17/04/2025
Sri Lanka Leadership Training and Personality Development Youth Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Leadership Training and Personality Development Youth Academy, Education, Col 10, Colombo.
17/04/2025
12/03/2025
12/03/2025
Each day of our lives, we make deposits in the memory banks of our children…
Our training camp
03/09/2024
“A dream does not become a reality by magic, It requires sweat, determination and hard work"
with the Dream Force Youth Organization to build children who will win the country tomorrow by socializing this message.❤💛🌼
29/04/2022
නායකත්වය යනු කිසියම් දෙයක් හෝ පිරිසක් පාලනය කිරීමයි. මේ සඳහා පාලනය කිරීමට දෙයක් තිබිය යුතුය.
නායකත්වය ක්‍රම කිහිපයකින් බිහිවේ. එකක් රාජකාරිය නිසා ලැබෙන තනතුරු නිසා නායකත්වය බිහිවේ. බොහෝ විට මේවා කිසියම් කෙනෙකුගේ හෝ ආයතනයක පත්වීම් වේ. මෙහිදී නායකයකුට වඩා පාලකයකු බිහිවීම දක්නට ඇත.
දෙවැන්න ජන සමාජයේ කැමැත්ත මත බිහිවන නායකත්වය වේ. සමිති සමාගම් වල, දේශපාලන කටයුතු වලදී සහ විවිධ සංවිධාන වල නායකත්වයට පත්වීම ජනතා කැමැත්ත මත තීරණය වේ.
තෙවැන්න තමා තමාට නායකයකු වීම. මෙහිදී එදිනෙදා තමන්ගේ කටයුතු නිසි පරිදි පාලනයකින් සිදුකිරීම, තමන්ගේ ජීවිත ඉලක්කකයන් ක්‍රමානුකූලව ගොඩනගා ගැනීම ආදිය ඉතාම වැදගත්වේ.
ඔබට නායකයකු වීමට අවශ්‍ය නම් මුලින්ම නායකත්ව ගතිලක්ෂන තමා තුල පිහිටුවා ගත යුතුය. එම ගතිලක්ෂන අතරින් තමාගේ වැඩ කටයුතු ක්‍රමානුකූලව ඉටුකිරීම, කාලය නිසිපරිදි කලමනාකරණය , අනෙකුත් ආයතන හා පුද්ගලයන් අතර ගනුදෙනු කිරීම ආදිය ඉතා වැදගත්වේ.
නායකයා සෑම විටම සිය අනුගාමිකයා ගැන සොයා බැලිය යුතුය. නායකයකු බිහිවන්නේ ප්‍රජාවක් නිසාය. ප්‍රජාව නැති තැන නායකයකුද නැත. පාලිතයන් නැත්නම් පාලකයකු නොමැත. එනිසා නායකයන් සෑම විටම සිය අනුගාමිකයන් නැතිනම් පාලිතයන් ගැන සිතිය යුතුය.
නායකයා සෑම විටම ඉදිරිගාමී දැක්මක් ඇතිව කටයුතු කල යුතුය. සිය සාමාජිකයන්ට වඩා අනාගතය ගැන සොයා බලන, අදාල සියළු තොරතුරු ගැන අවබෝධයක් ඇති අයෙකුට නායකයකු විය හැකිය.
නායකයා සිය කණ්ඩායමට පිටුපසින් සිටිය යුතුය. මේ ගැන කියද්දී ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූ සුමනදාස සමරසිංහ මහතාගේ අත්දැකීමක් පොතක සටහන්ව තිබුනි. දිනක් කෙනෙක් දුරකථනයෙන් අමතා මෙසේ පවසා ඇත
අමුත්තා - “ඔබ නායකයකු දැයි”
සමරසිංහ මහතා - “ඔවු”
අමුත්තා - “ ඔබ ඉන්නේ කණ්ඩායමට ඉස්සරහින්ද, පිටිපස්සෙන්ද”
සමරසිංහ මහතා - “මා ඉන්නේ කණ්ඩායමට පිටිපස්සෙන්”
අමුත්තා - “ඔබ මහ මීහරක් නායකයෙක්”
සමරසිංහ මහතා - “නෑ ඔබ වැරදියි - මීහරක් නායකයා යන්නේ ඉදිරියෙන්, මම යන්නේ කණ්ඩායමට පිටුපසින්” යනුවෙන් පවසා ඇත.
ප්‍රසිද්ද කියමනක මෙසේ සඳහන් වේ. නායකයෝ සිතති, ඔවුන් සිතන්නේ නායකයන් නිසාය
ඔවුන් නායකයන් වී සිටින්නේ සිතන නිසාය”
එනිසා, නිතරම නායකයකු වීමට සිතට දැඩි අධිෂ්ධානයක් ඇතිකර ගන්න.
26/04/2022
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Col 10
Colombo