17/08/2021
ශ්‍රී ලංකාව මූලික ආහාර අවශ්‍යතාවය සඳහා දැරිය නොහැකි මිලක් වැය
කිරීමට සිදුව ඇති රටවල් දහය අතරට
ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිත තාවය අතින් ලෝකයේ පස්වෙනි දුප්පත්ම රට බවට පත්ව ඇතැයි මහා බ්‍රිතාන්‍යය පදනම්ව ඇති සංවර්ධන අධ්‍යයන ආයතනය මගින් නිකුත් කල වාර්තාවක සදහන්ව තිබෙන බව අද ඩේලි මිරර් පුවත් පතේ සදහන්ව ඇත.
රටවල් ලැයිස්තු ගත කර ඇත්තේ පුද්ගලයෙකුගේ ‘මූලික ආහාර අවශ්‍යතාවය සඳහා දැරිය යුතු වියදම’ පදනම්වය. වැඩිහිටියකු මසකට ආහාර සඳහා වැය කල යුතු වියදම සහ මාසික වැටුප සලකමින් රටවල් 107 ක් පදනම්ව මෙම අධ්‍යයනය සිදුකර ඇත.
අාහාර සඳහා අවම වියදම ගණන් බලා ඇත්තේ දිනකට වැඩිහිටියෙකුට කැලරි 2100 ලබාගැනීමට අවශ්‍ය මූලික ආහාර සංඝටක 12-14 ක් සඳහා වැය කල යුතු වියදම සැලකීමට ගනිමිනි. මෙම කැලරි 2100 ත මට්ටම තීන්දු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජනපද ජාත්‍යන්තර පෝෂණය පිලිබඳ කමිටුව මගිනි. ඉහත අධ්‍යයනයට අනුව ආහාර සඳහා අධික මිලක් වැයකල යුතු පස්වෙනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
එම අධ්‍යයනයට අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියෙකුගේ මාසික මධ්‍ය වේතනයෙන් 66% එම පුද්ගලයාගේ කැලරි අවශ්‍යතාවය සඳහා වැය කිරීමට සිදුවන අතර අසල් වැසි ඉන්දියාවේ එය 27% කි.
ඉහත ගණනයේ දී පවුලේ අනෙකුත් අයගේ ආහාර අවශ්‍යතාවය, කුලී ගෙවීම් , ප්‍රවාහන සහ අනෙකුත් කිසිදු වියදමක් සලකා බලා නැත.
පුද්ගලයෙකුගේ මධ්‍ය මාසික වේතනය ඩොලර් 245.81 ක් වන අතර පෝෂණ මට්ටමට අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබා ගන්නේ නම් ඔහුට පමණක් ඒ සදහා වියදම ඩොලර් 161.23 ක් ලෙස ගණන් බලා ඇත.
ඉහත අධ්‍යයනයට අනුව ලෝකයේ මූලික ආහාර අවශ්‍යතාවය සඳහා දැරිය නොහැකි මිලක් වැය කිරීමට සිදුව ඇති රටවල් දහය වන්නේ සිරියාව,නයිජීරියාව,ඉතියෝපියාව,පිලිපීනය,ශ්‍රී ලංකාව,ඝානාව,ඉන්දුනීසියාව,ඇල්ජීරියාව,ඉරානය සහ උස්බෙකිස්තානයයි.
උපුටා ගැනීමකි