කරන්න ඉඩක් නෑ. නමුත් අපි දකින්නේ අපේ දේශපාලන අදහස් වල ඒ බිය නිරන්තරයෙන් ඉස්මතු වෙනවා. මේ ලෝකේ අයිති නිර්භයව ලෝකයට මුහුණ දීලා, අන්තර්ජාතිකය සමග ගණුදෙනු කරලා, අධිරාජ්‍ය සමග සාමයෙන් ඉන්න වටපිටාවක් හදා ගන්න රට වලට පමණයි. ඒ නිසා අපේ විවිධ බයවල් එක්ක රටක් හදන්න බෑ. ජාතිකවාදී මෙන්ම වාමාංශික කඳවුරු වල මේ තියෙන විවිධ බය වල් එක්ක රටවල් ඉස්සරහට යන්නේ නෑ, විනාශ මුඛයට මිසක්.

අපි හමුවේ තියෙන අභියෝගය නම් ජනතාවට මේවා කෙසේ පැහැදිලි කරන්න ද යන්නයි. ඒවාට ඇති ඉඩකඩ ඉතා සීමිතයි.

එහෙත්, රට හදන පාරේ අපි යනවා.
නොබියව මේ රටේ අනාගතය වෙනස් කරන්න අපි වෙහෙසෙනවා.
ඔබට තිබෙනවා තෝරා ගැනීමක්.
අපි බලන් ඉන්නවා.

පැතුම් කර්නර්
#අලුත්සංධානේ

#පැතූනොමික්ස්

09/09/2022
13/09/2021

මේ දවස් වල වැඩ ඉවර නැති මුදල් අච්චු ගසන මැසිම...

රටක මුදල් අච්චු ගැසීමේදී භාවිතා කරන සරළම ක්‍රමවේදය නම්, ඒ රටේ නිපැයෙන ආර්ථික නිශ්පාදන වලට සාපේක්ෂව මුදල් නිර්මාණය කිරීම ය. එය මෙසේ සරළව පැහැදිලි කල හැකිය.

අප රටක් විදියට එකතු වී මේ වනතෙක් නිශ්පාදනය කල හා රැස් කල සම්පත් වල මුළු වටිනාකම අලියෙකු නම්, අප මෙතෙක් අලියෙකු බරට මුදල් අච්චු ගසා තිබේ. එනම්, රට සතු වත්කම්/නිශ්පාදන වල මුළු වටිනාකම අලියෙකි. ඒ අලියාගේ වටිනාකමට සමානව මුදල් ඇති කර තිබේ. එවිට අලියා දී මුදල් ද මුදල් දී අලියා ද හුව මාරු කර ගත හැකිය.

සෑම වසරකම රටක ආර්ථිකය වර්ධනය වෙයි. අපි එයට ආර්ථික වර්ධන වේගය යැයි කියමු. එනම්, සෑම වසරකම ඊට පසු ගිය අවුරුද්දට සාපේක්ෂ අපි නිශ්පාදනය කරනු ලබන සම්පත් ප්‍රමාණය බොහෝ විට ඉහළ යයි. එනම්, අපේ අලියා ගේ ප්‍රමාණය අවුරුදු පතා ටික ටික වැඩි වී තිබේ. එවිට ඒ අලියාගේ වැඩි වන ප්‍රමාණයට සාපේක්ෂව අපි මුදල්ද අච්චු ගැසිය යුතුය. එනම්, මෙහි පදනම වන්නේ අලියා වැඩි වන විට ඒ බරට ගැලපෙන්නට මුදල් අච්වු ගැසීම ය. ඔබගේ මුදලේ අගය තීරණය වන්නේ ඔබ නිශ්පාදනය කර ඇති අලියාගේ ප්‍රමාණය මතය. ඔබ අලියෙකු නිශ්පාදනය කර නොමැති නම් ඔබ මුදල් යැයි කියනා කඩදාසි හෝ කාසි වල වටිනාකමක් නැත.

දැන් හිතන්න, ඔබ අලියාව වර්ධනය කර ගන්නවට වඩා විශාල ප්‍රමාණයක් සල්ලි අච්චු ගැහැව්වා කියලා! රටේ හැබෑ වටිනාකම තියෙන්නේ මුදලේ නෙවෙයි අලියගේ. ඒ නිසා අලියා ලොකු උනේ නැතුව මුදල් විතරක් ලොකු උනොත්, එක මුදල් ඒකකයක වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ මුදල අවප්‍රමාණ වෙනවා.

දැන් අපි මේක රටට දාලා බලමු.

වසර 2020 දී අපේ ආර්ථික සංවර්ධන වේගය සෘණ 3.6 යි. ඒ කියන්නේ ඇත්තෙන්ම අලියා ලොකු උනේ නෑ, කුඩා උනා. හැබැයි අපි සල්ලි අච්චු ගැහැව්වා අම්බානක. කොච්චරද කිව්වොත් රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය 24% කින් වැඩි උනා. ඒ කියන්නේ අලියා 3.6 කින් කුඩා වෙනකොට මුදල් 24%කින් වැඩි උනා. එතකොට එක මුදල් ඒකකයක වටිනාකම ගොඩක් අඩු වෙනවා.

ඒ කියන්නේ කලින් අලියගෙන් කිලෝ එකක් රුපියල් 1000 ට සමාන නම්, දැන් ඒ කිලෝ එකක් 1240 කට වැඩියි.

ඕන්න ඔහොමයි උද්ධමනය හැදෙන්නේ.

අපි 2019 දෙසැම්බර් මාසයේ සිට , 2021 ජුනි මාසය දක්වා, අලුතින් අච්චු ගසා නිර්මාණය කර ඇති මුළු මුදල් කඩදාසි වල ලියපු වටිනාකම් ප්‍රමාණය, රටේ සමස්ථ මුදල් ප්‍රමාණයෙන් 35% ක්. මෙය ඉතා විශාල මුදල් සැපයුමක්.

ඒකයි දැන් අධික උද්ධමනයක් රටේ දකින්නට ලැබෙන්නෙ. උද්ධමනය අධික වෙනකොට රටේ මුදල් වැඩි වෙන කොට පිටරටින් භාණ්ඩ ගෙන්වන එක වැඩි වෙනවා. එතකොට නිකම්ම ආනයන ඉහළ යනවා. වෙළඳ ශේෂය ඉහළ යනවා. Current account deficit එකක් එනවා. විදෙස් සංචිත අඩු වෙනවා. ඉතිං ඒවා නවත්තන්න බාධක ආණ්ඩුවෙන්ම දානවා.

රට තුල අධික මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් හඹා යෑම නිසා මෙලෙස මිළ ඉහළ යෑමක් සිදු වෙනවා. ඩොලර් හිඟ වෙලා, රුපියල් වැඩි උනාම, ඩොලර් ඉල්ලුමත් ඉහළ ගිහින්, ඩොලරයේ මිලත් ඉහළ යනවා. මේක බැඳුණු එකම චක්‍රයක්.

ඉතිං මහ බැංකුවේ අධිපතිට ආතතිය හැදිලා ඉල්ලා අස්වෙන්න වෙන එක සාධාරණ යි. හිතු මනාපෙට සල්ලි අච්චු ගහන කොට, ආර්ථිකයක් ස්ථාවර වෙන්නේ නෑ. මුදල් අච්චු ගහන වාරයක් පාසා ආර්ථිකය වෙනස් වෙනවා, දුර්වල වෙනවා.

ඔබ මේ දකිමින් සිටින්නේ එහෙම කාලයක්. කෙදිනකවත් ස්ථාවර නොවුණ.

ඇයි දිගටම අච්චු ගහන්නේ?
ආයේ දවසක ඒකට ලියන්නම්.

පැතුම් කර්නර්

05/06/2021

ලක්ෂ 6ක් Oxford AstraZeneka එන්නත් එංගලන්තයෙන් ඉල්ලා ගැනීමට අපි සාමුහික ඉල්ලීමක් කරමු.

අපි ඔක්කොම එකතු වෙලා කරන ඉල්ලීමට ඔබත් එකතු වන්න.

ඔබේ අත්සන පමණයි අවශ්‍ය !!!

බොහෝම ස්තුතියි

පැතුම් කර්නර්

Please follow the link to sign the petition to collect signatures.
We will try to request 600,000 Oxford AstraZeneka vaccines from UK.

Can you add your signature? ✍️

http://chng.it/6KQwzM2j

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Nawala, Nugegoda
Colombo