24/12/2025
අද දින (2025.12.22 දින) ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක හිමිව වැඩ සිටි දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නාහිමියන්ගේ 85 වන ජන්ම දිනය සිහිපත් කරමින් ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ අවසාන පන්තියේ ඉගෙනුම ලබන තපෝවනයේ රතනසීල, මධ්‍ය පන්තියේ ඉගෙනුම ලබන තපෝවනයේ උපසම සහ ප්‍රාරම්භ පන්තියේ ඉගෙනුම ලබන තපෝවනයෙ පියනිපුණ යන ආයුෂ්මතුන්ලගේ ගුරුදේව තපෝවනයේ දමිත නාහිමියන් වාර්ෂිකව සිදු කරන වියළි සලාක දානය පූජා කරන්නට යෙදුනා. මෙම දානානිසංස අනුහසින් පූජ්‍ය තපෝවනයෙ මිතභාණි අනුනායක හිමියන්, තපෝවනයේ දමිත නාහිමියන් ඇතුළු තපෝවන විහරස්ථ සියළු හිමිවරුන්ටද, මාතිකමාතා සමීතියෙ නිලධාරී පිරිසටද ආයු වර්ණ සැප බල ප්‍රඥා පංචවිධ සම්පත්තිය ජීවිතය පුරා ලැබේවා යි ආශිර්වාද කරමු. අපවත් වී වදාළ උත්තරීතර මහා නායක හිමිව වැඩ සිටි දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නාහිමියන්, කුඩාවැල්ලෙ වංගීස අධිකරණ සංඝ නායක හිමියන් ඇතුළු සියලු දෙනාට නිවන් සම්පත් අවබෝධ වේවා.
10/08/2025
තම සුපින්බර දිවි ගමනෙහි අද දින උතුම් ජන්ම දිනය සිහිපත් කරන, පිරිවෙණේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් පියෙකුසේ පුත්‍රස්නේහයෙන් කටයුතු කරන කොළඹ ගෝ්තම තපෝවන කො/ශ්‍රී වංගීස පිරිවෙණේ ගරු කෘත්‍යාධිකාරි ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක ලේඛකාධිකාරි අතිපූජනීය තපෝවනයේ දමිත නාහිමිපාණන් වහන්සේට තුණුරුවනේ උතුම් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ ජන්ම දිනයක් වේවා !
තවතවත් ලෝසසුන් වැඩ වසන්නට නිදුක් නීරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් සැලසේවා!
මෙයට,
පරිවෙණාධිපති හිමි
ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයින් හා වත්මන් සිසු පිරිස
05/07/2025
පිරිවෙන් සාමාන්‍ය පෙළ 2024(2025) විභාගය ඉහළින් ම සමත් වූ අප පිරිවෙනේ ගෞරවණීය පොඩි හාමුදුරුවන් වහන්සේලා තුන්නමටම ගරු කෘත්‍යාධිකාරී හිමි, පරිවේණාධිපති හිමි, ආචාර්ය මණ්ඩලය ඇතුලු සියලු සිසුන්ගේ උණුසුම් සුබ පැතුම්.
22/04/2025
ආදාහන පූජෝත්සවය අපෙු්ල් 25 වෙනිදා ප.ව. 2.00ට උඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනයේ දී සිදුකෙරේ.
22/04/2025
සංවේගයෙන් යුතුව දැනුම්දීම.
මහනුවර ශ්‍රී දළදා තපෝවනයේ අනුශාසක පූජ්‍ය තපෝවනයේ සංවර නාහිපාණන් වහන්සේ අපවත්වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.
08/01/2025
කො/ශූී වංගීස පිරිවෙනේ වර්ෂාවසාන විභාගය.
ත්‍රිපිටක ධර්මය විෂය. 2025.01.08 දින.
24/12/2024
අද දින තම දිවි ගමනෙහි උතුම් ජන්මදිනය සිහිපත් කරන ගෝතම තපෝවනයේ සෑම කටයුතු වෙනුවෙන් වෙහෙසව කටයුතු කරන ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා ලබාදෙන පිරිවෙනේ පොඩි ස්වාමින්වහන්සේලා වෙනුවෙන් පියෙකු සේ සැපදුක් සොයා බලමින් කටයුතු කරන ශ්‍රී වංගීස පිරිවෙනේ හිටපු පරිවෙණාධිපති ත්‍රිපිටකවේදී පූජනීය තපෝවනයේ සමිද්ධි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තුණුරුවනේ උතුම් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ ජන්මදිනයක් වේවා ! චිරාත් කලක් නිදුක්ව නිරෝගීව වැඩවසන්නට තුණුරුවනේ උතුම් ආශිර්වාදය ම ලැබේවා !
මෙයට කෘත්‍යාධිකාරී ස්වාමින්වහන්සේ
පරිවෙණාධිපති ස්වාමින්වහන්සේ හා ආචාර්ය මණ්ඩලය සිසු සැම
08/10/2024
කො/ශ්‍රී වංගීස පිරිවෙනේ ලෝක ගුරු දිනය නිමිත්තෙන් ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේලා විසින් සංවිධානය කරන ලද වැඩසටහන.
2024.10.07 දින.
05/10/2024
අප පිරිවෙනෙන් මෙවර පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එම විභාගය සාර්ථකව ජයගෙන පිරිවෙනට ඉමහත් කීර්තියක් අත්කරදුන් පූජ්‍ය තපෝවනයේ පියනිපුන ශිෂ්‍ය පොඩි හාමුදුරුවන් වහන්සේට අප පිරිවෙනේ උණුසුම් සුබපැතුම් !
ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! තුණුරුවනේ අනන්ත ආශිර්වාදය සියලුම දෙවි රැකවරණය සැලසේවා !
මෙයට, ගරු කෘත්‍යාධිකාරි නාහිමි
පරිවෙණාධිපති හිමි හා ආචාර්ය මණ්ඩලය
සිසු සැම. 2024.10.05 දින
04/09/2024
කො/ශ්‍රී වංගීස පිරිවෙනේ මධ්‍යවාර විභාගය. පාලි විෂය. 2024.09.04 දින.
10/08/2024
ඓතිහාසික කතරගම කිරිවෙහෙර උතුම් සෑ රදුන් උදෙසා උදෑසන කිරිපිඬු සම්බුද්ධ පූජාව,
2024.08.10 දින.
තම සුපින්බර දිවි ගමනෙහි අද දින උතුම් ජන්ම දිනය සිහිපත් කරන, පිරිවෙණේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් පියෙකුසේ පුත්‍රස්නේහයෙන් කටයුතු කරන කොළඹ ගෝ්තම තපෝවන කො/ශ්‍රී වංගීස පිරිවෙණේ ගරු කෘත්‍යාධිකාරි ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක ලේඛකාධිකාරි අතිපූජනීය තපෝවනයේ දමිත නාහිමිපාණන් වහන්සේට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් උදෙසා පැවැති උදෑසන කිරිපිඬු සම්බුද්ධ පූජාව
මේ උතුම් පුණ්‍ය කර්මයෙන් ගෞරවණීය තපෝවනයේ දමිත නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ ජන්ම දිනයක් වේවා !
තවතවත් ලෝසසුන් වැඩ වසන්නට නිදුක් නීරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් සැලසේවා!