22/12/2021
Reptiles are a very important components of the ecosystems. Often regarded as not useful and overlooked, they are being been hunted, traded and mostly killed in road accidents.
But these animals play a critical role for the proper function of the eco systems. They act as seed dispersers, pollinators, pest controllers as well as the linkers of the food chains and also they make a big contribution for the bio diversity.
Removing any species of animals from an ecosystem hugely affect the other species of animals. Hence it important to protect these reptiles. It is our duty to protect them at all costs.
17/12/2021
සොබාදහමේ රිද්මයට සවන් දෙමු.
Listen to the Nature
සොබාදහමේ රිද්මයට සවන් දෙමු. Conducted by Sunil Gunatilake
Time: Dec 18, 2021 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82864684432...
Meeting ID: 828 6468 4432
Passcode: 616602
Sunil has been working with nature tourism since 1992 when Earthwatch corps commenced to visit primate research station in Polonnaruwa as voiunteers. In 2010 he followed national tour guide training course and being working with high end nature based tours with main DMCs in Sri Lanka. He also followed environmental Journalism course and became a regular contributor for local print media.
04/12/2021
The greenery, the gentle breeze, the blue skies, and the crystal waters! The ultimate serenity!!! Nowhere but in the beautiful and proud city of Polonnaruwa!
22/11/2021
පොළොන්නරුව රාජධානි සමයේ ආරම්භය
පෞරාණික ශ්‍රී ලංකාවේ දෙවන අගනුවර වන්නේ පොළොන්නරුවයි. 1 වන විජයබාහු රජු විසින්, චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු රාජ්‍ය පාලනය සඳහා අගනුවර ලෙස පොලොන්නරුව තෝරා ගන්නවා.
නමුත් ඊට පෙර අනුරාධපුර රාජ්‍ය සමයේද පොළොන්නරුව ප්‍රදේශය ජනාවාස වී තිබුණු බවට ඉතිහාසඥායින් කරුනු දක්වනවා. එම වකවානුවේ දී පොළොන්නරුව කඳවුරුපිටිය යන නමින් හඳුන්වා තිබෙනවා. ඊට හේතුව දුටුගැමුණු එළාර මහ සටනේදී දුටුගැමුණු රජුගේ ප්‍රධාන යුද කඳවුරු මෙම පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටා තිබීමයි.
ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය වීමට ප්‍රථම පොළොන්නරුව චෝල පාලනයට නතු වී තිබෙනවා. දකුණු ඉන්දියානු චෝල අධිරාජ්‍යයන් වන රාජරාජ චෝල සහ රාජේන්ද්‍ර චෝල විසින් වසර 70 කට අධික කාලයක් පොළොන්නරුව තම පාලනය යටතේ තබාගෙන තිබෙනවා. එවිට පොළොන්නරුව හැඳින්වී තිබෙන්නේ “ජනනාථ පුරම්” යන නමින්.
5 වන මිහිඳු රජුගේ රාජ්‍ය සමයේ චෝල ආක්‍රමණ හමුවේ අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසුව චෝල ආක්‍රමණිකයින් අනුරාධපුරයේ බලය තහවුරු කරගන්නවා.
ඉන් පසුව මෙම චෝල ආක්‍රමණිකයින් පළවාහැරීමට හැකියාව ලැබෙන්නේ 1 වන විජයබාහු රජුටයි. 1 වන විජයබාහු රජු චෝලයින් පළවාහැරීමෙන් පසු තම අගනුවර ලෙස පොළොන්නරුව තෝරා ගන්නවා. එතැන් පටන් පොළොන්නරු රාජ්‍ය සමය ආරම්භ වෙනවා.
13/11/2021
Get addicted to nothing but nature!
Image credit to the original owner.
10/11/2021
Congratulations Dr. Asha de Vos
Tällberg Foundation has named Dr. Asha de Vos as one of the 2021 Tällberg-SNF-Eliasson Global Leadership Prize winners. Congratulations Dr Asha. You deserve this.
03/11/2021
Pigeon Island in Polonnaruwa also known as කොක් දූව is a living paradise of exotic birds including egrets, herons, cormorants, storks and ibis. . It is the best place to identify unique birds and their interesting behaviour. This small island is located in the middle of giant Parakarama Samudraya. You can easily reach this island by using a paddle boat. If you happen to come to Polonnaruwa, take your time to pay a visit to this wonderful place and enjoy a bit of nature and bird life.
Image credits: Ceylon Expeditions
01/11/2021
Polonnaruwa: the proud city of ancient ruins!
Images through internet. Credit goes to the respective image owners.
25/10/2021
පොත්ගුල් විහාරය යන නමින් පුරාණ ගොඩනැගිලි කිහිපයක්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල දක්නට ලැබෙනවා. නමුත් පොළොන්නරුව නගරයේ පිහිටා ඇති පොත්ගුල් විහාරය ඉන් ඉතා විශේෂ වෙනවා. පොළොන්නරුව පැරණි නගරයෙන් දකුණට වන්නට, සුප්‍රකට පරාක්‍රමබාහු පිළිරුවේ සිට මීටර් 200 ක් පමණ දකුණු දෙසින් මෙම ගොඩනැගිලි සංකීර්ණය පිහිටා තිබෙනවා.
මෙහි වර්තමාන නම වන පොත්ගුල් වෙහෙර යන්න මෑත කාලීනව භාවිතයට ආ නමක් බව විශ්වාස කල හැකියි. ඊට හේතුව ඓතිහාසික මූලාශ්‍ර කිසිවක මෙනමින් හැඳින්වෙන ආරාමයක් හෝ වෙනත් කිසිඳු ගොඩනැගිල්ලක් ගැන සඳහනක් නොවීමයි.
පොදු මතය වන්නේ මෙම ගොඩ්නැගිල්ල ආරාමික පුස්තකාලයක්ව පැවති බවයි. එය එසේ නම් පොත්ගුල් විහාරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම හා පැරණිම පුස්තකාලයයි.
මෙම ගොඩනැගිලි සංකීර්ණය ප්‍රාකාරයකින් වටකර තිබී ඇති අතර නැගෙනහිර, බටහිර හා දකුණු දිශාවන් වලින් ප්‍රවේශ දොරටු පිහිටුවා ඇත. පුස්තකාල ගොඩනැගිල්ල ලෙස සැලකෙන පොත්ගුල් ගොඩනැගිල්ල මාලක හතරකින් සමන්විත වේ.
පහළ මාලක දෙක සක්මන් මළු ලෙස සැළකේ. තුන්වන මාලයේ ගොඩනැගිලි නවයක නටබුන් දැකිය හැකි අතර මෙම නටබුන් භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි විය හැකි බව විශ්වාස කෙරෙනවා. සිව්වැනි මාලකය වන්නේ පොත්ගුලයි. ගෙඩිගේ ආකෘතියෙන් ඉඳිකර ඇති මෙම ගොඩනැගිල්ල බොහෝසෙයින් නටබුන්ව පවතිනවා.
පොත්ගුල් විහාර සංකීර්ණයේ කැණීම්වලදී හමු වූ සෙල්ලිපියකට අනුව මෙම ආරාම සංකීර්ණය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉඳිකරවන ලද්දක්. ඔහුගේ බිසෝවරුවන් වූ ලීලාවතී රැජින හා චන්ද්‍රවතී රැජින විසින් පසුව මෙම් ආරාමය ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා.
මෙම සංකීර්ණය පුස්තකාල පරිශ්‍රක් ලෙස පොදුවේ සැලකුණද, භික්‍ෂූන්වහන්සේලා විසින් දේශනා කරන ලද ජාතක කතා ඇසීම සඳහා ඉඳි කෙරුණු මණ්‌ඩල මන්දිරයක් ලෙස ද තවත් මතයක් පවතිනවා.
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.
18/10/2021
Colours are the smiles of nature!
Kandalama Reservoir - Kandalama
15/10/2021
Take time to admire the nature and find the beauty that's naturally around!
PC: Ceylon Expeditions
13/10/2021
වෙෙජයන්ත ප්‍රාසාදය
වෙෙජයන්ත ප්‍රාසාදය යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව නගරයේ ඇතුල් නුවර තුළ දැකගත හැකි පෞරාණික ගොඩනැගිල්ලකි. ක්‍රි.ව. 1153-1186 දක්වා පොළොන්නරුවේ රජකල මහා පරාක්‍රමබාහු රජුගේ මාළිගාව ලෙස මෙය හැඳින් වේ.
ශක්‍ර දෙවියන්ගේ වාසභවන යන අරුතින් වෙෙජයන්ත ප්‍රාසාදය ලෙසත්, මහල් හතකින් යුක්ත වූ හෙයින් සත් බුමුපාය ලෙසත් මෙය හැඳින්වෙනවා.
මෙම මාළිගය අනුරාධපුර යුගයේ විජයබා රජුගේ මාළිගය ට සමානව ඉදිකර තිබූ බව විශ්වාස කෙරෙනවා. ඉතා අලංකාර ලෙස නිමවා තිබූ මෙම මාළිගයෙහි ඇතැම් කොටස් රනින් අලංකාර කර තිබුණු බවත් මාලිගයේ බිත්ති සිතුවම්වලින් අලංකාර කර තිබුණු බවත් පැවසෙනවා. මාළිගය රනින් අලංකාර කළ බවට සාක්ශි නොමැති වුවද මෙම ගොඩනැගිල්ලේ බිත්තිවල මුල්කපරාරු බදාමය මත තිබී පැරණි බිතු සිතුවම්වල අවශේෂ වුණු කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා.
මෙම මාළිගය මහල් සතකින් සමන්විත වී තිබූ අතර වර්තමානයේ එහි මහල් 3ක නටබුන් පමණක් ශේෂ වී තිබෙනවා. බොහෝ විට කාළිංග මාඝගේ ආක්‍රමණය නිසා පරාක්‍රමබාහු රජ මාලිගයත් විනාශ වෙන්නට ඇතැයි විශ්වාස කළ හැකියි.