Archeology and History of Sri Lanka

Archeology and History of Sri Lanka

Share

Archeology, history

Photos from Archeology and History of Sri Lanka's post 14/04/2026

සිංහල අවුරුද්ද හා නැකැත් කෙළිය 😍💐🇱🇰♥️

සිංහල අවුරුද්ද අපි සැමරුවේ කවදා සිටද යන්න අද ප්‍රශ්නාර්තයක් ඇත. මේ පිළිබඳව බොහෝ මතවාද තිබුණත් මහනුවර යුගයේ සිට සිංහල අවුරුද්ද ඉතාමත් ප්‍රචලිත වී ඇති බව සඳහන් වෙයි. නමුත් ඊට කලින් අපේ මුතුන් මිත්තෝ සැමරුවේ කුමක්ද යන්න අපි සොයා බැලීම වටී.

අපේ සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ වල නැකැත් කෙළිය නම් උත්සවයක් ගැන විශේෂයන් සඳහන් වේ. සිංහල අවුරුද්ද ද නැකැත් චාරිත්‍ර අනුව සිදු කරන අතර නැකැත් කෙළිය එහි මුල්ම අවස්ථාව වන බවයි විද්වතුන් පවසන්නේ. ලංකාවේ නැකැත් කෙළිය ප්‍රසිද්ධ වූයේ ඉන්දීය ආර්ය ජන කොටස් සංක්‍රමනය වීමෙන් පසුව බව කීම පිළිගත නොහැකි ය. මන් ද විජයගේ පැමිණීමට පෙර ද ලක්දිව නැකැත් කෙළිය තිබුණු බව වංසත්තප්පකාසිනි මහාවංශ ටීකාවේ සඳහන්. විජය රජු ලක්දිවට පැමිණි දවසේ සිරීසවත්තු නම් යක්ෂ පුරයේ තූර්ය නාද ගීත නාද ඇතිව පවත්වන ලද විවාහ මංගල්‍යක් පැවති බවත් එය සිදු වූයේ නැකැත් කෙළිය තිබුණු අවස්ථාවක බවත් මහාවංශ ටීකාව සදහන් කරයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දවසේ විජය රජු ලක්දිවට පැමිණි බව මහාවංශය සඳහන් කරයි. මේ අනුව මෙරට යක්ෂ ගෝත්‍රිකයන් ගේ නැකැත් කෙළිය පවත්වනු ලැබූවේ වෙසක් මස බව කිව හැකිය. ඒ කියන්නේ සිංහල අවුරුදු සමරන මාසයට පසුව එන මාසයේ මෙය සමරා ඇති බවයි. මේ සිරීසවත්තු පුරයේ නැකැත් කෙළියේදි පැවැති ආවාහ මංගල්‍ය සිදු කළේ යක්ෂ ගෝත්‍රික නායකයෙකුගේ පුතෙකුට ලංකා පුරයෙන් කුමරියක් ගෙන විවාහ කර දීමයි.

දෙවෙනි වරට මෙවැනි නැකැත් කෙළිය පවත්වා ඇත්තේ පණ්ඩුකාභය රජුයි. ස්වර්ණපාලි කුමරිය මෙහෙසිය කර තම රාජාභිෂේකයෙන් පසු උත්සවයක් පවත්වා ඇත. එහිදී චිත්තරාජ යක්ෂයා සමග දෙව් මිනිස් නැටුම් ගැයුම් සහිතව රති කෙළිය සිදු කළ බව මහාවංශය සඳහන් කරයි. මෙහි දෙවියන් සඳහන් වන නිසා මෙය දේව පූජාවක් ලෙස දැක්විය හැකි අතර නැකැත් කෙළියක් ලෙස සැලකිය නොහැක.

ඉන්පසුව මහාවංශය තවත් නැකැත් කෙළියක් දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සිදු කළ බව සඳහන් කරයි. රජතුමා නගර වාසීන්ට දිය කෙළිය යෙදීමට අණ කොට හතලිස් දහසක් මිනිස්සු පිරිවරා ගෙන මුව දඩයම සඳහා මිස්සක පව්වට පයින් ගිය බව මහාවංශය සඳහන් කරයි. සමන්තපසදිකා විනය අටුවාවේ ද මෙය සදහන් වන අතර මෙම නැකැත හඳුන්වා ඇත්තේ ජේට්ඨමුලක නක්ඛත්ත යනුවෙනි. එයින් පොසොන් මස පුරපසළොස්වක දා යෙදී ඇති මුල නැකැත යොදා ගෙන ඇත. ඒ නැකැත මුල් කොට ගෙන මේ සැණකෙළිය පවත්වා ඇත. වීමතිවිනොදනි නම් විනය ටීකාව ද මෙය සනාත කරයි.
මෙයින් අනාවරණය වන්නේ රජුගේ අණ මගින් මෙය සිදුකල බවත් රාජ පුරුෂයින් යවා ජනතාවට අණ බෙර ගාසා දැනුවත් කළ බවත් සද්ධර්මාලංකාරයේ නන්දිරාජ කතා වස්තුව මගින් හෙළි වී ඇත. මේ රජුගේ අණ නොසැලකූ අයට දඩ ගාස්තු නියම කළ බවත් සද්ධර්මරත්නාවලිය සඳහන් කරයි.

එසේම දෙවනපෑතිස් රජු නැකැත් කෙළියෙහි දී දිය කෙළිය ද යෙදෙන්නට නගරවාසීන් ට අණකර තිබීමෙන් පෙනී යන්නේ එයද නැකැත් කෙලියේ අංගයක් බවයි. මේ දිය කෙළිය පිළිබඳව විවිධ තොරතුරු සාහිත්‍ය මූලාශ්‍ර වලින් දැකිය හැකිය. කව්සිළුමිණ, කාව්‍යශේකරය, ගුත්තිල කාව්‍යය හා සංදේශ කාව්‍ය ආදියෙහි ද දිය කෙළිය පිළිබඳව තොරතුරු වාර්තා වේ. මෙහි සඳහන් තොරතුරු වලින් හෙළි වන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම තම ආශාවන් ඉටු කර ගත් බව කාව්‍යශේකරය හා කව්සිළුමිණ ආදියෙහි දැක්වෙන අතර නැකත් කෙළිය දුරාචාරයට මුල් තැන වූ බව ද විස්තර කෙරේ. මුව දඩයම ද මෙම නැකැත් කෙළියේ අංගයක් බව දෙවනපෑතිස් රජුගේ සිදුවෙමින් පෙනේ. මේ නැකැත් කෙළිය දින හතක් පැවැතුණු බවත්, නගර සුර පුරයක් සේ සරසන ලද බවත් සද්ධර්මාලංකාරය සඳහන් කරයි. ගුත්තිල කාව්‍යයයේ උදේනි නුවර සැරසු ආකාරය විස්තර කෙරේ. මේ නැකැත් කෙළිය සඳහා සියලු දෙනා සහභාගී වූ බවත් උසස් කුල කාන්තාවන් ද මෙයට පැමිණි බවත් සද්ධර්මරත්නාවලියේ ඝෝෂක සිටාණන්ගේ කතා වස්තුවේ සඳහන් වේ. ඒ වගේම මේ නැකැත් කෙළිය සඳහා පුරවැසියන් විවිධ වස්ත්‍ර ආභරණ වලින් සැරසුණු බවත් සදර්මලංකාරයේ නන්දික රාජ කතා වස්තුවෙන් දැක්විය හැකිය. මේ නැකැත් කෙළියේ තවත් අංගයක් වන්නේ නාට්‍ය කෙලියයි. මේ පිළිබඳව කර්ම විභාගය නම් කෘතියේ නාට්‍ය දැකීමට යෑමේ ආදීනව දක්වා ඇත. මෙමගින් පෙනෙන්නේ නාට්‍යද මෙයට ඇතුළත් බවයි.

මේ අනුව පොසොන් මස මුල නැකැත මෙන්ම මුල් මාසයේ කැති නැකත ද මෙම නැකැත් කෙළිය සඳහා භාවිතා කර ඇති බව සාහිත්‍ය මුලාශ්‍ර මගින් හෙළි කරයි. ඛත්තික නක්ඛත්ත කෙලී හෙවත් කැති නැකත මුල්කොට ගෙන සැනකෙලි පැවැත්වූ කාලයේ විශාලා මහ නුවර බුදුන් වහන්සේ වැඩ සිටි බව විනය අටුවාවේ සඳහන් වේ. මෙය කාර්තික උත්සවය ලෙස මෙරට ප්‍රසිද්ධ විය. මෙය කාම ක්‍රීඩා සඳහා ද උපයෝගී කරගෙන තිබේ. මෙම උත්සවය සඳහා දුප්පත් මිනිසෙකු සූදානම් වූ ආකාරය පුෂ්පරත්න ජාතකයෙහි සඳහන් වේ. මෙවැනි උයන්කෙලි, දියකෙලි හා කාමෝත්සව ගැන කව්සිළුමිණ වාර්තා කරයි. මෙය පවත්වා ඇත්තේ ශරත් සෘතුවෙහි ය. මෙයට වප් හා ඉල් මස අයත් වේ. කාර්තික මාසය යනු මෙහි ඉල් මාසයයි. එනම් නොවැම්බර් මස යි. මේ ආදියෙන් පෙනී යන්නේ නැකැත් කෙළිය යනු හුදෙක් උත්සවයක් නොව සියළු අංග සම්පූර්ණ සැනකෙළියක් බවයි.

අද පැවැත්වෙන සිංහල අවුරුද්ද ද නැකැත් කෙළියක් වුණත් වර්තමානය වන විට එය ජාතික හා ආගමික චාරිත්‍ර වාරිත්‍ර හා විනෝදාස්වාද ක්‍රීඩා වලින් සමන්විත වෙයි. මෙය සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් ලෙස ප්‍රකට වූයේ නායක්කර් වංශිකයන් ගේ පැමිණීමත් සමඟයි. මෙය හුදෙක් සිංහල සංස්කෘතියට පමණක් සීමා නොවූ අතර ඉන්දියාවේ ද මෙම නැකැත් කෙළිය තිබූ බවට බොහෝ සාක්ෂි මගින් හෙළි වී තිබේ. නමුත් මහනුවර යුගය ට පෙර නැකැත් කෙළිය ලක්දිව ප්‍රචලිත උත්සවයක් බව පැහැදිලිව පෙනේ. එනම් ක්‍රම ක්‍රමයෙන් මෙය පරිණාමය වී මහනුවර යුගයේ හින්දු සංස්කෘතිය සමග සම්මිශ්‍රණය වී අද දක්වා භාවිතයට පැමිණ ඇති බව කිව යුතුය. අද පැවැත්වෙන සිංහල අවුරුද්ද නැකැත් කෙළියකි. එහි විශේෂ ලක්ෂණ දක්නට ලැබෙන අතර මහනුවර යුගයේ තිබූ වැඩවසම් ලක්ෂණ ඉන් ඉවත් වී ඇති බව මහාචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා තම මධ්‍යකාලීන සිංහල කළා කෘතියේ සඳහන් කරයි.

වර්තමානයේ දක්නට ලැබෙන සිංහල අවුරුද්ද සිංහල බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික අංගයක් බව පැහැදිලිව ඔප්පු වී තිබේ.

Copyright ©️ Irshad Sahabdeen

Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya

ඡායාරූප අන්තර්ජාලයෙන් - මුල්ගිරිගල රජමහා විහාරයේ සිතුවම්, තෙළපත ජාතකය ඇසුරින් නිරූපිත විවිධ උත්සව සහ සැනකෙලි නිරූපිතයි. 18 වන සියවස.

පරිශීලනය කළ පොත් පත්

වන්සත්තප්පකසිනි මහාවංශ ටීකාව, අකුරැටියේ අමරවංශ නාහිමි.
මහාවංසො - පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි.
සමන්තපාසාදිකා විනය අටුවාව, වීමතිවිනොදනි
සද්ධර්මාලංකාරය
පන්සිය පනස් ජාතක පොත
කව්සිළුමිණ හෙවත් කුසදා කව, එම්. බී. ආරියපාල සංස්කරණය
කාව්‍යශේකර මහා කාව්‍ය - රත්මලානේ ධර්මාරාම සංස්කරනය
ගුත්තිල කාව්‍ය - සිරි තිලකසිරි
මධ්‍යකාලීන සිංහල කළා - ආනන්ද කුමාරස්වාමි

14/04/2026

අවුරුදු නම් වචනයේ ඓතිහාසික පරිණාමය
😍♥️🇱🇰💐

මේ අවුරුදු යන වචනයේ පරිණාමය මා සකස් කලේ අපේ අතීත රජ දරුවන් ලියූ සෙල්ලිපි අධ්‍යනය කිරීමෙනි. මේ සඳහා ශිලා ලේඛන සංග්‍රහය වෙළුම් 1 හා 2-1, 2-2, දක්වා ද, සෙල්ලිපි වදන් අකාරාදිය, Epigraphia Zeylanica 1-4 ආදි ග්‍රන්ථ අධ්‍යනය කළෙමි. මේ අනුව ක්‍රිස්තු වර්ෂ 3වන සියවසේ සිට වර්තමානය දක්වා මෙම වචනවල පරිණාමීය අවස්තා මම පෙළ ගස්වා ඇත්තෙමි. ලුම්බිණියේ රුමින්දෙයි සෙල්ලිපියේ වස යැයි වර්ෂය සඳහන් වේ. එනම් මෙහි මූලය ක්‍රිස්තු පූර්ව 3වන සියවසට අයත් වේ.

මෙය සම්පුර්ණයෙන්ම මගේ පර්යේෂනයක ප්‍රතිඵලයකි.

වර්ෂ (සංස්කෘත)

වස / වස්ස (ප්‍රාකෘත)

අව/හව

හවජර/හවජීර (ක්‍රිස්තු වර්ෂ 3-5 දක්වා පැරණි ශිලා ලේඛන)

හවජිරිය (ක්‍රිස්තු වර්ෂ 3-5 දක්වා ශිලා ලේඛන)
හවජර
හවජරණ

හවුරුදු (සංක්‍රාන්ති අවධිය, ක්‍රිස්තු වර්ෂ 10වන සියවස)

හවුරුද් (විවිධ ස්වරූප, ක්‍රිස්තු වර්ෂ 12වන සියවස)
හවුරුදු

අවුරුදු
අවුරුද්ද (14-15 ක්‍රිස්තු වර්ෂ)
අවුරුද්දක්

අවුරුදු (නූතන සිංහල)

Copyright ©️ Irshad Sahabdeen

Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya

පරිශිලිත ග්‍රන්ථ

ශිලා ලේඛන සංග්‍රහය වෙළුම් 1, සිංහල
ලක්දිව පැරණි ලියකියවිලි සංග්‍රහය
Inscriptions of Ceylon, Volume 1, Senarath Paranavitana
Volume 2 -1, 2 -2, Senarath Paranavitana
Epigraphia Zeylanica Volume 1 - 4
සෙල්ලිපි වදන් අකාරාදිය - සිරිමල් රණවැල්ල
Dictionary of Epigraphical Words - Prof. Sirimal Ranawella

Photos from Archeology and History of Sri Lanka's post 02/01/2026

අශෝක රජුගේ ගිර්නාර් ලිපිය අංක 2.
Inscriptions of Asoka, Girnar Rock Edict no. 2

ගිරි ලිපිය අංක 2 පෙළ

සව්‍රත්‍ර විජිතෙ දෙවනංප්‍රියස ප්‍රියදශීස යෙ ච අංත යථ චොඩ පංඩියා සතියපුත්‍රො කෙරඩපුත්‍රො තංබපංණි අංතියොකො නම යොන රජ යෙච අංඤ තද තස අංතියොතස සමංත රජනො
සව්‍රත්‍ර දෙවානංප්‍රියස ප්‍රියදශීස රඤො දුවි චිකිස ක්‍රිට මනුශ චිකිස....!

පශුචිකිස ච
ඔසඪනි මනුශොපකනි ච පශොපතනි ච යත්‍ර යනු නස්ති සව්‍රත්‍ර හරපිත ච වුත ච කුප ච ඛණපිත ප්‍රතිභොගයෙ පශු මනුශනං....!

සිංහල අර්ථය

"දේවානංප්‍රිය ප්‍රියදර්ශී රජුගේ සියලු විජිතයෙහි ද සාමන්ත රජවරුන් ගේ එනම්, චෝඩ පාණ්ඩ්‍ය, කේරළ සතියපුත්‍ර, තංබපණ්ණී(ශ්‍රී ලංකාව) සහ අන්තියෝක නම් යවන රජුගේ ද එසේ ම අන්තියෝක රජුගේ සාමන්ත රජවරුන් ගේ රටවල චිකිත්සා ක්‍රම දෙකක් දේවානං ප්‍රිය ප්‍රියදර්ශී විසින් පිහිටුවන ලදී.
එනම් මිනිසා සහ පශු වර්ගයා සඳහා ය. මිනිසුන්ට හා පශු වර්ගයාට ප්‍රයෝජනවත් ඔෟෂධ සොයා ඒවා නැති තැන් හි රෝපණය කරන ලදී.
මිනිසුන් ට හා පශු වර්ගයාට ප්‍රයෝජනය සඳහා ළිං කරවණ ලදී.

ඉංග්‍රීසි පරිවර්තනය

"Everywhere in the dominions of king Devanampriya Priyadarsin and (of those) who (are his) borderers, such as the Cholas, the Pandyas, the Satiyaputa,[20] the Kelalaputa,[21] Tamraparni, the Yona (Greek) king named Antiyoga (Antiochus), and the other kings who are the neighbours of this Antiyoga, everywhere two (kinds of) medical men were established by king Devanampriya Priyadarsin, (viz.) medical treatment for men and medical treatment for cattle.
Wherever there were no herbs beneficial to men and beneficial to cattle, everywhere they were caused to be imported and to be planted. Likewise, wherever there were no roots and fruits, everywhere they were caused to be imported and to be planted.
On the roads trees were planted, and wells were caused to be dug for the use of cattle and me.

ඉර්ෂාඩ් සහාබ්දීන් © Irshad Sahabdeen

Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya

Reference
ආචාර්ය අභය ආරියසිංහ, අශෝක ධංම ලිපි, 2005, පිටු 25-26.

පණ්ඩිත බෙල්ලන ඤණවිමල නාහිමි, අශෝක ශිලාලේඛන, 1986, සමයවර්ධන ප්‍රකාශන, පිටුව 13, ගිරි ලිපි අංක 2.

Inscriptions of Asoka, 2nd Major Rock Edict. Translation by E. Hultzsch, India, 1925, p.28.

වැඩි විස්තර සඳහා බලන්න 👇 https://en.m.wikipedia.org/wiki/Major_Rock_Edicts

25/12/2025

දේවානම් පියතිස්ස රජු ගේ නම සඳහන් කදුරුවැව බ්‍රාහ්මී සෙල්ලිපිය. 🇱🇰😍

BRAHMI INSCRIPTIONS IN CAVES AT KADURUVÄVA.
No. 15 (ASI 1340)

කදුරුවැව, නාගාගහ මුල ගලගේ ගුහාවේ බිත්තියේ මෙය කොටා ඇත. මෙය තරමක් විශාල ලිපියකි. එහි අකුරු පේළි හතක් අඩංගු වන අතර, පේළි 1-6 බැගින් අඩි 9 අඟල් 7 ක් දිග වන අතර, හත්වන පේළිය අඩි 4 අඟල් 1 කි.
උසින් අඟල් 2 ත් 4 ත් අතර වෙනස් වන අකුරු පැහැදිලිව සටහන් කර ඇත, කෙසේ වෙතත්, අවසාන පේළියේ අකුරු අනෙක් ඒවාට සාපේක්ෂව තරමක් මතුපිටින් කැපූ ඒවා වේ.

TEXT (original text)

1 Sidha [II] Devanipi-Tisa maharajaha (na) Vasiţi-nama maha-ametiya p**e parumaka-Tisa nama p**e
2 parumaka-Vahiți-made nama [*] Eta ametaha p[u]te parumaka-kanapetika-Tisa nama [1] Eta ameta-
3 p**e parumaka-Data-amata nama Maha-Naka-rajaha maha-dora-tana pațivita dine vavi
4 Datavikahi do-pati dhine Karajavikahi do-pati dine Kataka-nakaraka-vavi atara-kadara
5 dine sați karihi dine Badagaņa-kaniya Pehakara-vavi dine [*] Rajeka-Naka dine vavi Mayihala-
6 -raka-vasika-danuka-Hadaka avatațata navata dina Lodorakahi Itața-vavi Ațukațaka-hakara-
7-hi (do)rakana-Dataya Gavidagaņaka kara-kaneyahi Palata-vavi dine [[*]

ඉංග්‍රීසි පෙළ සිංහලට මා විසින් සකස් කළෙමි

1. සිද්ධ දෙවනපි තිස මහරජහ න වසිති නාම මහ අමෙතිය පුතෙ පරුමක තිස නාම පුතෙ
2. පරුමක වහිති මදෙ නාම එත අමෙතහ පුතෙ පරුමක කනපෙතික තිස නාම එත අමෙත
3. පුතෙ පරුමක දත අමත නාම මහ නක රජහ මහ දොරතන පතිවිත දිනේ වවි
4. දතවිකහි දොපති දිනෙ කරජවිකහි දොපති දිනෙ කටක නකරක වවි අතර කදර
5. දිනෙ සති කරිහි දිනෙ බඩගන කනිය පෙහෙ කර වවි දිනෙ රජෙක නක දිනෙ වවි මයිහල
6. රක වසික දනුක හදක අවතතට නවත දින ලොදරකහි ඉතට වවි අතටුකටක හකර
7. හි දොරකන දතය ගවිදගනක කර කනෙයහි පලට වවී දිනෙ.

English Translation ( original text)

Hail! The son of the great minister of the great king Devanipi-Tisa (Devā-nam-piya Tissa), Vasiți by name, was the Chief Tissa by name; (another) son (of his) was Vahiți-made by name. The son of this minister was the Chief Tissa by name, the Keeper of the Records; the son of this Minister is the Minister, Chief Datta by name; (he being) established in the office of the Grand Chamberlain of the great king Mahānāga, granted (the under-mentioned) tanks: (He) granted the two categories of revenue from Datavika (tank); (he) granted the two (categories of) revenue from Karajavika; (he) granted the interior field of the tank Kataka-nakaraka-vavi; (he) granted sixty karisas"; (he) granted (the tank) Pehakara-vavi in the district (kaniya) of Badagaņa. Rajeka Naka (Naga) gave the under-mentioned tanks: Itața-vavi in Lodoraka having discontinued the cultivation of fields (on behalf) of Hadaka, the archer. The officer of the Royal gate named Dataya of Ațukațaka-hakara gave the Palata-vavi in the Revenue Agency of Gavidaganaka.

මා කළ සිංහල පරිවර්තනය ( ඉංගිරිසි තේරුම ඇසුරින්)

යහපතක්ම වේවා!
මහා රජු වූ දේවානම් පියතිස්ස (දේවා-නම්-පිය තිස්ස) ගේ මහා අමාත්‍යවරයාගේ පුත්‍රයා වූ වාසිති නමින් ප්‍රධාන තිස්ස විය; (ඔහුගේ තවත්) පුත්‍රයෙක් වහිති නම් ඇමති ය. මෙම අමාත්‍යවරයාගේ පුත්‍රයා නමින් ප්‍රධාන තිස්ස විය, ඔහු වාර්තා භාරකරු(ලේඛණාරක්ෂක) වෙයි; මෙම අමාත්‍යවරයාගේ පුත්‍රයා නමින් ප්‍රධාන දත්ත අමාත්‍යවරයා ය; (ඔහු) මහා රජු මහානාග ගේ මාලිගාවේ ප්‍රධානියාගේ කාර්යාලයේ සේවය කළ අතර , (පහත සඳහන්) වැව් ප්‍රදානය කර ඇත:
(ඔහු) දාතවික (වැව) වෙතින් ආදායම් මාර්ග දෙකක් ප්‍රදානය කර ඇත; (ඔහු) කරඳ (කරජ වික) වැව වෙතින් ආදායම් දෙකක් ප්‍රදානය කර ඇත; (ඔහු) කටුන්නරුව (කණ්ඨක නගර වාපි/කටක-නකරක) වැවේ අභ්‍යන්තර කොටස ප්‍රදානය කර ඇත; එනම් (ඔහු) කරිස හැටක් දුන්නේය"; (ඔහු) බඩගන දිස්ත්‍රික්කයේ (කනිය) පෙහකර-වාවි (වැව) ප්‍රදානය කළේය.
රජේක නක (නාග) විසින් පහත සඳහන් වැව් ලබා දුන්නේය: ලෝහද්වාර නම් තැන වූ ඉතත වාවි එනම් හදක නම් දුනුවායා කෙත්වතු වගා කිරීම නවතා දමා තිබූ තැන. ඇට සැකිලි බොරැල්ල (අටුකටක හකර) හි විසූ දතය නම් ප්‍රදාන ගේට්ටුව භාර නිලධාරී, ගවිදගනක ආදායම් කාර්යාලයට පතලවැව දෙන ලදී.

Copyright ©️ Irshad Sahabdeen
සිංහල පෙළ හා පරිවර්තනය

Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya

Reference
Epigraphia Zeylanica Volume 5, part 3, p 412-413
Chulawamsa, 37th Chapter, verse 212
Dictionary of Sinhala Epigraphical Words
සෙල්ලිපි වදන් අකාරාදිය
Inscriptions of Ceylon Volume 1, S. Paranavitana

07/11/2025

The Balangoda Bust by Paulus Edward Peiris Deraniyagala.

By Sheikh Irshad Sahabuddeen, MSc Archaeology, PGIAR, University of Kelaniya

Most Sri Lankans are unaware of the great contributions made by Paulus Edward Peiris Deraniyagala, one of the foremost pioneers in Sri Lankan archaeology and anthropology. This is truly unfortunate. Deraniyagala’s work, and later that of his son Dr. Siran Deraniyagala, who also served as the Director-General of Archaeology, laid the foundations for the study of Sri Lanka’s prehistoric and protohistoric past. These two scholars dedicated their entire lives to uncovering the origins of Sri Lankan civilization and human ancestry, yet their immense contributions remain largely unacknowledged by the public.

Deraniyagala’s research established the Balangoda Man (Homo sapiens balangodensis) as one of the earliest known humans in South Asia, providing key insight into the Mesolithic period of Sri Lanka. Through his scientific excavations and anatomical studies, he was able to reconstruct a vivid picture of prehistoric life on the island.

One of his most remarkable artistic and scientific achievements was the Balangoda Bust, a wooden sculpture representing the head of one of the Mesolithic precursors of the Veddas. This bust was carved by Deraniyagala himself in the 1960s, using the wood of the Ruk Attana tree (Alstonia scholaris, family Apocynaceae).

The story behind the bust is both fascinating and emotional. The model for the sculpture was a Vedda chief named Wela-1, from the village of Dalukana in the Eastern Province, whose photograph was taken by Mr. K. P. Oakley in March 1967. Oakley, a close friend of Deraniyagala, was then the head of the Department of Anthropology at the Natural History Museum, London. He often discussed with Deraniyagala the significance of the Balangoda Man and the origins of the island’s indigenous people.

During a visit to Sri Lanka in 1967, Oakley photographed Wela-1 and later stayed at Deraniyagala’s residence in Colombo. There, he noticed a reddish wooden sculpture, a bust with striking lifelike features. It was none other than the Balangoda Man bust carved by Deraniyagala. Oakley was astonished by the precision and anthropological accuracy of the piece. He remarked that the bust looked exactly like the Vedda chief he had photographed, as if Deraniyagala had sculpted it after observing Wela-1 himself.

Impressed by Oakley’s admiration, Deraniyagala and his wife presented the bust as a gift to the British Museum of Natural History. It was later transported to England aboard a special aircraft arranged by the British High Commissioner in Colombo.

The accompanying illustration of the bust was drawn by Ms. Rosemary Powers, an eminent scholar of human osteology (the study of human skeletal remains). Her detailed sketch provides further documentation of the features and artistry of the sculpture.

Today, the original Balangoda Bust remains housed in the Library of the British Museum of Natural History, where it continues to represent one of Sri Lanka’s earliest human ancestors. Sadly, the actual image and even the memory of this significant creation have almost vanished from Sri Lankan public awareness.

The Balangoda Man, and Deraniyagala’s reconstruction of him, symbolize a crucial chapter in the history of Sri Lankan archaeology. Yet the tireless efforts of scholars like P. E. P. Deraniyagala and Dr. Siran Deraniyagala, who laid the foundations for our understanding of prehistoric Sri Lanka , are rarely recognized or celebrated in the country today.

Their legacy stands as a reminder of the need to preserve, respect, and continue the scientific spirit they instilled, a heritage not only of archaeology but of our national identity itself. 🇱🇰

Copyright © Sheikh Irshad Sahabuddeen
MSc Archaeology, Postgraduate Institute of Archaeology, University of Kelaniya

Picture credits;
A head of one of the Mesolithic precursors of the Veddas, carved by Paul Edward Peiris Deraniyagala in wood of the Ruk Attana (Alstonia scholaris, Apocynaceae). The original is preserved in the Library of the British Museum of Natural History. Drawing by Ms. Rosemary Powers.

01/11/2025

බෙල්ලන්බැඳි පැලැස්ස මානවයා 😍🇱🇰
1956-61 යන කාලවල දකුණු පළාතේ සිදු කළ පුරාවිද්‍යා කැණීම් වලින් සොයාගත් මානව අස්ථි කොටස් මේ. මේ කැණීම කරේ ආචාර්ය පෝල් ඊ පීරිස් දැරණියගල මහතා විසින්.

අදින් වසර 12,000 කට පෙර ජීවත් වූ මිනිසෙකු ගේ හිස් කබලක් හා යටි හනුව මේ ඡායාරූපයේ දැක්වේ.

A human skull and a human mandible from Bellanbendi Pelessa,
1956-61 Excavation done by Dr. P. E. P. Deraniyagala, 12,000 BP

Copyright ©️ Irshad Sahabdeen
MSc Archeology PGIAR University of Kelaniya

Reference
Spolia Zeylanica And Dr. Nimal Perera Prehistoric Sri Lanka 🇱🇰

01/11/2025

බටදොඹලෙන කොටියා 😍🇱🇰

පළමු ඡායාරූපය

අදින් වසර 16,700-14,000 ත් අතර ජීවත් වූ කොටියෙකුගේ පාද අස්ථියක් මේ. බටදොඹලෙන ප්‍රාග් ඓතිහාසික ගල් ගුහාවේ 1980-82 යන කාලවල කළ කැණීම් වලදී 5 වන පාංශු ස්තරයෙන් සොයාගෙන තිබේ.
Tiger phalanx from layer 5, Batadombalena Prehistoric Cave, 16,700-14,000 BP

දෙවැනි ඡායාරූපය දැක්වෙන්නේ කොටියෙකුගේ උඩු හනුවේ රදනක දතක්, 4වන පාංශු ස්තරය, බටදොඹලෙන. කාලය අදින් වසර 16,300-11,600.
Upper carnassial tooth of a tiger from layer 4, Batadombalena Prehistoric Cave, 16,300-11,600

©️ Written by
Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya

Reference

Dr. Nimal Perera, Prehistoric Sri Lanka 🇱🇰
British Archeology International Publication.

26/10/2025

A Rare Picture 🖼️ around 1950s. 😍💐❤️🇱🇰
දුර්ලභ ඡායාරූපයක්

ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා

Dr. P. E. P. Deraniyagala
Paleontologist,
Former Director
Colombo National Museum

18/10/2025

වසර 12,000 ක් පැරණි බල්ලෙකුගේ දතක් 😍

බෙල්ලන්බැදි පැලැස්සේ 2005 වසරේ කළ කැණීමෙන් හමුවූ ගෘහාශ්‍රිත කරණ ලද, අදින් වසර 12, 000ක්ට පෙර ජීවත් වූ වල් බල්ලෙකුගේ දතක් මේ.

ආචාර්ය එච්. නිමල් පෙරේරා මහතාගේ Prehistoric Sri Lanka නම් Phd පර්යේෂණය ඇසුරින් ඉදිරිපත් කලෙමි.

Copyright ©️ Dr Nimal Perera
Prehistoric Sri Lanka 🇱🇰

Sheikh Irshad Sahabuddeen
MSc Archeology PGIAR University of Kelaniya

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo
001