Sri Lanka Council of Archaeologists

Sri Lanka Council of Archaeologists This is the official page of the Sri Lanka Council of Archaeologists.

07/07/2026
SLCA AGM Minutes - 2025
25/03/2026

SLCA AGM Minutes - 2025

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවෙන් ප්‍රදානය කරනු ලබන සාමාජිකත්ව සහතික පත්‍ර හා සාමාජික හැඳුනුම්පත් පහත ලේඛනයෙහි නම් සඳ...
12/03/2026

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවෙන් ප්‍රදානය කරනු ලබන සාමාජිකත්ව සහතික පත්‍ර හා සාමාජික හැඳුනුම්පත් පහත ලේඛනයෙහි නම් සඳහන් ඔබ විසින් මේ වන තෙක් ලබාගෙන නොමැත. එබැවින් එම සහතික සහ හැඳුනුම්පත් 2026.05.31 දිනට පෙර අදාළ සාමාජික ගාස්තු ගෙවා හෝ ගෙවන ලද බවට වන තහවුරුව සමග සතියේ සඳුදා දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණ ලබාගන්නා මෙන් දැනුම් දෙමු. අදාළ කාලයෙන් අනතුරුව කිසිඳු ආකාරයකින් පසුගිය සහතික පත් හෝ හැඳුනුම්පත් නැවත නිකුත් නොකරන බවද කාරුණිකව දන්වා සිටිමු.
(මෙම දැනුම්දීම සභාවේ පසුගිය සහතික පත්‍ර හා හැඳුනුම්පත් සඳහා පමණක් අදාළ වේ.)

සභාවේ අණ පරිදි
සම ලේකම්වරු

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව වෙත සාමාජික ඔබ විසින් යම් ලිපියක් යොමු කරන්නේනම් එය තැපෑලෙන් හෝ අපගේ නිල විද්‍යුත් තැප...
10/03/2026

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව වෙත සාමාජික ඔබ විසින් යම් ලිපියක් යොමු කරන්නේනම් එය තැපෑලෙන් හෝ අපගේ නිල විද්‍යුත් තැපෑලට යොමු කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේ නොමැතිව ඔබ විසින් පාලක සභාවේ සමාජිකයන්ගේ පෞද්ගලික විද්‍යුත් තැපෑලට, whatsapp වෙත හෝ මුහුණුපොතට එවනු ලබන ලිපිවලට පෞද්ගලිකව ප්‍රතිචාර දැක්වීම සිදුකිරීම අපහසුය.

එමෙන්ම බහුතර සාමාජික සංඛ්‍යාවක් විසින් එකම ලිපිය වැඩි වාර ගණනක් අප වෙත යොමු කිරීමෙන් වළකින ලෙස කාරුණිකව දැනුම් දෙමු.

මෙයට,
සම ලේකම්වරු.

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් නිර්මාණය කරවා සාමාජිකයන් සඳහා පමණක් ම ලබා දෙනු ලබන ටී ෂර්ට් එක ඔබට දැන් මිලදී ග...
26/02/2026

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් නිර්මාණය කරවා සාමාජිකයන් සඳහා පමණක් ම ලබා දෙනු ලබන ටී ෂර්ට් එක ඔබට දැන් මිලදී ගත හැකිය. ඔබ ටී ෂර්ට් මිලදී ගන්නේ නම් ඔබට අත්තිකාරම් ගෙවා එය වෙන් කරගත හැක. මෙය සියළුම සාමාජික කාණ්ඩවල සාමාජිකයන් සඳහා ලබාගත හැකිවේ. එමෙන්ම එක් සාමාජිකයෙකුට ටී ෂර්ට් එකක සිට උපරිමය 4 ක් දක්වා ප්‍රමාණයක් ලබාගත හැකිය. ටී ෂර්ට් පිළිබඳව සියළු තොරතුරු පහත දක්වා ඇති අතර එහි ඡායාරූප ද ඔබට නැරඹිය හැකි වේ. එම තොරතුරු පරික්ෂා කොට ඔබගේ ඇණවුම ඉක්මනින් ලබා දෙන්න. ටී ෂර්ට් ඇණවුම් කිරීම සඳහා ඒ වෙනුවෙන් සකස් කළ google පෝරමය සම්පූර්ණ කොට ඔබ වෙත ලබා දී ඇති ගිණුම් අංකයට අත්තිකාරම් මුදල ගෙවා එම ලදුපතෙහි ඡායාරූපයක් ද සමග අප වෙත යොමු කරන්න. ලදුපතෙහි ද ඔබගේ නම සහ සාමාජික අංකය සඳහන් කරන්න.

පහත සබැඳිය මගින් google පෝරමය වෙත ප්‍රවේශ විය හැකිය.

You can now purchase the T-shirt designed by the Sri Lanka Council of Archaeologists and provided exclusively to members. If you purchase the T-shirt, you can reserve it by paying in advance. This is available to members of all membership categories. Also, each member can get from one to a maximum of 4 T-shirts. All information about the T-shirt is given below and you can also view its photos. Check the information and place your order quickly. To order the T-shirt, complete the Google form specially prepared for it, pay the advance amount to the account number provided to you and send it to us along with a photo of the receipt. Also you must mention your name and membership number on the receipt.

You can access the Google form through the link below.

https://docs.google.com/forms/d/e/1FAIpQLSevFLs-wuqfx8H9p5bPbQz7O3XH8ED8BPpbNm_hiCFC89wDLg/viewform?usp=dialog

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සාමාජික හැඳුනුම්පත් සඳහා මෙවර ලැබී තිබූ ඡායාරූප හා තොරතුරු අතරින් නිවැරදි ප්‍රමිතියකි...
26/02/2026

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සාමාජික හැඳුනුම්පත් සඳහා මෙවර ලැබී තිබූ ඡායාරූප හා තොරතුරු අතරින් නිවැරදි ප්‍රමිතියකින් යුතු ඡායාරූප සහිතව සම්පූර්ණ තොරතුරු එවා තිබුණේ ඉතා අවම ප්‍රමාණයකි. වැඩි ඡායාරූප ප්‍රමාණයක් ම සුදුසු නොවන බැවින් තෝරා නොගත් අතර සම්පූර්ණ විස්තර සඳහන් නොවන ඒවා ද තෝරා නොගැනීමට හේතුවිය. මේ සඳහා ඔබගේ හැඳුනුම්පතෙහි සඳහන් විය යුතු නම, සාමාජික කාණ්ඩය, SLCA අංකය (ඔබගේ සහතිකයේ serial number) ජා.හැ. අංකය හා හැඳුනුම්පත් ගාස්තුව ගෙවන ලද ලදුපත ද ඇතුළත් කොට තිබීම අනිවාර්ය වේ. මේ දක්වා අයදුම් කොට මුදල් ද ගෙවා තිබෙන අය ඉහත ආකරයෙන් ඔබගේ ඡායාරූප හා තොරතුරු අසම්පූර්ණනම් ඉතා කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු.

සාමාජික අනු කමිටුව,
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව.

The information and photographs received for the membership ID cards of the Sri Lanka Councill of Archaeologists this time, only a very small number of complete information with photographs of the correct standard were sent. Since most of the photographs were not suitable, they were not selected, and those that did not include complete details were also not selected. For this, it is mandatory to include the name, membership category, SLCA number (serial number of your certificate), National Identity Card Number and the receipt of payment of the ID card fee. Those who have applied and paid the money so far are kindly requested to correct your photographs and information as soon as possible if they are incomplete.

Membership Sub-Committee,
Sri Lanka Council of Archaeologists

Address

Department Of Archaeology, Sir Marcus Fernando Mawatha
Colombo
00700

Telephone

+94760757965

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Council of Archaeologists posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Lanka Council of Archaeologists:

Shortcuts

Share