Vocational Training Institute

Vocational Training Institute

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vocational Training Institute, Educational consultant, High Level Road, Maharagama, Colombo.

Our aim is to deliver learning opportunities associated with the latest tech aspects; to learners ranging from the school level to the corporate top management level .

14/05/2023

❤️❤️❤️ආදරෙයි ගොඩාක්
තුන් ලෝකයම රැකී...
ඈ මහ පිරිත වැනී...
සසරම අත් නොහරී අම්මා...
ආදර මව්වරුනේ,
මහමායාවරුනේ,
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏

14/01/2022

සැමට සුභ ‍තෛයි‍පොංගල් දිනයක් වේවා....

04/01/2022

උපුටා ගැනිමකි.....
තෝමස් අල්වා එඩිසන්.....
තෝමස් අල්වා එඩිසන් මෙලොව එළිය දුටුවේ, 1847 පෙබරවාරි 11 වන දින, ඇමරිකාවේ මිලාන් නම් ග්‍රාමයේදීය. ඔහුට වයස අවුරුදු 10ක් වෙත්ම සිය නිවසේ පහළ තට්ටුවේ, තම විද්‍යාගාරය සකස් කර ගත්තේය. 1860දී හෙතෙම ඇමරිකාවේත් කැනඩාවේත් විදුලි පණිවිඩ කාර්‍යාලයේ කටයුතු කළේය.
1876දී ඔහු විසින් නිෂ්පාදිත විදුලි පණිවිඩ මුද්‍රණ යන්ත්‍රය විකිණීය. ඉන් ලද මුදලින් නිව්යෝර්ක්හි මෙනෙයේ පාර්ක්හි, තමාගේම විද්‍යාගාරයක් පිහිටුවා ගත්තේය. එහිදී ඔහු කාබන් රෙසිස්ටන් ට්‍රාන්ස්මීටරය සහ ශබ්ද මුද්‍රා යන්ත්‍රය(ග්‍රැමපෝනය) නිපදවීය. මෙය මිනිස් කටහඩ මුද්‍රාගත කොට නැවත ශබ්ද නගා පිටකළ හැකි ලොව ප්‍රථම යන්ත්‍රය විය.
1879දී ඔහු විසින් තවත් විශිෂ්ඨ තම නිර්මාණයක් කළේය. ඒ අද අප කවුරුත් ප්‍රයෝජනයට ගන්නා විදුලි බල්බයයි. 1880දී ඔහු විසින් විදුලි බල්බ 100ක් දල්වා මොක්ලෝ උද්‍යානය ප්‍රථමවරට ආලෝකමත් කරන ලදී. ඔහුගේ සොයාගැනීම් වල මෙය ඉතා සුළු එකක් විය. විදුලි බල්බයෙන් ඒකාලෝක කරන ලද ලොව ප්‍රථම නගරය වූයේ නිව්යෝර්ක් නගරයයි.
ඒ අසිරිමත් දිනය සටහන් වන්නේ 1882 සැප්තැම්බර් 4 වන දින ලෙසටය. එදින රාත්‍රියේ කිලෝමීටර 75ක් දිග කේබල් දමා ප්‍රදේශයේ නිවාස 1000කට අධික ප්‍රමාණයකට ප්‍රථම වරට විදුලිය සපයන ලදී.
1887දී ඔහු නවතම විද්‍යා රසායනාගාරයක් බටහිර ඔරේන්ජ් ප්‍රාන්තයෙහි තනන ලදී. මෙම විද්‍යාගාරයේදී ඔහු කිනෙටොග්‍රාෆ් නමින් ප්‍රථම වරට නිශ්චල ඡායාරූප සදහා සිනමා කැමරාවක් නිපදවන ලදී. මෙම කැමරාවට ඊස්ට්මන් සේයා පටල යොදා ගන්නා ලදී. ඒවා පිරිසිදු කළ පසු සෙනඟ පුදුමයෙන් එය නැරඹීමට පැමිණියහ. මිනිසුන් විසින් එඩ්සන්ව සලකනු ලැබූයේ තාක්ෂණ විද්‍යාවේ විජ්ජාකාරයා වශයෙනි.
1889 දී පැරීසියේදී ඉතා විශාල ජාත්‍යන්තර ප්‍රදර්ශණයක් පවත්වන ලදී. එහිදී වැදගත් සිදුවීම වූයේ ඉතා විශාල ප්‍රමාණයක නව විද්‍යාත්මක සොයාගැනීම් සමූහයක් ප්‍රදර්ශනය වීමත්, ඒවාද එකම මිනිසෙකුගේ සොයාගැනීම් වීමත්‍ය. මේ මහා විශ්මකර්මයා වන තෝමස් අල්වා එඩිසන් පැරීසියේදී ඉතා හරසරින් පිළිගැනුණි.
ඔහුගේ සොයාගැනීම් සහ අයිතිවාසිකම් ප්‍රකාශ කරන නිෂ්පාදන 100කට අධික නව නිපැයුම් සංඛ්‍යාවකට ඔහු “පේටන්ට්” බලපත්‍ර අයිතිය ලබා තිබුණි. මෙතරම් හපන්කමක් කරන්නට ඔහුගේ කුඩාකල සිටම තිබූ අධිෂ්ඨානය බලපෑවා විය හැක. මන්ද, ඔහුට එදා අවශ්‍ය සියලුම දේ ලබා දීමට තම මෑණියන් කටයුතු කළාය. ඇය ගුරු වෘත්තියේ යෙදී සිටියාය. කුඩා කාලයේ තම පරියේෂණයන් සදහා තමාම මුදල් සොයා ගත යුතුයැයි ඔහුගේ බලාපොරොත්තුව විය. ඒ අනුව ග්‍රෑන්ඩ් ට්‍රන්ක් දුම්රිය මාර්ගයේ පෝට් පියුරෝස් සහ ඩිට්‍රොයිට් අතර දිවෙන දුම්රියේ මගීන්ට පුවත්පත් සහ පැණිරස කෑම විකිණීය. 1861දී ඇමරිකාවේ ඇතිවූ සිවිල් යුද්ධය පිළිබඳව කවුරුත් දැනගැනීමට ආශාවෙන් සිටි නිසා, ඔහු තමා විසින්ම පුවත්පතක් මුද්‍රණය කරන්නට සිතා ඩොලර් 12කට පැරණි මුද්‍රණ අත් යන්ත්‍රයක් මිලදී ගනී. ඔහු ණයට ගත් කඩදාසි යොදා දුම්රියේම සිය මුද්‍රණාලය පිහිටුවා පුවත්පත් මුද්‍රණය කළේය.
ඔහු විසින් එයට ග්‍රෑන්ඩ් ට්‍රන්ක්ස් හෙරල්ඩ් යන නම තැබීය. දුම්රියක් තුළ මුද්‍රණය කළ ප්‍රථම පුවත්පත එය විය. දුම්රිය තුළ කුඩා විද්‍යාගාරයක්ද තනා ගත් ඔහු තමාගේ විවේකයේදී විවිධ පරියේෂණ කරමින් ඒවායේ සටහන් තැබීය.
පුවත්පත් විකිණීමට ගොස් ඇතිවූ අනතුරකින් ඔහුගේ එක් කනක් බිහිරි විය. එපමණක් නොව දුම්රිය තුළ තිබූ තම පරියේෂණාගාරයද ගිණිගත් හෙයින් කෝපවූ නිලධාරීන් දුම්රියේ සිට වෙළදාම් නොකරන මෙන් නියෝග කළේය. රසායනාගාරයේ බඩුද එළියට විසිකර දැමීය. මෙසේ බාධක මැදින් නිපදවූ ටෙලිග්‍රාෆ් යන්ත්‍රය එවකට කොටස් වෙළදපොළේ ප්‍රධානියාට ඩොලර් 3000කට, විකිණීමට උත්සහ කළ විට එහි අගය තේරුම් ගත් ප්‍රධානියා ඒ සදහා ඩොලර් 40000ක් ලබා දුන්නේය. එඩ්සන්ගේ යහපත් කාලය උදාවුනේ එතැන් පටන්ය. කෙසේවෙතත් ඔහු තම ජීවිත කාලයම විද්‍යා පරියේෂණයන්හි නිරත විය. ඔහුගේ ශ්‍රේෂ්ඨ සොයාගැනීම් තිබුණද ඔහු ඉතා මැදිහත්ව සිතන නිරහංකාර පුද්ගලයෙකු විය. ඔහු නිතර කියා සිටියේ මගේ මෙම ඥාන ශක්තිය දිව්‍ය උරුමයක් ලෙස 1% ඉතිරි වුවද ඉතිරි 99% ම තමාගේ දහඩිය මහන්සිය බවයි. මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා 1931 ඔක්තෝබර් 31වන දින අවසන් හුස්ම හෙළීය. ඔහුට ගරු කිරීමක් වශයෙන් 1960දී ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ග්‍රන්ථයට තෝමස් අල්වා එඩිසන්ගේ නාමයද එකතු කරන ලදී.

24/12/2021

උපුටා ගැනිමකි (CCTV Tech Form)

මම දැකපු විදියට සමූහයේ ගොඩක් නවකයන් ඉන්නවා ඒ අයට තියෙන ප්‍රශ්න සහ ඒ අයගේ අඩුපාඩු ටිකක් සරලවම පෙන්නලා දෙන්න මේ පෝස්ට් එක ලිව්වේ.තේරුම් ගන්න පුලුවන් විදියට.ගොඩක්ම පෝස්ට් එක ලියන්න හේතු උනේ මේ ටිකේ සමූහයේ දැක්ක පෝස්ට් ටිකක්.
🤜කැමරා ගහන්න කස්ටමර් කෙනෙක් අහපු ගමන් එකපාරටම ගනන් කියන්න එපා.මුලින්ම යන්න කැමරා ගහන්න ඕන තැනට,ගිහින් එතන නිරීක්ෂණය කරන්න.ඕන වෙන කැමරා මොනවද බලන්න,ගහන්න පුලුවන් තාක්ෂණය මොකද බලන්න(IP/Analog),කස්ටමර්ගේ අවශ්‍යතාවය අහන්න.සේරම බලලා Price list එකක් හදලා කස්ටමර් පෙන්නලා විස්තර කරන්න.ගන්න අඩු කරන්න පුලුවන් දේවල් කියන්න වෙනස් කරලා,වෙන තැනකින් අඩුවට කරනවා කිව්වොත් බය නැතිව කියන්න එතනයි ඔයාගෙයි වෙනස.ගොඩක් වෙලාවට ඒ වගේ අඩු තැනකින් කරගත්තොත් ඒ වැඩේ රෙපයාර් එකක් හරි ආයේ ඔයාට එනවා ශුවර්..
🤜වගකීම් කාලයක් දෙනවා නම් පැහැදිලිව සදහන් කරන්න,පැහැදිලිව කස්ටමර්ට කියන්න.පුලුවන් නම් මාස 6කට සැරයක්වත් පොඩි විසිට් එකක් දාලා බලන්න.ඒත් බැරිනම් අඩුම තරමේ කෝල් එකක් දිලා අහන්න "සර් කැමරා ටික වැඩ නේද කියලා"වත්
🤜ගනන් අඩු කරන්න කියලා Used Hard disk දාන්න එපා.ඒ දාලා Warranty දෙන්නේ කොහොමද?ඔයාට උපරිම උනොත් Used වලට Warranty ලැබෙයි මාස 6ක්.
🤜වයරින් එක ගහලා කැමරා සෙට් කරලා Video ආපු පලියට වැඩේ ඉවර කරන්න එපා.කැමරා ටික හරියට සෙට් කරන්න කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව,Date Time හදන්න,Hard එක Format කරන්න,Recording Settings හදන්න,හදලා Record වෙනවද බලන්න.Default Login Id/Password වෙනස් කරන්න.අලුත් Password/Id කස්ටමර්ට දෙන්න,ඔයත් පුලුවන් නම් පොතක හරි Excel file එකක් හරි Save කරගන්න.
🤜වැඩේ ඉවර උනාට පස්සේ කස්ටමර්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න කොහොමද DVR එක ඔපරේට් කරන විදිය.Record බලන විදිය,Backup ගන්න විදිය වගේ දේවල්.ඒක ඔයාට ලේසි හදිස්සියකදී උනත්.
🤜IP ගහනවා නම් ගහන්න කලින් Networking/ip addressing/NVR ගැන පොඩි හරි අවබොදයක් ගන්න.google එකෙන් ඕනතරම් ගන්න පුලුවන්.(මම මේ ලගදී දැක්කා ip ගහනේ මොන colour code එකද කියලා අහලා තිබ්බා ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්).
🤜වයරින් කරද්දී මොන විදියට කලත්(IP/Analog) හොද කේබල් ගන්න.හොද කේබල් වර්ග ගැන සමූහයේ අයගෙන් අහන්න.එයාලා උදව් කරයි.මුලින් ලාභයක් ගන්න හිතාගෙන අඩුවට තියෙන කේබල් ගන්න එපා.ඒක ඔයාට ඒ වෙලාවට ලාභ උනත් කල් යද්දී රෙපයාර් එකක් ආවොත් ඔයාටමයි පාඩු.අවුරුද්දක් දෙකක් warranty කිව්වාම ආයේ කස්ටමර්ට කියන්නේ කොහොමද කේබල් මාරු කරන්න ඕනේ කියලා?
🤜BNC jack සෙට් කරනකොට පුලුවන් නම් සෝල්ඩර් කරන්න,කරලා හීටි ස්ලීව්ස් දාන්න,වෙලා යනවා තමයි හැබැයි ලෙඩ අඩුයි.හොද jack වර්ගයකින් ගන්න.මොකද ඉරි යන වගේ ප්‍රශ්න වලට ගොඩාක්ම හේතුව තමයි BNC jack වල එන ප්‍රශ්න..
🤜වයරින් එක කරද්දි පිළිවෙකට කරන්න කේසින් පාවිච්චි කරන්න,එලියේ වගේ නම් PVC water pipe දාන්න.වතුර යන්න පුලුවන් තැන් වලට සිලිකන් දාන්න.Flexible hose පාවිච්චිය පුලුවන් තරම් අවම කරන්න බලන්න.වයරින් එක කාලයක් ඩැමේජ් එකක් නොවෙන විදියට කරන්න.
🤜Cabin එකක් දානවා නම් පුලුවන් තරම් උඩකින් සෙට් කරන්න බලන්න.ඒක ආරක්ෂාවට හොදයි.කස්ටමර් ඉල්ලුවොත් විතරක් එයාට ඕන තැනින් සෙට් කරලා දෙන්න.
🤜Camera System එක විදුලිය ගන්න වෙනම ලයින් එකකින්.පුලුවන් නම් බ්‍රෙකර් එකක් හරහා දෙන්න ආරක්ෂාවට.මම ගොඩක් දැක්කා ලගම තියෙන Wall Plug එකෙන් ගන්නවා විදුලිය.එහෙම කරන්න එපා.මේ සේරම හරියට,පිලිවෙලට කරන්න බෑ තමයි අද යන තරගයත් එක්ක.ඒත් ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්න.කස්ටමර්ට කෙලින්ම පැහැදිලි කරලා දෙන්න.තරගෙට නෙමෙයි ඔයා ඔයාගෙම ගමනක් යන්න ඔයාගෙම මිලක් එක්ක.ගනන් වැඩී නෙමෙයි .ගනන් වැඩි උනත් වැඩ සුපිරියි කියන තැන හදාගන්න.සියලුම දෙනාට ජයවේවා.
අඩුපාඩු තියෙනවා කියන්න .පෝස්ට් එක වෙනස් කරමු.මොකද මාත් තාම නවකයෙක්😁
Vikum

24/12/2021

මෙම නත්තලේ ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනාටම නීරෝගීමත්, සතුට, සාමය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරමු.

Registration For CCTV Installer Courses 09/10/2021

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔබත්..
දෙවරක් නොසිතාම සහභාගී විය යුතුම කාලීන වැඩසටහන !
පැයක් වැයකරන්න.. විසදුම් රැසrක් ඔබට ලැබේවි..
ඇත්තෙන්ම...නොමිලේ!
ඔක්තෝම්බර් 10 ඉරිදා රාත්රි 7.00 සිට ඔස්සේ
පහත Link එක මගින් නොමිලයේ පැවැත්වෙන පුහුණුව සදහා දැන්ම ලියාපදිංචි වන්න
https://forms.gle/YDRTHCNCyw1sLL2A7
අදම අමතන්න...
071 216 9980
077 462 1105

Registration For CCTV Installer Courses නොමිලයේ පැවැත්වෙන දැනුවත් කිරීමේ පුහුණුව සදහා දැන්ම ලියාපදිංචි වන්න. CCTV සවිකිරීම හා අළුත්වැඩියාව කිරීමේ පුහුණු ....

08/10/2021

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔබත්..
දෙවරක් නොසිතාම සහභාගී විය යුතුම කාලීන වැඩසටහන !
පැයක් වැයකරන්න.. විසදුම් රැසrක් ඔබට ලැබේවි..
ඇත්තෙන්ම...නොමිලේ!
ඔක්තෝම්බර් 10 ඉරිදා රාත්රි 7.00 සිට ඔස්සේ
පහත Link එක මගින් නොමිලයේ පැවැත්වෙන පුහුණුව සදහා දැන්ම ලියාපදිංචි වන්න
https://forms.gle/YDRTHCNCyw1sLL2A7

අදම අමතන්න...
071 216 9980
077 462 1105


08/10/2021

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔබත්..
දෙවරක් නොසිතාම සහභාගී විය යුතුම කාලීන වැඩසටහන !
පැයක් වැයකරන්න.. විසදුම් රැසrක් ඔබට ලැබේවි..
ඇත්තෙන්ම...නොමිලේ!
ඔක්තෝම්බර් 10 ඉරිදා රාත්‍රි 7.00 සිට ඔස්සේ
අදම අමතන්න...
071 216 9980
077 462 1105



06/10/2021

Video Balloon

Video Balloon ගැන අහල තිබුන නිසා මේ ලිපිය දාන්න හිතුන.
Audio හෝ Video Connection සම්බන්දව කතා කිරීමේදී ඉතාම වැදගත් මාතෘකාවක් තමා Impedance කියන්නෙ.මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මම කෙටියෙන් කියන්නම් වැඩි විස්තර internet එකෙන් බලන්න.

සරලව ගත්තොත් Impedance කියන්නෙ Audio හෝ Video Connect කරන අවස්තාවල ඒකාකාරීව පවත්වා ගත යුතු Resistance (ප්‍රතිරෝදයක්) . මේක මනින්නෙත් ඕම්ස් (Ohms) වලින්මයි. Impedance ඒකාකාරීව පවත්වා ගත්තොත් Audio හෝ Video වල උපරිම Quality එක ගන්න පුලුවන්.
හරි, අපි බලමු Impedance එක CCTV වලට අදාල වෙන්නෙ කොහොමද කියල. CCTV Camera වල Video Out එකේ Impedance එක ඕම්ස් 75 (75 Ohms) වෙනව. DVR එකේ Video Input එකත් ඕම්ස් 75 (75 Ohms) වෙනව. 3C2V cable එකත් ඕම්ස් 75 (75 Ohms) කියල මතක් වෙනව නම් වැඩේ තේරෙන්න ඇති.ඒ කියන්නෙ Camera,DVR,Cable යන තුනම Impedance එක ඕම්ස් 75.මේකේ Result එක තමා Quality Picture එකක් ලබා ගන්න පුලුවන් වීම.

හරි, දැන් අපි බලමු CAT5/CAT6 Cable ගැන. CAT5/CAT6 Cable Pair එකක Impedance එක ඕම්ස් 100 හැටියට තමා සලකන්නෙ. ඔන්න දැන ප්‍රශ්නයක් එනව, Camera,DVR දෙකම Impedance එක ඕම්ස් 75 යි Cable Impedance එක ඕම්ස් 100. Impedance එක සමාන නැහැ. මේ වැඩේ කරල දෙන්න තමයි “Video Balloon” පාවිච්චි කරන්නෙ. Video Balloon එකෙන් කරන්නෙ Impedance (Match) කිරීමක්. සමාන කිරීමක්. දැන් එතකොට නැවතත් Impedance සමානයි, Quality Picture එකක් ගන්න පුලුවන්.
3C2V cable එකකට දෙපැත්තට BNC දෙකක් Connect කරල ගත්තාම ඒක Independent Cable එකක්. (නිදහස් Cable එකක්) CAT5/CAT6 cable එකකට දෙපැත්තට Video Balloon දෙකක් Connect කරල ගත්තාම ඒක Independent Cable එකක් වෙන්නෙ නැහැ. Video Balloon වල Quality එක මත වෙනස් වෙනවා. මම හිතන්නෙ පැහැදිලි ඇති.

උපුටා ගැනීමකි...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


High Level Road, Maharagama
Colombo
10280