Association for Aesthetic Dimensions of Law

Association for Aesthetic Dimensions of Law

Share

Founded 2019. Conducts aesthetic activities with legal themes. Inclusivity, collective effort and or

Photos from Lex Media's post 04/06/2026

නීතිය සහ කලාවෙහි රසමුසු මානයන් සෞන්දර්යාත්මක මානයකින් ආමන්ත්‍රණය කළ අරසර නිම්නාද ගී රසවින්දන සුයාමයෙහි සොඳුරු මතක රෑප එකතුව 💗

21/05/2026

නීතීයේ ගීතමය සුභාවිතය අරසර නිම්නාද,

අපේ මතක බහාලුම් එකින් එක දිගහැර , සොඳුරු සුයාමයක අපව අතරමං කර , සුළං කෝඩයක්සේ නීතී පීඨය අතර සැහැල්ලුවෙන් සැරිසරා නිමාවට පත් විය.

ඒ මතින් පිපුණු සෙනෙහෙ මල් පොකුරුවල සුවඳ මෙසේ ඔබ මත අතුරමි...💗

20/05/2026

දෑතේ රැදිලා තියෙන සුහුරු මොබයිලයෙන් " මම ඔයාට ආදරෙයි " කියලා සටහන් කරලා අනිත් කෙනාට එසැණින් යවන යුගයක ඉපදුණු අපිට පුංචි පුංචි ලියුම් කඩදහි , කවි පේළි , ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ගොඩක් සුන්දර දේවල් නිරායාසයෙන්ම මඟහැරුණා.

ඒක එහෙම උනත් ලෝකෙ කොයිතරම් ඉස්සරහට දුවගෙන ගියත් තාමත් සමහරු තමන්ගෙ හදවත අස්සෙ ඉපිලෙන සමනල්ලු පිරෙන ආදරේ උතුරන හැඟීමුත් හදවතේ හැම සියුම් අංශුවක්ම කීතු කීතුවලට ඉරා දාන විරහවේ වේදනාමය උණුසුමත් කවි පේළි අතර සඟවන්න අමතක කරන්නෙ නැ.

ඒත් ඒ හැංගිමුත්තන් සෙල්ලම නිසා ඒ කවිය කවදාවත් කවියේ කියැවෙන අයිතිකාරයන්ට අයිතිකාරියන්ට ලැබෙන්නෙ නැතුව යන්න පුළුවන් .

ඒ නිසා මේ කුඩා හිස් ලියුම් කඩදහි තීරු අතර ඔබේ සොඳුරු කවි පේළියත් අතුරන්න , ඔබත් ප.ව 1.30 වෙද්දි ceylon hall එක ඉදිරියට පැමිණෙන්න.

" ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට

*මටත් කවියක් ලියන්න.....*🌿

20/05/2026

සිවු වසරක අත්වැල් බැඳගත් සොඳුරු ගීතමය සුයාමය විඳිමින් චායි තේ කෝප්පයක රස විඳින්නට අද දහවල් 1.30 ට ceylon hall එක ළඟට ආදරයත් අරන් නොවරදවාම එන්න 💗

20/05/2026

සිවු වසරක අත්වැල් බැඳගත් සොඳුරු ගීතමය සුයාමය විඳින්නට අද දහවල් 1.30 ට ceylon hall එක ළඟට ආදරයත් අරන් නොවරදවාම එන්න 💗

19/05/2026

නීතියෙහි අරුත්බර තැන් වෙත කලාත්මක මානයකින් ආමන්ත්‍රණය කරන පීඨයේ සෞන්දර්යාත්මක ම සන්ධ්‍යාව "අරසර නිම්නාද"

ජිවිතයේ මේ තාක් දුර ඔබේ හදවත් ගැඹුරෙහි සක්මන් කළ ආදරයේ, වේදනාවේ සුසුම් පොදි දෝත ගෙන ඔබත් හෙට නොවරදවාම පැමිණෙන්න...

ස්ථානය - Ceylon Hall පරිශ්‍රය
දිනය - මැයි මස 20 බදාදා
වේලාව - දහවල් 1.30

18/05/2026

සුභාවිත ගීතයේ අරුත්බර තැන් වෙත නීතියේ ආමන්ත්‍රණය
"අරසර නිම්නාද 2026"

සංගීතය සහ ගායනය නීති පීඨ සහෝදර සහෝදරියන්ගේ දායකත්වය සමඟින් සිදුවේ.

සුමයුර ගීතවත් සැඳෑවකින් හැඩවන පීඨයේ සොඳුරුතම සවස් යාමය සමඟින් ඔබත් නොවරදවාම එක්වන්න! ❤️

03/01/2026

පසුගිය දිනවල ලංකාවටම බලපෑ ආපදා තත්වයේ ප්‍රතිඵලයක් ලෙස විනාශයට පත් වූ හලාවත, හැලඹවටන ශ්‍රී සද්ධානන්ද ජාතික විද්‍යාලයේ පාසල් පුස්තකාලය නැවත ගොඩනැංවීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ AADL සංගමය මඟින් ආරම්භ කරන්නට යෙදුණු ,පොත් 1000ක් එකතු කිරීමේ ව්‍යාපෘතියට ඔබටත් අප හා එක්වන්න පුළුවන්✨

📌️පරිත්‍යාග කළ හැකි දෑ:

පාවිච්චි කළ හෝ නොකල,භාවිතයට ගත හැකි,

නවකතා, කෙටි කතා, කවි පොත්, විෂයානුබද්ධ අමතර කියවීම් පොත්,වැඩ පොත්.

📌විමසීම්:

අමන්දි ධර්මරත්න -0757596277
සෞමි සඳූපමා -0741554408
ලවංගා දෑරංගල -0704554529

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo