ගුරු අභිමානී Guru Abhimani

ගුරු අභිමානී Guru Abhimani Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගුරු අභිමානී Guru Abhimani, Education, Colombo.
(1)

🌻ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට අත්වැලක්

🌻කර්තෘ - නයන්ති අලුත්ගේ
B.A (Economic special-Eng medium), German language - University of Sabaragamuwa
P.G.D.E - OUSL
M.Ed - OUSL
🌻20 years teaching experience

18/08/2026

🌻🌻🌻 ඉගෙනුම් න්‍යායන්

🌸 මිනිසුන් ඉගෙන ගන්නා ආකාරය පැහැදිලි කරන විද්‍යාත්මක රාමු වේ.

🌸ඵලදායී ඉගැන්වීම් ක්‍රම සහ විවිධ සිසුන් සඳහා සුදුසු උපක්‍රම තෝරා ගැනීමට ගුරුවරුන්ට මග පෙන්වයි.

🌻 ප්‍රධාන න්‍යායන් ....
🌸 චර්යාවාදී ඉගෙනුම් න්‍යාය
🌸 ප්‍රජානනවාදය
🌸 සමාජ ඉගෙනුම් න්‍යාය
🌸 නිර්මාණවාදය
🌸 මානවවාදය සම්බන්ධතාව
🌸 සමාජ සංස්කෘතික න්‍යාය.

1. චර්යාවාදී ඉගෙනුම් න්‍යාය (Behaviorism)
🌸 ඉගෙනීම යනු බාහිර උත්තේජන හා ප්‍රතිචාර අතර සම්බන්ධතාවයි. මානසික ක්‍රියාවලීන්ට වඩා නිරීක්ෂණය කළ හැකි හැසිරීම් වෙනස්වීම් අවධාරණය කරයි.

🌸 පුරෝගාමීන්..
🌸 අයිවන් පැව්ලොව්
🌸 බී. එෆ්. ස්කින්නර්
🌸 ජෝන් බී. වොට්සන්
🌸 තෝර්න්ඩයික්

🌻 මූලික මූලධර්ම...
🌸 සම්භාව්‍ය අනුබන්ධනය (පැව්ලොව්) -
උදාසීන උත්තේජනයක් ස්වාභාවික උත්තේජනයක් සමග යුගලනයෙන් කොන්දේසිගත ප්‍රතිචාර ඇති කිරීම.

🌸 ක්‍රියාකාරී අනුබන්ධනය (ස්කින්නර්) -
ත්‍යාග (ශක්තිමත් කිරීම්) හෝ දඬුවම් මගින් හැසිරීම් පාලනය.

🌸 ප්‍රබලතා නීතිය (තෝර්න්ඩයික්)-
තෘප්තිමත් ප්‍රතිඵල දෙන හැසිරීම් නැවත සිදුවේ.

🌻 ශක්තිමත් කිරීම් හා දඬුවම්...
🌸 ධනාත්මක ශක්තිමත් කිරීම.
ප්‍රශංසා/තෑගි මගින් හැසිරීම් වැඩි කිරීම.
🌸 සෘණාත්මක ශක්තිමත් කිරීම.
අප්‍රසන්න දෙයක් ඉවත් කර (උදා: ගෙදර වැඩ අඩුවෙන් දී) හැසිරීම් වැඩි කිරීම.
🌸 දඬුවම.
අප්‍රසන්න දෙයක් එකතු කිරීමෙන් හෝ ප්‍රසන්න දෙයක් ඉවත් කිරීමෙන් නුසුදුසු හැසිරීම් අඩු කිරීම.

🌻 පන්තිකාමර භාවිතයට.
🌸 ප්‍රශංසා කිරීම
🌸 අභ්‍යාස හා පුනරාවර්තනය (ගණිතය/අක්ෂර වින්‍යාසය)
🌸 සංකීර්ණ වැඩ කොටස් කුඩා පියවරවලට කැඩීම (හැඩගැස්වීම).

🌻 වාසි හා සීමාවන්..
🌸 මූලික කරුණු සහ හැසිරීම් කළමනාකරණයට සුදුසු වුවත්, සංකීර්ණ චින්තන කුසලතා දියුණු කිරීමට සහ අභ්‍යන්තර අභිප්‍රේරණයට ප්‍රමාණවත් නොවේ.

-

2. ප්‍රජානන ඉගෙනුම් න්‍යාය (Cognitivism)
🌸 ඉගෙනීම යනු තොරතුරු ග්‍රහණය, සැකසීම, ගබඩා කිරීම සහ ප්‍රතිසාධනය පිළිබඳ අභ්‍යන්තර මානසික ක්‍රියාවලියකි.

🌻පුරෝගාමීන්:)..
🌸 ජින් පියාජේ
🌸 ලෙව් වයිගොට්ස්කි
🌸 ජෙරෝම් බෲනර්
🌸 ඩේවිඩ් ඕසුබෙල්

🌻 ප්‍රධාන සංකල්ප..
🌸 පියාජේගේ සංවර්ධන අවධි...
1) සංවේදක-චාලක (0-2),
2) පූර්ව-ක්‍රියාකාරී (2-7)
3) මූර්ත ක්‍රියාකාරී (7-11)
4) විධිමත් ක්‍රියාකාරී (11-16+).

🌻🌻🌻ජාතික ගුරු නිපුණතා රාමුව මොඩියුල 1 ප්‍රශ්න සහ පිළිතුරු1. ප්‍රශ්නයජාතික ගුරු නිපුණතා රාමුව යනු කුමක්ද?  ගුරුවරයෙකු සතු...
16/08/2026

🌻🌻🌻ජාතික ගුරු නිපුණතා රාමුව
මොඩියුල 1

ප්‍රශ්න සහ පිළිතුරු

1. ප්‍රශ්නය
ජාතික ගුරු නිපුණතා රාමුව යනු කුමක්ද?
ගුරුවරයෙකු සතු විය යුතු වෘත්තීය ප්‍රමිතීන්, දැනුම, කුසලතා සහ ආකල්ප නිර්වචනය කරන රාමුවකි.

2. ප්‍රශ්නය
ජාතික ගුරු නිපුණතා රාමුවේ ප්‍රධාන අරමුණු මොනවාද?
🌸 ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
🌸 අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (CPD - Continuous Professional Development) තහවුරු කිරීම.
🌸 ගුරු කාර්ය සාධනය විධිමත් කිරීම.

3. ප්‍රශ්නය
නිපුණතා (Competencies) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
🌸 යම් කාර්යයක් සාර්ථක වීම සඳහා පුද්ගලයෙකු සතු දැනුම (Knowledge), කුසලතා (Skills) සහ ආකල්ප (Attitudes) යන සාධකයන්ගේ එකතුවයි.

4. ප්‍රශ්නය
ගුරු නිපුණතාව සහ ඉගැන්වීමේ නිපුණතාව අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද?
🌸 ගුරු නිපුණතාව
පන්ති කාමරයෙන් පිටත කටයුතු සඳහා අදාළ වේ.
(උදා: පාසල් ප්‍රජාව සමග සබඳතා, පාසල් කළමනාකරණය, දෙමාපිය සබඳතා, වෘත්තීය ආචාර ධර්ම, ස්වයං සංවර්ධනය).

🌸 ඉගැන්වීමේ නිපුණතාව
පන්ති කාමරය තුළ කටයුතු සඳහා අදාළ වේ.
(උදා: විෂය අන්තර්ගතය හැසිරවීම, ඉගැන්වීමේ ක්‍රමවේද, තක්සේරු කරණය සහ ඇගයීම, ප්‍රතිපෝෂණ ලබා දීම, පන්ති කාමර කළමනාකරණය).

5. ප්‍රශ්නය
ගුරුවරුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග මොනවාද?
🌸 විෂය මාලා ආවරණය කිරීමේ අපහසුව.
🌸 විවිධ ඉගෙනුම් ක්‍රමවේද/වේගයන් සහිත සිසුන් හඳුනාගෙන ඉගැන්වීම.
🌸 සිසු ඇගයීම හා තක්සේරුකරණය.
🌸 පන්ති කාමර කළමනාකරණය.
🌸 තාක්ෂණික දැනුම අඩු වීම.
🌸 සීමිත සම්පත් (ඩිජිටල් තාක්ෂණය හා අන්තර්ජාල පහසුකම් හිඟ වීම).

6. ප්‍රශ්නය
ගුරුවරුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග ජය ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
🌸 අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) වැඩසටහන්වලට සහභාගි වීම.
🌸 ස්වයං ප්‍රත්‍යාවේක්ෂ (Self-reflection) මගින් තමාගේ ඉගැන්වීම් ක්‍රම දියුණු කිරීම.
🌸 වෘත්තීය ජාල (Professional Networks) හරහා අනෙක් ගුරුවරුන් සමග අදහස් හුවමාරු කර ගැනීම.

7. ප්‍රශ්නය
ජාතික ගුරු නිපුණතා රාමුවක අවශ්‍යතාවය පැන නැගීමට හේතු මොනවාද?
🌸 ප්‍රමිතීන් සැකසීම (අවම වෘත්තීය ප්‍රමිතීන්, දැනුම හා ආකල්ප පොදු වන සේ සැකසීම).
🌸 ගුරු අධ්‍යාපන විෂය මාලා හා පුහුණු වැඩසටහන් විධිමත් හා යාවත්කාලීන කිරීම.
🌸 කාර්යසාධන ඇගයීම විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම.
🌸 ගෝලීය අධ්‍යාපන ප්‍රවණතා (ඩිජිටල් තාක්ෂණය වැනි) සඳහා ගුරුවරුන් සූදානම් කිරීම.

8. ප්‍රශ්නය
ජාතික ගුරු නිපුණතා රාමුවේ වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න.
🌸 ගුරු වෘත්තියේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම.
🌸 සිසුන්ගේ අධ්‍යාපන මට්ටම, කුසලතා සහ පෞරුෂය වර්ධනය කිරීම.
🌸 ගුරු වෘත්තීය අභිමානය හා පිළිගැනීම වැඩි කිරීම.
🌸 ගුරු උසස්වීම්, ඇගයීම් සහ මාරුවීම් වැනි පරිපාලන කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට ආයතන වලට පහසු වීම.

9. ප්‍රශ්නය
ජාතික ගුරු නිපුණතා රාමුවේ ව්‍යුහය අයත් ප්‍රධාන මානයන් (Dimensions) 3 මොනවාද?
1. වෘත්තීය දැනුම හා කුසලතා
2. වෘත්තීය කුසලතා
3. වෘත්තීය වටිනාකම් හා කැපවීම

15/08/2026
🌻🌻🌻 ළමා හිංසනයට එරෙහිව සමාජ වගකීම🌸 සමහර රටවල දරුවන්ගේ ආරක්ෂාව  සඳහා ඉතා විධිමත්, නීතිමය සහ තාක්ෂණික පද්ධති ක්‍රියාත්මක ව...
15/08/2026

🌻🌻🌻 ළමා හිංසනයට එරෙහිව සමාජ වගකීම

🌸 සමහර රටවල දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඉතා විධිමත්, නීතිමය සහ තාක්ෂණික පද්ධති ක්‍රියාත්මක වේ.

එවැනි ක්‍රම කිහිපයක්...

1. හදිසි දැනුම්දීමේ සහ ක්ෂණික සහන පද්ධති
🌸 දරුවෙකුට යම් අනතුරක්, හිංසනයක් හෝ නොසලකා හැරීමක් සිදුවන බව දුටුවහොත් ඕනෑම අයෙකුට (හෝ දරුවාටම) වහාම දැනුම් දීමට නොමිලේ ඇමතිය හැකි දුරකථන සේවා
(උදා: ඇමරිකාවේ Childhelp, බ්‍රිතාන්‍යයේ NSPCC Childline) පවතී.

🌸 දරුවෙකු පැහැරගෙන ගිය විට මාධ්‍ය, ජංගම දුරකථන සහ මහාමාර්ග විද්‍යුත් පුවරු මගින් මුළු රටටම වහාම අනතුරු ඇඟවීම් නිකුත් කිරීම.

2. නීතිමය රාමුව සහ අනිවාර්ය වාර්තා කිරීම.
🌸 අනිවාර්යයෙන් වාර්තා කළ යුතු පුද්ගලයින් ලෙස ගුරුවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ සමාජ සේවකයින් දරුවෙකුට සිදුවන යම් හිංසනයක් හෝ සැක සහිත සලකුණක් දුටුවහොත් ඒ පිළිබඳව අදාළ බලධාරීන්ට වාර්තා කිරීම නීතියෙන්ම අනිවාර්ය කර ඇත.
🌸 වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

🌸 ඕනෑම පැමිණිල්ලක් ලැබුණු වහාම දරුවාගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය වුවහොත් දරුවා වහාම තම භාරයට ගැනීමටත් මෙම රාජ්‍ය ඒජන්සිවලට නීතිමය බලතල ඇත.

3. විකල්ප රක්ෂණය
🌸 දෙමාපියන්ගෙන් දරුවාට තර්ජනයක් ඇත්නම්, නීතිමය ක්‍රියාමාර්ග මගින් දරුවා පවුලෙන් වෙන් කර රජයේ ලියාපදිංචි ආරක්ෂිත පවුල් වෙත භාර දෙයි.
🌸මෙම පවුල් සපයා ගැනීමේදී සහ දරුවන් හදාගැනීමට දීමේදී අදාළ පුද්ගලයන්ගේ මානසික මට්ටම, අපරාධ වාර්තා සහ පසුබිම ඉතා දැඩි ලෙස පරීක්ෂා කරනු ලැබේ.

4. පසුබිම් පරීක්ෂාව
🌸 ළමයින් ආශ්‍රිත ඕනෑම රැකියාවක් හෝ ස්වේච්ඡා සේවයක් (උදා: ගුරුවරුන්, ක්‍රීඩා පුහුණුකරුවන්, බේබිසිටර්ස්) කිරීමට පෙර ඔවුන්ට කිසිදු ළමා අපචාර හෝ අපරාධ චෝදනාවක් නැති බවට පොලිස් සහ රාජ්‍ය පසුබිම් පරීක්ෂා සමත් විය යුතුය.

5. පාසල් පද්ධතිය සහ ඩිජිටල් ආරක්ෂාව
🌸 කුඩා කල සිටම පාසල් තුළින් දරුවන්ට තමන්ගේ ශරීරය පිළිබඳ අයිතිය, නොගැලපෙන ස්පර්ශයන් (Good Touch / Bad Touch) හඳුනාගන්නා ආකාරය සහ උදව් ඉල්ලන ආකාරය උගන්වනු ලබයි.

🌸 අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපචාර, සයිබර් බුලිං (Cyberbullying) සහ ළමා අසභ්‍ය දර්ශන වැළැක්වීමට විශේෂිත ඩිජිටල් නීති සහ තාක්ෂණික මෙවලම් (Internet Filters & Law Enforcement Units) භාවිත කෙරේ.

❤️ අනේ එයාලා වෙනුවෙන් තව මොනවද අපිට කරන්න පුලුවන් .. තවත් අදහස් යෝජනා කරමුද?

🌻🌻🌻විශේෂිත ඉගෙනුම් අපහසුතා 🌸 ​මෙහිදී ළමයාගේ සාමාන්‍ය බුද්ධි මට්ටම යහපත් වුවත්, යම් කිසි විශේෂිත ක්ෂේත්‍රයකට (කියවීම, ලිව...
14/08/2026

🌻🌻🌻විශේෂිත ඉගෙනුම් අපහසුතා

🌸 ​මෙහිදී ළමයාගේ සාමාන්‍ය බුද්ධි මට්ටම යහපත් වුවත්, යම් කිසි විශේෂිත ක්ෂේත්‍රයකට (කියවීම, ලිවීම හෝ ගණිතය) අදාළව අපහසුතාවයක් පවතී.

​අ) ඩිස්ලෙක්සියා (Dyslexia) - කියවීමේ අපහසුතාව
​🌸 අකුරු හඳුනාගැනීමට
🌸 වචන නිවැරදිව උච්චාරණය කිරීමට
🌸 කියවන දෙයෙහි තේරුම වටහා ගැනීමට ඇති වන අපහසුතාවයයි.
​උදාහරණ:-
🌸 ​'බ' සහ 'ඩ' හෝ 'ප' සහ 'ෆ' වැනි සමාන හැඩ ඇති අකුරු එකිනෙකට පටලවා ගැනීම.

🌸 ​ඉංග්‍රීසිවල නම් 'b' සහ 'd' මෙන්ම 'was' යන්න 'saw' ලෙස කියවීම.
​පේළියක් කියවාගෙන යද්දී අකුරු හෝ වචන අතහැරීම.

​ආ) ඩිස්ග්‍රාෆියා (Dysgraphia) -
ලේඛන අපහසුතාව
​🌸 අදහස් අකුරට නැගීමේදී
🌸 අකුරු හැඩගැස්වීමේදී
🌸 අක්ෂර වින්‍යාසය නිවැරදිව තබාගැනීමේදී ඇතිවන අපහසුතාවයයි.
​උදාහරණ:-
🌸 ​අකුරු ඉතා පැහැදිලි නැති ලෙස ලිවීම හෝ රූල් අතර ප්‍රමාණයන් නිසි ලෙස පවත්වා නොගැනීම.

🌸 ​අකුරු කැඩපතකින් බලනවා මෙන් ආපසු හරවා ලිවීම (Mirror Writing).
🌸 ​අත ඉක්මනින් මහන්සි වීම නිසා ලිවීමට අකමැති වීම.

​ඇ) ඩිස්කැල්කියුලියා (Dyscalculia) - ගණිතමය අභියෝග
​🌸 ඉලක්කම්, සංඛ්‍යාත්මක සංකල්ප
🌸 එකතු කිරීම්/අඩුකිරීම් වැනි සරල ගණිතමය පියවර තේරුම් ගැනීමට ඇති අපහසුතාවයයි.
​උදාහරණ:
🌸 ​'6' සහ '9' පටලවා ගැනීම.
🌸 ​සරල ගණිතමය සංකේත
( +, -, \times ) හඳුනාගැනීමට නොහැකි වීම.
🌸 ​ඔරලෝසුවක් බලා වේලාව පැවසීමට හෝ මුදල් ගනුදෙනු මැනීමට අපහසු වීම.

-

​🌻 අවධානය පවත්වා ගැනීමේ අපහසුතා
(ADHD - Attention Deficit Hyperactivity Disorder)
​🌸 මෙය චර්යාත්මක සහ මානසික තත්ත්වයකි.
🌸 දරුවෙකුට එක තැනක නිශ්චලව සිටීමට, උපදෙස්වලට සවන්දීමට සහ එක් කාර්යයක දිගටම අවධානය තබාගැනීමට නොහැකි වීම මෙහි ලක්ෂණයයි.

​උදාහරණ:-
🌸 ​පන්ති කාමරයේදී එක තැනක වාඩි වී සිටීමට නොහැකිව නිතර නැගිට යාම.
🌸 ​ගුරුවරයා කියන දෙයට සවන් නොදීම සහ වෙනත් දේවල් කෙරෙහි ඉක්මනින් අවධානය යොමු වීම.
🌸 ​තමන්ගේ පැවරුම්/වැඩ අතරමැදදී අතහැර දැමීම.

-

🌻 ​ගුරු භූමිකාව සහ විසඳුම්

🌸 ​මෙසේ ඉගෙනුම් අපහසුතා ඇති ළමයින් මන්දබුද්ධිකයින් ලෙස සලකා කොන් නොකළ යුතුය.

🌸 ඒ වෙනුවට ගුරුවරයා පහත සඳහන් පියවර අනුගමනය කළ හැක.

🌻​ප්‍රතිකර්ම ඉගැන්වීම්
(Remedial Teaching)
🌸 දරුවාට අපහසු විශේෂිත කොටස් හඳුනාගෙන, දරුවාගේ මට්ටමට ගැලපෙන සරල ක්‍රමවේද හරහා නැවත කියාදීම.

🌻​අන්තර්කරණ අධ්‍යාපනය
(Inclusive Education)
🌸විශේෂ අවශ්‍යතා සහිත සහ සාමාන්‍ය ළමයින් එකට එකතු කර, සියලු දෙනාටම එක හා සමාන ඉගෙනුම් අවස්ථා පන්ති කාමරය තුළ ලබාදීම.

🌻 ​බහු-සංවේදී ක්‍රම
(Multisensory Learning)
🌸 පින්තූර, ශ්‍රව්‍ය දර්ශන (Videos), ක්‍රියාකාරකම් සහ සෙල්ලම් බඩු භාවිතයෙන් උගන්වා අවධානය ලබාගැනීම

🌻ගුරු කාර්යක්ෂමතා කඩඉම් - 02​මොඩියුල අංක 06 ඵලදායී ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුමක් සකස් කිරීම​තේමාව 3.0සිසුන් හා ඔවුන් ඉග...
14/08/2026

🌻ගුරු කාර්යක්ෂමතා කඩඉම් - 02

​මොඩියුල අංක 06
ඵලදායී ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුමක් සකස් කිරීම

​තේමාව 3.0
සිසුන් හා ඔවුන් ඉගෙන ගන්නා ආකාරය පිළිබඳ අධ්‍යයනය

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය 01
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා අවධානය යොමු කර ඇති ප්‍රධාන අංග 04 මොනවාද?

1. සිසුන්ගේ ඉගෙනුම් රටා, පූර්ව ඉගෙනුම් අත්දැකීම් හා ඉගෙනුම් ගැටලු
2. සිසුන්ගේ ලැදියා, හැකියාව, අවශ්‍යතාව හා විභවතාව
3. සිසුන්ට බලපාන සමාජ, ආර්ථික, සංස්කෘතික හා භෞතික පරිසරය
4. සිසුන්ගේ කායික, මානසික, සමාජීය හා බුද්ධිමය සංවර්ධන ලක්ෂණ හා ගති ස්වභාවය

ප්‍රශ්නය 02
ප්‍රධාන ඉගෙනුම් රටා 03 මොනවාද? ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න.

1. දෘශ්‍ය ඉගෙනුම් රටාව
(Visual Learners)
රූප සටහන්, ප්‍රස්ථාර, වීඩියෝ දර්ශන, සංකල්ප සිතියම් සහ වර්ණවත් සටහන් මගින් වඩාත් පහසුවෙන් කරුණු වටහා ගනිති.

2. ශ්‍රව්‍ය ඉගෙනුම් රටාව
(Auditory Learners)
දේශන, සාකච්ඡා, වාද-විවාද සහ ශ්‍රව්‍ය පටිගත කිරීම්වලට සවන්දීම මගින් තොරතුරු ධාරණය කර ගනිති.

3.චාලක / ස්පර්ශය ඉගෙනුම් රටාව
(Kinesthetic / Tactile Learners)
පරීක්ෂණ සිදු කිරීම, ආකෘති නිර්මාණය, නිරූපණ සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදීම මගින් ඉගෙන ගනිති.

ප්‍රශ්නය 03
පූර්ව ඉගෙනුම් අත්දැකීම් හා සබැඳි Scaffolding යනු කුමක්ද?

නව සංකල්පයක් ලබා දීමේදී, සිසුවා සතු පූර්ව දැනුම හා එය සම්බන්ධ කරමින් ඉගෙනුම වඩාත් අර්ථවත් කිරීමේ ක්‍රියාවලියයි.

ප්‍රශ්නය 04

පන්ති කාමරය තුළ හඳුනාගත හැකි විශේෂිත ඉගෙනුම් අපහසුතා (Learning Disabilities) 3ක් නම් කරන්න.

1. කියවීමේ අපහසුතාව (Dyslexia)
2. ලේඛන අපහසුතාව (Dysgraphia)
3. ගණිතමය අභියෝග (Dyscalculia)

ප්‍රශ්නය 05
සිසුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික ක්‍රියාවලියේදී සැලකිලිමත් විය යුතු සාධක අර්ථ දක්වන්න.

🌸ලැදියාවන්
සිසුවා ඇලුම් කරන විෂය ක්ෂේත්‍ර, විනෝදාංශ සහ ක්‍රියාකාරකම්.
🌸හැකියාවන්
සිසුවාට වර්තමානයේදී සාර්ථකව කළ හැකි කාර්යයන්.
🌸 අවශ්‍යතා
කායික, මානසික, ආරක්ෂණ, ආදරය හා පරිපූර්ණත්වයට පත්වීමේ අවශ්‍යතා (මාස්ලෝගේ අවශ්‍යතා ධුරාවලිය අනුව).
🌸 විභවතාව
සිසුවා තුළ සැඟවී ඇති, නිවැරදි මගපෙන්වීම හා පහසුකම් සැලසීම තුළින් මතුකර ගත හැකි උපරිම හැකියාවන්.

ප්‍රශ්නය 06
හෝවාර්ඩ් ගාඩ්නර් (Howard Gardner) විසින් ඉදිරිපත් කරන ලද බහු-බුද්ධි න්‍යායට (Theory of Multiple Intelligences) අයත් බුද්ධි ප්‍රභේද මොනවාද?

1. භාෂාමය බුද්ධිය
2. තර්කන-ගණිතමය බුද්ධිය
3. අවකාශීය බුද්ධිය
3. සංගීතමය බුද්ධිය
4. ශාරීරික-චාලක බුද්ධිය
5. අන්තර්-පුද්ගල බුද්ධිය
6. අන්තරා-පුද්ගල බුද්ධිය
7. සොබාදහම් අධ්‍යයන බුද්ධිය

ප්‍රශ්නය 07
සිසුවෙකුගේ ඉගෙනුම කෙරෙහි බලපාන ප්‍රධාන පරිසර සාධක කාණ්ඩ 04 මොනවාද?

1. සමාජීය සාධක
පවුල් පසුබිම, දෙමාපියන්ගේ අධ්‍යාපනික මට්ටම, සම වයස් කණ්ඩායම්වල බලපෑම.

2. ආර්ථික සාධක
පවුලේ ආදායම් මට්ටම, පොත්පත් හා තාක්ෂණික මෙවලම් ලබා ගැනීමට ඇති හැකියාව.

3.සංස්කෘතික සාධක
ආගමික, භාෂාමය හා සංස්කෘතික පසුබිම්, චාරිත්‍ර වාරිත්‍ර.

4.භෞතික පරිසරය
පාසල්/පන්ති කාමර පරිසරයේ ආලෝකය, වාතාශ්‍රය, නිශ්ශබ්දතාව සහ ගෘහස්ථ අධ්‍යයන පහසුකම්.

ප්‍රශ්නය 08
පියාජේගේ (Piaget) ප්‍රජානන සංවර්ධන න්‍යායට අනුව සඳහන් වන ප්‍රධාන අවධි 02 කුමක්ද?

1. සංයුක්ත ක්‍රියාකාරී අවධිය (Concrete Operational Stage -
අවුරුදු 7-11)
සිසුන් තර්කනය කරන්නේ මූර්ත (ඇසට පෙනෙන, ස්පර්ශ කළ හැකි) දේවල් පදනම් කරගෙනය.

2. වියුක්ත ක්‍රියාකාරී අවධිය
(Formal Operational Stage -
අවුරුදු 11 සිට ඉහළට)
සංකල්පීය සහ පරිකල්පනීය තර්කන හැකියාවන් වර්ධනය වේ.

ප්‍රශ්නය 09
ස්වයං ඉගෙනුම සහ නිර්මාණී ඉගෙනුම අතර වෙනස කුමක්ද?

🌸 ස්වයං ඉගෙනුම
සිසුවා තමාගේම ඉගෙනුම් ඉලක්ක සකස් කරගනිමින්, අධ්‍යයන ද්‍රව්‍ය සොයා යමින් ස්වාධීනව ඉගෙනීමේ නිරත වීමයි.

🌸 නිර්මාණී ඉගෙනුම
ලෙව් විගොට්ස්කි සහ ජෝන් ඩියුවිගේ න්‍යායන් මත පදනම්ව, සිසුවා තමා ලබන අත්දැකීම් හරහා සක්‍රියව දැනුම ගොඩනැගීමයි.

ප්‍රශ්නය 10
21 වන සියවසට අයත් විචාරාත්මක චින්තනය (Critical Thinking) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

තොරතුරු එකහෙළා පිළිගැනීම වෙනුවට ඒවා විශ්ලේෂණය කිරීම, තර්කානුකූලව අභියෝගයට ලක් කිරීම, ප්‍රශ්න කිරීම සහ සාධාරණ නිගමනවලට එළඹීමේ හැකියාවයි.

මෙම සටහන් ඔබට ප්‍රයෝජනවත් දැයි දක්වන්න.
#ගුරුඅභිමානී

14/08/2026
🌻   මොඩියුල අංක - 06 🌻🌻 විෂයමාලාවක ප්‍රධාන අංග හා විෂය අන්තර්ගතය1. විෂයමාලාව යනු කුමක්ද?🌸 විෂයමාලාව (Curriculum) යනු හුද...
14/08/2026

🌻 මොඩියුල අංක - 06
🌻🌻 විෂයමාලාවක ප්‍රධාන අංග හා විෂය අන්තර්ගතය

1. විෂයමාලාව යනු කුමක්ද?

🌸 විෂයමාලාව (Curriculum) යනු හුදෙක් විෂය නිර්දේශයකට (Syllabus) හෝ පෙළපොතකට පමණක් සීමා වූවක් නොවේ.

🌸 අධ්‍යාපන පද්ධතියක සමස්ත අපේක්ෂා ඉෂ්ට කරගැනීම උදෙසාත්, ඉගෙනුම්ලාභියාගේ සර්වගාමී පෞරුෂ වර්ධනය (කායික, මානසික, ආවේගික, සමාජීය හා ආත්මික) අරමුණු කරගෙනත් සම්පාදනය කරනු ලබන, පන්ති කාමරය තුළ හා පන්ති කාමරයෙන් බාහිරව ලබාදෙන සමස්ත ඉගෙනුම් අත්දැකීම් සමුදායේ එකතුවයි.

🌸 විෂයමාලාව = අරමුණු + විෂය කරුණු + ක්‍රමවේද + ඇගයීම + සමස්ත ඉගෙනුම් අත්දැකීම්

-

2. විෂයමාලාවක් සාර්ථකව ක්‍රියාත්මක වීමට ප්‍රධාන අංග 04ක් එකිනෙක සම්බන්ධව පැවතිය යුතුය.
01. අධ්‍යාපනික අරමුණු සහ නිපුණතා
(Objectives & Competencies)
ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දිශානතිය තීරණය කරයි. ශිෂ්‍යයා පාඩම අවසානයේ ලබාගත යුතු දැනුම, ආකල්ප සහ කුසලතා අර්ථ දක්වන අතර ක්‍රියාකාරකම් තේරීමේ ප්‍රධාන පදනම සපයයි.

02. විෂය අන්තර්ගතය / විෂය කරුණු
(Subject Content)
තෝරාගත් අරමුණු සහ නිපුණතා සාක්ෂාත් කරගැනීම සඳහා ශිෂ්‍යයා වෙත ලබාදිය යුතු සංකල්ප, සිද්ධාන්ත, තොරතුරු සහ කුසලතා ඇතුළත් කොටසයි.

03. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රමවේද සහ උපායමාර්ග
(Teaching-Learning Methods)
විෂය අන්තර්ගතය සිසුන් වෙත වඩාත් සඵලව, ශිෂ්‍ය කේන්ද්‍රීයව හා උනන්දුව ඇති වන පරිදි සන්නිවේදනය කිරීම සඳහා ගුරුවරයා භාවිතා කරන ක්‍රම සහ මාධ්‍යයන් වේ.

04. තක්සේරුව සහ ඇගයීම
(Assessment & Evaluation)
අපේක්ෂිත අධ්‍යාපනික අරමුණු සහ නිපුණතා ශිෂ්‍යයා තුළ කොතෙක් දුරට සාක්ෂාත් වී ඇත්දැයි මැන බලන සහ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය විනිශ්චය කරන ක්‍රියාවලියයි.

🌸 මෙම අංග 04 එකිනෙකට සම්බන්ධ චක්‍රීය ක්‍රියාවලියකි. අරමුණු මගින් අන්තර්ගතය තීරණය වන අතර, අන්තර්ගතය ඉගෙනුම් ක්‍රම මගින් ඉදිරිපත් කර, අවසානයේ ඇගයීම මගින් අරමුණු ඉටු වී ඇත්දැයි පරීක්ෂා කෙරේ.

-

3. ජාතික අරමුණු සහ පොදු නිපුණතා

🌸 ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනික අරමුණු සම්පාදනය කරනු ලබන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව (NEC) ඇතුළු අධ්‍යාපන බලධාරීන් විසිනි.

🌸 මෙම ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතිය තුළ පොදු නිපුණතා ක්ෂේත්‍ර 06ක් හඳුනාගෙන ඇත.

පොදු නිපුණතා ක්ෂේත්‍ර 06
1. සන්නිවේදනය පිළිබඳ නිපුණතා.
සාක්ෂරතාව, සංඛ්‍යානමය සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය හා දෘශ්‍ය සන්නිවේදන හැකියාව.

2. පරිසරයට අදාළ නිපුණතා.
ස්වාභාවික, කෘතිම හා සමාජ පරිසරය පිළිබඳ අවබෝධය සහ පරිසර ආරක්ෂණය.

3. වැඩ ලෝකයට අදාළ නිපුණතා.
වෘත්තීය රුචිකත්වය, කණ්ඩායම් හැඟීම, ව්‍යවසායකත්වය සහ නායකත්ව හැකියාවන්.

4. ආගම සහ සදාචාරයට අදාළ නිපුණතා.
ආගමික සාරධර්ම, ආචාරධර්මීය පැවැත්ම සහ අන් ආගම්වලට ගරු කිරීම.

5. සෞන්දර්යාත්මක හා විවේකය ගතකිරීම පිළිබඳ නිපුණතා.
කලාත්මක අගය කිරීම්, නිර්මාණශීලිත්වය සහ විවේකය ඵලදායීව ගතකිරීම.

6. ඉගෙන ගැනීමට ඉගෙන ගැනීම පිළිබඳ නිපුණතා.
ස්වයං අධ්‍යයනය, ගැටලු විසඳීම, විවේචනාත්මක චින්තනය සහ ජීවිත කාලය පුරාම ඉගෙනීමට ඇති ලැදියාව.

🌸 විෂය නිපුණතා යනු ජාතික පොදු නිපුණතා පදනම් කරගනිමින්, යම් නිශ්චිත විෂයකට අදාළව සිසුවා ලබාගත යුතු ප්‍රායෝගික හා චර්යාත්මක හැකියාවන් වේ.

-

4. විෂය අන්තර්ගතයක් සංවිධානය කිරීමේ මූලධර්ම

🌸 විෂය කරුණු තෝරාගැනීමේදී සහ ඒවා අනුක්‍රමිකව පෙළගැස්වීමේදී ප්‍රධාන මූලධර්ම 03ක් පදනම් කරගනී.
01. සුදුසුබව සහ අදාළබව
(Appropriateness & Relevance)
විෂය කරුණු සිසුන්ගේ වයස, මානසික මට්ටම, වර්ධන අවධිය සහ බුද්ධි මට්ටමට අනුකූල විය යුතුය.

02. සමාජීය අදාළබව
(Social Relevance)
තෝරා ගන්නා අන්තර්ගතය සමාජයේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවලට, සංස්කෘතියට සහ ආර්ථික ඉලක්කවලට ගැළපෙන එකක් විය යුතුය.

03. තර්කානුකූල අනුක්‍රමය
(Logical Sequence)
කරුණු පෙළගැස්වීමේදී සරල සංකල්පවල සිට සංකීර්ණ සංකල්ප දක්වාත්, ප්‍රත්‍යක්ෂ (ඇසට පෙනෙන/අත්විඳින) සංකල්පවල සිට අමූර්ත (සිතින් මවාගන්නා) සංකල්ප දක්වාත් විකාශනය විය යුතුය.

-

5. විෂයමාලාවක සාර්ථකත්වය උදෙසා අන්තර්ගතය තුළ ප්‍රධාන සම්බන්ධතා මානයන් දෙකක් පවත්වාගෙන යනු ලබයි.

Ⅰ. සිරස් සම්බන්ධතාව
(Vertical Relationship)
🌸 එකම විෂය ක්ෂේත්‍රයක් තුළ, පහළ ශ්‍රේණියක සිට ඉහළ ශ්‍රේණියක් දක්වා (උදා: 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා) කරුණු අනුක්‍රමිකව, සරල තත්ත්වයේ සිට සංකීර්ණ තත්ත්වයට විකාශනය වන ආකාරයයි.

🌸 සර්පිල විෂයමාලා ආකෘතිය
(Spiral Curriculum)
🌸 සිරස් සම්බන්ධතාවයේ ප්‍රධාන යෙදීමකි. පහළ ශ්‍රේණිවලදී ලබාදෙන මූලික සංකල්පීය අවබෝධය පදනම් කර ගනිමින්, ඉහළ ශ්‍රේණිවලදී නැවත නැවතත් එම මාතෘකාවම වඩාත් ගැඹුරු හා සංකීර්ණ ලෙස ගොඩනගන ක්‍රමවේදයයි (ජෙරෝම් බෲනර්ගේ සංකල්පයකි).

Ⅱ. තිරස් සම්බන්ධතාව
(Horizontal Relationship)
🌸 යම් නිශ්චිත ශ්‍රේණියක් තුළ එකිනෙකට වෙනස් විෂයන් අතර පවතින අන්තර් බද්ධතාවය, සහසම්බන්ධය සහ අනුපූරකතාවයයි.
උදාහරණය:
8 ශ්‍රේණියේ භූගෝල විද්‍යා විෂයේ "ජලගැලීම්" පාඩම උගන්වන විට,
- විද්‍යාව විෂයෙහි එන 'ජල චක්‍රය' සංකල්පය භාවිත කිරීම.
- ගණිතය විෂයෙහි එන 'ප්‍රස්ථාර සහ දත්ත නිරූපණය' භාවිත කිරීම.

🌸 සිරස් සම්බන්ධතාව:
එකම විෂයය + ශ්‍රේණියෙන් ශ්‍රේණියට (පහළ සිට ඉහළට).
🌸තිරස් සම්බන්ධතාව:
එකම ශ්‍රේණිය + වෙනස් විෂයන් අතර (පාර්ශවිකව).

-

6. 21 වන සියවසට ගැලපෙන නූතන ඉගෙනුම්-ඉගැන්වීම් ප්‍රවේශ..
🌸 මිශ්‍ර ඉගෙනුම
(Blended Learning)
සාම්ප්‍රදායික පන්ති කාමර ඉගැන්වීම් සහ සබැඳි (Online/Digital) තාක්ෂණික ඉගෙනුම් ක්‍රමවේද එකිනෙක මුහුමුහුම් කරමින් සිදුකරන ඉගෙනුම් ක්‍රියාවලියයි.

🌸 පෙරළූ පන්ති කාමරය
(Flipped Classroom)
සිසුන් මුලින්ම ගෙදරදී ස්වයං අධ්‍යයනය මගින් (වීඩියෝ, සටහන් මගින්) විෂය කරුණු හඳුනාගෙන පැමිණෙන අතර, පන්ති කාමරයේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම්, සාකච්ඡා සහ ගැටලු විසඳීම පමණක් සිදුකිරීමයි.

ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රධාන පැතිකඩ 03 කි.
01. සම්භවන ඇගයීම
(Formative Assessment)
🌸 ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන අතරතුර සිසුන්ගේ ඉගෙනුම් දුෂ්කරතා හඳුනාගෙන, වහාම ප්‍රතිපෝෂණ (Feedback) සහ ඉදිරිපෝෂණ (Feedforward) ලබාදී ඉගෙනුම වර්ධනය කිරීම.

02. සම්පිණ්ඩිත ඇගයීම
(Summative Assessment)
🌸 පාඩමක්, වාරයක් හෝ වසරක් අවසානයේ සිසුන් ලබාගත් සාධනය මැන බලා ලකුණු හෝ ශ්‍රේණි ලබාදීම උදෙසා සිදුකරන ඇගයීමයි.

03. පාසල් පාදක ඇගයීම
(SBA - School Based Assessment)
🌸 පාසල් මට්ටමින් නිරන්තරයෙන් සිසුන්ගේ විවිධ කුසලතා, ආකල්ප හා විෂය සාධනය මැනබැලීම සඳහා සිදුකරන විධිමත් ඇගයීම් ක්‍රියාවලියයි.

-

7. විෂයමාලාව සහ එහි අංග පිළිබඳ මනා අවබෝධයක් ලැබීමෙන් ගුරුවරයෙකුට ලැබෙන ප්‍රායෝගික වාසි ..
🌸විෂය නිපුණතා හා දර්ශනයට අනුකූලව දෛනික පාඩම් සැලසුම් සකස් කළ හැකි වීම.
🌸 21 වන සියවසට ගැළපෙන පරිදි Flipped Classroom, Blended Learning වැනි නූතන ප්‍රවේශ භාවිත කළ හැකි වීම.
🌸 තිරස් හා සිරස් සම්බන්ධතා හඳුනාගනිමින් පූර්ව දැනුම හා වෙනත් විෂයන් සමග පාඩම බද්ධ කර ඉගැන්වීමට හැකිවීම.
🌸 සම්භවන ඇගයීම් හරහා සිසුන්ට නිවැරදි ප්‍රතිපෝෂණ ලබාදීමට සහ විධිමත් ඇගයීම් රූබ්‍රික (Rubrics) සකස් කිරීමට හැකිවීම.

#ගුරුඅභිමානී

13/08/2026

Address

Colombo

Telephone

+94713073453

Website

Alerts

Be the first to know and let us send you an email when ගුරු අභිමානී Guru Abhimani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ගුරු අභිමානී Guru Abhimani:

Shortcuts

Share

Category