05/12/2021
ඔයාගෙ ෆේස්බුක් එක හැක් වෙයි කියලා බයෙන්ද ඉන්නෙ...? එහෙනම් මේක👇බලන්නකෝ.....✋
ඔබේ ගිණුම ඔබට අහිමිවීමට ප්‍රධානම සාධකය වෙන කිසිවෙක් නොව ඔබම බව ඔබ දන්නවාද..?
පුංචිම පුංචි සෙටින්ග්ස් කිහිපයක් කරගැනීමට අතපසුවීම හෝ උවමනාවක් නැතිකම ඊට හේතුවයි..✋ මෙම👇ලිපිය කියවා අවසානයේදි ගිණුම වෙන්නෙ කොහොමද සහ ඒවායෙන් බේරෙන්නෙ කොහොමද යන කරුණු 2 ගැන ඔබට මනා දැනුමක් එකතුකරගැනීමට පුලුවන් වෙයි කියලා මම 100%ක්ම විශ්වාස කරනවා..✌ එහෙනම් කියවලම බලන්න👇
ිණුම_හැක්වෙන_විදිහ.....
මුලින්ම කියන්න කැමතියි ඔය එක එක වැඩකාරයෝ කියලා හිතන් ඉන්න මන්ද මානසික ඩෑල් කරනවා කියලා කරන්නෙ ඇත්තටම කිරීමක් නෙවෙයි.. ඇත්තටම ඒවා කියන වචනයටත් නිගාවක්..😂 උන් හැක් කියලා කරන්නෙ පිෂින්ග් ඇටෑක්, කී ලොගර් යැවීම, ස්පයි ඇප් හොරෙන් වික්ටිම්ගෙ පෝන් එකේ ඉන්ස්ටෝල් කිරීම, ටර්මක්ස් හරහා හෝ විවිධ වෙබ්සයිට් හරහා ක්ලෝන් කිරීම යනාදි ආදි කාලීන ක්‍රම පාවිච්චි කිරීමයි.. ඉහත ක්‍රම වලින් ක්ලෝන් කිරීම ඇරෙන්න අනිත් සියලුම ක්‍රම වලින් ටාගට් කරලා fb එකවුන්ට් එකක් හොරකම් කරන්න පුලුවන්..
⭕ (පිෂින්ග් ලින්ක් යැවීම)
මේ ක්‍රමෙන් කරන්නෙ විවිධ වෙබ් සයිට්වල රෙජිස්ටර් වෙලා ලින්ක් එකක් හදාගෙන ඒක සැක නොහිතෙන විදිහට තවත් පොටෝ ලින්ක් එකකට හෝ වීඩියෝ ලින්ක් එකට හෝ අපි දැකපු ගමන් ක්ලික් කරන්න පෙළඹෙන ලින්ක් එකකට ඇටෑච් කරලා හොරකම් කිරීමට අවශ්‍ය ගිණුමට මැසේජ් එකක් විදිහට හෝ කමෙන්ට් එකක් විදිහට හෝ යැවීමයි.. සමහර එවා ක්ලික් කරපු ගමන් අපේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඇක්සස් කරන්න පුලුවන්, සමහර ඒවා ක්ලික් කරාම fb එකේ ලොගින් එන්ටර්ෆේස් එකවගේ එන්ටර්ෆේස් එකක් ඩිස්ප්ලේ වෙනවා.. ඉතින් අපි එතනින් අපේ ඊමේල් පාස්වර්ඩ් දීලා fb ලොග් වුනොත් බඩු බනිස්ම තමයි.. ඒ නිසා කවුරුහරි නොදන්න පුද්ගලයන් ලින්ක් එව්වොත් ඒක කිලික් කරන්න කලින් අවබෝධයෙන් බලන්න ඒ ලින්ක් එකේ : කියලා තියෙවද කියලා.. එහෙම තිබ්බොත් ඒ ලින්ක් එක ආරක්ෂිතයි.. බය නැතුව ක්ලික් කරන්න පුලුවන්.. එහෙම නැතිනම් ක්ලික් නොකර ඉන්න එක යහපත්.. කොටින්ම කිව්වොත් කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න එපා..✋
⭕ (කී ලොගර්)
මෙම ක්‍රමය යි ස්පයි ඇප් ඉන්ස්ටෝල් කරන ක්‍රමයයි තරමක් දුරට සමානයි.. මේකෙන් කරන්නෙ ඇප් එකක් හෝ සොෆ්ට්වෙයා එකක් වික්ටිම්ගේ ඩිවයිස් එකේ සැඟවීමයි.. මේකෙන් වෙන්නෙ අපි අපේ ඩිවයිස් එකේ ටයිප් කරන සියලුම ෆයිල් එකක් විදිහට එකවුන්ට් හොරාට බලාගන්න පුලුවන් වීමයි.. මේක ගැන නම් වැඩිදුර තොරතුරු දන්නේ නෑ.. කෝකටත් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි..✋
⭕ (ස්පයි ඇප් සැඟවීම)
මෙම ක්‍රමයට වික්ටිම්ගෙ ඩිවයිස් එක සුළු වෙලාවකට හොරා සතු විය යුතුමයි.. ඔහුට විනාඩි 5ක් තිබ්බත් ඇති ඔයාලගෙ පෝන් එකෙන් ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා සැක නොහිතෙන විදිහට හයිඩ් කරන්න.. ඒ නිසා යාලුවෙක්ට වුනත් පෝන් එක ලැප් එක එහෙම දෙද්දි ඉතාමත් අවධානයෙන් ඉන්න.. මේක අනිත් ඒවාට වඩා බයානකයි කියන්නෙ මේකෙන් fb ඊමේල් පාස්වර් විතරක් නෙවෙයි තමන් ගන්න කෝල්ස්, මැසෙජ් එතකොට තමන් මේ වෙලාවෙ ඉන්න තැන වගේ සම්පූර්ණ ඩිවයිස් එකේම තියෙන වැදගත් තොරතුරු හොරාට ගන්න පුලුවන් ඒ නිසා මේකටත් අවධානය යොමු කරනවානම් හොඳයි.....✋
⭕ (ක්ලෝන් කිරීම.)
මේ වැඩේ නම් කරන්නෙ දුප්පත් මානසිකත්වයෙන් ඉන්න අබ්බ ගොබ්බයොම තමයි.. මේකෙන් කරන්නෙ ශක්තිමත් නැති facebook ගිණුම් වල පාස්වර් එක ගැනීමයි.. මේකට බහුලවම බාවිත කරන්නෙ Turmux සහ Kali Linux කියන ක්‍රම දෙකයි.. තව විවිධ වෙබ්සයිට් වලින් සහ ඇප්ලිකේෂන් මාර්ගෙනුත් පුලුවන්.. සතුටට කරුන නම් මෙම ක්‍රමයෙන් ටාගට් කරලා එකවුන්ට් උස්සන බෑ.. කිසිම සික්‍යුරිටි එකක් නැති දුර්වල එකවුන්ට් තමයි ක්ලෝන් වෙන්නෙ😌
🔵 එහෙනම් මං ඔයාලට කියන්නම් මේ☝වසංගතවලින් තමන්ගේ ගිණුම 💯ක්ම සාර්ථකව ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා..👇
කියන්නෙ ඉතාමත්ම ආරාක්ෂාකාරී සමාජ වෙබ් අඩවියක්.. ඉතින් fb එකෙන් අපට පහසුවෙන්ම අපේ ගිණුම් ආරක්ෂා කරගැනීමට ක්‍රමවේදයක් ලබා දී තිබෙනවා.. ඇත්තම කිව්වොත් පුංච්චිම පුංචි සෙටින්ග්ස් කිහිපයකින් පුලුවන් ජීවිතකාලෙටම අපේ fb ගිණුම ආරක්ෂා කරගන්න.. අවාසනාවට කරුණු තමයි ගොඩක් අය මේ පිළිබඳව දැනුවත් නොවීම, සමහර අය දැනගෙනත් කම්මැලිකමට නොදා ඉඳීම, තවත් සමහරුන්ට අමතකවීම සහ අතපසුවීම.. ඒකයි මං හිතුවේ දන්නැති අයට දැනගැනීම පිණිසත්, අමතක වුන අයට මතක් කර දීම පිණිසත් සහ කම්මැලි අයට අනතුරු හැඟවීමක් පිණිසත් මෙම ලිපිය දාන්න.. දැන් මං සෙටින්ග් හදන විදිහ පියවරෙන් පියවර පහල දාන්නම් හැමෝම ඒ සෙටින්ග්ස් හදාගන්න කම්මැලි නැතුව.. ඕන්නම් විනාඩි 5ක් වැයවෙයි.. පාඩුවක් නම් වෙන්නෑ...😌
- ආරක්ෂිත සැකසුම්
⭕ මුලින්ම ඔයාලගෙ ෆේස්බුක් ඇප් එකෙන් ලොග් වෙලා දකුණු පැත්තෙ උඩ කෙලවරේ තියෙනවා ඉරි 3ක අයිකන් එකක් ඒක ක්ලික් කරන්න.. ඊට පස්සෙ පහලට ස්ක්‍රෝල් කරාම යටම තියෙනවා ඔප්ෂන් එක ඒක ක්ලික් කරන්න.. එතන මුලින්ම තියෙන්නෙ එකවුන්ට් සෙටින්ග් ඔප්ෂන් එක, ඊට යටින් තියෙන කියන කැටගරි එක කිලික් කරන්න.. ඊටපස්සෙ එන කියන අනු කැටගරියට යන්න.. එතන ඔක්කොටම කලින් උඩම තියෙන කියන ඔප්ෂන් එක ක්ලික් කරලා බලන්න ඔයාගෙ ඩිවයිස් එකෙන් ඇරෙන්න වෙන ඩිවයිස්වලින් fb ගිණුමට ලොග් වෙලා තියෙනවද කියලා.. සැක සහිත ඩිවයිස් එකක් තිබ්බොත් එම ඩිවයිස් එකට අදාල ඩොට් 3 ක්ලික් කරලා වාහාම ඒවා ලොග් අවුට් කරන්න.. ඊට පස්සෙ බැක් වෙන්න.. දැන් යමු අපි ප්‍රධාන ක්‍රම වලට..
ආපහු බැක් වුනාම පහල ඔබට පෙනෙයි කියලා ඔප්ෂන් එකක්.. අන්න ඒක තමයි ඉතාමත්ම ආරක්ෂාකාරී සහ වැදගත්ම පියවර.. ඒක උඩ ක්ලික් කරන්න.. එතන අපිට මෙතඩ් 3ක් දෙනවා (01) text massege, (02) Authentiction app සහා (03) recovery codes කියලා කෙලින්ම ඔයා අංක 1ට තියෙන කියන එක ක්ලික් කරන්න එතකොට ඔයාට කියයි පාස්වර්ඩ් එක ටයිප් කරන්න කියලා, ඔයාලා නිවැරදිව එක දෙන්න.. ඊටපස්සෙ දුරකථන අංකයක් ඉල්ලයි.. ඔයා නිතරම පාවිච්චිකරන අයින් කරන්නෙ නැති දුරකථන අංකයක් ලබාදෙන්න.. එවලෙම ඔයාගෙ දුරකථනයට අංක 6ක කෝඩ් එකක් එයි ඒක කොපි කරලා fb app එකේ දෙන බොක්ස් එකේ ටයිප් කරලා සබ්මිට් බටන් එක ක්ලික් කරන්න.. ඔන්න දැන් ටෙක්ස්ට් මැසෙජ් ඔප්ෂන් එක ඔන් වෙලා ඉවරයි.. Authentication app කියන එක අවශ්‍ය වෙන්නෙ නෑ.. හැබැයි 3වැනි එක ඒ කිව්වෙ කියන එක නම් තරමක් වැදගත් වෙයි.. ඒක ක්ලික් කරාම අපිට කෝඩ් 10ක් දෙනවා ඒක කැමති නම් ඒ 10ම කොහෙහරි ලියාගන්න මොකද කෝඩ් එන පෝන් නම්බරෙ ලඟ නැති අවස්ථාවක ඔතනින් කෝඩ් එකක් දීලා ලොග් වෙන්න පුලුවන්...😊 මං දැන් කියන්නම් ටූ ෆැක්ටර් ඔතන්ටිකේෂන් එකේ ආරක්ෂාව ගැන..👇
🔴
මේකෙදි කෙරෙන්නෙ අපි නිතරම පාවිච්චි කරන දුරකථන අංකයක් ලබාදීලා ඒකට ලොගින් කෝඩ් එක ජෙනරේට් වෙන විදිහට ක්‍රියාත්මක වීමයි.. ඒ කෝඩ් එක නැතුව තමන්ටවත් වෙන ඩිවයිස් එකකින් ලොග් වෙන්න බෑ.. කවුරුහරි හොරෙන් තමන්ගෙ ගිණුමට ලොග් වෙන්න හැදුවහොත් ඒ මොහොතෙදිම තමන්ගෙ ජංගම දුරකථනයට කෝඩ් එකක් එනවා.. ඒ කෝඩ් එක සබ්මිට් කරොත් විතරමයි ගිණුමට ඇතුලුවන්න පුලුවන්.. ඉතින් කිසිම කෙනෙක්ට බෑ ඔයාගෙ අවසරය නැතුව ගිණුමට ලොග් වෙන්න.. හැබැයි හොඳින් මතක තියාගන්න තමන් වෙනස් නොකරන දුරකථන අංකයක් මේකට දාගන්න, සිම් එක නැති කරගන්න එහෙම එපා.. යම් හෙයකින් නම්බරේ වෙනස් කරන්න හිතුනොත් ඉක්මණින් අලුත් නම්බරයකට ඇක්ටිව් කරන්න...👌
ඔන්න👆 ඔහොම සෙටින්ග්ස් හැදුවට පස්සෙ ආපහු බැක් වෙන්න.. ඊළඟ පියවර තමයි පහල තියෙන කියන ඔප්ෂන් එක.. ඔයාලා මේක උඩත් ක්ලික් කරන්න ඊට පස්සෙ අපිට , සහ කියලා ඔප්ෂන් 3ක් දෙනවා.. ඒ තුනම ඕෆ් නම් ඔන් කරගන්න.. මේකෙන් ලැබෙන වාසිය තමයි..👇
🔴
මෙම👆 ක්‍රමය ක්‍රියාත්මක කරහම සිදුවන්නේ, කුමන හෝ හේතුවක් නිසා තමන්ගෙ ලොගින් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි අන්සතුවෙලා ඒ පුද්ගලයා තමන්ගෙ ෆේස්බුක් ගිණුමට ඇතුලුවෙන්න හැදුවහොත් තමන්ට තමන්ගෙ ගිණුමෙන් නොටිෆිකේශන් එකකින් දැනුවත් කිරීම, මැසෙන්ජර් එකෙන් මැසෙජ් එකක් ඒම සහ ඊමේල් එකක් ඒමයි.. එම ක්‍රම 3න්ම අහන්නෙ මේ වෙනඩිවයිස් එකකින් ලොග් වුනේ ඔබමද කියලයි.. Yes or No යනුවෙන් බට්න් දෙකක් දෙනවා ඒකේ Yes කියන බටන් එක අපි ප්‍රෙශ් කරොත් ඒ පුද්ගලයාට තමන්ගෙ ගිණුම විවෘත වෙනවා.. No කියන බටන් එක ප්‍රෙශ් කරොත් ඇතුළුවන්න බෑ.. ඊට පස්සෙ අපේ පාස්වර්ඩ් එක මාරු කරන්න අවශ්‍ය නම් No කියන බටන් එක ප්‍රෙශ් කරාට පස්සෙ එතනම ඔප්ෂන් එක දෙනවා.. ඔයාලට කැමති නම් පාස්වර්ඩ් එක මාරු කරන්නත් අකමැති නම් පාස්වර්ඩ් එක මාරු නොකර ඉන්නත් ඔයාලට පුළුවන්..👌මේ සෙටින්ග්ස් එකත් හරි අපි එහෙනම් බැක් වෙලා යමු අවසාන වැදගත් පියවරට..👇
යට තව ඔප්ෂන් එකක් තියෙනවා Choose 3 to 5 friends to contact if you are locked out කියලා.. ඒක උඩ ක්ලික් කරන්න.. මෙතන එන්නෙ ඔයාට විශ්වාස කරන්න පුලුවන් යාලුවෝ අවම 3 දෙනෙක් හෝ 5 දෙනෙක් හෝ ඇඩ් කරන්න.. ඉතින් ඔයාගෙ යාලුවෝ ඇඩ් කරන්න බයවෙන්න එපා ඒ අයට ඔයාගෙ fb ගිණුම බලන්න බෑ.. කෝඩ් එකක් යනවා විතරයි.. නිකන්හරි ඔයාගෙ එකවුන්ට් එක හැක්වෙලාහරි, පාස් අමතකවෙලාහරි, ලොක්වෙලාහරි ලොග්වෙන්න බැරිවුනොත් ට්‍රස්ටඩ් කන්ටැක්ට් ඔප්ෂන් එක යටතේ එම යාලුවන්ට කෝඩ් එකක් යවලා, ඔයාට පුලුවන් ඒ කෝඩ් ඉල්ලගෙන fb එකට ලොග් වෙන්න...😊
ඉතින් ඔන්න👆 ඔය සැකසුම් ටික තමයි හදාගන්න තියෙන්නෙ.. දැන් ඉතින් කිසි දේකට බය වෙන්න එපා..✋ ඔයා 💯ක් ආරක්ෂිතයි.. මං මේ කියපු ටික තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවානම් කලබල වෙන්න එපා.. මං ස්ක්‍රීන් වීඩියෝ එකක් කරලා මගෙ You tube චැනල් එකේ දාලා තියෙනවා.. චැනල් එකේ නම Black Voice ඔයාලට මං වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නම්..👇
https://youtu.be/EhI44wKCKV0
මේක☝බලලා පැහැදිලිවම වැඩේ කරගන්න.. ඊට අමතරව තවත් සෝෂල් මීඩියා සම්බන්ධ වීසියොස් මං දාලා තියෙනවා අවශ්‍යනම් ඒවත් බලන්න.. මං ඉස්සරහටත් වීඩියෝස් දානවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.. බෙල් එක ගහන්නත් අමතක කරන්න එපා එතකොටනෙ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එන්නෙ.. මේක තමයි චැනල් එකේ ලින්ක් එක..👇
https://www.youtube.com/channel/UC8HtptU9KQ9INc1_yFne2PQ?view_as=subscriber
📜Pruthuvi...