05/10/2023
මනුෂ්‍යත්වය .. දුටු තැන අගය කල යුතුයි.
2023/10/04 දින වෙිලාව.. 17.15 පමණ තලවකැලේ සිට පූඩළුඔය දක්වා ධාවනය වන පුද්ගලික බස් රථයකි..
තලවකැලේ යුධ හමුදා කඳවුරට අසන්නව දමීල පාසල් සිසුන් තිදෙනෙකු පයින් ගමන් කරමින් සිට එක් අයකු බස් රථයට අත දැමිමා ...... බස් රථය නතර කලේය ,
එක් සිසුවෙකු පයින් ගමන් කලා දෙදෙනකු බස් රථයට නැග ගත්තේය.... රියදුරු විසින් පයින් යන සිසුවාට අතින් අඬ ගැසුවා.... එත් සිසුවා පෙරටම ගමන් කලා....... බස් රථ රියදුරු මහතා බස් රථය ඉදිරියට යෑම ආරම්භ කලා. සිසුවා අසලට ගොස් නතර කර ඔහුට නගින්න කීවද මොහොතක් හිඳ නැවත රියදුරු කතා කල විට නැග ගත්තේය........ ඉදිරිපසම අසුනේ සිට මා සියල්ල බලා සිටියෙමු..... කොන්දොස්තර මහතාද ඉදිරිපස සිටියේය ....... සිසුන්ගෙන් මුදල් ගත්තේද නැහැ . කිලෝමීටර් එකහමාරක් පමණ කිසිම නිවසක් නොමැති ප්‍රදේශයක් බස් රථයේ ගමන් කල සිසුන් තිදෙනො පසුව බැස ගත්තේය........ කතාව පැහැදිලි ඇති.......
සල්ලි නැති කෙනා පයින් ගියා....... පාසල් ළමයින් නයාට අඳුකොල පෙනෙවා වගේ සමහර පුද්ගලික සහ ලංගම රියදුරු කොන්දොස්තර වරුන්ට එවන් යුගයක මනුෂ්‍යත්වය හඳුනන රියදුරු කොන්දොස්තර වරුන් තවමත් ඉන්නවා .
මෙම රියදුරු මහතා විශ්‍රාමික රණවිරුවෙක් වන අතර ,කොන්දොස්තර මහතා බස් හිමිකරු බව පසුව දැනගතිමි . මනුෂ්‍යත්වය ඇති මිනිසුන් ගැන මට ලියන්නම හිතුණා ......... ඔහුන්ට උපහාරක් ලෙස ... ❤️
සරත් අක්මීමන ✍️
07/09/2023
අතක් නැතුව හිඟාකන හිඟන්නෙකුට අතක් දෙන අයුරු..❤️🥺
උතුම් මනුෂ්‍යත්වය...😌
(අවම සදාචාරාත්මක බව රැකෙන්න මූණ වැහුවොත් හෙට ඉඳන් වෙන පාට සර්ට් එකක් ඇඳන් ආයි හිඟාකනවා...)
04/09/2023
මොහුගේ ධූර කාලය ඇතුල තුල වන අලි ඝාතන 2391ක් හා මිනිස් මරණ 788ක් 🔴
2017 - 256 / 87
2018 - 319 / 96
2019 - 407 / 122
2020 - 328 / 112
2021 - 375 / 142
2022 - 433 / 145
2023 - 273 /111 ( මේ වන තුරු)
(නිල නොලත් අලි මරණ ගණනය වෙන්නෑ)
කෝප් වාර්තාවට අනුව ලෝකෙ වැඩිම අලි මරණ මේ රටේ වෙද්දි, ගතවූ පැය 24 තුල අලි 5 දෙනෙක් ඝාතනය කරද්දි වනජීවි අද්‍යක්ෂක ජනරාල්වරයා තම රාජකාරියෙන් ඉල්ලා අස්විය යුතු උවත් නොයන්නේ ඇයි.?
ගැටුම් කොතරම් බරපතල උවත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන දිගින් දිගටම සිය වගකීම් පැහැර හරිමින් ධූරයේ රැදී ඉන්න ඔබට සාදාචාරාත්මක අයිතියක් නැත.!
පිං පඩි ගන්න අධ්‍යක්ෂ සූරියබන්ඩාර , නීති හා මෙහෙයුම් අධ්‍යක්ෂ මාරසිංහ කරුණාකර ඉල්ලා අස්වෙන්න! #අසරණසත්තුවෙනුවෙන් #අපිඑකතුවෙමු #සටන්කරමු
මිනිස්සු එකතු වෙලා යවන්න කලින් ඉල්ලා අස්වෙන්න!!
- උපුටා ගැනීමකි -
16/08/2023
සමාජය තුළ ඔබ සාපෙක්ෂව වෙනස් වීම, එල්ලුම් ගසක ඔංචිලි පැදීමට සමානය.
12/08/2023
මේ තියෙන්නෙ සිනමා ශාලාවක පෙන්නපු කාමරයේ සිවිලිමේ දර්ශනයකින් ආරම්භ වූ කෙටි චිත්‍රපටයක්. විස්තර නැත, වර්ණ නැත. සුදු සිවිලිමක් පමණි.
එම දර්ශනය මිනිත්තු 6 ක් දිගු කාලයක් ප්‍රදර්ශනය විය. එහෙයින් නරඹන්නන් කළකිරීමට පත් වූ අතර , සමහරු චිත්‍රපටිය කාලය නාස්ති කරන බවට මැසිවිලි නැඟූ අතර තවත් සමහරු එතැනින් ඉවත්ව යන්නට පටන් ගත්හ.
හදිසියේම, කැමරා කාචය සෙමෙන් බිම දෙසට ළඟා වන තුරු සෙමෙන් ගමන් කිරීමට පටන් ගත්තේය. ආබාධිත බව පෙනෙන කුඩා දරුවෙක් කොඳු ඇට පෙළේ රෝගයකින් පීඩා විඳිමින් ඇඳ මත වැතිර සිටියේය.
පසුව කැමරාව පහත සඳහන් වචන සමඟින් සිවිලිම දක්වා ඉහළ යයි:
“අපි ඔබට මේ දරුවාගේ දෛනික ක්‍රියාකාරකම් වලින් විනාඩි 8 ක් පෙන්වූ අතර, එය මෙම ආබාධිත දරුවා ඔහුගේ ජීවිතයේ සෑම පැයකම නරඹන දර්ශනයේ මිනිත්තු 8 ක් පමණි, ඔබ පැමිණිලි කරමින් මැසිවිලි නගමින් විනාඩි 6 ක්වත් ඉවසුවේ නැත, ඔබට දරාගත නොහැකි විය. ඒක බලන්න.."
සමහරවිට ඔබ කොතරම් වාසනාවන්තද කියල තේරුම් ගන්න ඔබට අනිත් අයගේ කෝණයෙන් බලන්න සිද්ධ වෙනවා. ඔබට හිතනවද ඔබ කොතරම් වාසනාවන්තද කියලා ?