KMV Clevers

KMV Clevers

Share

වෘත්තීය අධ්‍යාපන ඒකකය
බප/පිලි/කොතලාවලපුර මහා විද්‍යාලය , රත්මලාන .

Photos from KMV Clevers's post 15/12/2024

අප වෘත්තීය අධ්‍යාපනය ඒකකයේ අදියර 6 යටතේ ග්‍රැෆික් නිර්මාණකරන(Graphic Designing ) විෂය හදාරා මහරගම තරුණ සේවා සභාවෙ (NYSC) හි වැඩිදුර අධ්‍යාපනය ද සම්පූර්ණ කළ ඩිලුක් ධනංජය සිසුවා සහ ඒශානි සිසුවිය NVQ 4 කඩඉම සාර්ථකව ජයගත් වගයි. ඔවුනගේ අනාගතයට බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලයේ හෘදයාංගම සුභ පැතුම්!!!!🎊✨🥇

Photos from KMV Clevers's post 15/12/2024

📷 Hasun Rashmika Photogrphy 2024.10.06

10/11/2024

රත්මලාන SLITA ආයතනය හා සම්බන්ධව ඇඟලුම් ක්ෂේත්‍රයේ රෙදි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රායෝගික අත්දැකීම් ලබන අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ....

Photos from KMV Clevers's post 10/11/2024

පේෂ කර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයන විෂය හදාරන සිසුන් සඳහා රත්මලාන SLITA ආයතනය වෙත සංවිධානය කෙරුණු ක්ෂේත්‍ර චාරිකාව.(stage 7-2024)

10/11/2024

අප වෘත්තිය අධ්‍යාපන ඒකකයේ අදියර 2 යටතේ ප්‍රාසාංගික කලා විෂය ධාරාව හදාරා කොළඹ ජන කලා කේන්ද්‍රයෙහි වැඩිදුර අධ්‍යාපනයද සම්පූර්ණ කළ ඉසුරංග යසිරු ශිෂ්‍යයා NVQ 4 කඩඉම සාර්ථකව ජයගත් වගයි. ඔහුගේ අනාගතයට බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලයේ හද පිරි සුභ පැතුම්!!!!✨️🏅

12/09/2024

13 වසරක වෘත්තීය අධ්‍යාපන ඒකකයේ මූලික අධ්‍යාපනය හදාරා SLITHM-Sri Lanka Institute of Tourism and Hospitality Management -Colombo(ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය-කොළඹ ) යටතේ න්‍යායාත්මක පුහුණුවද, Hilton Hotel- Colombo හිදි ප්‍රායෝගික පුහුණුව ද සම්පූර්ණ කර තරගකාරී රැකියා ලෝකයේ ප්‍රවීණ සුප්‍රවේදියෙකු(Professional COOK) ලෙස පියමං තැබීමට සැරසෙන ප්‍රවීනා මෙලනි සිසුවිය.... ඔබට අප විද්‍යාලයේ උණුසුම් සුභපැතුම්......❤️🙏🧑‍🍳

Photos from KMV Clevers's post 12/09/2024

13 වසරක වෘත්තීය අධ්‍යාපන වැඩසටහන යටතේ වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා රත්මලාන ලලිත් ඇතුළත් මුදලි වෘත්තිය පුහුණු ආයතනයට යොමු කෙරුණු අදියර 7 හි සිසුන්ගේ ප්‍රගති සමාලෝචනය අරමුණු කොට ගත් සැසිය 12/09/2024 දින සාර්ථකව එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

සහභාගිත්වය : ස්ථාන භාර නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය,
13 වසරක වෘත්තීය අධ්‍යාපන සම්බන්ධීකරණ නිලධාරිතුමා, අදාළ විෂයයන්හි උපදේශකවරුන්, පාසල් ගුරු භවතුන්, දෙමව්පියන්, සිසු දරු දැරියන්.

22/06/2024

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!...☸️
පොසොන් පොහොය නිමිති කරගෙන සිදුකළ ශීල සමාදාන වැඩසටහන 2024.06.20

09/06/2024

ප්‍රවීණ ගුරු ඇදුරු මඩුල්ලක් යටතේ නව්‍යකරණය වූ වැඩසටහන් සමගින් තරගකාරී රැකියා ලෝකයට පිවිසෙන්න විවිධ රැකියා ක්ෂේත්‍ර රාශියක් ඔස්සේ දැන් ඔබට අවස්ථාව. 011 2611751

22/05/2024

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Photos from KMV Clevers's post 22/05/2024

මැයි 22 දිනට යෙදී තිබෙන "ලෝක ජෛව විවිධත්ව දිනය" සැමරීම පිණිස රත්මලාන ලලිත් ඇතුලත් මුදලි වෘත්තීය පුහුණු ආයතනය හා විද්‍යාලීය සිසු දරු දැරියන් එක්ව සිදු කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහන .

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Station Road, Ratmalana
Colombo
10390