Sri Seelawansha Dhamma School

Sri Seelawansha Dhamma School 💙💛❤️🤍🧡"අපදාන සෝභිණී පඤ්ඤා - ජීවිතයේ බැබලීම ප්‍රඥාවයි" 💙💛❤️🤍🧡

පින් කැමති සුපිංවත් ඔබ සැමට මෙත් සිත් පෙරටුව සිදුකරන්නා වූ උතුම් ආරාධනාවයි...!
08/07/2025

පින් කැමති සුපිංවත් ඔබ සැමට මෙත් සිත් පෙරටුව සිදුකරන්නා වූ උතුම් ආරාධනාවයි...!

අලුත් අවුරුදු උත්සවයේ කිරි ඉතිරවීම හා ආහාර පිසීම අතිශයින් වැදගත් සංස්කෘතික අංගයකි (ඇතැම් පළාත්වල කිරි ඉතිරවීමකින් තොරව ආ...
13/04/2025

අලුත් අවුරුදු උත්සවයේ කිරි ඉතිරවීම හා ආහාර පිසීම අතිශයින් වැදගත් සංස්කෘතික අංගයකි (ඇතැම් පළාත්වල කිරි ඉතිරවීමකින් තොරව ආහාර පිසීම පමණක්ද කෙරේ). කිරි ඉතිරිවීම කරන්නේ නම් පොල්කිරි හෝ එළකිරි යෙදවේ. සම්ප්‍රදායට අනුව නැවුම් මුට්ටියක් යොදා ගැනෙයි. මෙම චාරිත්‍රයේ වැදගත්ම කරුණ නම් කිරි උතුරා යාම සෞභාග්‍යයේ සංකේතයක් වීමයි. කිරි ඉතිරවීමෙන් අනතුරුව ආහාර පිසීම සිදු කෙරෙන පළාත් තිබෙන අතර ඇතැමුන් නැකතට ආහාර පිසීම ඇරඹීම සිදුකරන්නේ කිරිබතක් ලිපේ තබාය.
නොනගතයෙන් පසුව මුල්ම නැකත ආරම්භ වන්නේ ආහාර පිසීමේ අවස්ථාවෙනි. මෙය පැරණි ‘ගිනි දෙවියා පිදීමේ අවස්ථාවේ නව මුහුණුවරක් ලෙසද අර්ථකථනය කළ හැකිය. වෛදිකයෝ ‘අග්නි ගෝස්ත්‍ර’ පූජාව සිදු කළාක් මෙන් හෙළයෝ ළිප් බැඳ ගිනි මොළවා ආහාර පිස ගැනීම නැකතට සිදු කිරීම හරහා, නව වසරේ ආහාර අහේනියක් මතු නොවී නිවෙසට සිරිදුව පැමිණෙන බවට විශ්වාස කරති. මෙම නැකතට අනුව කටයුතු කිරීමේ වැඩි වගකීම පැවරී ඇත්තේ නිවසේ ගෘහණියට ය. එයට හේතුව ළිප ගිනි මෙළවීමේ හා ආහාර පිසීමේ කටයුතු ඇයගේ දෛනික කටයුතුවල ප්‍රමුඛස්ථානයක් ගන්නා කටයුත්තක් වන නිසාය. මෙහිදී ගෘහණිය නියම කර ඇති වස්ත්‍රාභරණවලින් සැරසී නැවුම් වළං මුට්ටිවල නැවුම් ආකාරයට සිදුකිරීම හරහා නව වසරට සුබාසිරි හිමිවන බව ගැමි විශ්වාසයයි.

13/04/2025
බක් මස 14 වැනි සඳුදා පූර්වභාග 03.41 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.
13/04/2025

බක් මස 14 වැනි සඳුදා පූර්වභාග 03.41 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර ඇති සංක්‍රාන්ති සමය වන නොනගතය මේ නමින් හැඳින් වෙයි.මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආර...
13/04/2025

පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර ඇති සංක්‍රාන්ති සමය වන නොනගතය මේ නමින් හැඳින් වෙයි.
මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආරම්භය අතර කාලයේ සුබ නැකැත් නොමැති වෙලාව ‘නොනැකතය’ නම් වෙයි. ‘නැකත් නැත’ යන්න එහි අදහසයි. මෙම අගුණ ඵල සහිත කාලච්ඡේදයේදී වැඩපළ නොකළ යුතු බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.
එසේ වුවද මෙම කාලය පින්කම් හි නිරතවීම උචිත බවද දක්වා තිබේ. මේ නිසාම මෙයට ‘පුණ්‍ය කාලය’ ලෙස අන්වර්ථ නාමයක් ද තබා ඇත. මෙලෙස පුණ්‍ය කර්මයන්හි යෙදීමෙන් ඒ කාලය තුළ ඇතිවිය හැකි අපල උපද්‍රව දුරුකර ගැනීමට හැකිවේ. ගැමියන් සුදුවතින් සැරසී විහාරස්ථානවල ආගමික කටයුතු සමග ඒකරාශි වන අතර, ඒ තුළින් ගම හා පන්සල අතර සම්බන්ධය ද නව ආරයකින් නව වසර තුළ ආරම්භ වේ.

තෙවන වරටත් අප ආදරණීය දුවා දරුවන්ගේ දස්කම් අගයමින් "දහම්සර '24" සොඳුරු සැඳෑවක නිමාව මෙලෙස සනිටුවහන් උන වගයි.
21/02/2025

තෙවන වරටත් අප ආදරණීය දුවා දරුවන්ගේ දස්කම් අගයමින් "දහම්සර '24" සොඳුරු සැඳෑවක නිමාව මෙලෙස සනිටුවහන් උන වගයි.

2025.01.05නව අවුරුද්දේ ශ්‍රී සීලවංශ දහම් පාසලේ ආරම්භක දිනය
11/01/2025

2025.01.05
නව අවුරුද්දේ ශ්‍රී සීලවංශ දහම් පාසලේ ආරම්භක දිනය

Address

ශ්‍රී සීලවංශ දහම් පාසල, ශ්‍රී සාරිපුත්තාරාමය, මාතා පාර, බොරැල්ල
Colombo
00800

Opening Hours

08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Seelawansha Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category