08/12/2023
අපිට උගන්වපු බොරු 👇😱
1.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත් ය..
👉 ඒත් ඉගැන්නුවෙ නෑ :- මෝඩයොත් වයසට යන බව
2.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න,වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත්ය.
👉අපිට ඉගැන්නුවෙ නෑ :- මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න
3.අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න .
👉අපිට ඉගැන්නුවෙ නෑ :- වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න.අපෙ මතය ඉදිරිපත් කරන්න ,කොන්ද කෙලින් තියාගන්න
4.අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න,උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න
👉අපිට ඉගැන්නුවෙ නෑ :- කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න
5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත්
👉අපි ඉගැන්නුවෙ නෑ :-ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව
6.අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න
👉අපිට ඉගැන්නුවෙ නෑ :- අපි කොහොම හිටියත් මිනිස්සූ කිය කතා හෝ හිතන විදියේ වෙනසක් නොවන බවත්.
7.අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න.
👉අපිට ඉගැන්නුවෙ නෑ :- තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න…
8.අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ,දෙන දෙයක් භාර ගන්න
👉අපිට ඉගැන්නුවෙ නෑ :- තව තව දේවල් ලබා ගන්න,නොලැබෙන දේට සටන් කරන්න .
9.අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්,
👉අපිට ඉගැන්නුවෙ නෑ :- අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය කර්මය ඉරණම වෙනස්කරගත හැකි බව.
10.අපිට ඉගැන්නුවෙ හැමදාම හැමදේකටම හේතු කියන්න,බෝලේ පාස් කරන්න.
👉අපිට ඉගැන්නුවෙ නෑ :-අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.
11.අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්.
👉 අපට ඉගැන්නුවෙ නෑ :- නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.
12.අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රීලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත්.
👉අපිට ඉගැන්නුවෙ නෑ :-ලෝකෙන් උතුම් රටවල් තව සියගණනින් ඇති බව.
07/12/2023
ජීවත්වීමෙදි දැනගතයුතු වැදගත්ම දෙය නම්.....
🌹Every person is Unique.
මේකේ තේරුම.....
🌹 හැම පුද්ගලයෙක්ම එකිනෙකාට ආවේණිකයි
👉🌹 දැන් ඔයා හොඳට හිතන්න . මේ මොහොතේ ඔයාගේ හිතට මානසික පීඩාවක් වෙන තරමටම තියෙන ගැටළු මොනවාද කියලා ?
තමන්ගේම ගැටළු වලට වඩා ....ඔයාට මතක් වෙන්නේ...සැමියා/ බිරිඳ....සහෝදරයෝ , අසල් වැසියෝ , රැකියාව කරන ආයතනයේ පුද්ගලයින්,
යාහළුවන් වගේ අය ඇති කරන ගැටළු නේද...🤔
95% ක්ම ඕවා තමයි .☹️
දැන් මේ ගැටළුව ලිහාගෙන යමු. 🤗
🌹 ඕනෑම පුද්ගලයෙක් ඇති දැඩි වෙන්නේ...වෙනස් වෙනස් පරිසරයන් තුළයි.
පවුල් පරිසරය, පාසලේ පරිසරය, සමාජමය පරිසරය වෙනස්.
ඒ වගේම...එකම පරිසරයන් තුළ ජීවත් වෙන පුද්ගලයන් වුණත්... තමන් දෙයක් ග්‍රහණය කරගන්න විදිහ අනුව එකිනෙකාට වෙනස් විදිහට හැඩ ගැහෙනවා.
පවුලේ සමාජකයින් 5 ක් නම්....ඒ පස්දෙනා ...
සම්පුර්ණයෙන්ම වෙනස් හැසිරීම් , ආකල්ප ,
සිතුවිලි රටාවන් තියෙන අයයි.
👆👆👆👆
🌹 ඒ කාරණාව හොඳින්ම තේරුම් ගන්න.
🌹 දැන් ඒ තේරුම් ගත්ත දෙය....ඔයා ගනුදෙනු කරන හැම පුද්ගලයෙක්ටම අඳාල කරගන්න.
🌹 හැම පුද්ගලයෙක්ම එකිනෙකාට වෙනස්.
🌹 ඔයත් ඒ වගේම වෙනස් පුද්ගලයෙක් .
🌹 මම වගේ...හිතන්න...මගේ වගේ ආකල්ප ,සිතුවිලි....ගතිගුණ....මේ හැමදෙයක්ම
තියෙන්නේ මට විතරයි .
🌹 ඒ හින්දා ....ඇයි එයාට මම වගේ හිතන්න බැරි....ඉන්න බැරි..හැසිරෙන්න බැරි ...වගේ
මෝඩ ආකල්ප එක්ක තවත් පුද්ගලයෙක් ගැන හිතන්න එපා.
👉 මිනිස්සු වැඩිපුරම මානසිකව දුක් විඳින්නේ...
තමන් සමීපවම ඇසුරු කරන මිනිස්සු හින්දයි.
👉 හිතන්න පුරුදු වෙන්න. මේ එයා හැඩ ගැහුනු frame එකයි. ඒ එයාගේ විදිහ.
👉 කෙනෙක් තමන්ට දරුණු විදිහට සිත් පීඬාවක් වෙන විදිහට හැසිරෙනවා නම්, වචන භාවිතා කරනවා නම්, ආකල්ප දරණවා නම්...තේරුම් ගන්න මේ ඒ පුද්ගලයා ගේ විදිහ කියලා .
🌹 මේ වගේ දේවල් කියන්නේ ...මිනිස්සු ගැන තේරුම් ගන්නයි.
අපිට හැමතිස්සේම ...මෙයා හොඳ නැහැ ...අරයා හොඳ නැහැ කියලා ...මිනිස්සුන්ව අත්හැරලා දාලා ජිවත් වෙන්න බැහැ .
පහසුවෙන්ම අත්හැරලා දාලා ජීවත් වෙන්න බැරි මිනිස්සුත් ඉන්නවා .
🌹 මේ දෙය තේරුම් ගැනීමෙන්...
👉 වැඩ කරන ආයතනයේ පුද්ගලයින් තේරුම් ගන්න පහසුයි.
👉 සමාජයේ තමන් ගනුදෙනු කරන පුද්ගලයින් තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ යාහළුවන් තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ පෙම්වතිය / පෙම්වතා තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ සැමියා / බිරිඳ තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ දෙමව්පියෝ / සහෝදරයෝ තේරුම් ගන්න පහසුයි.
👉 තමන්ගේ නැන්දම්මා / මාමණ්ඩි/ නෑනලා /
මස්සිනා ...මේ හැමෝම තේරුම් ගන්න පහසුයි.
🌹👉 සරලම දෙය....කවුරුන් හෝ....ඔයාට හිත රිදෙන දෙයක් කරපු සැනින් තේරුම් ගන්න.
" මේ මනුස්සයා ගේ විදිහනේ....ඉතිං ...මට මොකද ....😌"
🌹 යක්කු 100ක් මැද්දේ වුණත් ජීවත් වෙන්න පුරුදු වෙන්න.
"අම්මෝ...යක්කුනේ "කියලා පැනලා දුවන්න එපා.
හැම යකාම එක වගේ නැහැ .
ඊරියකා...මහසෝනා...කළු කුමාරයා ...කියලා
වෙනස් උන් ඉන්නවා .
පේනවා නේ....යකුකුත් එකිනෙකාට වෙනස්.🤣
🌹❤ Every person is UNQUE.
👆👆 අද ඉදලා මේක හොඳට තේරුම් ගන්න.
තමන්ගේ වටේ තියෙන ප්‍රශ්න අඩුවෙලා යන හැටි ඔයාටම තේරෙයි.
ලක්ෂි සොයිසා
මනෝඋපදේශීකා.
20/08/2021
දවස් 10 ක් රටම Lockdown 😢😢
20/08/2021
Data ඉවර උනාම Account Balance එක කැපෙනවද?
මෙන්න විසදුම 😍😍
#678 #3 #9 #1 #1 #
19/08/2021
රස ගුණ නීරෝගීසුවය ලස්සන 😍