04/07/2026
Law Help - Sri Lanka
නීති විද්‍යාල / විවෘත විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීම 🩷
04/07/2026
28/06/2026
18/06/2026
🩷
11/06/2026
🥴
08/02/2026
අද තිබුණු LLB entrance එකේ GK ප්‍රශ්න ටික 🩷
උපුටා ගැනීම - Chanuka ගේ කමෙන්ටුවෙන්
23/01/2026
ජපුරේ අපරාධ යුක්තිය හා විශෝධනය එක් අවුරුදු ශ්‍රාස්ත්‍රපති උපාධි පාඨමාලාව
17/01/2026
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගන්නේ කොහොමද ?
ඔයා දන්නව ද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයට අදාළ ව නීති අධ්‍යන අංශයක් තියෙනව කියලා. ඔව් එහෙ ම එකක් තීනවා. ඒක ට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ Department Of Legal OUSL කියලා. ඔයාට මේ Legal Department එකෙන් LLB ( Hon's ) Degree එකක් ගන්න පුලුවන්. ඒ කිව්වේ නීතිවේදී ගෞරව උපාධියක් ගන්න පුලුවන් කියන එක ගැන.
කට කැඩෙනකල් කිව්වත් සමහරු තාම අහනවා Ousl එක කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක් ද කියලා. හනේ කොච්චර කියන්න ද රත්තරනේ මේක රජයේ විශ්වවිද්‍යාලයක් - ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 16 අතරේ තියෙන විශ්වවිද්‍යාලයක්. කලින් නම් ලංකාවේ විශ්වවිද්‍යාල ලැයිස්තුවේ 9 වන තැන ලැබුණේ OUSL එකට. ඒත් දැන් නම් තියෙන්නේ 12 වැනි තැන.
OUSL ( විවෘත විශ්වවිද්‍යාලය ) මගින් ඔයාට වසර හතරක LLB ගෞරව උපාධියක් කරන්න පුලුවන්. තමන්ගේ උත්සාහය තියෙනව නම් මේක වසර හතරෙන් අවසන් කර ගන්න පුලුවන් කියලා ousl එකේ ඉගෙන ගන්න නීති විද්‍යාර්ථ සොයුරු සොයුරියන් පවසනවා.. ඒ නිසා උපාධිය ඇදෙනව ද ඇදෙනව ද අහන්න එපා. වටින දේවල් ලබා ගන්න ලේසි නෑ කැපවීම් සහ කැපකිරීම් කරන්න වෙනවා ඒව ලබා ගන්න.
මේ උපාධිය සිංහල / ඉංග්‍රීසි / දමිළ යන මාධ්‍ය තුනෙන් ම තියෙනවා. එක එක ප්‍රදේශ අනුවයි ඒක තීරණය වෙන්නේ ( භාෂාව ) සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි.
දැන් අපි බලමු මේ කැම්පස් එකට ඇතුල් වෙන්නේ කොහොමද කියලා.?
විවෘතයේ බොහෝ උපාධි පාඨමාලා වලට බඳවා ගන්න තරඟ විභාග තියෙනවා. ඉතින් අපි ඒවට ඉදිරිපත් වෙලා ඒ තරඟ විභාග ලියලා විශ්වවිද්‍යාලය තීරණය කරන කඩයිම් ලකුණු ප්‍රමාණය CUTOFF MARKS වලින් තමයි ඇතුළට යන්න වෙන්නේ.
වරක් ISLAND පදනම මත ගත්තා | ඊට පස්සේ Center Vice ගත්තා. ( ඒ කියන්නේ එක සෙන්ටර් එකකට බඳවා ගන්නේ මෙච්චරයි කියලා එයාලා නිශ්චිතව ම කිව්වා. ඒ අනුව තමයි LLB උපාධියට බඳවා ගත්තේ..
ඉතිං LLB වලට බඳවා ගන්න තියෙන තරඟ විභාගය හඳුන්වන නම තමයි LLB entrance exam කියන්නේ. මේ exam එක ලියන්න උසස් පෙළ ඕනෑ ම විෂයය ධාරාවකින් ඕන ම වරකදී ( ඒ කිව්වේ තුන , හතර , පහ හෝ සීය උනත් කමක් නෑ ) S3 ක් ඔයාට තියෙනව නම් ඒ හොඳට ම ඇති.
ඉංග්‍රීසි / සිංහල C අවශ්‍යය නෑ කොටින් ම කියනව නම් සා.පෙළ අවශ්‍යය ම නෑ. සැ.යු ÷ මම මේ කියන්නේ OUSL LLB degree එක කරන එක ගැන විතරයි...
හරි ඔයාට උසස් පෙළ S3 තියෙනව නම් තව මාස කිහිපයකින් මේ entrance exam එකට Application Call කරනවා. ඒකට ඉදිරිපත් වෙලා විභාගය ලියලා සමත් වෙන්න පුලුවන්. ඇප්ලිකේෂන් සඳහා ගිය වසරේ නම් රු. 5000/= බඳින්න වුණා. මේ වසරේ ඊට වැඩි මිසක් අඩු නම් වෙන එකක් නැ.. වැඩි කළොත් ඉතිං දුප්පත් ළමයින්ට අබ සරණයි. 😒
ඉතින් දැන් ඔයා විභාගයට ලියාපදිංචි වුණානේ. ඊට පස්සේ ඉතිං උඩ බලන් ඉඳලා වැඩක් නෑ. හොඳින් විෂයයන් හතර පාඩම් කරන්න ඕනා.
✅ සාමාන්‍ය දැනුම ( one hour )
✅ සාමාන්‍ය බුද්ධිය ( one Hour )
✅ සිංහල භාෂා අවබෝධය ( පැයයි )
✅ English Language ( One hour )
විෂයයන් හතරට පැය හතරයි. ගිය වසරට කලින් නම් සාමාන්‍ය දැනිම ප්‍රශ්න පත්‍රයක් තිබුණේ. නෑ ඒත් ගිය අවුරුද්දේ එකපාරට ම මෙයාලා සාමාන්‍ය දැනුම පේපර් එකක් දැම්මා. මේ අවුරුද්දේ මොකක් කරයි ද කියලා හිතා ගන්න බෑ. OUSL එකේ මේ LLB Entrance exam එකට පේපර් හදන අය හරිම ගූඪයි. හිතා ගන්න බැ.
ඉතින් මේ විෂයයන් හැම එකට ම ලකුණු 100 බැඟින් දෙනවා. මුළු ලකුණු ගාණ 400 යි. මේ හාරසීයෙන් වැඩි ම ලකුණු ගන්න අය තමයි උපාධිය සඳහා තෝරා ගන්නේ. මම උඩ කිව්වා වගේ එක එක සෙන්ටර් වල එක එක Cutoff තිබුණේ. ඒ ලකුණු මට්ටම පහු කරන අය තමයි උපාධියට ගන්නේ.
උදාහරණයක් විදිහට කොළඹ ගිය වසරේ Cutoff එක 256 යි වගේ මතක. 255 ගත්ත අයත් ඉඳියා එයාලා අහු වුණේ නෑ...ඔන්න විභාගයේ බඳවා ගන්න ආකාරය 🤗
හැබැයි පොඩි දෙයක් තීනවා මේකත් කියන්න ම ඕනා. ඔයා ට entrance exam එක ඔයා කැමති භාෂාවකින් කරන්න පුලුවන්.. එහෙම තෝර ගන්න භාෂාවෙන් ම තමයි ඔයාට උපාධියත් අවුරුදු හතරේ ම ඉගෙන ගන්න වෙන්නේ.
උදාහරණයක් - අපි හිතමු ඔයා සිංහල තෝර ගන්නවා කියලා entrance exam මාධ්‍ය ලෙස. එතකොට ඔයාට LLB උපාධිය කරන්න වෙන්නෙත් සිංහල භාෂාවෙන් තමයි - සිංහලෙන් entrance ලියලා ඉංග්‍රීසි භාෂාවෙන් උපාධිය හදාරන්න බෑ. ඒක නීතියක්.
අනෙක් නීතිය තමයි ගිය වසරේ ousl එක කිව්වා තමන් ට ළඟම LLB degree program එක තියෙන OUSl Center එක තෝර ගන්න කියලා. උදාහරණයක් විදිහට කොළඹ අයට මාතර OUSL එකෙන් උපාධිය කරන්න බෑ එයාලා තෝර ගන්න ඕනා Nawala Open University එක.
මේක දාලා තීන්නේ නම් අපේ අප්පුහාමිලාගේ හොර මගඩි නිසා ම යි. 😏 Cutoff අඩු ම සෙන්ටර් එකක් බලලා අපේ අප්පුහාමිලා ලියනවා ඒ පැත්තෙන් දාලා. ඒක පහු ගිය කාලෙ ම කළ වංචාවක්. හැබැයි ගිය වසරේ ඉඳන් ඒක කරන්න බෑ.
කරන්න බෑ කියලා එකකුත් නැ. ඕන ම සෙන්ටර් එකක් දාලා entrance exam එක ලියන්න පුලුවන් හැබැයි ලියලා විභාගේ පාස් වුණා ම තමයි වැඩේ තීන්නේ. මොකද තමන් ඉන්න ප්‍රදේශය බලනවා ඡන්ද හිමි නාමලේඛනය බලනවා. එතකොට වංචාවක් කළා කියලා අහු වෙනවා. එහෙ ම වුණා ම අපරාදේ. ඒ නිසා වංචා නොකර තමන් ට ළඟම සෙන්ටරේ හොඳම සෙන්ටරේ කියලා හිතලා හිත හදන් විභාගේ ලියමු...
( මෙව්වා ඉතිං එක එක අවස්ථාවල වෙනස් වෙනවා. කියලත් මතක තියා ගන්න. ) අතිශය සාධාරණ හේතු මත මේ නීති තරමක් ලිහිල් කර ගන්න පුලුවන්
ඔන්න ඉතිං දෙයියනේ කියලා ඔයා LLB entrance පාස් වුණා ම අවුරුදු 4 ක උපාධිය කරලා ඉවර වෙනවා.
නමුත් ඔයාට එහෙ ම නීතීඥයෙක් වෙන්න බෑ. ඔයා අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය සඳහා පෙනී සිටින්න ඕන. ඒක පාස් වුණා ම තවත් අමතර පොඩි පොඩි දේවල් ටිකක් තීනවා ඒ දේවල් කර ගත්තා ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවනීය නීතීඥ මහත්මයෙක් , මහත්මියක් වශයෙන් දිවුරුම් දීලා වැඩ ආරම්භ කරන්න පුලුවන්.
සැ.යු - : Law College එකට යන්න නම් අවම උසස් පෙළ CCS සහ සා.පෙළ ඉංග්‍රීසි C සිංහල C බලනවා. මේ සුදුසුකම් ඔයාට නෑ නම් ඒක ඉක්මනින් හදා ගන්න. මොකද ඕපන් යුනි එකට මේවා ඕන නැති වුණාට Law College යනකොට මේ සුදුසුකම් ඕනා. 😀👇
ඔන්න මම නොදන්න අයට සරල ව කරුණු පැහැදිලි කළා. තව නො දන්න දෙයක් තියේ නම් පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඔබ සියලු ම දෙනාට LLB Entrance ඉහළින් ම සමත් වෙන්න හැකි වේවා'යි ප්‍රාර්ථනා කරමි. අලුත් තොරතුරු දැන ගන්න. Law Help - Sri Lanka එක Follow කරන් යන්න ❤
17/01/2026
🙂
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
Colombo