Government School Dental Therapists Assosiation

Government School Dental Therapists Assosiation

Share

This is an official page of the government school dental therapist assosiation

24/03/2023

මහරගම දන්ත චිකිත්සක අභ්‍යාස විද්‍යාලයේ දන්ත චිකිත්සක ආචාරිනී ගෝපනි චන්ද්‍රලතා මහත්මිය විසින් නිමැවූ ලිපියකි.අප සේවය වෙනුවෙන් ඇයගේ කැපවීමට ස්තුතියි.

01/03/2023

සුවහසක් ශ්‍රී ලාංකික දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සුරැකීම උදෙසා කැපවන පාසල් දන්ත චිකිත්සක නිලධාරිනින් ගේ විදුබිම, දන්ත ච්කිත්සක විදුහල් මෑණියණි, ඔබට සුබ උපන්දිනයක් වේවා!

11/09/2021

පළමුවන කොරෝනා රැල්ලේ සිට අද දක්වා අප රටේ දරුවන්ට මුඛ සෞඛ්‍ය උපදෙස් නිරතුරුවම ලබාදෙමින් තම ජීවිත අවදානමද නොතකා PCR හා රැපිඩ් පරීක්ෂණ වල නියැලෙමින් හුස්ම පොද රැකගන්නට වෙර දරන කුඩා දරුවාගේ සිට වියපත් සැමටද තම දිවි රැක්මට අතදෙන අතර ,කොවිඩ් මර්දන එන්නත්කරණයට අදාල ව්විධ රාජකාරී වල යෙදෙමින් නිහඬව අප්‍රසිද්ධ ,අනුපමේය දායකත්වයක් ලබාදෙන රට පුරා විවිධ පලාත් වල සේවයේ නියුතු පාසැල් දන්ත චිකිත්සක නිලධාරින්ට අපගේ ප්‍රණාමය !!
සැකසුම - T.D.අමරසිංහ

Photos from Government School Dental Therapists Assosiation's post 29/05/2021

COVID-19 වසංගතය,
අපගේ සුපුරුදු ජීවන රටාව සහමුලින්ම උඩුයටිකුරු කරද්දී දිවා රෑ නොබලා එම වසංගතයට එරෙහිව සටන් වදින සුව විරුවන් අතරට එක්වූ දිවයින පුරා විසිරී සිටින පාසල් දන්ත චිකිත්සක නිලධාරීනි, ඔබට අපගේ ප්‍රනාමය!

01/03/2021

වසර 68 ක් පුරා සුවහසක් ශ්‍රීලාංකික දරුවන්ගේ මුඛ සෞඛ්‍ය වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කිරීමට පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් දෙරනට දායාද කල පාසල් දන්ත චිකිත්සක අභ්‍යාස විද්‍යාලයේ ජන්ම දිනය අදයි.

Photos from Government School Dental Therapists Assosiation's post 23/02/2021

පාසල් දන්ත චිකිත්සක සේවය පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා වැඩසටහනක් ITN මාධ්‍ය ජාලයේ "හත්වන පැය" ඔස්සේ 2021.02.23 දින රජයේ පාසල් දන්ත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

27/01/2021

පාසල් දන්ත චිකිත්සකවරියන් (School Dental Therapists)සිදු කරන පාසල් දන්ත සේවයේ මුලාරම්භය...

(උපුටා ගත්තේ විශ්‍රාමලත් ජේෂ්ඨ දන්ත චිකිත්සක ආචාරිනි ශාන්ති රණසිංහ මහත්මිය විසින් "දසන්" 2012 දෙසැම්බර් කලාපයට ඉදිරිපත් කල ලිපිය....)

ශ්‍රී ලාංකික කාන්තා පරපුරට 1953 ජුලි 13 වන දින නවසීලන්ත රජයෙන් අපට පිරිනමන ලද මහගු දයාදක් ලෙස පාසල් දන්ත සේවය හැදින්විය හැක.

ඩි.එස්.සේනානායක මහතා අගමැති ධූරය දැරූ 1950 වසරේ කොළඹ ක්‍රමය යටතේ මිත්‍ර රටවල් අතර ආධාර හුවමාරු කර ගැනිම සිදු විය.ඒ අනුව නවසීලන්ත රජයෙන් ලද ආරාධනාවකට අනුව ඩි.එස් .සේනානායක මහතා නවසීලන්ත අගමැති මන්දිරයේ සාකච්ඡාවකට සහභාගි විය.
සාකච්ඡා අතරතුර මන්දිරය තුල ශාලාවක සුදු අැදුමෙන් සිටි තරුණ කාන්තාවන් කීප දෙනෙකු යම් කාර්යයක යෙදී සිටින බව අගමැතිවරයා දුටුවා.
කරුණු විමසිමේ දි දැනගන්නට හැකි වුයේ දෙවන ලෝක යුද්ධ සමයේ දන්තා ආබාධ වලින් පෙලුනු ප්‍රමාණය ඉතා ඉහළ බව හා එම හේතුව නිසා සෞඛ්‍ය ප්‍රශ්න රාශියකට මුහුණ දිමට සිදු වූ බවයි.

එම තත්වයෙන් අනාගත පරපුර මුදවා ගනු පිනිස කුඩා අවදියේ සිටම දත් සුරැකීමට පාසල් දන්ත සේවය ආරම්භ කල බව නවසීලන්ත අගමැතිවරයා පවසන් ලදී .
සුදු පාටින් සංකේතවත් කල එම උදාර සේවාව මාතෘත්වයේ සෙනෙහසින් මිත්‍රශීලීව ලබා දිම සදහා කාන්තාවන් පමණක් තෝරාගත් බව නවසීලන්ත අගමැතිතුමා වැඩිදුරටත් පැවසීය.
අගමැති ඩි.එස්.සේනානායක මැතිතුමන් එම උදාර සේවාව අප රටට ද දායාද කරදෙන ලෙස එදින කල ඉල්ලීමට නවසීලන්ත රජය එකඟ විය.

ඒ අනුව 1951 වසරේ දි ශ්‍රී ලාංකික සිසුවියන් හය දෙනෙකු පුහුණුව සදහා නවසීලන්තයට යවන ලදි.පුහුණුව නිමකළ මෙම සිසුවියන් සදහා කොළඹ ප්‍රදේශයේ පාසල් කිපයක දන්ත චිකිත්සාගාර පිහිටුවන ලදී.පසුව ඔවුන් ශාන්ත පිටර් විද්‍යාලය, ඕල්ඩ් ජොන් විද්‍යාලය,ගුඩ් ශෙපර්ඩ් විද්‍යාලය,ශාන්ත පාවුලු විද්‍යාලය,ශාන්ත බෙනඩික් විද්‍යාලය,සහිරා විද්‍යාලය,ආදියේ පිහිටුවන ලද දන්ත චිකිත්සාගාර වල සේවය කරන ලද.
මෙම දන්ත චිකිත්සාගාරවල සේවා කටයුතු හා පාලන කටයුතු සිදු වුයේ නවසීලන්ත ක්‍රමයට වූ අතර ඒ සදහා නවසීලන්ත දන්ත වෛද්‍ය
ලැටර්න් මහත්මියගේ සහයෝගය ලැබුනි.

මෙම නිලධාරීන් අප රටේම පුහුණු කලහොත් අඩු වියදමකින් වැඩි සේවාවක් ලබා ගත හැකි බව එවකට අගමැතිව සිටි ජෝන් කොතලාවල මහතාට අවබෝධ විය.එම නිසා පුහුණු පාසලක් අප රට තුල ආරම්භ කිරිමට එතුමා අදහස් කලේය.ඒ අනුව ජෝන් කොතලාවල මහතාට අයත් මහරගම පිහිටි "වෙසන්ඩන් " නම් ඉතා වටිනා දෙමහල් මන්දිරය හා ගෙවත්ත ද දන්ත චිකිත්සකවරියන් සදහා පුහුණු අභ්‍යාස විද්‍යාලය බවට පත්විය.

මහරගම දන්ත චිකිත්සක අභ්‍යාස විද්‍යාලය මගින් එදා සිට මේ දක්වා 600ක් පමන දන්ත චිකිත්සකවරියන් පුහුණුව ලබා අැති අතර දැනට පාසල් දන්ත චිකිත්සාගාර 370ක දන්ත චිකිත්සකවරියන් 400 වැඩි ප්‍රමාණයක් සේවය කරති.දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සුරැකීමට පාසල් දන්ත චිකිත්සකවරියන් ඉටු කරන්නේ අති විශාල කාර්ය භාරයකි.පාසල් දන්ත චිකිත්සාගාරය අයත් මුලික පාසලේ හා එයට අනුබද්ධිත පාසල්වල වයස අවුරුදු 13ට අඩු දරුවන්ට දන්ත ප්‍රතිකාර හා දන්ත සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දිමත් අැය විසින් සිදු කරයි.

විදුහල්පතිවරුනි ගුරුවරුනි................
වසර 61 පුරා පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය නැංවු පාසල් දන්ත සේවයේ උපරිම දායකත්වය ඔබේ පාසල් සිසු සිසුවියන්ටත් ලබා දිමට පෙරමුණ ගන්න.එය නිරෝගි මුඛ සෞඛ්‍ය අධ්‍යාපනයේ අභිමතාර්ථ සපුරා ගැනීමට ඉවහල් වෙි.

Photos from Government School Dental Therapists Assosiation's post 28/11/2020

වෘත්තීයෙන් එහා ගිය මෙහෙවරක්........
සාරියක් ඇදල ඒ සාරියට ලස්සනට රැලි තියල, බෙල්ලට වෙන්න කොණ්ඩයක් බැදල, ලස්සනට ඇදල රැකියාවට ගිය අපි, පුංචි පැටවුන්ගේ දත් රැකගන්න කරේ ගොඩක් ලොකු කැපකිරීමක්. පාසල් දන්ත චිකිත්සක නිළධාරීන් වන අපි හැමෝම ඒ අපේ ආදරණිය ලෝකයට ආදරය කලා. ඒත් කොරෝනාත් සමගම අපි අසරණ වුනා. අපේ ලෝකය කඩා වැටුන. අපේ සාමාන්‍ය රාජකාරි අවදානම් වුනා.පූංචි පැටවුන් ගේ දන්ත සෞඛ්‍ය,මුඛ සෞඛ්‍ය වැඩසටහන්, අපෙන් තාවකාලිකව දුරස් වෙද්දි, අපි පාසල් දන්ත චිකිත්සක නිළධාරීන් ලෙස පමණක් නොව, සෞඛ්‍ය සේවකයින් ලෙස, අපේ රටේ වසංගතය මැඩලීමට අවශ්‍යම මොහොතක ඒ වෙනුවෙන් ගම්පහ අපි පෙළ ගැසුනේ ඒ නිසයි.
අපි මේ වසංගතයට බය වුනේ නැහැ. අපිත් Covid වසංගතය මැඩලන්න, PCR පරීක්ෂණ වල සාම්පල ගන්න ඉදිරිපත් වුනා.
ගම්පහ අපි විතරක් නෙවෙයි මුඵ රටම ඒ වෙනුවෙන් පෙළ ගැසේවි.
**දේවිකා වික්‍රමසිංහ **

Photos from Government School Dental Therapists Assosiation's post 26/11/2020

පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් ප්‍රතිකාර මෙන්ම නිවාරන ක්ශේත්‍රයේ දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ඉතා විශාල කාර්‍ය භාරයක් සිදු කරයි.පාසල් මෙන්ම පෙර පාසල් දරුවන් කෙරෙහි ඔවුන්ගේ නිරන්තර සේවය හා කැපවීම අගය කල යුතු නොවේද ?

22/11/2020

පාසල් දන්ත චිකිත්සක නිලධාරීන් විසින් රජයේ කොවිඩ් 19' අරමුදල සදහා දායකත්වය දක්වන ලදී.
Donation for the covid-19 fund by the school dental therapists

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


No 40, Temple Road, Thiththapatthara
Colombo