Jagath Abeysooriya

Jagath Abeysooriya ග්‍රාමීය ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණික දැණුම නන්වාලීම

අතීතයේ දී වෙල්ලස්ස නමින් හැඳින්වූ මොණරාගල දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ ගිණිකොණ දිශානුගතව ඌව පළාත තුල පිහිටා ඇත. මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 5659 ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කය වේ. නිරපේක්ෂ පිහිටීම අනුව උතුරු අක්ෂාංශ 6'17' ත් 7' 28' ත් සහ නැගෙනහිර දේශාංශ 80' 50' ත් 81' 35'ත් අතර පිහිටා ඇති ස්වභාවික සම්පත්වලින් අනූන භූමි ප්‍රදේශයකි.

මෙම දිස්ත්‍රික්කය නැගෙන

හිරින් සහ උතුරෙන් අම්පාර දිස්ත්‍රික්කයෙන් ද, බටහිරින් සහ උතුරරින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද දකුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද මායිම් වී ඇත. මෙය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 කින් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 319 කින් සමන්විත වන අතර, ප්‍රාදේශීය සභා 10 ක පළාත් පාලන ආයතන වලට අයත් නාගරික පළාත් පාලන ආයතනයක් නොමැති දිස්ත්‍රික්කයකි.

සමස්ථයක් වශයෙන් මොනරාගල දිස්ත්‍රික්කය දේශගුණික කලාප බෙදීම් අනුව අන්තර් මධ්‍ය දේශගුණික කාලාපයට හා වියළි කලාපයට අයත් වේ. මුළු දිස්ත්‍රික්කයෙන් 70% ක් පමණ අයත් වන්නේ වියළි දේශගුණික කලාපයටයි. නමුත් මෙහි දැකිය හැකි විශේෂත්වයක් වන්නේ දිස්ත්‍රික්කය මධ්‍යයේ පිහිටි මරගල කඳුවැටිය ආශ්‍රීත ප්‍රදේශය තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ පෙන්වීමයි. මෙය මෙරට තුල පිහිටි සුවිශේෂී වූ දේශගුණික කලාපයකි. එයට හේතුව වියළි දේශගුණික කලාපයක් තුල පිහිටි ක්ෂුද්‍ර තෙත් දේශගුණික කලාපයක් වීමයි. මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500කට වඩා වැඩි වේ. සෙසු ප්‍රදේශ වල මිලි මීටර් 600 සිට 2000 දක්වා වර්ෂාපතනයක් පවතී. දිස්ත්‍රික්කයට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1625 ක් පමණ වන අතර, සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වූ මාස 04 ක පමණ කෙටි කාලයක් තුල දී වර්ෂාපතනය 75%ක් පමණ වේ. මෙම තත්වය දිස්ත්‍රික්ක‍යේ කෘෂිකාර්මික වගාවන්ට මෙන් ම ජන ජීවිතයටත් වන සතුන්ට හා සමස්ථ පරිසරයටත් බලපාන ප්‍රධානතම ගැටළුකාරී ස්වභාවික තත්වයකි.

පහතරට වියළි කලාපීය දේශගුණික ලක්ෂණ සහිත දිස්ත්‍රික්කයක් ලෙස හඳුනාගත හැකි මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමින් මධ්‍ය වාර්ෂික උෂ්ණත්වයේ සැලකිය යුතු විෂමතාවයක් නොමැත. එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයට මායිම් වන බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සාපේක්ෂ වශයෙන් අඩු උෂ්ණත්වයකිනුත්, තණමල්විල, කතරගම, සෙවනගල හා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වැඩි උෂ්ණත්වයකින් යුක්ත වුවත් එහි දැඩි විෂමතාවයක් නොමැති වීම විශේෂ ලක්ෂණයකි. දිස්ත්‍රික්යේ මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 26*C ක් පමණ වේ.

මෙම දිස්ත්‍රික්කයේ 2006 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත මධ්‍ය වාර්ෂික ජනගහනය 420,000 ක් පමණ වන අතර, ජන වර්ගයන් අනුව සිංහල ජන වර්ගය 94.55% ක් පමණ ද, දෙමළ ජන වර්ගය 3.33% ක් පමණ ද. ශ්‍රී ලංකා යෝනක ජනවර්ගය 1.96% ක් පමණ ද වන අතර සෙසු ජන වර්ගයන් 0.16% ක් පමණ වේ.

සමස්ථයක් වශයෙන් දිස්ත්‍රික්කයේ පවුල් 109635ක් පමණ ජීවත් වන අතර එයින් 53% ක් පමණ සමෘද්ධිලාභී පවුල් වීම ඳිළිඳු භාවය පෙන්නුම් කරන දර්ශකයක් වේ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති, කාලයකට පෙර වෙල්ලස්ස නමින් හැඳින් වූ මෙම ප්‍රදේශය භව භෝග වලින් ස්වයං‍පෝෂිතව කෘෂිකර්මාන්තයෙන් ඉතාමත් දියුණු තත්වයක පැවති බවට නටඹුන්ව තිබූ වැව් අමුණුවලින් සහ වෙල් යායවලින් පෙන්නුම්කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී සිදු කරන ලද විශාල විනාශයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශය මේ තත්ත්වයට පත්ව තිබූ බව රහසක් නොවේ.

සේනානායක සමුද්‍රය, ලුණුගම්වෙහෙර ජලාශය, උඩවලව ජලාශය, වැනි විශාල ජලාශ මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති අතර. රටේ කෘෂිකාර්මික කටයුතු සඳහා මේවායින් ලැබෙන දායකත්වය ගැන සතුටු විය හැකි වුවත් දිස්ත්‍රික්කය තුල මෙම ජලාශ මඟින් කෘෂිකාර්මික කටයුතු කෙරෙනුයේ ඉතා අල්ප ප්‍රමාණයකිනි.

With Svc Campus – I just got recognized as one of their top fans! 🎉
12/03/2026

With Svc Campus – I just got recognized as one of their top fans! 🎉

14/01/2026
08/12/2025

🚀 AL අවසන්ද?
ICT ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඔබත් කැමති ද ?
🎓 ICT NVQ Level 03 & Level 04 පාඨමාලා,
✅ NVQ Level 03 – මාස 6 | පැය 420
✅ NVQ Level 04 – මාස 6 | පැය 720
💻 පාඨමාලාවට සම්බන්ධ වන සියලු සිසුන්ට‍,
 Web Development පාඨමාලාවක් නොමිලේ
 Digital Marketing ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්
🌟 ඔබ SVC Campus තෝරාගත යුත්තේ ඇයි?
✔ TVEC (P15/0069) ලියාපදිංචි ආයතනයක් වීම.
✔ ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතිකයක් පිරිනැමීම.
✔ නවීන පරිගණක පහසුකම් ඇති විද්‍යාගාරයක් වීම.
✔ වසර 20කට අධික අත්දැකීම් ලත් ගුරු මඩුල්ලක් වීම.
✔ සමත් වීමේ ප්‍රතිශතය 99% ඉක්මවීම.
✔ රැකියා අවස්ථා සමඟ පුහුණුව.
📅 පාඨමාලා ආරම්භය:
දෙසැම්බර් 11 | පෙ.ව. 10.00
📝 ලියාපදිංචිය:
දෙසැම්බර් 11 සිට 31 දක්වා
📲 දැන්ම ලියාපදිංචි වීමට,
WhatsApp Button එක Click කරන්න‍.
https://wa.me/+94706188188?text=SVC%20Campus
📞 වැඩි විස්තර සඳහා,
0706 188 188 | 0706 388 388
📍 SVC Campus – බුත්තල.
අංක 39/A, NSB ශාඛාව පිහිටි සමඟි ගොඩනැගිල්ල, 2 වන මහල, බුත්තල‍‍.
✨ මේ ඔබේ පරිගණක පාසලයි.

Address

Buttala
91100

Alerts

Be the first to know and let us send you an email when Jagath Abeysooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jagath Abeysooriya:

Shortcuts

Share

Category