30/12/2025
ලිපි අංක 13 - සංවාදයට
සමහර මිනිස්සු සැපත දැකලා විදලත් නෑ, කොටින්ම මෙ රටින් එළියටවත් ගිහින් නෑ. මම මෙ වෙද්දී රටවල් දහයකට ආසන්නව සංචාරය කරලා තියෙනවා, යුරෝපය ඇතුළුව. ඒ රටවල් වලට ගියාම ලංකාව ගැන මාර විදියට කලකිරෙනවා. පොදු පහසුකම් ගත්තම අපි අහසට පොළොව වගේ ඒ රටවල් එක්ක සන්සන්දනය කරද්දී.හැබැයි මම තව දැක්ක දෙයක් තමයි ඒ රටවල් වල අධ්‍යාපන ක්‍රමයයි ඒ මිනිස්සුන්ගේ විනයයි. ඒ රටවල් වල මිනිස්සු තැන තැන කෙල ගහන්නෙ නෑ.එක එක ඒවා බිම දාන්නේ නෑ.වාහන වල යන අය අනිත් වාහන වලට වගෙම පාරෙ යන පදිකයන්ටත් අවස්ථාව දෙනවා,ගරු කරනවා. මගේ අදහස විදියටනම් මෙ දෙවලුත් බලපානවා රටක දියුණුවට.අපෙ ලංකාව ස්වභාවික සම්පත් සහ දෙශගුණය අතින් හොඳම රටක් දියුණු වෙන්න.වතුර නිකං පොළොවෙන් එනවා,සරු පස,අවුරුද්ද පුරාම අව්ව වැස්ස තියෙනවා, මුතු මැණික්, තව දිගට කියන්න පුළුවන්. මෙවා ඔක්කොම තියෙද්දීත් අපි තවම දියුණු වෙමින් පවතින රටක් නම් අපට වැරදුනෙ කොතනද?
30/12/2025
ලිපි අංක 19
කෘත්‍රිම බුද්ධියෙන් (Artificial intelligence- AI) ලොකයේ වැඩිපුරම බලපෑමට ලක්වු රැකියාවන් 10
1.පාරිභෝගික සේවාව (Customer service)
2.ගබඩා සේවකයින් (Warehouse workers)
3.ලිපිකරුවන් සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලය (Clerks & Operational staff)
4.දුරකථන ක්‍රියාකරුවන් (Telephone operators)
5.මුදල් අයකැමියන් (Teller/cashier)
6.ක්ෂණික ආහාර කඩවල සේවකයින්(Fast food workers)
7.පිඟන් සෝදන්නන් (Dish washers)
8.එකලස් රේඛා පරීක්ෂක (Assembly line inspector)
9.කුරියර් සෙවකයන් (Couriers)
10.ටෙලි විකුණුම්කරුවන් (Telemarketer / telesales)
ඔබේ රැකියාව කෘත්‍රිම බුද්ධියෙන් (AI) මගින් නැති වෙදැයි ඔබ සිතන්නේ නම්...
එය AI මගින් ඉදිරියේ දි නැති වෙයි.
අනාගත රැකියා පුරප්පාඩු බහු කුසලතා (multi skilled/multi tasking) ඇති අයට පමණක් හිමි වේවි.
ඔබගේ එක් රැකියාවෙන් පමණක් විශේෂඥයෙකු වීම විශිෂ්ටයි, නමුත් විවිධ ක්ෂේත්රවල පුළුල් දැනුමක් තිබීම වඩා වැදගත් වේවි.
ඔබගේ කුසලතා දියුණු කරගන්න. ඔබේ මානව සබඳතා වැඩි දියුණු කරන්න.
මොකද මිනිස්සුන්ට ඕන මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න.
බලා නොසිටින්න. ඔබත් කෘත්‍රිම බුද්ධියෙන් ආදෙශනයක් නොවන්න. අදම ඔබගේ කුසලතාවයන්,සුදුසුකම්,බහු කාර්යය කුසලතා වර්ධනය කරගන්න
30/12/2025
අපි දැන් ඉන්නේ විසිඑක්වන සියවසේ, දියුණු රටවල කිසිම වෘත්තියක් තව දුරටත් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙන්නේ නෑ. ඔබ හොඳ නම්, ඔබයි එයට සුදුස්සා, අපේ රටේත් කිසිම වෘත්තීයක් කිරීමට පිරිමියෙකු හෝ ගැහැනියකු වීම බාධාවක් නොවීය යුතුයි.
පටු මානසිකත්වයෙන් එලියට ඇවිත් හැමෝම මේ විදියට හිතන්න පටන් ගත්ත දවසට මගේ ලංකාවත් දියුණු වේවි
30/12/2025
සිලිකන් වැලී පදිංචි නෑදෑ යුවළක් එක්ක chat එකකදි කියවුන දෙයක් දියුණු රටවල ළමයි proactively MENTOR කෙනෙක් හොයා ගන්නව. නමුත් ලංකාවෙ ළමයි එහෙම නෑ යන්න. ඒ ඉංජිනේරු මහත්තයා intel, නෝනා nVIDIA.
Mentor කෙනෙක් ජීවිතේ ඕනෑම කාලෙක ඕනෑම කෙනෙකුට සිටිය යුතුයි. මට හොඳට තේරෙනව Mentor කෙනෙක් නොහිටපු කාලවල මගේ ජීවිතේ පස්සට ගියා හිටපු කාල වල ඉස්සරහට ගියා කියල. මෙතන වමේ මගේ කලින් mentor කෙනෙක් දකුණේ දැන් මම mentor වුන කෙනෙක්.
Mentor කෙනෙක් corporate life එකේ දී විතරක් නෙමෙයි ජීවිතේ හැම අවස්ථාවකදිම ඉස්සරහට යන්න උදව් වෙනවා. කොටින්ම වැඩ කරන විදියේ ඉඳන් කන බොන හැටි ටොයිලට් එකට යන හැටි වෙනකන් mentoring වලින් ලැබෙනවා. finishing school, grooming class කියන ඒවා දැන් outdated.
ජීවිතේ එක කාලෙක mentor වෙන කෙනෙක් අපි ඊළඟ ලෙවල් එකට යද්දී outdated වෙයි. එතකොට හැමතිස්සෙම තමන්ට වඩා ඉහළ තත්වෙක ඉන්න කෙනෙක් හොයාගන්න ඕන. ඉහළ තත්ත්වය යනු මුදල් හෝ බලය නෙමෙයි. තව නරක දෙයක් ලංකාවේ වීරයෝ වෙලා තියෙන්නේ එක්කෝ දේශපාලන ආගමික, කලා නායකයෝ වීම. ඒ වගේම ප්‍රතිපත්තියකින් අවංක කමකින් තොරව ඉපයූ මුදල් ලොකු වීම. Idol's ල යනු mentors ල නෙමෙයි!
Mentor වෙන කෙනා physical contact, පෞද්ගලික හැඳුනුම්කමක් තියෙන කෙනෙක් විය යුතුයි. එහෙම නැත්නම් ඔබව තේරුම් ගන්න ඔහුට අමාරු වෙයි.
මුලින් දෙමාපියෝ mentor උනාට පාසල් අවධියට යනකොට ඒක හරියන්නෙ නෑ. දැන් ළමයි පිළිගත් ආයතනයක රැකියාවට නොගිහින් මුල ඉඳලම ව්‍යාපාරිකයෝ වෙන්න දැඟලීමෙනුත් ඒ අයට Mentor කෙනෙක් හොයාගන්න තියෙන අවස්ථා නරක විදියට මග ඇරෙනවා.
Mentors ල ඉබේ ලැබෙන්නෑ, ඊට මහන්සි විය යුතුයි, සොයා ගත යුතුයි.
13/04/2023
12 වෙනිදා ලංකාවේ හුගක් අය නිවාඩු,විශේෂයෙන් රජයේ ආයතනයකට ගියොත් වැඩක් කරගන්න හරිම අමාරුයි.අවුරුදු සමරන්නේ නැති අයත් නිවාඩු.සමහර අය 7 වෙනිදා ඉදලා නිවාඩු, ආපහු වැඩට එන්නේ එක්කෝ 17 නැත්නම් 20, සමහරු කැලැන්ඩරේ දවස් තුනක් නිවාඩු එනකම් ඉන්නෙ සිකුරාදා හරි සදුදා හරි තව නිවාඩුවක් දාන්න,ඊට පස්සේ කියනවා ලංකාව කවදාවත් හදන්න බෑ,ගොඩගන්න බෑ, නාස්තිය වැඩියි, දූෂණය වැඩියි,මහන්සි වෙන තරමට කිසි දෙයක් හම්බෙන්නේ නෑ කියලා.
හැබැයි මෙහෙ ඩිප්ලෝමා එකක්වත් කරන්න හිතපු නැති අය ස්ටඩි වීසා දාගෙන කොහෙ හරි රටකට පැනලා,උදේ ඉදන් යුනිවර්සිටිත් ගිහින්, රස්සාවල් දෙක තුනකුත් කරලා පැය හතරයි දවසටම නිදාගන්නෙ ,ඊට පස්සේ කියනවා ඒ රටවල් මාර දියුණුයි කියලා,මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වුනා නම් කොයි රටත් දියුණු කරන්න පුළුවන් 😊
30/12/2022
ලිපි අංක 18
මෙම රූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට ජපානයේන් ඉතාමත් සුළු පොළි අනුපාතයකට ලැබෙන්න තිබුන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියයි.රුපියල් බිලියන 48ක මෙම ණය මුදල ඉතා සහනදායී නියමයන් සහ කොන්දේසි මත පිරිනැමීමට නියමිතව තිබුණා. (වසර 40 ක ආපසු ගෙවීමේ කාලය,වසර 12 ක සහන කාලය සහ වාර්ෂිකව 0.1% පොලී අනුපාතය මත)
මෙම ව්‍යාපෘතිය නැති කරගත් නිසා අපට අහිමි වුණු වාසි කිහිපයක් පහතින්
වැඩිදියුණු වන පොදු ප්‍රවාහනය: LRT පද්ධතිවලට විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල විශ්වාසනීය සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන මාධ්‍යයක් සැපයිමට හැකිය.එමගින් මාර්ග තදබදය අඩු කිරීමට සහ මාර්ගයේ මෝටර් රථ සංඛ්යාව අඩු කිරීමෙන් වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.
ආර්ථික සංවර්ධනය: LRT පද්ධති මඟින් මිනිසුන්ට රැකියා, අධ්‍යාපනය සහ වෙනත් අවස්ථා වෙත ප්‍රවේශ වීම පහසු කිරීම මගින් ආර්ථික සංවර්ධනය උත්තේජනය කළ හැක. ව්‍යාපාර සහ සංචාරකයින් ප්‍රදේශයකට ආකර්ෂණය කර ගැනීමටද මෙය යොදා ගන්න තිබුණා.
සංචලනය වැඩි කිරීම: LRT පද්ධතිවලට මෝටර් රථයකට ප්‍රවේශය නොමැති හෝ වයෝවෘද්ධ හෝ ආබාධිත වැනි රිය පැදවීමට නොහැකි පුද්ගලයින් සඳහා සංචලනය වැඩි දියුණු කළ හැක.
පාරිසරික ප්‍රතිලාභ: LRT පද්ධති විදුලි බලයෙන් බලගැන්විය හැකි අතර, පොසිල ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමවලට සාපේක්ෂව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට උපකාරී වෙනවා.
ජීවන තත්ත්වය: LRT පද්ධතිවලට පහසු සහ සුවපහසු ප්‍රවාහන විකල්පයක් ලබා දීමෙන් සහ වඩාත් ඇවිදීමට සහ ජීවත් වීමට සුදුසු ප්‍රජාවන් නිර්මාණය කිරීමෙන් පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටද හැකි වෙනවා.
ඉඩම් වටිනාකම ඉහල යාම:LRT පද්ධතිවලට ආසන්න සියලුම ප්‍රදේශවල ඉඩම් මිල ඉහල යාමෙන් අනෙකුත් තදාසන්න නොවන ප්‍රදේශයන් වල ඉඩම් වලට හොඳ මිලක් ලැබීම.
නාගරීකරණය: සංවර්ධනය වෙමින් පවතින රටවල, නගර වර්ධනය වන විට වඩාත් කාර්යක්ෂම සහ තිරසාර ගමනාගමන විකල්පයක් ලබා දීමෙන් LRT පද්ධති නාගරීකරණය කළමනාකරණය කිරීමට උපකාරී වෙනවා.
දරිද්‍රතාවය අඩු කිරීම: අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පුද්ගලයින් සඳහා රැකියා සහ වෙනත් අවස්ථා සඳහා ප්‍රවේශය ලබා දීමෙන් LRT පද්ධති දරිද්‍රතාවය අඩු කිරීමටද උපකාරී වෙනවා.
සමාජ ප්‍රතිලාභ: LRT පද්ධතිවලට මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රජාවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ සම්බන්ධ වීමට පොදු අවකාශයක් ලබා දීමෙන් සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කළ හැකි අතර සමාජ හුදකලාව අඩු කළ හැකියි.