Next page - Isuru prasanga

Next page - Isuru prasanga I am Isuru Prasanga, a Sri Lankan writer. My passion is to learn, explore, and share meaningful ideas with you.

👉 ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇස...
24/08/2026

👉 ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.

👉 අදින් වසර 108කට පෙර එනම් 1918 පෙබරවාරි 01 වැනිදා මහනුවර දී මෙලොව එළිය දුටු ඇගේ නම මිනෙට් ද සිල්වාය.

👉 ඇගේ පියා, ශ්‍රී ලංකාවේ ප්‍රකට නීතිඥයෙකු හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා ය. මව, කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් සටන් කළ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිනියක වූ ඇග්නස් ද සිල්වා ය.

👉 කුඩා කල සිටම ආනන්ද කුමාරස්වාමි වැනි සංස්කෘතික දැවැන්තයන්ගේ ඇසුර ලබමින් පෝෂණය වූ ඇය, එදවස පිරිමින්ට සීමා වී තිබූ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය තෝරා ගත්තේ සැබෑම අභියෝගයක් ලෙසිනි. මුම්බායි නුවරින් මූලික අධ්‍යාපනය ලබා, පසුව බි්‍රතාන්‍යයේ සුප්‍රකට Architectural Association School of Architecture වෙත ගිය ඇය, එහි අධ්‍යාපනය ලබා Royal Institute of British Architects හි ලියාපදිංචි වූ ප්‍රථම ආසියාතික කාන්තාව බවට පත් වූවාය.

👉 1948දී ලංකාව නිදහස ලබන විට, මිනෙට් ද සිල්වා ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වී සිටියාය. නූතන ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ ලෝක ශිඛරය ලෙස සැලකුණු CIAM (Congrès Internationaux dz Architecture Moderne) සංවිධානයට තේරී පත් වූ පළමු ආසියාතික කාන්තාව වූයේද ඇයයි. ලෝ කොර්බුසියර්, වෝල්ටර් ග්‍රෝපියස් සහ පැබ්ලෝ පිකාසෝ වැනි කලා හා ගෘහ නිර්මාණ ලෝකයේ දැවැන්තයන් සමඟ එකට හිඳ අදහස් හුවමාරු කරගත් ඇය, බටහිර අදහස් ඒ අයුරින්ම කොපි නොකර, තමන්ගේ රටේ පසට ගැළපෙන පරිදි ඒවා නැවත අර්ථකථනය කිරීමට තරම් දැක්මක් ඇති තැනැත්තියක වූවාය.

👉 ඇය බටහිර අනුකරණය එකහෙළා ප්‍රතික්ෂේප කරමින් නූතනත්වයට ශ්‍රී ලාංකේය අභිමානය එක් කළාය. 1951දී මහනුවර නිර්මාණය කළ කරුණාරත්න නිවස හරහා කඳු බෑවුමක ස්වාභාවික පරිසරයට කිසි අයුරකින් හානි නොකර ගොඩනැගිල්ලක් තනන්නේ කෙසේදැයි ඇය ලෝකයට පෙන්වා දුන්නාය. එහි ජෝර්ජ් කීට්ගේ බිතුසිතුවම් මෙන්ම ස්වාභාවික ආලෝක රටාද අඩංගු විය.

👉 1952දී කොළඹ ඉදි කළ පීරිස් හවුස් මගින් මහලින් උසස් කළ ටෙරස්, ‘මැද මිදුල‘ සහ කබොක් ගල් භාවිත කරමින් උෂ්ණ කලාපීය නිවසකට නවීනතම ආදර්ශයක් දුන් ඇය, 1957 දී සේනානායක ෆ්ලැට්ස් නිවාස සංකීරණය හරහා මහල් නිවාස සංකල්පයට නූතන භාවයක් එකතු කළාය.

👉 එපමණක් නොව, 1958දී මහනුවර ඇරඹි වටපුළුව නිවාස යෝජනා ක්‍රමය හෙවත් ”88 Acres” ව්‍යාපෘතිය ආසියාවේ ප්‍රථම ජන සහභාගීත්ව නිවාස ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එකතු විය. එහිදී රජයේ සුළු සේවකයන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා විවිධ ජාතීන්ට අයත් ජනතාවගේ අදහස් විමසමින්, භූමියේ හැඩයට ගැළපෙන පරිදි අඩුවියදම් ගෙවල් 250ක් සැලසුම් කිරීමට ඇය සමත් වූවාය. පසුව 1982දී මහනුවර සාම්ප්‍රදායික උළු වහලවල් සහ විවෘත මණ්ඩප භාවිත කරමින් ඇය නිර්මාණය කළ මහනුවර සංස්කෘතික මධ්‍යස්ථානය ඇගේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයකි.

👉 මිනෙට්ගේ ගොඩනැගිල්ලක් යනු හුදෙක් බිත්ති හතරක් නොව, දේශීය කලාගාරයකි. ඇය තමන්ගේ ගොඩනැගිලි අලංකාර කිරීමට දුම්බර රටා පැදුරු, දඹුළු පැදුරු, ලී කැටයම්, බතික්, මැටි භාණ්ඩ සහ අතින් වියන ලද රෙදිපිළි සෘජුවම භාවිත කළාය. ඇය ගොඩනැගිලි සැලසුම් කරන අතර, ගැමි හස්ත කර්මාන්ත කරුවන්ටද ස්ථිර ජීවනෝපායක් උදා කර දුන්නාය.

👉 විසිවැනි සියවසේ මැද භාගයේ, ගොඩනැගිලි හදන මේසන් බාස්වරුන් මෙහෙයවීම කාන්තාවකට ලෙහෙසි පහසු වූයේ නැත. පිරිමි ආධිපත්‍යය පැවති ක්ෂේත්‍රය තුළ ව්‍යාපෘති අහිමිවීම් සහ වෘත්තීය නොසලකා හැරීම් ඇයට අඩුවක් නැති වුවද, ඇය සිය අසමසම හැකියාවෙන්ම ඒ සියල්ලට පිළිතුරු දුන්නාය. ඇය ලියූ The Life and Work of an Asian Woman Architect නම් ස්වයං චරිතාපදානය, ආසියානු කාන්තා ගෘහ නිර්මාණ ශිල්පිනියකගේ අභියෝගාත්මක අත්දැකීම් ලෝකයට හෙළි කළ ඓතිහාසික ලියවිල්ලකි.

👉 කාලයේ වැලි තලාවෙන් යටපත් කිරීමට තැත් කළද, මෑත දශකවලදී ලෝක ගෘහ නිර්මාණ විද්වතුන් සහ ජාත්‍යන්තර කෞතුකාගාර මිනෙට් ද සිල්වාගේ නිර්මාණ නැවත නැවතත් හදාරන්නට පටන් ගෙන ඇත.

👉 1998 දී ජීවිතයෙන් සමුගත් මිනෙට් ද සිල්වා අපට කියා දුන්නේ සැබෑ නවෝත්පාදනය යනු පිටරටින් එන අදහස් ඒ අයුරින්ම කොපි කිරීම නොව, තමන්ගේ රටේ පස, පරිසරය සහ සංස්කෘතිය අවබෝධ කරගෙන ඒවා නවීන ලෝකයට ගැළපෙන ලෙස නැවත අර්ථකථනය කිරීම බවය.

👉 නන්දා මාලනීගේ සිංදු අහලා තරුණයන් ප්‍රචණ්ඩ වුණා නම් හැමදාම බණ අහන මිනිස්සු නිවන් ගියා ද කියලා එක්තරා රැඩිකල් නිරාගමික භ...
23/08/2026

👉 නන්දා මාලනීගේ සිංදු අහලා තරුණයන් ප්‍රචණ්ඩ වුණා නම් හැමදාම බණ අහන මිනිස්සු නිවන් ගියා ද කියලා එක්තරා රැඩිකල් නිරාගමික භික්ෂුවක් ප්‍රශ්නයක් අහලා තිබුණා.

👉 නන්දා මාලනීගේ ප්‍රේම ගීත අහලා මිනිස්සු ප්‍රේම කළා ද?

👉 නන්දා මාලනීගේ ළමා ගීත අහලා ළමයින්ගේ ළමා ලෝකේ ලස්සන වුණාද? වගේ ප්‍රශ්නත් ඕන නම් මේ විදිහටම අහන්න පුළුවන්.

👉 මොකද මේ වගේ මුග්ධ ප්‍රශ්න අහන්න පහසු වුණාට බණ ඇසීමෙන් හෝ ගීත ඇසීමෙන් සමාජයකට වෙන බලපෑම එහෙම ඉරි ඇඳලා ගණන් හදලා පෙන්වන්න බැහැ.

👉 මේ කියන්න හදන්නේ ගීත අහලා මිනිස්සු ප්‍රචණ්ඩ වුණාද නැද්ද කියන කාරණය ගැන නෙමෙයි.

👉 ඒක කෙසේ වෙතත් මේ රටේ මිනිස්සු බණ අහන එකේ නම් යහපත් ප්‍රතිඵල සෑහෙන තිබෙනවා.

👉 වෙන මුකුත් අවශ්‍ය නැහැ. මේ වගේ සිවුරට ගැරහීම සඳහාම සිවුරු පොරවා ගෙන සිටින රැඩිකල් නිරාගමිකයන්ට පවා පන්සල්වල යහතින් ජීවත් වෙමින්, බෞද්ධ දායකයන්ගෙන් යැපෙමින් දිවා රෑ බුදු දහමට අපහාස කිරීමට අවස්ථාව ලැබී තිබීමම අපේ මිනිස්සු බණ අහන එකේ ප්‍රතිඵලයක්.

👉 ඒ නිසා නිවන් දකින්න කලින් ඒ ප්‍රතිඵලය ගැන කල්පනා කරලා බලන එක මේ අයගේ ලෞකික ජීවිතයේ පැවැත්මට වැදගත් වෙන්න පුළුවන්.

22/08/2026

💥 1962 තිරගත වූ රන්මුතුදූව චිත්‍රපටයට නන්දා මාලනී ගැයූ ඇයගේ පළමු චිත්‍රපට ගීතය

අමන යකුන් කිරුළු දරා රට ගිනිගෙන දැවුණා  අපේ කඳුළු පවන වෙලා විකුණාගෙන කෑවා 👉 මන්ද නාව කාරණාව ගීතයේ තාලයට හදපු මේ පද පේළි ...
21/08/2026

අමන යකුන් කිරුළු දරා රට ගිනිගෙන දැවුණා
අපේ කඳුළු පවන වෙලා විකුණාගෙන කෑවා

👉 මන්ද නාව කාරණාව ගීතයේ තාලයට හදපු මේ පද පේළි දෙක මට අහන්න ලැබුණේ දෙදාස් ගණන්වල මුල්ම හරියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උලෙළක පැවැත්වුණු වීදි නාට්‍ය දර්ශනයකදී...

👉 ඒ වීදි නාට්‍ය කණ්ඩායම මොකක්ද කවුද කියන එක ගැන මතකයක් නැතත් ඒ කාලේ බොහෝ විට මෙවැනි කටයුතුවල නිරත වුණේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ අය.

👉 මේ කියන වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් ඉල්මහවිරු සමරුව වැනි උත්සවවලදී මගේ ඇස ගැටී තිබෙනවා.

👉 එතකොට ජවිපෙ හිතවාදීන් නන්දා මාලනී ගැන ප්‍රසිද්ධියේම මෙහෙම ප්‍රහාර එල්ල කළේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

👉 ඇත්තටම නන්දා මාලනී ජවිපෙ මතවාදයට හිතවාදීව ගීත ගැයූ කෙනෙක් වුණත්, 1994න් පසු යුගයේ දී කිසිම දවසක ඇය ජවිපෙ කිසිම කටයුත්තකට ප්‍රසිද්ධියේ සම්බන්ධ වුණේ නැහැ.

👉 මෑතකාලීන තත්ත්වය ගැන මට අවබෝධයක් නැතත් මා දන්නා කාලය තුළ ජවිපෙ කලා සංගමයේ වගකීම් දැරූ ඇතැම් අය ඇය සමග පුද්ගලිකව ගනුදෙනු කළා මිස ජවිපෙ කිසිදු කලා කටයුත්තකට හෝ ඇය සහභාගී වී නැහැ.

👉 මේ තත්ත්වය ඇතුළු විවිධ හේතු නිසා ජවිපෙ සිටි ඇතැම් අය ඇයට විවිධාකාරයේ චෝදනා එල්ල කළා.

👉 දෙදාස් ගණන්වල මුල් කාලයේ ජවිපෙ දේශපාලන රැස්වීම්වල ඇගේ ගීත එකල ඉතා සුලබව අසන්න ලැබුණත් ඔවුන් ඇය ගැන දැරුවේ ඒ තරම් සුබවාදී ආකල්පයක් නොවෙයි.

👉 ඔය වීදි නාට්‍යයේ කියපු විදිහට 89 අරගලය විකුණාගෙන කෑවා වගේ දරුණු චෝදනා පවා ඇයට එල්ල වුණා.

👉 එදා අරගලයට පක්ෂව සිංදු කියලා පස්සේ ඒ සටන අතෑරියා කියන එක තව චෝදනාවක්.

👉 නන්දා මාලනී ඔය කලාවෙන් විතරක් පණිවිඩ දුන්නාට මක්සිම් ගෝර්කිලා වගේ සමාජ ව්‍යාපාර එක්ක බද්ධ වෙලා කටයුතු කරන කාන්තාවක් නෙමෙයි වගේ ඉතාම ළාමක චෝදනාත් ඒ අතර තිබුණා.

👉 පසුගිය දිනවල නන්දා මාලනීගේ මරණයට කලින් ඇය ගැන දේශපාලන ක්‍රියාකාරිනියක් පළ කළ අදහස් සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයකට ලක් වුණා.

👉 ඇගේ විවේචනය වුණේ රට ලේ විලක් කිරීමට නන්දා මාලනීගේ ගීත දායක වුණා කියන එක. ඒ චෝදනාව මීට කලිනුත් ඇයට නොයෙක් අය මතු කළ එකක්.

👉 මේ අනුව ගත්තාම දේශපාලන මතවාද සහිත ගීත ගායනා කිරීම නිසා නන්දා මාලනී හැම පැත්තෙන්ම පීඩාවට පත් වුණා.

👉 ජවිපෙ හිතවාදීන් වගේම ජවිපෙ විරුද්ධවාදීනුත් ඇයට ප්‍රසිද්ධියේ පහර දුන්නා.

👉 ඒ ප්‍රහාර සාධාරණිකරණය කළ නොහැකි වුවත් හරි හෝ වැරදි සමාජ දේශපාලන සටනකට මැදිහත් වූ පසු එවැනි ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්.

👉 මෑතක දී ගෝල්ෆේස් අරගල භූමියට එන තුරු ඇය කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවීමටත් මේ ප්‍රශ්න හේතුවක් වුණා වෙන්න පුළුවන්.

👉 මීට වසර ගාණකට පෙර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇය හමුවීමට මා ඇයට දුරකථනයෙන් කථා කළා. මාව හමුවීමට කලින්ම ඇය මට දාපු කොන්දේසිය වුණේ දේශපාලන සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් අහන්න එපා කියන එකයි.

👉 ඇයට දේශපාලනය කොයි තරම් තිත්ත වෙලා තිබුණාද කියන එක තේරුම් ගන්න ඒ සිදුවීම එක උදාහරණයක්.

👉 නන්දා මාලනීගේ ගීතවල දේශපාලන අන්තර්ගතය ගැන විවිධ අයට විවිධ කියවීම්, ඇගයීම්, විවේචන තිබෙන්න පුළුවන්.

👉 ඒත් පසුගිය දිනවල කතාබහට ලක් වූ පරිදි ඇගේ ගීත නිසා රට ලේ විලක් වුණා වගේ චෝදනා එතරම් සාධාරණ නැහැ.

👉 මොකද එදා රට ලේ විලක් වීමට බලපෑ හේතු කාරණා ගණනාවක් තිබුණා. ඒ සංකීර්ණ සමාජ පසුබිම අමතක කොට රට ගිනි තැබීම ගැන හුදු ගායිකාවකට චෝදනා කිරීම අර්ථාන්විත දෙයක් නොවෙයි.

👉 එදා බලයේ සිටි මර්දනකාරී එජාප රජය, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සහ ඉන්දියානු බල දේශපාලනය තමයි ඒ විනාශයේ ප්‍රධානතම වගඋත්තරකරුවන් විය යුත්තේ.

👉 ඒ මොහොත කියන්නේ ජයවර්ධන පාලනය යටතේ රට බටහිර වහල් කොලනියක් බවට පත් කරමින් තිබූ මොහොතක්. අනිත් අතින් ඉන්දියානු මැදිහත් විම යටතේ මේ රට බෙදා වෙන් කිරීමේ උගුලක් බලාත්කාරයෙන් රට මත පටවා තිබූ මොහොතක්. (අවශ්‍ය නම් මීට අදාළ කරුණු නිශ්චිත සිදුවීම් දිනවකවානු සහිතව කියන්න පුළුවන්.)

👉 ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව එතැනට අදාළ වුවත් ඔවුන් මේ අර්බුදයේ නිර්මාපකයන් නොවෙයි. එදා පැවති තත්ත්වය තුළ ඔවුන්ට ඒ මහා පාවාදීමට එරෙහිව සටන් වැදීමට සිදුව තිබුණා. එය එදා පැවති තත්ත්වය විසින් මතු කළ අර්බුදයක් මිස නිකරුණේ අවි අතට ගැනීමක් නොවෙයි.

👉 එහි දී ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග තුළ ඉතා බරපතළ වැරදි අඩුපාඩු මෝඩකම් තිබූ බව සහ එය විශාල විනාශයකට හේතු වූ බව සත්‍යයක් වුවත්, ඒ සටන රටේ ජාතික අභිලාෂ හා සමපාත වූ සටනක් මිස අසාධාරණ, අයුක්ති සහගත සටනක් නොවෙයි.

👉 ජවිපෙ වර්තමාන දේශපාලන භූමිකාව ගැන කුමන විවේචන පැවතියත් ඒ විවේචන මත පදනම්ව ඉතිහාසය සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම කිරීම සාධාරණ නැහැ.

👉 අනික ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව එදා දියත් වූ ඒ සටන තුළ ජවිපෙ පමණක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන වැනි නායකයන් මෙන්ම බොහෝ පක්ෂ සංවිධාන දේශප්‍රෙමී ජාතිකවාදී බලවේග සිටි බව අද බොහෝ දෙනා අමතක කරන කාරණයක්.

👉 ඒ අනුව එය පැහැදිලිව ශ්‍රී ලංකාව නමැති ජාතික රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන්, බෙදුම්වාදයට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් කළ සටනක් මිස ගෝල්ෆේස් අරගලය වැනි රට අරාජික කරන සටනක් නොවෙයි.

👉 ශ්‍රී ලංකාවේ රණවිරුවන් 2009 දී යුද්ධ කොට ආරක්ෂා කළේ රටේ ඒකීයභාවය නම් එදා 88-89 අරගලයේ දී දිවි පිදූවන් සටන් වැදුණේත් රටේ ඒකීයභාවය වෙනුවෙන් බව අමතක කළ යුතු නැහැ.

👉 අදාළ ඉතිහාසය පිළිබඳ මා දරනා මතය අනුව නම් නන්දා මාලනී එදා ඔවුන් වෙනුවෙන් හඬක් නැගීම එදා පැවති තත්ත්වය තුළ ප්‍රගතිශීලි හා නිර්භීත පියවරක් මිස අපරාධයක් නොවෙයි.

👉 එය එදා ඉන්දියානු ආක්‍රමණයට හා බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව මාතෘභූමියේ ඒකීයභාවය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු මිනිසුන් වෙනුවෙන් කළ හඬ නැගීමක් මිස හුදු පක්ෂයක් වෙනුවෙන් කළ හඬ නැගීමක් නොවෙයි.

👉 අවසානයේ දී නන්දා මාලනීට ඒ පෙනී සිටීම නිසා හැම පැත්තකින්ම චෝදනාවන්ට ලක්වීමට සිදුවූ බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වෙන්න පුළුවන්.

👉 හැබැයි දේශපාලනය කියන්නේ කිසිසේත්ම කාගෙත් සිත් එක සේ සතුටු කරන පරම සාධාරණ ක්‍රමවේද ඔස්සේ කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසාම එවැනි තීරණාත්මක දේශපාලන සටනකට මැදිහත් වූ අයෙකුට විවිධ ආකාරයේ පීඩාවන්ට චෝදනාවන්ට ලක්වීමට සිදුවීම සාමාන්‍ය දෙයක්.
මා සිතන ආකාරයට නන්දා මාලනී ජීවිත කාලය පුරාම ඒ චෝදනාවල පීඩාවන්ට මුහුණ දෙන්න ඇති.

👉 දේශපාලන කාරණා හා බද්ධ වීමකින් තොරව ප්‍රේම ගීතයක් ගායනා කරගෙන පාඩුවේ සිටියා නම් ඇයට මෙවැනි චෝදනාවලට ලක්වීමට ගැරහුම් ලැබීමට සිදුවන්නේ නැහැ.

👉 අද දිවි ගමන හමාර කොට ඇය නික්ම යන මොහොතේ මේ ගැන යමක් සටහන් කිරීමට සිතුණේම සෑම පැත්තකින්ම චෝදනාවට ලක්වූ ඇයට හා ඒ ඉතිහාසයට වචනයකින් හෝ සාධාරණයක් ඉටු කළ යුතුය යන හැඟීම මතයි.

ඉසුරු ප්‍රසංග

මවුබිම වෙනුවෙන් පොරණේ දිවි දුන් විරු දරුවන්ගේ ලේවලිනුයි මේ දෙරණේ මිණි කැට මුතු කැට මැවුණේ මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැ...
20/08/2026

මවුබිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්ගේ
ලේවලිනුයි මේ දෙරණේ
මිණි කැට මුතු කැට මැවුණේ

මේ සිංහල අපගේ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

මේ කෙටි වාර්තාව පළ වූ පුවත්පත කුමක්දැයි නිශ්චිත නැත. එහෙත් මෙහි සදහන් පද්‍ය ගායනා තරගය 1956 වසරේ පැවැත්වුණු එකක් වන අතර ඒ වන විට නන්දාමාලනියගේ වයස අවුරුදු 13කි.

1943 වසරේ ඉපිද හෙළ ගී කෙතේ නොමැකෙන මතකයන් සමුදායක් ශේෂ කොට 2026 දී දිවි සැරිය නිමා කළ ඇගේ භව ගමන අමා මහ නිවනින් සැනසේවා. 🙏

🌞 අපි අසරණ වෙලා වගේ - ගුණදාස කපුගේ 🌞 හිමි සරණාමර ලෝක සිවංකර - මාලනී බුලත්සිංහල 🌞 බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - වික්ට...
19/08/2026

🌞 අපි අසරණ වෙලා වගේ - ගුණදාස කපුගේ
🌞 හිමි සරණාමර ලෝක සිවංකර - මාලනී බුලත්සිංහල
🌞 බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - වික්ටර් රත්නායක
🌞 බුදු බණ කිව්වා නිරන්තරේ - එඩ්වඩ් ජයකොඩි / මාලනී බුලත්සිංහල
🌞 පිපෙනා මලකට - මාලනී බුලත්සිංහල
🌞 සදවතුරක් සේ මෙත්සුව ගුණෙනා - ටී.එම් ජයරත්න
🌞 ළා දලු බෝපත් - කරුණාරත්න දිවුල්ගනේ
🌞 වෙසක් ලබනවා තොරණ් බැදෙනවා - එඩ්වඩ් ජයකොඩි
🌞 බණ කියන රටක් - එඩ්වඩ් ජයකොඩි
🌞 තනියම හිතිලද මහණවුනේ - මාලනී බුලත්සිංහල
🌞 පන්සලේ පල්ලියේ දහඩියෙන් - එඩ්වඩ් ජයකොඩි
🌞 අව්වට වැස්සට හුරු මිනිසුන්නේ - ටී.එම් ජයරත්න
🌞 කදුළු හෙලා නෑඹිලියට - දීපිකා ප්රියදර්ශනී පීරිස්
🌞 පාවෙන වළා අතර - චරිතා ප්රියදර්ශනී
🌞 මවයි පියයි එකතුවෙලා - චරිතා ප්රියදර්ශනී
🌞 පිපිලා පරවෙන සුවඳ කැකුළු - එඩ්වඩ් ජයකොඩි
🌞 නුඹට හිතැති නුඹ හිත නැති - එඩ්වඩ් ජයකොඩි
🌞 සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන - ටී.එම් ජයරත්න
🌞 සෙනෙහස පුදා අම්මාවරුන් වගේ - මාලනි බුලත්සිංහල
🌞 සඳ තරුමල් - අතුල අධිකාරි/සමිතා මුදුන්කොටුව
🌞 හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් - එඩ්වඩ් ජයකොඩි
🌞 මේ ඉරහඳ යට හමුවී - එඩ්වඩ් ජයකොඩි
🌞 මේ ප්රේමකතා නවතා මොහොතක් - එඩ්වඩ් ජයකොඩි/චරිතා ප්රියදර්ශනී
🌞 සසර දනව්වේ දුක්පීඩාවිඳ - පණ්ඩිත් අමරදේව
🌞 මිනිසා හඳට ගියාලු - එඩ්වඩ් ජයකොඩි
🌞 කාසිවලට ගන්නත් බෑ - වික්ටර් රත්නායක.

1950 මැයි මස 22 වන දින උපත ලබා, වසර 76ක් ආයු වළඳා අද දින අපවත් වූ, ශ්‍රී ලාංකේය ගීත සාහිත්යයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගේය පද රචක පූජ්ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ට අමා මහ නිවන් සුව ලැබේවා!

18/08/2026

💥 දෙදාස් පන්සීයෙන් එහාට යන ලංකාවේ ඇත්ත ඉතිහාසය
👉 Follow my page for more amazing educational content

👉 මේ තියෙන්නේ ලංකාවේ රැඩිකල් නිරාගමික භික්ෂුවක් දාපු එක්තරා පෝස්ට් එකක්. 👉 පෝස්ට් එකේ තියෙන්නේ ලන්ඩන්වල ආච්චි අම්මලා කිය...
17/08/2026

👉 මේ තියෙන්නේ ලංකාවේ රැඩිකල් නිරාගමික භික්ෂුවක් දාපු එක්තරා පෝස්ට් එකක්.

👉 පෝස්ට් එකේ තියෙන්නේ ලන්ඩන්වල ආච්චි අම්මලා කියන වචන තුන සහ පින්තූරය විතරක් වුණත් මේ භික්ෂුව මේකෙන් කියන්න හදන දිග කතාවක් තියනවා.

💥 ලන්ඩන්වල ආච්චි අම්මලා පවා ඩි්‍රන්ක් එකක් දාලා හරි සතුටෙන් ජීවිතේ විඳිනවා. හැබැයි ලංකාවේ ආච්චි අම්මලා පන්සල්වලට වෙලා විහින් දුක් විඳිනවා. බුද්ධාගම නිසා ලංකාවේ ආච්චි අම්මලාට ජීවිතේ විඳින්න, ෆන් ගන්න තියන අවස්ථාව නැති වෙලා...

👉 මේක තමයි මේකෙන් කියන්න හදන කතාව. පසුව මේ භික්ෂුව යූටියුබ් සංවාදවලත් මේ තර්කය ඉදිරිපත් කරමින් උදම් අනනු දකින්න ලැබුණා.

👉 මේ සටහන ලිව්වේ හුදු ආවේගයෙන් තොරව මේ තර්කය සාධාරණද නැද්ද කියන එක කරුණු සහිතව විමසා බලන්න.

💥 පළමු කාරණය

👉 සංඛ්‍යා දත්ත අනුව එංගලන්තේ ගැහැනු ලංකාවේ ගැහැනුන්ට සාපේක්ෂව මත්පැන් බීම වැඩි බව ඇත්ත. හැබැයි ලෝකේ කොයි රටේ වුණත් පිරිමින්ට සාපේක්ෂව ගැහැනු මත්පැන් බොන්නේ අඩුවෙන්.

👉 ඒකට එකම හේතුව ආගම හෝ සංස්කෘතිය නොවෙයි. ගැහැනු මත්පැන් පානය අඩු වීමට බලපාන ජීව විද්‍යාත්මක සාධක ගණනාවක් තිබෙනවා. අවශ්‍ය නම් වෙනම ඒ ගැන කතා කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පෙළින් ඔබ්බට ගිය විද්‍යාවක් ගැන නොදන්නා ලංකාවේ බොහෝ නිරාගමිකයන් ගැහැනු මත්පැන් නොබීම හුදු ආගමික සංස්කෘතික ප්‍රශ්නයක් කියලා කියන්න උත්සාහ කරනවා.

💥 දෙවන කාරණය

👉 මොන මොන හේතු නිසා හෝ මත්පැන් බීම හොඳයි... මත්පැන් නොබීම නරකයි කියලා මේ භික්ෂූන් තීරණය කරන්නේ මොන නිර්ණායකයක් මතද?

👉 එංගලන්තේ කාන්තාවෝ මත්පැන් බොන එක ලංකාවේ නිරාගමික හාමුදුරුවරුන්ට මැජික් එකක් වුණාට මේවා කොන්දේසි විරහිතව අගය කළ යුතු දේවල් වැනි පැතලි මතයක් එංගලන්තේවත් නැහැ. ඒවාට කැමති සහ අකමැති මිනිස්සු ලංකාවේ වගේම එංගලන්තෙත් ඕන තරම් ඉන්නවා.

👉 අනික පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට මත්පැන්වලින් වෙන හානිය වැඩියි. මේවා නිසා එංගලන්තයේ සෞඛ්‍ය ප්‍රශ්න, සමාජ ගැටලු ගණනාවක් ඇති වී තිබෙනවා. එංගලන්තයේ රජයට මේ දේවල් පාලනය කිරීම සඳහා බරපතළ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වී තිබෙනවා.

👉 ඒ වගේම එංගලන්තයේ තරුණ පරම්පරාව වයසක අයට වඩා මත්පැන්වලින් ඈත් වී ඇති බව ඒ රටේ සංඛ්‍යා දත්තවලින් පෙනෙන දෙයක්. ඒකත් බුද්ධාගම නිසා සිදු වුණු විනාශයක්ද? ඒ නිසා මත්පැන් බීම වන්දනා කරන අල්පශ්‍රැතයන් මේ දේවල් ගැනත් වැඩි විස්තර සොයා බැලීම වැදගත්.

💥 තුන් වැනි කාරණය

👉 ආගමික සංස්කෘතික බලපෑම නිසා හෝ ගැහැනු හෝ පිරිමි මත්පැන් නොබී ඉන්නවා නම් ඒක හුදු නරක දෙයක් පමණයි කියලා පරම අර්ථකථනයක් කොහේවත් නැහැ.

👉 මොකද සෞදි අරාබියේ වගේ කාටවත් මත්පැන් බොන්න එපා කියලා ලංකාවේ ආගමික නීතියක් පනවලා නැහැ. මොන හේතු මත හෝ ඒක ඔවුන් කැමැත්තෙන් කරන දෙයක්.

👉 මට අනුව නම් ආගමික බලපෑම නිසා හෝ මිනිස්සු මත්පැන්වලින් ඈත් වීම හොඳ දෙයක්. ඒ වගේම මත්පැන් නොබීම නිසා මිනිස්සුන්ට ජීවිතේ විඳින්න බැරි වෙනවා කියලා තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. හැබැයි මේ කිසිවක් පරම නිර්ණායක නොවෙයි.

👉 මිනිස්සුන්ට කෑම බීම, ජලය, ඖෂධ වගේ දේවල් අවශ්‍යයි කියන එක පොදුවේ මනුෂ්‍ය වර්ගයාට අදාළ විශ්ව සාධාරණ කාරණයක්. ඒවා රට අනුව, ආගම අනුව, සංස්කෘතිය අනුව වෙනස් වෙන දේවල් නොවෙයි.

👉 හැබැයි මත්පැන් බොන එක, ගංජා ගහන එක වගේ දේවල් විශ්ව සාධාරණ මනුෂ්‍ය අවශ්‍යතා නොවෙයි. ඒවා සමාජ සංස්කෘතික සහ පුද්ගල බද්ධ කාරණා.

👉 ඒ නිසා එක් රටක සංස්කෘතියකට අනුව මත්පැන් බීම හොඳ දෙයක් වන විට තවත් රටක සංස්කෘතියකට අනුව ඒක නරක දෙයක් වෙන්න පුළුවන්.

👉 එක් පුද්ගලයෙකුට මත්පැන් රසයක්, වින්දනයක් වන විට තව කෙනෙකුට ඒක පිළිකුල් දෙයක් වෙන්න පුළුවන්.

👉 එක් පුද්ගලයෙක් මත්පැන් බීලා සතුටු වෙන කොට තවත් පුද්ගලයෙකුට මත්පැන් නොබී සතුටු වෙන්න පුළුවන්.

👉 කෙනෙකුට මත්පැන් බීම ජීවිතේ විඳින ක්‍රමය වෙන කොට, තව කෙනෙකුට මත්පැන් නොබීම හරි බණ භාවනා කිරීම හරි පන්සල් යාම හරි ජීවිතේ විඳින ක්‍රමය වෙන්න පුළුවන්.

💥 අවසාන නිගමනය

👉 මේ පෙන්වූ කාරණා අනුව මත්පැන්වල හොඳ නරක ගැන විශ්ව සාධාරණ නිර්ණායක හදන්න කාටවත් බැහැ. එය බොහෝ කාරණාවලට සාපේක්ෂ දෙයක්.

👉 හැබැයි මත්පැන් සෞඛ්‍යයට හානියක් කියන එක නම් පොදුවේ කාටත් වලංගු වන ඇත්තක්. ඒත් මිනිස්සු ඒවා ගැන තීරණ ගන්නේ සෞඛ්‍ය කියන සාධකය පමණක් සලකමින් නොවන නිසා අපිට ඒකත් පරම පොදු නිර්ණායකයක් කරන්න බෑ.

👉 හැබැයි මහා විද්වතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන ලංකාවේ නිරාගමික චීවරධාරීන් සුද්දා කරන ඕනෑම දෙයක් පරමාදර්ශී බව අපට කියන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි එයාලාට කොහේවත් යන වයසක සුද්දියෙක් බොන මත්පැන් වීදුරුව පවා මාර මැජික් එකක් වෙන්නේ.

👉 තමන්ගේ සංස්කෘතිය ගැන ඇති දරුණු වෛරයක් සහ අන්ත යටත්විජිත වහල් මානසිකත්වය හැර මවා පෙන්වන්නට උත්සාහ කරන ඊනියා විද්වත් බවක් මේ ළාමක හීනමාන චරිත තුළ නැති බව වටහා ගැනීමට ඔවුන්ගේ මෙවැනි අදහස් කදිම නිදසුන් බව අමතක කළ යුතු නැහැ.

👉 හැබැයි සුද්දෝ පවා මේ තරම් දීන විදිහට මේ දේවල් උත්කර්ෂයට නංවන්නේ නැහැ. සුද්දෝ ජීවත් වෙන විදිහ මේකයි කියලා සරලව පෙන්විය හැකි පරමාදර්ශයකුත් නැහැ. මේ වගේ දේවල් සම්බන්ධව සුදු කළු මිනිස්සු තුළ ඇති ආකල්ප අතිශය විවිධයි.

👉 විශේෂයෙන්ම දියුණුයි කියන රටවල මිනිස්සු ආගම, සංස්කෘතිය, විද්‍යාව ගැන හිතන විදිහ ලංකාවේ රැඩිකල් ළිංමැඩියන් හිතනවාට වඩා බොහෝ වෙනස් සහ සංකීර්ණයි. ඒ ගැන කරුණු සොයාබැලිය හැකි නම් ලංකාවේ රැඩිකල් චරිත මොන තරම් ළාමකද කියන එක හොඳින්ම අවබෝධ කොට ගත හැකි වේවි.

👉  ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ යනු කොන්ක්‍රීට් තාක්ෂණය සහ නව නිපැයුම් හරහා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙර...
16/08/2026

👉 ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ යනු කොන්ක්‍රීට් තාක්ෂණය සහ නව නිපැයුම් හරහා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළ අසමසම ඉංජිනේරු ප්‍රාඥයෙකි.

👉 දේශීය ගැටලුවලට දේශීය දැනුමෙන්ම විසඳුම් සෙවූ ඔහුගේ සේවය සහ ප්‍රධාන දායකත්වයන් මෙසේය.

👉 1919 ඔක්තෝබර් 26 දින උපත ලැබූ අමරසේකර නන්දසිරි කුලසිංහ මහතා සිය පාසල් අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි.

👉 ඔහු Ceylon University College වෙතින් සහ විදේශීය පර්යේෂණ හරහා සිය ඉංජිනේරු දැනුම වර්ධනය කරගත්තේය.

👉 පෙර සැකසූ (Precast) සහ පූර්ව ආතතිය යෙදූ (Prestressed) කොන්ක්‍රීට් තාක්ෂණය ලංකාවට හඳුන්වා දී, අධික පිරිවැය වානේ වෙනුවට කොන්ක්‍රීට් භාවිතයෙන් ශක්තිමත් ඉදිකිරීම් කළ හැකි බව පෙන්වා දීම නිසා ඔහු මෙම අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ විය.

👉 ඔහු විදේශීය පේටන්ට් බලපත්‍ර සඳහා යන අධික පිරිවැය වළක්වා ගැනීමට පූර්ව ආතතික කොන්ක්‍රීට් සඳහා මෙම නව ක්‍රමය සොයාගෙන ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර ලබා ගත්තේය.

👉 1962 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටුවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් එහි ප්‍රථම සභාපතිවරයා ලෙස ඔහු පත් විය.

👉 කොළඹ වරාය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු සහ සභාපති ලෙස කටයුතු කරමින් ඔහු වරාය නවීකරණයට මෙන්ම විශාල ගබඩා සහ පාලම් ඉදිකිරීමට නායකත්වය දුන්නේය.

👉 දේශීය අවශ්‍යතාවලට ගැළපෙන තාක්ෂණයන් නිර්මාණය කිරීමේ අරමුණින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) පිහිටුවා එහි ආරම්භක අධ්‍යක්ෂවරයා ලෙසද ඔහු කටයුතු කළේය.

👉 ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහගේ ප්‍රධාන හා ප්‍රසිද්ධ ඉංජිනේරු නිර්මාණ කිහිපයක් මෙසේය.

👉 කළුතර බෝධිය චෛත්‍යය - ලොව ප්‍රථම හිස් (Hollow) කොන්ක්‍රීට් චෛත්‍යවලින් එකක් ලෙස සැලකේ.

👉 නිදහස් අනුස්මරණ ශාලාව - ව්‍යුහාත්මක ඉංජිනේරු සැලසුම් සඳහා දායකත්වය.

👉 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) - විශාල පරාසයක් ආවරණය කරන වහල ව්‍යුහයේ ඉංජිනේරු සැලසුම් සඳහා දායක විය.

👉 කොළඹ ග්‍රහලෝකාගාරය - ගෝලාකාර වහල සහිත විශේෂ කොන්ක්‍රීට් ව්‍යුහයකි.

👉 කොත්මලේ වේල්ල - ව්‍යාපෘතියේ ඉංජිනේරු කටයුතු සඳහා දේශීය විශේෂඥ දායකත්වයක් ලබා දුන් ඉංජිනේරුවන් අතර කුලසිංහ මහතාද සිටියේය.

👉 වික්ටෝරියා වේල්ල - මහවැලි සංවර්ධන ව්‍යාපෘතිවල දේශීය ඉංජිනේරු දායකත්වයට සම්බන්ධ විය.

👉 Hilton Colombo - ව්‍යුහාත්මක ඉංජිනේරු සැලසුම් සඳහා දායකත්වය.

👉 රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු මූලස්ථානය - පූර්ව ආතති කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතයෙන් ඉදිකළ ගොඩනැගිල්ලකි.

👉 NERD මධ්‍යස්ථානය හරහා අඩු පිරිවැය නිවාස තාක්ෂණය, කොන්ක්‍රීට් විදුලි කණු සහ දේශීය ඉදිකිරීම් උපකරණ රැසක් ඔහු නිර්මාණය කළේය.

👉 ඊට අමතරව සූරිය ශක්තිය (Solar energy), බයෝගෑස් (Biogas) සහ සුළං බලශක්තිය වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටද ඔහු මුල් විය.

👉 දේශීය හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර රැසකට හිමිකම් කී ඔහුට ශ්‍රී ලංකා රජයෙන් 'විද්‍යාජෝති' ගෞරව නාමය සහ විශ්වවිද්‍යාල රැසකින් ගෞරව ආචාර්ය උපාධි හිමිවිය.

👉 2006 ජනවාරි 14 දින අභාවප්‍රාප්ත වූ ආචාර්ය කුලසිංහයන්, දේශීය දැනුමෙන් රට ගොඩනැගීමේ අසමසම තාක්ෂණික අඩිතාලමක් ශ්‍රී ලංකාවට ඉතිරි කර තබා ඇත.

💥 ව්‍යාජ වීරයන්ට කිරුළු දැරිය හැක්කේ සැබෑ වීරයන්ගේ වීරත්වය ඉතිහාසයෙන් මකා දැමීමෙනි.
15/08/2026

💥 ව්‍යාජ වීරයන්ට කිරුළු දැරිය හැක්කේ සැබෑ වීරයන්ගේ වීරත්වය ඉතිහාසයෙන් මකා දැමීමෙනි.

Address

Near The Temple, Induragara
Colombo
11264

Alerts

Be the first to know and let us send you an email when Next page - Isuru prasanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Next page - Isuru prasanga:

Shortcuts

Share