20/03/2023
පසුගිය 07 වනදා තුම්මුල්ලදී පැවැත්වුනු විරෝධතාවයක් විසුරවා හැරීමට යයි පවසමින් කොළඹ විශ්ව විද්‍යාලය තුල අධ්‍යයනය ලබමින් සිටි සිසුන්ට සහ එහි සේවය කරමින් සිටි ආරක්ෂ අංශ ඇතුලු පිරිසට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කල කදුලු ගෑස් ප්‍රහාරයෙන් පසුව විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ සාමාජිකයෙක් මියයාම වසන් කිරීමට යම් උත්සාහයක් දියත් විය.
ඒ සියළු උත්සාහයන් යටපත් කරමින් මියගිය පුද්ගලයාගේ දියණිය, බිරිද ඇතුලු පිරිස අධිකරණයේදී කල සාක්ෂි දීමත් සමග ඉදිරිපත් වූ කරුණු සම්බණ්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන කරන වාර්ථාකරණය.
තවද
ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය මරණයක් ලෙස පෙන්වීමට උත්සාහ කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂකයාගේ මරණය සැක සහිත බවට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්කි ඉදිරිපත් විය. *කොළඹ විශ්ව විද්‍යාලයට කඳුළු ගෑස් එල්ල කරන ආකාරය දුටු සියලු දෙනාට මාර්තු 27 දින උසාවියට පැමිණ සාක්කි ලබා දිය හැකිය.*
පොලිසිය හංගන්න හැදූ කඳුළු ගෑස් සාක්කි එළියට ; විශ්ව විද්‍යාල ආරක්ෂකයාගේ බිරිඳ, දුව සාක්කි දෙයි
10/03/2023
කොළඹ විශ්ව විද්‍යාලය තුලට අයුතු ඇතුල්වීම සහ දියත් කරන ලද මර්දනය පිළිබදව විශ්ව විද්‍යාලයීය ශ්‍රාස්ත්‍ර පීඨ ආචාර්‍ය වරුන්ගේ සංගමයේ ප්‍රකාශය
10/03/2023
විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව දියත් කල ප්‍රචණ්ඩත්වය විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන්ගේ සංගමය විසින් හෙලා දකී.
08/03/2023
විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම සදහා රජය විසින් යොදවා තිබූ මහජන බදු මුදලින් වැටුප් ලබන පොලු මුගුරු ගත් හමුදා සෙබලුන්ගේ චායාරූප.
මේ පිලිබදව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය උපරිම නීතිමය පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.
07/03/2023
විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ මූලික ක්‍රමවේදයන් පවා නොසලකා හරිමින් පොලිස් නිලධාරීන් විසින් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල් වීම සහ අධ්‍යයන කටයුතු වල නිරතවෙමින් සිටි සිසුන් ගැන පවා නොතකමින් එල්ල කල නින්දිත ප්‍රහාරය කොන්දේසි විරහිතව හෙලා දකිමු.
19/07/2022
නිවන් සුව ලැබේවා සහෝදරයා...!!🙏🙏🙏😥
https://m.facebook.com/story.php?story_fbid=616817603273722&id=100858118203009
We pray the love for the lost is forever carried in your memory. Rest in peace!
07/07/2022
https://www.facebook.com/169620800251237/posts/1153923065154334/
📌 74 වසරක දූෂිත දේශපාලන ක්‍රමයට තිත තබමු!
📌 ගෝඨා - රනිල් හවුල පරදවමු!
📌 ජනතා අරගලය ජයග්‍රහණයකින් කෙළවර කරමු!
ජූලි 09 ජනතා අරගලය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිට.........
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
#රටමකොළඹට
04/07/2022
ප්‍රේක්ෂකයෝ නොවී - අරගලකරුවෝ වෙමු
09 වෙනිදාට රටම කොළඹට
04/07/2022
ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මහජන පිබිදීමේ ජයග්‍රහණය සනිටුහන් කිරීම උදෙසා ජූලි 09 වනදා මුළු රටම කොලඹ නගරයට රැස්වීමට නියමිතයි.
ජූලි 05 සවස 2.00 ට
ගෝටා - රනිල් තීරණාත්මකව පළවා හැරීමේ ක්‍රියාකාරී සැලැස්ම සහ අවසන් දිනය නිළ වශයෙන් ඉදිරිපත් කිරිම ගෝල්ෆේස් ප්‍රධාන බැරියරය අසලදී වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වනවා.
ජූලි 09 උදෑසන 9.00 ට
මේ අදූරදර්ශී පාලකයන් ගෙදර යැවීම සඳහා සියළුම ශ්‍රී ලාංකිකයන් කොළඹට රැස් වන අතර ගෝඨා - රනිල් පලවා හැරීමෙන් තොරව අපි කිසිම කෙනෙක් නැවත ගෙදර නොයන බව දන්වනවා.
ජනතා වීරයන්ගේ දිනය සමග එක්වන්න අද සිටම සංවිධානය වෙන්න.
සියලු දෙනාම තමන්ගේ Profile Picture විදිහට ජූලි 09 - රටම කොළඹට පිංතුරය Update කරමු 💪
இலங்கை வரலாற்றில் மாபெரும் மக்கள் எழுச்சியின் வெற்றியை குறிக்கும் வகையில், ஜூலை 9 ஆம் திகதி முழு நாடும் கொழும்பில் ஒன்று கூடவுள்ளது.
ஜூலை 05 மதியம் 2:00 மணிக்கு
தொழிற்சங்கங்கள், வெகுஜன அமைப்புகள், சிவில் அமைப்புகள் மற்றும் சமூக ஆர்வலர்களின் பங்கேற்புடன் கோட்டா-ரணில் தீர்க்கமான வெளியேற்றத்திற்கான செயல்திட்டம் மற்றும் இறுதித் தேதி உத்தியோகபூர்வமாக காலிமுகத்திடலின் பிரதான தடைகளத்திற்கு அருகில் நடைபெறும்.
ஜூலை 09 காலை 9.00 மணிக்கு
இந்த தொலைநோக்கு பார்வையற்ற ஆட்சியாளர்களை வீட்டுக்கு அனுப்பிவிட, கோட்டா - ரணிலை விரட்டாமல் நாங்கள் யாரும் வீட்டுக்குப் போக மாட்டோம் என்று இலங்கை மக்கள் அனைவரும் கொழும்பில் ஒன்று கூடி அறிவிப்போம்.நாட்டு மக்களினுடைய வெற்றி நாளில் உங்களை இணைக்க இன்றே தயாராகுங்கள்
ஜூலை 09 - நாடு முழுவதும் கொழும்பிற்கு, என்ற படத்தை அனைவரின் Profile படமாக Update செய்யவும்.
To mark the victory of Sri Lanka's greatest citizen uprising - the entirety of the country is ready to mobilize in Colombo on the 9th of July.
July 5, 2.00 pm
A gathering of trade unions, civil society, and activists will announce the action plan and ultimate deadline to remove Gota-Ranil from power, at the Galle Face main barricade.
July 9th, 9.00 am
All citizens, from every corner of the country will gather in Colombo for our final mass action to send Gota-Ranil home. We wish to iterate that we will not go home until they are chased out of power. We urge you to organize and mobilize in celebration of the citizens victory day.
We ask every Sri Lankan to change their profile picture in support of the July 9th mass action.
11/04/2022
අරගලය තුලින්
මතුවන ප්‍රේමය
එක් වැසියන්ව
එක් සිත්ව
තනන්නට
නැවුම් බර හෙටක්
උප නූපන්
මතු පරපුරකට
මේ සෙනෙහස
පැතිරෙන
ලක් මෑණිය සුරකිමු
පණ පුදා...❤🇱🇰
අවිහිංසාවාදී නිවහල්
අරගලයට ජය🔥✊