බෞද්ධාලෝක මහා පිරිවෙන

බෞද්ධාලෝක මහා පිරිවෙන " විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ "
( උගතා සැම තැන පිදේ )

29/04/2026
බුත්තල උනාවටුන, මො/ බෞද්ධාලෝක මහා පිරිවෙන
29/04/2026

බුත්තල උනාවටුන, මො/ බෞද්ධාලෝක මහා පිරිවෙන

පාසල්, පිරිවෙන් සහ දහම් පාසල් පෙළපොත් PDF ලෙස Download කරගන්න 📚🛑පාසල් පෙළපොත් 👇🏻https://govdoc.lk/category/text-books🛑පි...
23/12/2025

පාසල්, පිරිවෙන් සහ දහම් පාසල් පෙළපොත් PDF ලෙස Download කරගන්න 📚

🛑පාසල් පෙළපොත් 👇🏻
https://govdoc.lk/category/text-books

🛑පිරිවෙන් පෙළපොත් 👇🏻
https://govdoc.lk/category/text-books/piriven

🛑දහම් පාසල් පෙළපොත් 👇🏻
https://dahamvila13.blogspot.com/2015/07/sunday-dhamma-school-books.html?m=1

🛑පාසල් විෂය නිර්දේශය 👇🏻
https://govdoc.lk/category/syllabus

🛑පාසල් ගුරු මාර්ගෝපදේශ 👇🏻
https://govdoc.lk/category/teacher-guides

පිරිවෙන් අධ්‍යාපනයට වැදගත් Links ☸️👇🏻🛑 පිරිවෙන් නිළ වෙබ් අඩවිය 👇🏻https://pirivena.lk🛑පිරිවෙන් පෙළපොත් 👇🏻 https://govdoc....
23/12/2025

පිරිවෙන් අධ්‍යාපනයට වැදගත් Links ☸️👇🏻

🛑 පිරිවෙන් නිළ වෙබ් අඩවිය 👇🏻
https://pirivena.lk

🛑පිරිවෙන් පෙළපොත් 👇🏻
https://govdoc.lk/category/text-books/piriven

🛑පිරිවෙන් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර 👇🏻
https://govdoc.lk/category/past-papers/mulika-piriven-final-examination

🛑ප්‍රාචීන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර 👇🏻
https://www.osse.edu.lk/papers

🛑DP Education පිරිවෙන 👇🏻
https://youtube.com/

විවිධ විභාග සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📑🛑ශිෂ්‍යත්ව විභාගය 👇🏻https://govdoc.lk/exams/grade-5-schola...
23/12/2025

විවිධ විභාග සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📑

🛑ශිෂ්‍යත්ව විභාගය 👇🏻
https://govdoc.lk/exams/grade-5-scholarship-exam

🛑සාමාන්‍ය පෙළ විභාගය 👇🏻
https://govdoc.lk/exams/gce-ordinary-level-exam

🛑උසස් පෙළ විභාගය 👇🏻
https://govdoc.lk/exams/gce-advance-level-exam

🛑පිරිවෙන් අවසාන විභාගය 👇🏻
https://govdoc.lk/category/past-papers/mulika-piriven-final-examination?

🛑දහම් පාසල් අවසාන විභාගය 👇🏻
https://govdoc.lk/exams/dhamma-school-final-exam

🛑බෞද්ධ ධර්මාචාර්ය විභාගය 👇🏻
https://govdoc.lk/exams/dharmacharya-exam

🛑ප්‍රාචීන විභාගය 👇🏻
https://www.osse.edu.lk/papers

🛑රජයේ රැකියා සඳහා විභාග 👇🏻
https://govdoc.lk/category/past-papers/government-exam-jobs

🛑විභාග දින දර්ශනය 👇🏻
https://govdoc.lk/category/exam-calendars

🛑විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර app එකක් 👇🏻
https://play.google.com/store/apps/details?id=com.myexam.pastpapersrilanka

06/12/2025

බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රාවෙන් පැවසෙන අරුත්....☸️🙏🏼

බෞද්ධ කලාවේ අග්‍රගණ්‍යම නිර්මාණය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳව අප මෙයට පෙර ලිපියකදී ඉතා කෙටියෙන් සාකච්ඡා කළෙමු. ඕනෑම කලා කෘතියක අනර්ඝත්වය තීරණය කරනු ලබන ඉතා ප්‍රබලම සාධකය එකී කලා කෘතිය මගින් පිළිබිඹු වන ප්‍රකාශන ගුණයයි. බුද්ධ ප්‍රතිමාවට ද එකී කරුණ සාධාරණය. ඉපැරණි නටබුන් , අතර නිරුපද්‍රිත අවුකන , සමාධි බුද්ධ ප්‍රතිමා විශ්ව රසිකයනට අමතනුයේ ද මෙම අද්විතීය ප්‍රකාශන ගුණය නිසාම ය.

බුද්ධ ප්‍රතිමාව කලා කෘතියක් ලෙස ගත් කල්හි එහි ප්‍රකාශන ශක්තිය වඩවාලන අංශද්වයක් වේ. කුළුණුබර, උපශාන්ත, ගුණය තුළින් සම්මා සම්බුදු ආධ්‍යාත්මය කැටි කරන සම්බුදු වත සහ බුදු බණ නිහඬව සංකේත කරන මුද්‍රා එකී අංශ දෙකයි. සාමාන්‍යයෙන් විස්තර කළහොත් මුද්‍රාව යනු යම් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී ශිල්පියා එහි දෑත පිහිටුවන ආකාරය ලෙස සරලව පැවසිය හැකිය. එමගින් බුද්ධ ප්‍රතිමාවට කිසියම් ආකෘතියක හැඩරුවක් එක් වුවා සේම ගැඹුරු එමෙන්ම විචිත්‍ර ධර්ම සංකල්ප පිළිබිඹු කර දැක්වීමක් ද සිදුවේ.

මුද්‍රා යන වචනය පිළිබඳ විමසිලිමත් වූ විවිධ අදහස් කිහිපයක් කෙරෙහි අපේ අවධානය යොමු වේ. මුද්‍රා පිළිබඳ ඉතා දීර්ඝ ලෙස සමීක්‍ෂණයක් කළ පඬිවරයෙකු වූ ආචාර්ය එෆ්. හොමෙල් පවසන අන්දමට ‘මුද්‍රා’ යන සංස්කෘත වදනෙහි උපත ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙයි. ඇසිරියානු වචනයක් වන මුසුරු (MUSURU) යන්නෙන් මුද්‍රා යන්න බිඳී ආ බව ඔහු පවසයි.

ඇසිරියානු බසෙහි ‘මුසුරු’ යන්න ලිවීමේදී භාවිත කළ සංකේත හා සංඥා දැක්වීම සඳහා යොදා ගත්තකි. පසුව ‘මුසුරු’ යන්න පර්සියානු භාෂාවට ‘ මුස්රා’ (MUZRA) වශයෙන් සේන්දු වී සංස්කෘත භාෂාවේදී ‘ මුද්‍රා’ රූපය ගත් බව ආචාර්ය , හොමෙල්ගේ මතය වේ. ‘ මුද්‍රා’ යන වචනය නිරතුරුවම කිසියම් සංඥාවක් සංකේතවත් කර දැක්වීම සඳහා යෙදූ බව ඉතාම පැහැදිලි ය.

බුද්ධ ප්‍රතිමාවල නිතර දකින, අපට නිතර හුරු පුරුදු බහුලව භාවිතයට ගැනෙන මුද්‍රා ගණනාවකි. භූමි ස්පර්ශ මුද්‍රාව, අභය මුද්‍රාව, සමාධි හෙවත් ධ්‍යාන මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව , වරද මුද්‍රාව, පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ඉන් කිහිපයකි. අපට එතරම් හුරුනොවූ විදෙස් බුද්ධ ප්‍රතිමාවල යෙදෙන මුද්‍රා කිහිපයක්ද වේ. බුද්ධ පාත්‍ර මුද්‍රාව, අංජලී මුද්‍රාව , අභිෂේක මුද්‍රාව ඉන් සමහරක් ලෙස දැක්විය හැකිය. බුද්ධ ප්‍රතිමාවල යෙදෙන මුද්‍රා පිළිබඳව අප රට සම්බන්ධව ලැබෙන මුල්ම සටහන ථූපවංශයෙන් හමුවේ. කාල වකවානුව දෙවන පෑ තිස් රජ සමය තෙක් විහිද යයි. බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ වසන රමණීය බුද්ධ ප්‍රතිමාවක් දේවානම්පියතිස්ස මහ රජතුමා කරවන ලද බවත්, ශිලාමය ප්‍රතිමාවක් වූ එය අනුරාධපුර ථූපාරාමයෙහි තැන්පත් කොට පුද පූජා කළ බවත් එහි විස්තර කෙරේ.

අපට හුරු පුරුදු මුද්‍රා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් ඉන් ප්‍රකාශ කෙරෙන ධර්ම සංකල්ප කෙබඳුදැයි තේරුම් ගැනීමට වෑයම් කරමු.
________________________________________________________

🌼 භූමි ස්පර්ශ මුද්‍රාව 🌼⬇️

අප හොඳ හැටි අසා පුරුදු මුද්‍රාවකි. මියන්මාරය , සියම , තායිලන්තය වැනි රටවල බහුල වශයෙන් යෙදෙන මුද්‍රාවකි. බුදු පියාණන් වහන්සේ යෝගාසන ඉරියව්වෙන් වැඩ සිටිමින් වමතෙහි ඇඟිලිතුඩු කෙළවරින් මහ පොළොව ස්පර්ශ කරන අයුරු මෙම මුද්‍රවෙන් නිරූපිතය.

ආනන්ද කුමාරස්වාමි මහත්මා මේ මුද්‍රාව පිළිබඳ විස්තරයක් කරමින් මම විශ්වයේ ස්වභාවය අතැඹුලක් සේ දැනගතිමි” යන්න නිරූපණය වෙන බව ප්‍රකාශ කරයි.

අරුලානන්ද ශාස්ත්‍රී මහත්මා පවසා සිටිනුයේ “ මා මරුත් දිනූ බවට මේ මිහිකත සාක්කි” ය යන අදහස් හැඟවෙන බවයි.

ආචාර්ය , ජී. රාඹ් මහත්මා පවසනුයේ මෙම මුද්‍රාවන් දැක්වෙනුයේ මාරයා බුදුරජාණන් වහන්සේට අභියෝග කළ අවස්ථාවේ දුන් පිළිතුර සංකේතවත් කිරීමට භූමි ස්පර්ශ මුද්‍රාව යොදා ගැනෙන බවයි. “ තමන් පරාජයට පත් කළ බව හැකි නම් ඔප්පු කරන්නැයි මාරයා සම්බුදු පියාණන් වහන්සේට අභියෝග කළ අවස්ථාවේ “ මා තොප පරාජය කළ බවට මේ මිහිකත සාක්කි “ යැයි උන් වහන්සේ දුන් පිළිතුර මෙම මුද්‍රාවෙන් සංකේතවත් වන බව එතුමන් තව දුරටත් විග්‍රහ කරයි.

භූමි ස්පර්ශ මුද්‍රාවෙන් ප්‍රකාශ වෙන මේ අරුත නිසාම අපේ බෞද්ධ බිතු සිතුවම් මෙන්ම සිදුහත් බෝසතුන් බුද්ධත්වය අවබෝධ කරගත් අවස්ථාව මූර්තිමත් කරන අවස්ථාවල මෙම මුද්‍රාවම යොදා ගැනීමට ශිල්පියා උත්සාහ ගත් බව පැහැදිලි වේ. දඹුල්ල මෙන්ම දෙගල්දොරුව වියන් සිතුවම් ඊට කදිම උදාහරණ වේ.

🌼 අභය මුද්‍රාව 🌼⬇️

බුද්ධ ප්‍රතිමා සඳහා ඉතා බහුලවම යොදා ගැණුනු මුද්‍රාවකි. හිටි බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ශිල්පීන් අතර ඉතාම ජනපි‍්‍රය වූ බව පෙනේ. සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාව , රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමාව ,මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව , අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ බුද්ධ ප්‍රතිමා ඇතුළු ඉපැරැණි හිටි බුදු පිළිම සියල්ලටම පාහේ යොදා ඇත්තේ අභය මුද්‍රාවයි. ආශිර්වාද මුද්‍රාව කියා ද හඳුන්වනු ලබන මෙම මුද්‍රාව පිළිබඳ අරුත් කිහිපයක් ම විද්වතුන් විසින් සැපයිණ. අභය , භය නොවීම නිර්භය බව මෙම මුද්‍රාවෙන් නිරූපිත බව මූලික අරුතයි.

“ ඈත ධූලින් වැසි ගිය ඇත් රජය. මෑත සවණක් ගන බුදු රැසින් සැඳී ගිය බුදුරජාණෝය. ඈත රත් වූ යවට වැනි ඇස් ඇති රජය . මෑත නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය. ...” ආදි වශයෙන් රස භාවයන් ගෙන් අනූනව සාහිත්‍ය ලෝකයේ විචිත්‍ර වර්ණනයට ලක් වු නාලාගිරි දමනය චිත්‍ර / මූර්ති ශිල්පීන් උපුටාගෙන ඉන් නිර්මාණය කර ගත් මුද්‍රාවක් ලෙස අනුමාන කෙරේ. සුරාපානය කොට මත් ව නාලාගිරි ඇත් රජු බිහිසුණු වෙසින් ඉදිරියට දිව එත්ම බුදුරජාණන් වහන්සේ අභය මුද්‍රාවෙන් යුක්තව පෙරමගට වැඩි බවත්, නාලාගිරි ඇත් රජු බුදු හිමි සිරිපතුල් අබියස දණ ගැසූ බවත් සඳහන්ය. බුදුපියාණන් වහන්සේ ඇතුට ආශිර්වාද කළ හෙයින් ඉන් උපුටා ගත් මෙම මුද්‍රාව ද ආශිර්වාද මුද්‍රාව ලෙස හඳුන්වනු ලැබේ.

අභය මුද්‍රාවෙන් සිංහ ශක්තිය , හෙවත් යටි සිතෙහි වීර්යය සංකේතවත් කරන බව තවත් අදහසකි.

🌼 ධ්‍යාන මුද්‍රාව හෙවත් සමාධි මුද්‍රාව 🌼⬇️

මෙම මුද්‍රාවෙන් නෙළන ලද බුද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් සිරිලක නටබුන් අතර වේ. අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයට අයත් ලෝ ප්‍රකට සමාධි බුද්ධ ප්‍රතිමාව, තොලුවිල බුද්ධ ප්‍රතිමාව, පොළොන්නරුව ගල් විහාරයේ වැඩහුන් බුද්ධ ප්‍රතිමා වටදාගේ බුද්ධ ප්‍රතිමා මෙන්ම දඹුල්ල දෙගල්දොරුව, ගඩලාදෙණිය , ලංකාතිලක විහාරවල නිර්මිත බුද්ධ ප්‍රතිමා බොහොමයක් මේ මුද්‍රාව නිරූපිතය .

බණ පොතේ සඳහන් ආකාරයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් ගෙවා අවසන සිදුහත් බෝධි සත්වයන් ලෙස ඉපිද උතුම් බුද්ධත්වයට පත් අවස්ථාව මෙම මුද්‍රාවෙන් කියැවේ. ඇසතු වෘක්‍ෂ මූලයෙහි දී ධ්‍යාන වඩා සම්මා සම්බුද්ධ ඤාණය අවබෝධ කරගත් අවස්ථාව මින් නිරූපිතය. එනිසාම ධ්‍යාන මුද්‍රාව නම් වේ. සමාධි මුද්‍රාව නමින් හැඳින්වෙනුයේ සමාධිගත ආධ්‍යාත්මික ඒකාග්‍රතාව මෙමගින් මූර්තිමත් කරන බැවිනි.

🌼 විතර්ක මුද්‍රාව 🌼⬇️

අයහපත් දේ වෙන් කර යහපත් දේ පමණක් නෙළා ගන්න යන අරුත විතර්ක මුද්‍රාවෙන් නිරූපණය වේ. මහපටඟිල්ලේ කෙළවර දබරැඟිල්ලේ කෙළවර හා එක්ව ඇති අයුරින් මේ මුද්‍රාව සැකසේ. යමක් නෙළන විලාසයක් හෝ නෙළා ගත් යමක් ඇඟිලි තුඩු වලින් රඳවා ගෙන සිටින විලාසයක් මෙයින් හැඟවේ. ‘හොඳ දේම නෙළාගන්න යන්න ඉන් නිරූපණය වුවද මුද්‍රා පිළිබඳ ගවේශකයෙකු වන ඩේල් සෝන්ඩර්ස් ඊට වඩා වෙනස් අදහසක් ගෙන හැර දක්වයි. විතර්ක මුද්‍රාවේදී ඇඟිලි තුඩු සම්බන්ධ වී ඇති ආකාරයෙන් චක්‍රයක් නිරූපණය වන බවත්, ඉන් ධර්ම නීතිය පිළිබිඹු වන බවත් එතුමා පෙන්වා දෙති.

🌼 ධර්ම චක්‍ර මුද්‍රාව. 🌼⬇️

බුදුරජාණන් වහන්සේ එදා බරණැස , ඉසිපතනයේ මිගදායේ දී පස්වග මහණුන් අරභයා මංගල ධර්ම දේශනය වන ධම්ම චක්කප්පවත්තන සූත්‍රය, දේශනා කිරීම සංකේතවත් කිරීම පිණිස යොදාගත් බොහෝ ප්‍රචලිත මුද්‍රාවකි. නමුදු ආචාර්ය , ආනන්ද කුමාරස්වාමි මහතා වෙනස් මතයක් ඉදිරිපත් කරයි. කෙළවරක් නැති සංසාර චක්‍රයේ ස්වභාවයද, අෂ්ඨ ලෝක ධර්මයේ හා විශ්වයේ පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක න්‍යාය ඉන් නිරූපණය වන බව එතුමා පැහැදිලි කරයි.

🌼 වරද මුද්‍රාව 🌼⬇️

වරද මුද්‍රවෙන් දැක්වෙනුයේ සත් වග වෙත කිසියම් වරයක් පිරිනැමීමයි. උත්තරීතර දයාව ද කරුණාව ද සියලු සත්ත්වයනට එක හා සමානව පිරිනැමීම මෙයින් නිරූපණය වන බව සඳහන් වේ.

🌼 පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව 🌼⬇️

වැළමිටෙන් ඉදිරියට නැමූ දෑත ළය මත බැඳගෙන සිටින ආකාරය දැක්වෙන මුද්‍රාව පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාව ලෙස හැඳින්වේ.

පොළොන්නරුව ගල් විහාර බුද්ධ ප්‍රතිමා අතර දක්නට ලැබෙන හිටි බුද්ධ ප්‍රතිමාවේද, මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් අතර ඇඳි අනිමිසලෝචනය දක්වන බිතු සිතුවම් වලද මේ මුද්‍රාව යොදා ඇත.

මෙරට දේශීය බුද්ධ ප්‍රතිමාවල යෙදෙන මුද්‍රා කිහිපයක් මෙලෙස විස්තර කොට දැක්විය හැකි වුව ද විශේෂ බුද්ධ ප්‍රතිමා වල යෙදෙන මුද්‍රා කිහිපයක් ද විමසා බලමු.

🌼 බුද්ධ පාත්‍ර මුද්‍රාව. 🌼⬇️

බුද්ධ පාත්‍රයෙන් සංකේතවත් වන්නේ දානයයි. දානය මැනැවින් හඳුනාගත් තැනැත්තා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ හඳුනා ගත්තේ වෙයි. ලෝභයෙන් මිඳීම මෙයින් සංකේතවත් වේ.

බුද්ධ පාත්‍ර මුද්‍රාවෙහි දෑත් යොදා ඇත්තේ පාත්‍රයක් අතින් රඳවා ගත් විලාසයෙනි. එසේම තථාගතයන් වහන්සේ තම පාත්‍රය කෙනෙකුට පිරිනමන්නට සූදානම්ව සිටින අවස්ථාවක් ද නිරූපණය වේ.

🌼 අභිෂේක මුද්‍රාව. 🌼⬇️

පිදිය යුත්තා පිදීම යන උතුම් ගුණාංගය මෙයින් සංකේතවත් කෙරේ. බෝධි සත්ත්වයන් වහන්සේ පස්මරුන් බිඳ සම්‍යක් සම්බෝධිය ලැබීමෙන් පසු සර්වඥතා ඤාණය අවබෝධ කර ගැනිමේදී පිහිට වූ බෝධීන් වහන්සේට ආචාර කිරීම අභිෂේක මුද්‍රාවෙන් නිරූපණය වේ. මෙයට තව අරුතක් ගෙන එන මහාචාර්ය ජී.රාඕ “ මම සත්‍යයට ආචාර කරමි. මංගල කරුණු පිළිපදින්නාට ආචාර කරමි “ යන සංකල්පය මින් සංකේතවත් කරන බව පවසයි.

🌼 අංජලී මුද්‍රාව 🌼⬇️

අභිෂේක මුද්‍රාවට වඩා වෙනස්ය. මෙහි දි ඇඟිලි එකිනෙක අතර පටලැවී ඇති බැව් පෙනේ. මින් නිරූපිත සංකේත කීපයකි.

ධර්මයෙහි හිස් තැනක් නොමැති බව ප්‍රධානය. ධර්මය සත්‍යය හා අන්‍යොන්‍ය වශයෙන් බැඳී ඇති බව නව අදහසකි. ධර්මය ජීවිතයට සම්බන්ධය. ධර්මයෙන් තොර සැපතක් නැත. විමුක්තිය දිනීමට ධර්මය සමග ඒකීය ලෙස හැසිරිය යුතුය යන අදහස් ද මින් කියැවෙන බව පිළිගැනේ.

මෙකී කරුණු වලින් හෙළිවන්නේ කලා ශිල්පියෙක් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණයේදි එහි දෑත් හසුරුවන ලද්දේ කිසියම් ඉරියව්වකින් දැක්වීමට වඩා සම්බුද්ධ ධර්මයෙහි උතුම් ගුණාංග පිළිබඳ ගැඹුරු අරුත් කවන්නට බව සඳහන් කළ හැකිය.

උපුටා ගැනීමකි...

06/12/2025

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
🌸📚 සිංහල 🔸 කෘදන්ත 👍

ක්‍රියා ධාතුවකට කෘදන්ත ප්‍රත්‍යක් එක් වීමෙන් කෘදන්ත පද සෑදේ...

සිංහල භාෂාවේ කෘදන්ත ප්‍රධාන වශයෙන් කොටස් 4 කි.

1️⃣ කර්තෘ කාරක කෘදන්ත
2️⃣ කර්ම කාරක කෘදන්ත
3️⃣ භාව කාරක කෘදන්ත
4️⃣ කරණ කාරක කෘදන්ත

💥 ඒ ඒ කෘදන්ත ප්‍රත්‍ය හා උදාහරණ 👇

1️⃣ කර්තෘ කාරක කෘදන්ත

මෙය කොටස් දෙකකි.

1) වර්තමාන කාල කර්තෘ කාරක කෘදන්ත.
🔴 " න / නු / නා "
🛡️ කර + න. = කරන
🛡️ කර + නු. = කරනු
🛡️ කර + නා.= කරනා

2) අතීත කාල කර්තෘ කාරක කෘදන්ත.
🔴 " ට / ළ / ඇ / ඈ / ඉ / ඊ/ උ / ඌ"
🛡️ බස් + ට = බට
🛡️ මර + ළ. = මළ
🛡️ ක + ඈ. = කෑ
🛡️ රක් + ඉ = රැකි
🛡️ බල + ඊ = බැලී
🛡️ බල + ඌ = බැලූ

2️⃣ කර්ම කාරක කෘදන්ත

මෙය ද කොටස් දෙකකි..
⭐ මෙහි විශේෂත්වය නම් ක්‍රියා ධාතුව හා කෘදන්ත ප්‍රත්‍ය අතරට " ඒ " කාරය එක් වේ

1) වර්තමාන කාල කර්ම කාරක කෘදන්ත
🔴 " න / නු / නා "
🛡️කර + ඒ + න = කෙරෙන
🛡️කර + ඒ + නු = කෙරෙනු
🛡️කර + ඒ + නා = කෙරෙනා

2) අතීත කාල කර්ම කාරක කෘදන්ත
🔴 " උණ / උණු "
🛡️කර + ඒ + උණ = කෙරුණ
🛡️කර + ඒ + උණු = කෙරුණු

3️⃣ භාව කාරක කෘදන්ත

🔴 "උම් / ඊම් / ඉලි / මන් / වු"
🛡️කර + උම් =කෙරුම්
🛡️කර + ඊම් = කිරීම්
🛡️කර + ඉලි = කෙරිලි
🛡️කර + මන් = කෙරුමන්
🛡️කර + නු = කරනු

4️⃣ කරණ කාරක කෘදන්ත

🔴 " අන / න / තෘ / මාන ඉත / ය / ත / ති "
🛡️ගම් + අන = ගමන
🛡️පා + න = පානය
🛡️කර් + තෘ = කර්තෘ
🛡️අවිද්‍ය + මාන = අවිද්‍යාමාන
🛡️රච + ඉත = රචිත
🛡️කර්ත + ය = කර්තව්‍යය
🛡️කෘ + ත = කෘත
🛡️කෘ + ති = කෘති

__________nuwan_________✍️😁🤟

06/12/2025

▫️▪️▫️▪️▫️▪️▫️▪️▫️▪️▫️
📛⛔ උසස් පෙළ ~ සිංහල ⛔📛
🔷🔹 නූතන පද්‍ය සංග්‍රහය 🔸🔶
🟣 කාව්‍ය විචාරයේදී අඩංගු විය යුතු කරුණු•••• 🟣👇🏼👇🏼

🧭 කාව්‍ය පංතියේ නම

🧭 කවියා (කර්තෘ)

🧭 යුගය (කොළඹ මුල් යුගය / නිසදැස් යුගය / නිසැදසින් පසු යුගය)

🧭 අනුභූතිය (වස්තු විෂය / තේමාව / අත්දැකීම)

🧭 අරමුණ (බලාපොරොත්තුව / පාඨකයාට දීමට උත්සහ කරන පණිවිඩය)

🧭 ආකෘතිය (සිවුපද / දෙපද / නිසැදැස්)

🧭 දෘෂ්ඨි කෝණය (ප්‍රථම පුරුෂ / උත්තම පුරුෂ)

🧭 භාෂා භාවිතය (ගැමි බස් වහර / ළමා බස් වහර)

🧭 කාව්‍යාලංකාර ( අර්ථාලංකාර / ශබ්දාලංකාර )

🧭 අර්ථාලංකාර (උපමා / රූපක / සංකේත / ව්‍යංගාර්ථය / චිත්තරූප මැවීම)

🧭 ශබ්දාලංකාර ( විරිත / අනුප්‍රාසය / එළිවැට / එළිසමය)

🧭 රසය (නව නළු රස අතරින් 🦀)

🧭 ප්‍රතිභාව (අපූර්වත්වය / නව්‍යත්වය)

🧭 යොදාගත් අලංකාර, ආකෘතිය, බස් වහර ආදියේ උචිත අනුචිත බව

🧭 කවියා කවිය තුළින් බලාපොරොත්තු වන අරමුණට ළගා වීද නොවීද යන්න

🧭 සියලු කරුණු අනුව පද්‍ය පංතිය සාර්ථකද අසාර්ථකද යන්න

---------------------------------------------------
🦀 නව නළු රස හෙවත් නව නාට්‍ය රස 🦀👇👇🏼

" ශෘංගාර වීර බීබත්ස්‍ය
රෞද්‍ර හාස්‍ය භයානක:
කරුණාද්භූත ශාන්තශ්‍ය
නව නාට්‍ය රසා ඉමේ "

1️⃣ ශෘංගාර රසය ~
🍁 (ශෘංගාරය) 🤩😍
2️⃣ වීර රසය ~
🍁(වීරත්වය)💪👊
3️⃣ බීබත්ස්‍ය රසය ~
🍁(පිළිකුල)🤢🤮
4️⃣ රෞද්‍ර රසය ~
🍁(බිහිසුණු බව)👿😡
5️⃣ හාස්‍ය රසය ~
🍁(සිනහව)🤡🤣
6️⃣ භයානක රසය ~
🍁(භයානක බව)☠️👻
7️⃣ කරුණ රසය ~
🍁(අනුකම්පාව)😔😩
8️⃣ අද්භූත රසය ~
🍁(පුදුමය)😱😳
9️⃣ ශාන්ත රසය ~
🍁(සන්සුන් බව)😊😇

__________nuwan_________✍🏻🎯🤘🏻

06/12/2025

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
☸️☸️ සිගාලෝවාද සූත්‍රය ☸️☸️

🌟( දීඝ නිකාය / පාථික වග්ගය)
🌟රජගහනුවර සිගාලක ගෘහපතියා උදෑසනම පියාගේ අවසන් ඉල්ලීම මත සදිසා නමස්කාර කරනු දුටු බුදුරජාණන් වහන්සේ සිගාලක ගෘහපතියා අරභයා දේශනා කළ සේක..
🌟එය සැකෙවින් කොටස් 6 කට බෙදා දැක්විය හැක..👇👇

1️⃣ සතර කර්ම ක්ලේශ ~ 4
2️⃣ සතර අගති ~ 4
3️⃣ භෝග විනාශ මුඛ ~ 6
4️⃣ නරක මිතුරෝ ~ 4
5️⃣ කලණ මිතුරෝ ~ 4
6️⃣ සදිසා නමස්කාරය ~ 6
-----------------------------------------------
🌸1️⃣ සතර කර්ම ක්ලේශ ~ 4 👇

1 ) ප්‍රාණ ඝාතය
2 ) සොරකම් කිරීම
3 ) වැරදි කාම සේවනය
4 ) බොරු කීම

🌸2️⃣ සතර අගති ~ 4 👇

1 ) ඡන්දය ~ දැඩි කැමැත්ත
2 ) ද්වේෂය ~ දැඩි තරහව
3 ) භය ~ දැඩි බිය
4 ) මෝහය ~ දැඩි මෝඩ කම

🌸3️⃣ භෝග විනාශ මුඛ ~ 6 👇

1 ) මත් ද්‍රව්‍ය භාවිතය
2 ) නොකල්හි වීදි සංචාරය
3 ) උත්සව දර්ශනාදියේ ලොල් වීම
4 ) සූදු කෙළියේ ලොල් වීම
5 ) නරක මිතුරු ඇසුර
6 ) අලසකම

🌸4️⃣ නරක මිතුරෝ ~ 4 👇

⚜️ { මිත්‍රප්‍රතිරූපක }
1 ) අඤ්ඤු දත්තුහර ~ වාසියට පමණක් ඇසුරු කරන්නා
2 ) වචීපරම ~ වචනයෙන් පමණක් උදව් කරන්නා
3 ) අනුප්පියභාණී ~ හොද නරක දෙකම අනුමත කොට ඊට සහය දක්වන්නා
4 ) අපාය සහය ~ නරක පමණක් අනුමත කොට ඊට සහය දක්වන්නා

🌸5️⃣ කලණ මිතුරෝ ~ 4 👇

⚜️{ සුහදමිත්‍ර }
1 ) උපකාරක ~ සැම විටම උපකාර කරන්නා
2 ) සමාන සුඛ දුක්ඛ ~ දුක සැප දෙකෙහිම ළග සිටින්නා
3 ) අත්ථක්කායි ~ මිතුරාව වරදින් මුදා ගන්නා
4 ) අනුකම්පක ~ මිතුරාට අනුකම්පා කරන්නා

🌸6️⃣ සදිසා නමස්කාරය ~ 6

1 ) නැගෙනහිර දිශාව ~ දෙමව්පියෝ
🔸 මව්පිය දූදරු සම්බන්ධය 🔴
2 ) බස්නාහිර දිශාව ~ අඹු දරුවන්
🔸ස්වාමි භාර්යා සම්බන්ධය 🟣
3 ) දකුණු දිශාව ~ ගුරුවරුන්
🔸ගුරු සිසු සම්බන්ධය 🟢
4 ) උතුරු දිශාව ~ මිතුරෝ
🔸මිතුරු මිතුරු සම්බන්ධය 🔵
5 ) උඩ දිශාව ~ පැවිදි උතුමන්
🔸ගිහි පැවිදි සම්බන්ධය 🟡
6 ) යට දිශාව ~ දැසි දස් කම්කරුවන්
🔸ස්වාමි සේවක සම්බන්ධය 🟤

___________________________________
🌸🌸 සිගාලෝවාද සූත්‍රයහි සඳහන් අන්‍යෝන්‍ය යුතුකම් හා වගකීම් ...👇🏼

🔴 දරුවන්ගෙන් දෙමව්පියන්ට 👇🏼

1️⃣ මව්පියන් පෝෂණය කිරීම.
2️⃣ ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම.
3️⃣ කුල පරම්පරාව හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම.
4️⃣ දෙමව්පියන්ගේ දායාද ආරක්ෂා කිරීම.
5️⃣ මියගිය පසු පිං අනුමෝදන් කිරීම.

🔴 දෙමව්පියන්ගෙන් දරුවන්ට 👇🏼

1️⃣ දරුවන්ව වරදින් මුදවා ගැනීම.
2️⃣ යහපතෙහි යෙදවීම.
3️⃣ ඉගෙනුම් කටයුතු වලට යොමු කරවීම.
4️⃣ සුදුසු කල්හි ආවාහ විවාහ කර දීම.
5️⃣ සුදුසු කල්හි දායාද පවරා දීම.

🟢 ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට 👇🏼

1️⃣ දුටු විට හුනස්නෙන් නැඟිටීම.
2️⃣ අවස්ථාන කිරීම.
3️⃣ අවවාද අනුශාසනා වලට හොඳින් සවන් දීම.
4️⃣ අවශ්‍ය කටයුතු කර දීම.
5️⃣ හොඳින් ඉගෙන ගැනීම.

🟢 ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට 👇🏼

1️⃣ මැනවින් හික්මවීම.
2️⃣ මැනවින් ඉගැන්වීම.
3️⃣ තමන් දන්නා සියලු ශිල්ප ඉගැන්වීම.
4️⃣ තම මිතුරන්ට ශිෂ්‍යා හඳුන්වා දීම.
5️⃣ ශිෂ්‍යා ආරක්ෂා කිරීම.

🟣 සැමියාගෙන් බිරිඳට 👇🏼

1️⃣ ගරු කිරීම.
2️⃣ අවමන් නොකිරීම.
3️⃣ පරදාර සේවනයෙහි නොයෙදීම.
4️⃣ නිවසේ වගකීම් පැවරීම.
5️⃣ ඇඳුම් පැළඳුම් ලබා දීම.

🟣 බිරිඳගෙන් සැමියාට 👇🏼

1️⃣ නිවසේ කටයුතු මැනවින් සිදු කිරීම.
2️⃣ සැමියාගේ මිතුරන්ට මැනවින් සංග්‍රහ කිරීම.
3️⃣ පරපුරුෂ සේවනයෙහි නොයෙදීම.
4️⃣ සැමියා උපයන ධනය ආරක්ෂා කිරීම.
5️⃣ සියලු කටයුතු වල දක්ෂව අනලස්ව ක්‍රියා කිරීම.

🔵 තමාගෙන් මිතුරාට 👇🏼

1️⃣ දුසිරිතට යොමු වූ මිතුරා ඉන් ආරක්ෂා කිරීම.
2️⃣ මිතුරා ගේ ධනය ආරක්ෂා කිරීම.
3️⃣ බයට පත් මිතුරා ඉන් මුදවා ගැනීම.
4️⃣ විපතට පත් මිතුරා අත් නොහැරීම.
5️⃣ මිතුරා ගේ අඹු දරුවන්ට සැලකීම.

🔵 මිතුරාගෙන් තමාට 👇🏼

1️⃣ අවශ්‍ය දේ ලබා දීම.
2️⃣ ප්‍රිය වචන කතා කිරීම.
3️⃣ දියුණුව සඳහා කටයුතු කිරීම.
4️⃣ සමානාත්මතාවය දැක්වීම.
5️⃣ රැවටීමක් නොකිරීම.

🟤 ස්වාමියාගෙන් සේවකයාට 👇🏼

1️⃣ සේවකයාගේ ශක්ති ප්‍රමාණයට අනුව කටයුතු පැවරීම.
2️⃣ නිසි වැටුපක් ලබා දීම.
3️⃣ සෞඛ්‍ය පහසුකම් ලබා දීම.
4️⃣ මිහිරි ආහාර පාන ආදිය ලබා දීම.
5️⃣ සුදුසු අවස්ථාවන්හි විවේකය ලබාදීම.

🟤 සේවකයාගෙන් ස්වාමියාට 👇🏼

1️⃣ ස්වාමියාට පලමුව අවදි වීම.
2️⃣ ස්වාමියාට පසුව නින්දට යාම.
3️⃣ දුන් දේ පමණක් ගැනීම.
4️⃣ වැඩ කටයුතු හොඳින් සිදු කිරීම.
5️⃣ ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම.

🟡 ගිහියාගෙන් පැවිද්දාට 👇🏼

1️⃣ මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම. ( කාය කර්ම)
2️⃣ මෛත්‍රී සහගතව කතා කිරීම. (වාග් කර්ම)
3️⃣ මෛත්‍රී සහගතව සිතීම. (චිත්ත කර්ම)
4️⃣ නිවසට පැමිණි විට සතුටින් පිළිගැනීම.
5️⃣ ආමිසයෙන් සංග්‍රහ කිරීම.

🟡 පැවිද්දා ගෙන් ගිහියාට 👇🏼

1️⃣ අයහපතෙන් වැළැක්වීම.
2️⃣ යහපතෙහි යෙදවීම.
3️⃣ හොඳ සිතින් අනුකම්පා කිරීම.
4️⃣ අසා ඇති ධර්මයේ සැක තැන් දුරු කිරීම.
5️⃣ නො ඇසූ ධර්මය කියා දීම.
6️⃣ සුගතියට මඟ පෙන්වීම.

__________nuwan__________✍️🕯️👍

06/12/2025

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
🔴 දස රාජ ධර්ම 👇

" දානං සීලං පරිච්චාගං
අජ්ජවං මජ්ජවං තපං
අක්කෝධෝ අවිහිංසා ච
ඛන්තී ච අවිරෝධතා "

1️⃣ දානය
2️⃣ ශීලය
3️⃣ පරිත්‍යාගය
4️⃣ ඍජු බව (අජ්ජවං)
5️⃣ මෘදු බව (මජ්ජවං)
6️⃣ තපස
7️⃣ අක්‍රෝධය
8️⃣ අවිහිංසාව
9️⃣ ඉවසීම (ඛන්තී)
🔟 අවිරෝධය

🔴 දස පාරමිතා 👇

" දානං සීලං ච නෙක්ඛම්මං
පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්ච මදිට්ඨානං
මෙත්තුපෙක්ඛා ඉමා දස. "

1️⃣ දාන පාරමිතාව
2️⃣ ශීල පාරමිතාව
3️⃣ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව
4️⃣ ප්‍රඥා පාරමිතාව
5️⃣ වීර්ය පාරමිතාව
6️⃣ ක්ෂාන්ති පාරමිතාව
7️⃣ සත්‍ය පාරමිතාව
8️⃣ අධිෂ්ඨාන පාරමිතාව
9️⃣ මෛත්‍රී පාරමිතාව
🔟 උපේක්ෂා පාරමිතාව

🔴 දස පුණ්‍ය ක්‍රියා 👇

" දානං සීලං ච භාවනා
පත්ති පත්තානුමෝදනා
වෙය්‍යාවච්චපචායං ච
දේසනා සුති දිට්ඨිජු. "

1️⃣ දානය
2️⃣ ශීලය
3️⃣ භාවනාව
4️⃣ පිං අනුමෝදන් කිරීම (පත්ති)
5️⃣ පිං අනුමෝදන් වීම (පත්තානුමෝදනා)
6️⃣ වතාවත් කිරීම ( වෙය්‍යාවච්ච)
7️⃣ වැඩිහිටියන්ට සැලකීම (අපචායන්තො)
8️⃣ ධර්මය දේශනා කිරීම.(දේසනා)
9️⃣ ධර්මය ශ්‍රවණය කිරීම ( සුති)
🔟 නිවැරදි දැක්ම (දිට්ඨිජු)

🔴 දස අකුසල් 👇

" පාණඝාත පරද්ධබ්බං
පරදාරං ච කායතෝ
මුසා පේසුඤ්ඤ ඵරුසා
සම්ඵප්පලාපා වාචතෝ
අභිජ්ඣා චේව ව්‍යාපාදො
මිච්ඡා දිට්ඨී ච මානසෝ. "

1️⃣ ප්‍රාණ ඝාතනය
2️⃣ සොරකම
3️⃣ වැරදි කාම සේවනය
4️⃣ බොරු කීම (මුසා)
5️⃣ කේලාම් කීම (පේසුඤ්ඤ)
6️⃣ ඵරුස වචන කීම (ඵරුසා)
7️⃣ හිස් වචන කීම (සම්ඵප්පලාපා)
8️⃣ දැඩි ලෝභය (අභිජ්ඣා)
9️⃣ දැඩි තරහව (ව්‍යාපාද)
🔟 මිත්‍යා දෘෂ්ටිය ( මිච්ඡා දිට්ඨී)

__________nuwan__________✍️📝👍

06/12/2025

--------------------------------------------
☸️ සතර සතිපට්ඨානය ☸️
❦ ═══•••⊰❂⊱•••═══ ❦

1️⃣ කායානුපස්සනා ~ 6
2️⃣ වේදනානුපස්සනා ~ 9
3️⃣ චිත්තානුපස්සනා ~ 16
4️⃣ ධම්මානුපස්සනා ~ 5
__________________________

1️⃣ කායානුපස්සනා ~ 6 👇🏼
1) ආනාපාන පබ්බ
2) ඉරියාපථ පබ්බ
3) සම්පජඤ්ඤ පබ්බ
4) පටික්කූල මනසිකාර පබ්බ
5) ධාතු මනසිකාර පබ්බ
6) නව සීවතික පබ්බ

2️⃣ වේදනානුපස්සනා ~ 9 👇🏼
1) සුඛ වේදනා
2) දුක්ඛ වේදනා
3) අදුක්ඛමසුඛ වේදනා
4) සාමිස සුඛ වේදනා
5) සාමිස දුක්ඛ වේදනා
6) සාමිස අදුක්ඛමසුඛ වේදනා
7) නිරාමිස සුඛ වේදනා
8) නිරාමිස දුක්ඛ වේදනා
9) නිරාමිස අදුක්ඛමසුඛ වේදනා

3️⃣ චිත්තානුපස්සනා ~ 16 👇🏼
1) සරාග සිත
2) වීතරාග සිත
3) සදෝෂ සිත
4) වීතදෝෂ සිත
5) සමෝහ සිත
6) වීතමෝහ සිත
7) සංඛිත්ත සිත
8) වික්ඛිත්ත සිත
9) මහග්ගත සිත
10) අමහග්ගත සිත
11) සඋත්තර සිත
12) අනුත්තර සිත
13) සමාහිත සිත
14) අසමාහිත සිත
15) විමුක්ත සිත
16) අවිමුක්ත සිත

4️⃣ ධම්මානුපස්සනා ~ 5 👇🏼
1) නීවරණ පබ්බ
2) ඛන්ධ පබ්බ
3) ආයතන පබ්බ
4) සච්ච පබ්බ
5) බොජ්ඣංග පබ්බ

📒 දී.නි. - මහා සතිපට්ඨාන සූත්‍රය
_________nuwan_________✍🏻☸️🤘🏼

Address

මො/බෞද්ධාලෝක මහා පිරිවෙන, උනාවටුන, බුත්තල
Buttala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94707430001

Website

Alerts

Be the first to know and let us send you an email when බෞද්ධාලෝක මහා පිරිවෙන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to බෞද්ධාලෝක මහා පිරිවෙන:

Shortcuts

Share

Category