Sippikalana K.V.

Sippikalana K.V. River of Knowledge

ක්‍රි.ව.1964.04.21 වන දින සය දෙනෙකුගෙන් සමන්විත බොදු පවුලක වාසනාවන්ත මවකට පියෙකුට දාව කුළුඳුල් දරුවා ලෙස මෙලොව එළිය ලබන ...
16/08/2023

ක්‍රි.ව.1964.04.21 වන දින සය දෙනෙකුගෙන් සමන්විත බොදු පවුලක වාසනාවන්ත මවකට පියෙකුට දාව කුළුඳුල් දරුවා ලෙස මෙලොව එළිය ලබන ඔහු නමින් ආර්.එම්.සී.ජයන්ත රාජපක්ෂ නම් විය.තල්ගහපිටිය ශාන්ත සේවියර් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන මෙතුමා සිය ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් කුලී/ශ්‍රී සරණංකර ජාතික පාසලට පිය මනිනුයේ සැබෑ දක්ෂයෙකු ලෙසිනි.
ඉන් පසුව 1989.10.03 වන දින ශාන්ත බෙනඩික් විද්‍යාලයට මුල්‌ පත්වීම ලබා උප ගුරුවරයෙකු ලෙස ගුරු සේවයට පත් වී ඇත්තේ හද පිරි සතුටිනි.වසර ගණනක් එම පාසලේ සේවය කරමින් සිටින අතරතුර සිප්පිකලාන කනිෂ්ඨ විද්‍යාලයේ ඇති වූ විදුහල්පති පුරප්පාඩුව පිරවීම සඳහා මෙතුමා 1999.03.05 වන දින ස්ථීර විදුහල්පතිවර‌යෙකු වශයෙන් විදුහල්පති සේවයේ වැඩ භාර ගන්නා ලදී.එතැන් පටන් මේ වන තෙක් පුරා වසර 24 ක පමණ කාලයක් බොහෝ දුශ්කරතා මධ්‍යයේ සහ අවාසනාවන්ත ලෙස වැළදුනු ස්නායු සම්බන්ධ රෝගී තත්ත්වය මධ්‍යයේ වුව ද ඉතා සතුටින් හා චිත්ත ශක්තියකින් අති දුශ්කර පාසලක් වන සිප්පිකලාන කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කළ අතර විද්‍යාලයේ දරුවන් අධ්‍යාපනයේ හිනිපෙත්තටම නැංවීමට උත්සුක විය.තම ශරීර ආබාධ පවා නොතකා රෝද පුටුවක සිටියත් ඔහු තම රාජකාරිය දේව කාරියක් සේ සලකා කටයුතු කරන්නේ පාසලත්, දූ දරුවනුත් කෙරෙහි වූ අප්‍රමාණ සෙනෙහසකිනි.මෙසේ වූ කල්හි මෙතුමා අපට වීරවන්ත විදුහල්පතිවරයෙකි.විදුහල්පති ගුරු පි‌යාණනි ඔබට දීඝායු වේවා!

Address

Sippikalana, Mugunuwatawana
Chilaw Town
61000

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94778000951

Website

Alerts

Be the first to know and let us send you an email when Sippikalana K.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sippikalana K.V.:

Shortcuts

Share

Category