27/02/2026
අපගේ ආදරණීය පො/දිඹු නිකවතලන්ද මහා විද්‍යාලය වෙත 34 වන වාර්ෂික සංවත්සරය නිමිත්තෙන් උණුසුම් සුභ පැතුම් එක්කරමි!
අධ්‍යාපනය, ශික්ෂණය, හා මානව ගුණාංගයන්ගෙන් සම්පන්න පරපුරක් බිහිකරමින් වසර 34ක් පුරා සමාජයට අගනා දායකත්වයක් ලබාදුන් අපගේ ආදරණීය පාසලට අද දිනය සුවිශේෂී සන්ධිස්ථානයක් වේ.
අපගේ ගුරු මණ්ඩලයේ කැපවීම, සිසු දරු දැරියන්ගේ උත්සාහය හා දෙමාපියන්ගේ සහයෝගය එක්වී මේ ගෞරවණීය ගමන මෙතෙක් සාර්ථක කර ඇත.
ඉදිරියටත් දැනුමෙන්, විනයෙන් හා මනුෂ්‍යත්වයෙන් පිරිපුන් විශිෂ්ට පුරවැසියන් රටට දායාද කරන ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් ලෙස අපගේ පාසල තවදුරටත් වර්ධනය වේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි.
34 වන සංවත්සරයට නැවතත් සුභ පැතුම්!