Mahanama College Library Association

Mahanama College Library Association

Share

This Page Can Be Make A Your Thinking Mind & Colour Your Dreams.

31/08/2021

Showcasing real talent CHAYAMANA '21 coming soon...



Photos from Mahanama College Library Association's post 01/07/2020

සුභ ගමන් සිබිල් නැන්දේ!! 😢
Kala Keerthi Sybil Wettasinghe, the veteran children's book writer and an illustrator, passed away. She was 93 at the time of her demise.
Her books have been translated into several languages
She has been writing and illustrating stories for over 70 years.

Photos from Mahanama College Library Association's post 01/07/2020

ශ්‍රී ලාංකික ළමා කතන්දර ඉතිහාසයේ කෘතහස්ත ලේඛීකාවක් වන "සිබිල් වෙත්තසිංහ" මහත්මිය අද දින අභාවප්රාප්ත වීය... ඇයටම ආවේණික චිත්‍ර සහ කතන්දර ශෛලිය තුළින් දැයේ දරුවන්ගේ ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ නොහොත් “සිබිල් නැන්දා“ දරුවන්ගේ මනස සේම කුසලතා වර්ධනයට කළ සේවය ද අපමණය.1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක දී 'කුඩ හොරා' ළමා කතාව ඉදිරිපත් කරනු ලැබූ සිබිල් නැන්දාට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකි විය. 1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් “කුඩ හොරා” කතාවය.එසේම නෝර්වේ, ඩෙන්මාර්කය, ‌අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව වැනි රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය. ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක් වී තිබේ.

මෙරට ළමා සාහිත්‍ය වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් සිය වගකීම ඉටු කර ඇත.

"සිබිල් නැන්දේ" ඔබට නිවන් සුව..! 🙏❤
Mahanama College Library Association

27/02/2020

උණුසුම් සුභපැතුම් .... /21❤️

27/02/2020

මහානාම විද්‍යාලයේ පුස්තකාල සංගමය විසින් ප්‍රථම වරට පැවැත් වූ පුස්තකාල දිනය "අක්ෂරය 2020" පිළිබඳ පුවත "දිනමිණ" (2020.02.25) පුවත්පතේ පල වීම පිළිබඳව අප සංගමය විසින් කෘතඥ පුර්වක ස්තූතිය පලකර සිටිමු. /20

26/02/2020

Mahanama College Library Association 19/20 (MCLA)

Aksharaya 2020 26/02/2020

" Aksharaya 2020 " organized by the Mahanama College Library Association was held on 26th of Feb 2020 At School premises.

Photographed By:-
Chamath Himahansa | Senior Photographer , Minuka Fernando | Junior Photographer at Mahanama College Photographic Art Society Copyrights © 2020 MCPAS All Rights Reserved.

03/02/2020

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 72 වන ජාතික නිදහස් දින සැමරුම අදට (2020.02.04 )යෙදී තිබෙනවා. වසර ගණනාවක් විවිධ විදේශීය ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව එයින් නිදහස ලැබූයේ 1948 වසරේදී ය.
නිදහස දිනා ගැනීම සදහා ගිහි, පැවිදි බොහෝ දෙනා දිවි හිමියෙන් අරගලවල යෙදුණ අතර ඒ ඇතැම් අරගල අවිනේ කළ ඒවා ය , ඇතැම් අරගල පෑනෙන් සහ හඩින් කළ ඒවා .
72 වන ජාතික නිදහස් දිනය සමරන අද ඒ නිදහස ලබාගැනීමට කැපවූ සියළු දෙනා ද අප ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ලබාගත් නිදහස අර්ථාන්විතව භුක්ති විදීමට සහ ආරක්ෂා කරගැනීමට ද අදිටන් කර ගනිමු ..!

[මහානාම විද්‍යාලයීය පුස්තකාල සංගමය.]

05/01/2020

සුභ උපන් දිනක් මහානාම මව්නි ! වසර "66" පුරා මහානාම පුතුන්ව දිග්විජය කළ ඔබ, තවත් වසර ගණනාවක් මහානාම පිංබිමේ පිපෙන පුතු කැලට සෙවණැල්ලක් වී ඔවුන් පෝෂණය කරන්නට හැකි වේවා !!!

31/12/2019

HAPPY NEW YEAR !!! #2020

MCLA 10/08/2019

https://www.mcla.tk/2019/08/blog-post.html
වැඩි විස්තර සඳහා අපගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 📚 Literary Competition

MCLA මහානාම විද්‍යාලයීය ලේඛක තරගාවලියේ වැඩි විස්තර මෙතනින්.මෙහි ගොනු වර්ග දෙකක් ඇත.දෙකම බාගත කරගන්න. ~ මහානාම විද්‍යා.....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Mahanama College, R. A. De Mel Mawatha
Colombo
00300