29/06/2025
අපේ බොහොමයක් දෙමාපියන්ට මගේ ළමයා අනික් ළමයින්ට වඩා අදක්ෂයි. ලකුණු අඩුයි කියලා හිතෙන වෙලාවන් තියෙනවා.
ඉස්කෝලේ, Tuition එකේ, හෝ ජීවිතේ වෙනත් තැනක දරුවාගේ ඉගෙනීමේ වේගය අඩුයි කියලා පේන වෙලාවන් තියෙනවා. ගොඩක් වෙලාවට මේක ළමයා විතරක් නෙවෙයි. දෙමව්පියනුත් හිතින් විඳවන කාරණාවක්. 🙁
ගොඩක් වෙලාවට අපි මේ වෙලාවට තීරණේ කරනවා මගේ ළමයට "ඉගෙනීමේ බුද්ධිය අඩුයි", එහෙම නැත්නම් ළමයා ඉගෙනගන්න අකමැති කියලා. නමුත්, යථාර්ථය ඊට වඩා ගැඹුරු වෙන්න පුළුවන්.
🔍 ඇයි සමහර ළමයින්ට ඉක්මනින් ඉගෙන ගන්න අපහසු වෙන්නේ?
ඇත්තටම සමහර දරුවන් ඉක්මනින් ඉගෙන ගන්න බැරි වීමේ හේතු ගොඩක් තියෙන්න පුලුවන්.
🎯 1. බුද්ධි වර්ග සහ ඉගෙනීමේ ක්‍රමවල වෙනස්කම
අපි හැමෝම එක වගේ බුද්ධි මට්ටමක්, හැකියාවන්, හෝ අවධාන තියෙන අය නෙවෙයි. Dr. Howard Gardner විසින් හැදින්වූ "Multiple Intelligences Theory" එක අනුව දරුවන්ට විවිධ බුද්ධි වර්ග තියෙනවා.
කෙනෙක්ට ගණිතමය හැකියාවන් තියෙනකොට තවත් කෙනෙක්ට භාෂාමය, සංගීතයමය හැකියාවන් තියෙන්න පුලුවන්. තවත් කෙනෙක් ශරීරය වෙහෙසන නැටුම්, ක්‍රීඩා වගේ දේකට දක්ෂ වෙන්න පුලුවන්.
මේ වගේ විවිධ බුද්ධි වර්ධන නිසා එකම ඉගෙනුම් ක්‍රමය හැමෝටම ගැලපෙන්නෙ නෑ.
🧠 2. මනෝවිද්‍යාත්මක හේතු
ADHD- මේ වගේ තත්ව යටතේ දරුවෙක්ට අවධානය දිගටම තබාගන්න අමාරුයි. හැම වෙලාවෙම අවධානය වෙනස් වෙන එකට ADHD හේතුවක් වෙන්න පුළුවන්
Dyslexia- මේ තත්වය තියෙන දරුවෙක්ට කියවීමේ, අකුරු හඳුනාගැනීමේ අපහසුතාව තියෙන්න පුලුවන්. මේ නිසා ගොඩක් වෙලාවට ඒ දරුවෝ ඉගෙනගන්න බැරි ලිස්ට් එකට වැටෙන්න ඉඩ වැඩී.
Anxiety එහෙම නැත්නම් ආතතිය, විභාග වලට ගුරුවරුන්ට, දෙමාපියන්ගෙ බලකිරීම නිසා දරුවන්ට
"මට අසාර්ථක වෙන්න බෑ" කියලා ඇති වෙන බය – ඉගෙනීම බාධාවක් වෙන්න පුලුවන්.
🛌 3. ශාරීරික සහ මානසික සෞඛ්‍යය
තවත් වැදගත්ම කොටසක්. හරියට නිදාගන්න බැරිවෙන ළමයින්ගේ මොළය විවේකයක් නොලැබීම, පෝෂණ ඌණතා ( Vitamin B, Iron, Omega-3 fatty acids හිඟවීම ) මත මනස එක දිගටම අවධානයෙන් තබා ගන්න අපහසු වෙනවා.
🏫 4. පාසල් පද්ධතියේ අඩුපාඩු
"එක් ක්‍රමයක් හැමෝටම" – විවිධ ශිෂ්‍යයන්ගේ ඉගෙනීමේ විවිධ හැකියාවන් නොසලකා හැරීම. සමහර දරුවෝ දකින දෙයින් ඉගෙන ගන්නවා සමහරු ඇසීමෙන් ඉගෙන ගද්දී තවත් දරුවෙක් ක්‍රියාකාරීව ඉගෙනගන්නවා. පාසල් පද්ධතිය හැම ළමයටම ගැලපෙන විදියට පවත්වගන්න ගුරුවරුන්ට ඇත්තටම අපහසුයි. ( ඒක අපි තේරුම් ගන්න ඕනේ)
👪 5. ගෙදර වටපිටාව සහ දෙමාපියන්ගෙ හැසිරීම
ගෙදර සන්සුන් පරිසරයක් නැති වීම – ඔයා හැමවෙලාවෙම ළමයට බනිනවා, විවේචනය කරනවා, ගහනවා නම්. අකුරක් වැරදුනත් ගහනවා නම් ළමයට පොත් දකින එකත් එපා වෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. අනිත් එක ඔයාගෙම දරුවෝ කීප දෙනා වුනත් සංසන්දනය කරන්න එපා. ඔයා වුනත් ඔයාගේම සහෝදර සහෝදරියන්ට වඩා වෙනස් කියලා මතක තියාගන්න.
👩👧👦 දෙමාපියන් විදිහට ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනාද?
💡 අඳුනගන්න – ඔයාගේ දරුවා විශේෂයි. අනිත් ළමයි වගේ නෙවෙයි. එයාව තේරුම්ගන්න පුලුවන්,තේරුම් ගන්න ඕනේ ළඟම කෙනා ඔයා. දරුවගේ හැකියාවන්, කැමැත්ත, සහ මනස අවබෝධ කරගන්න. එයා ඉගෙනගන්න විදිය තේරුම් අරන් ඒ විදියට කියලා දෙන්න උත්සාහ කරන්න.
🫶 ආදරය, සහයෝගය, සහ ඉවසීම දරුවාට අවශ්‍යයි.
🎨 ඉගෙනීම රසවත් කරන්න. කතා, සෙල්ලම්, සිත්ගන්නාසුළු ක්‍රම පාවිච්චි කරන්න– එයා කැමති විදියට උගන්වන්න. හවසට ගෙදරදී දරුවා එක්ක ඉගෙනගත්ත දේවල් කතා කරන්න.
🧏♀️ දරුවට ඇහුම්කන් දෙන්න. "මට මෙක අමාරුයි", "මම මේකට කැමතියි", "මට තේරෙන්නෙ නෑ" කියන වචන තේරුම්ගන්න.
🧘 ආතතියක් නැති පරිසරයක් – දරුවා අසාර්ථක වුණත්, ඒත් ආදරය දෙන්න, උදව් කරන්න, උත්සාහ කරන්න පුළුවන් කියලා දැනෙන්න දෙන්න.
🔁 සන්සුන්ව ආයෙ ආයෙත් එයා එක්ක වැඩ කරන්න. ඉගෙනීමේ ක්‍රම වෙනස් කරන්න. අවශ්‍ය නම් Child Psychologist හෝ Educational Counselor කෙනෙක්ගේ සහය පතන්න.
🕊️ අන්තිමට මතක තබා ගන්න – ඔයා ඉගෙනගත්ත විදිය මතක් කරන්න, අනික් අය වගේම අකුරු ලියන්න, ලකුණු ගන්න ඔයාටත් පුලුවන් වුනාද කියලා මතක් කරගන්න.
ඔයාගේ ආදරයම දරුවගේ හැකියාවට පඩිපෙලක් කරගන්න 💖
📌 අපේ ළමයින්ට, ඔවුන්ගේම වේගයෙන්, ඔවුන්ගේම විදියට ඉගෙන ගන්න ඉඩ දෙමු.
සෙලනි පෙරේරා
මේ වගේ පෝස්ට් කියවන්න SPELL BEE - With Selani Teacher
මගේ පේජ් එකත් එක්ක එකතු වෙන්න.