18/12/2023
සාර්ථක ව්‍යාපෘතියක් අවසානයේ ලැබෙන තෘප්තිය වචන කරන්න පුලුවන්ද ?...
දෑවැන්ත කර්තව්‍යයන් වුවත් කිසිදු පැකිලීමකින් තොරව "හරි සර් අපි කරමු" කියපු සංජේ Sanjay Rodrigo තමයි වැඩේ බර ගොඩක්ම ඇද්දේ...
උසස්මාවට විස්සක් පිරෙන මේ වසරේ ලේ දන්දීමට එහා දෙයක් කරන්න තමයි සංජේටත් රුවනාටත් උවමනා වුනේ...
ඒ නිසයි Eric Rajapaksha Optician, අනුග්‍රහයෙන් දෘශ්ටිය හා ශ්‍රවණය පිලිබඳ පරීක්ෂාවත්, CDEM Hospital අනුග්‍රහයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම හා රුධිර පීඩනය පරීක්ෂාවත් පැමිණි ඕනෑම කෙනෙකුට නොමිලයේ ම ලබාදෙන්න හැකි වුනේ...
උසස්මා "සතියේ" කාර්ය බහුලම දවස තමයි සෙනසුරාදා. ඒත් කිසිදු පන්තියක් අවලංගු නොකොට මේ වැඩේටත් අවධානය යොමු කිරීම රුවනාට පමණක් හැකි multi purpose කටයුත්තක්..
උසසමා පෙර පාසලේ පන්ති වල තමයි ලේ දන්දීම පැවතුනේ... සිකුරාදා වෙනකල් පන්ති පැවතුනත් එක රැයින් සියල්ල අස් කරලා, සෝදා පිරිසිදු කරලා, අලුතින් බිත්ති වරිණාලේප කරලා, නැවුම් පෙනුමක් ලබාදීම සංජේට පමණක් හැකි task management කටයුත්තක්... Sanjay Rodrigo
කොපමණ වැඩ කටයුතු තිබුණත් උදෑසන ආහාරයත්, දිවා ආහාරයත් මඟුල් මේසයක් වගේ සකස් කරලා තිබුණා, ස්තුතියි රුවනා කෑම රසයි...
සංජේගෙත්, රුවනාගෙත් ගෙදර ආදරයෙන් සිනහවෙන් පුරවන ඔවුන්ගේ සහෝදර, සහෝදරියන් වගේම ඊලඟ පරම්පරාවේ අලුත් රුධිර දායකයින්ද මෙවර ලේ දුන්නා.... Geetha Rodrigo. Sujith Nanayakkara
සධනා අක්කේ ඔයා නැති අඩුව ලොකුවටම දැනුනා, ලබන පාර නොවැම්බර් වල ලංකාවේ ඉන්න.... , Mino H. Nanayakkara Jayawardena .
අපේ සයුරි දෝනි පැකිලීමකින් තොරව ලේ දෙන්න ඉදිරිපත් වීම චකිතයෙන් හිටපු ඇතැම් අයට උත්ප්‍රේරණය ක් වුනා....
සයූගේ fiance හිරන්ත, අම්මයි තාත්තයි එක්කම ඇවිත් හිටියා, අර බිස්කට් පුඩිම හරි රහයි, හිරන්ත.....
සයූගෙයි, අශේන්ගෙයි Ashen Rodrigo යාළුවෝ සෙට් දෙකම බැහැලා හිටියේ දිලිසෙන වර්ණ වලින් ව්‍යාපෘතිය ආලෝකමත් කරමින්....
රුවනාගේ මිතුරියන් කණ්ඩායම දරුවන් එක්කම ඇවිත් හිටියෙ හිස් අතින් නම් නෙමෙයි, කැඳ අතුරුපස ආදී නොයෙක් දේ අරගෙන...
එක ඇමතුමක දැනුම් දීමෙන් පමණක් උත්ප්‍රේරණය වී ප්‍රචාරණ කටයුතු සඳහා අවශ්‍ය සියළු Hand bill, e-flyers, poster සැලසුම් නිර්මාණ කිරීම, ශබ්ද විකාශන නිවේදන කටයුතු කිරීම, වගේම සෙනසුරාදා දවසම වැය කරමින්, හැමදාම පිළිගැනීමේ සංග්‍රහ කටයුතු වල මූලිකත්වය ගනිමින් ව්‍යාපෘතියේ බර කරට ගන්නා Brother from another mother සිංහල භාෂා දේශක සංක මෙවන් Sanka Mewan Herath සහෘදයා "හරි මචං" කිව්ව නං, මං ඉතිං අපායට වුණත් ගිහිං එන්න බය නෑ....
සංක කොහොමත් පොදු වැඩ වලදී වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන්ම දායක වෙනවා...
සංකගෙ ආදරණීය බිරිඳ ප්‍රභා හර්ෂණී Harshani Herath , ගමිකගෙ ආදරණීය බිරිඳ ධනන්ජිත් Dhananji Mahanama එක්ක එකතුවෙලා ලේ පරිත්‍යාගශීලීන් ට සංග්‍රහ කටයුතු ඉතාම ඕනෑකමින්, වගකීමෙන්, හෘදයාංගමව ඉටුකරපු ආකාරය ගැන ගොඩදෙනෙක් කතා වුනා....
ගොඩක් දුර බැහැර ඉඳලා වුනත්, ගෙදර කුඩා දරුවන් හිටියත්, උදේම ලේ දුන්නත්, උසස්මා staff නොවුනත් ඒ දෙන්නම දවසම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කලේ මේක team work එකක් නිසා. Hats off.....
අපේ උසස්මා ගුරු මණ්ඩලයේ සිංහල දේශක සංක, ගණිතය දේශක ගමික Gamika Hemal , ඉංග්‍රීසි දේශක නයනජිත් Nayanajith Narahenpitage , ගිණුම් කරන දේශක දිනේශ් Dinesh Lakmal , නැටුම් සර් ශානක හිටපු මෙදා පාර ලේ දුන්නා...
අපේ හිටපු කරාටේ සර් අමිල ලක්මාල් හැමදාම වගේ කෝල් කරලා විස්තර අහගෙන උවමනාවෙන්ම ප්‍රිය බිරිඳත් එක්ක ලේ දෙන්න ආවා....
එඬේරමුල්ල පල්ලියේ පියතුමා, වගේම පොලිස් ස්ථානාධිපති තුමාගේ පැමිණීම අපට ආශිර්වාදයක්, ශක්තියක්....
පල්ලියේ වැඩිහිටි සමිතියේ සාමාජිකයෝ Beed Arunadeva තවත් වැඩක් අස්සෙම කොහොම හරි උසසමාවටත් ඇවිත් ලේ දීලා ගියා...
මගේ Open Elite legends සිංහ සමාජය, The Lions Club of Colombo Open Elite Legends , දම්සෝවේ සහෝදර නදීක අමරසේකර, ඉන්දික සමින්ද Indika Saminda Zoysa, හා මගේ ආදි ශිෂ්‍ය රනුග, හසන්දි සංග්‍රහ කටයුතු වල බරපැන සඳහා දායක වූවා. ඔවුන්ට ගෞරවනීය ආචාරය...
අසල් වාසී බැසිල් පෙරේරා මහතා එම මැතිණිය කෙසෙල් කැනක් හා හරිම රස වැලිතලප ගොඩක් ලබාදුන්නේ ඉල්ලීමකින් තොරවයි...
උසසමාවේ සහෝදර ගුරුවරුන්, පෙර පාසලේ ගුරුවරියන්, පන්ති වල බරටම ප්‍රචාරණ කටයුතු කරපු නිසා විශාල පිරිසක් සහභාගී වුනා...ශෙරීන් ටීචර්, අයෝමි ටීචර් දවස පුරාම අතන මෙතන වැඩ බලපු නිසා අපට පැමිණි පිරිස සමඟ ටිකක් හරි දොඩමළු වෙන්න වේලාව ලැබුනා..ලක්මිණි ටීචර් හා අහිංසා ටීචර් මං හිතන්නේ ලේ දුන්නේ පළමු වතාවට. රුවන්තිකා ටීචර් උදේ පන්ති කරලා, දවල් ලේ දීලා, හවස වෙනකල් ම ලොකු ස්පොට් එකක් දුන්නා. මාදුවා Sampath Maduwagoda කිව්වා වගේම කොහොම හරි දායකයෝ දෙන්නෙක් එව්වා. එළ Bro....
රාගම රුධිර පාරවිලයන ඒකකයේ PHI සංදීප් මහතා ඇතුළු කාර්යමණ්ඩලය හරිම සුහදශීලීයි, දවස පුරාම විඩාවක් නොපෙන්වා සේවය සැපයූවා...
හැමදාම වැඩසටහන නොමිලයේම ආවරණය කරන උසස්මා ඡායාරූප ශිල්පී නිශාන්ත
මහතා Nishantha Amarasinghe ලස්සන දුවත් එක්කම උදෙන්ම ඇවිත් ලස්සන පිංතුර ටිකක් ගත්තා...තැන්කූ...
ප්‍රියන්ත අයියයි Priyantha Sirisooriya , අඛිලයි Akila Eshanka තකහනියක් මේ වැඩේටම ආවේ අම්බලන්ගොඩ ඉඳලා...
හැම blood Donation එකකටම මොරටුවේ ඉඳලා එන රුවන් Ruwan Perera සහ ශරුනි Sharu Perera මේ වතාවෙ ආවේ පොඩි දෝනිත් එක්ක. ඒ දෙන්නට "සති" ආයතනයේදී මම ඉගැන්නුවේ මතක විදියට 2007. හැමදාම එන චේතිකාට Chethika Perera අසනීප නිසා එන්න බැරි බව දන්වා තිබුනා...
විහාර මහාදේවියේ උගන්නපු කුඩා කාලයේදී හමුවුන ආදරණීය දූලා කීපදෙනෙක්ම ඇවිත් තිබුණේ,ලේ දෙන්න බලාගෙනමයි... Anuradha Samarakoon, Kasuni Mayadunna, Tiney Munasinghe, Nawa Munasinghe, ඇතැම් අය එක්ක හරියට කතා කරන්නත් බැරිවුනා... සමාවෙන්න...
උසස්මාවේ ආදි ශිෂ්‍ය Gayasha Vidyarathna, ලේ දුන්නේ ප්‍රථම වතාවට Senuri Wickramasinghe , Kameshi Kohomange හැමදාම වගේ කතා කරලා යන්න ආවා....
ඉරේෂා Iresha Dilhani, Nuwan Shanika චූටි දුවත් එක්කම ආවා... ලොකු දුව වැඩ මුර දෙකක් මැද්දේ කොහොම හරි ආවානේ... Yasika Roshini ...
සරසවි ජීවිතයේ වසර ගණනට වඩා වැඩියි බෝඩිං කාමර ගණන. ඒත් මගේ මුල්ම රූමා තමයි මනුවා. Manupriya Parapearachchi පන්ති දෙකක් මැද්දේ පොඩි වෙලාවක් හදාගෙන ලේ දෙන්නම ආවා. කොතරම් සරසවි මිතුරන් ආවත් මුල්ම සහෝදරයා මේ වැඩේටත් ආපු එක හිතට හයියක්....
සරසවියේ හමුවුන ලොකු අයියා සූරි Bhanusha Sampath Sooriyaarachchige "උඹේ වැඩේනේ" කියලා ඇවිත් වැඩේ දැකලා හරියට සතුටු වුනා....
යවපු එකම එක පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් පිළියන්දල ඉඳලා මෙතුම් ගේ දෙමාපියන් පාර අහගෙන සතුටු සිතින් ලේ දෙන්නම ආවා...
අපේ ප්‍රවාහන කටයුතු බාරව ඉන්න ජයසුන්දරට ලේ දෙන්න ලොකු උවමනාවක් තිබුණත්, ප්‍රතික්ෂේප වීම නිසා හිටියේ හරි අප්සෙට් එකෙන්...
කාර්ය මණ්ඩලයේ දත්ත වලට අනුව 18 දෙනෙකු ප්‍රතික්ෂේප වුනා, ඉන් 12ක්ම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නිසා. 3ක් blood pressure වැඩි නිසා. අනිත් අය විවිධ බෙහෙත් ගන්නා නිසා....
ලේ දුන්න අයට සිහිවටනයක් විදියට දෙන්න අලංකාර key tag එකක් ඉතාම කෙටි කාලයකින් අපහසුතා මධ්‍යයේ කරලා දුන්නේ ගිතා. Elegant By G ආදරෙයි...
මගේ පන්ති එන නුවනි ගේ තාත්තා, දමිත ජයතිලක මහතා අඹේවෙල ආයතනයේ සේවය කරන්නේ, සංග්‍රහ කටයුතු වලට අවශ්‍ය යෝගට්, කිරි පැකට්, නැවුම් කිරි අඩු මිලට, ගෙදරටම ප්‍රවාහන කරලාම දුන්නා.... thank you.
උසස්මාවේ තවත් ශක්තියක් තමයි රාමන්, දිනේශ්, සාගරි. දවස පුරාම නෙමෙයි දවස් දෙක තුනක් පුරාවටම නොකඩවා මහන්සි වුණා... ස්තූතියි.
පණිවිඩය බෙදා හැරීමෙන් පවා දායක වුන අය ගොඩක් හිටියා... චතුර විජේකෝන් Aruna Somarathna Ramani Bandara Niwanthi Fernando Hashini Kulangi Mario Perera Udayanganie Nuwarapaksha Prasantha Wijayasiriwardana Tharanee Sarangika Umesh Indika Hewavitharana Kanchana Saparamadu Thuditha Sooriarachchi Sachini De Silva Pradeep Munasinghe Manori Wickramasekara ඒ නිසයි විශාල පිරිසක් සහභාගී වුනේ...
හැත්තෑ හතරක් වූ සාර්ථක රුධිර දායකයින්ට සියල්ලම අවසානයේ නැවතත් හෘදයාංගම, ගෞරවනීය ආචාරය පුද කළ යුතුයි....
ඊළග නොවැම්බර් 23 දා අපි නැවතත් ලේ දෙමු....
ඔබ සැමට නිරෝගීමත් දිවියකට දිගාසිරි....