SJC 96

SJC 96 සාන්ත ජෝන් විදු මවගේ 93 හා 96 යන වර්ෂයන් තුල පාසල හැර ගිය ආදරණීය පුතුන්ගේ එකතුව.

05/05/2026

ජනිත් සංජිත..

මිලියන 22 සිහින බලාපොරොත්තු හා ආශිර්වාදයන් පොදි බැඳන් ..

මේ පුංචි දූපත

ලෝකය ඉදිරියේ ගලිවරයෙක් කරන්න

තරඟ වදිනවා..

ඇඟ පතින් පොඩි උනත්..

කොල්ලාගේ මුෂ්ටි පහරවල් , පාද රිදමය හා වේගය දකින කොට..

මහා ආඩම්බරයක් හිතපුරා දෝරේ ගලනවා..

SJC 96
Fallow

ජනිත් සංජිත ... එයා අපේ පාසැල නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයකට සහභාගි වෙන්න යනවා..එයාගේ තාත්තා සංජය 96 සාමාජිකයෙක්..එයාග...
30/04/2026

ජනිත් සංජිත ... එයා අපේ පාසැල නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයකට සහභාගි වෙන්න යනවා..

එයාගේ තාත්තා සංජය 96 සාමාජිකයෙක්..

එයාගේ පුහුණුකරු දිනේෂ් 96 සාමාජිකයෙක්..

එතකොට මේ අවස්ථාව 96 ආදී සිසු කණ්ඩායමට තුන් පැත්තකින් රැහැන් තුනකින් බැඳුණු වගකීමක්.

අපේ පාසැලේන් අවුරුදු 31කට පස්සේ
අවුරුදු 13ක කොල්ලෙක් ජාත්‍යන්තරයට යනවා

තුන් පැත්තකින්, රැහැන් තුනකින් මේකට සම්බන්ධ වුන 96 කන්ඩායම

ජනිත්ට ලක්ෂ 3ක මුදලක් පරිත්‍යාග කරනවා..

අප්‍රේල් 29වැනිදා හිමිදිරියක..

නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ වර්ථමාන විදිහල්පති ඩිලන් මහතා සහ ක්‍රීඩා බාර ආචර්‍යවරයා සහ ජනිත් එයාගේ අම්මා තාත්තා සහ පුහුණුකරු දිනේෂ් එක්ක..

96 කන්ඩායමේ සාමාජිකයන් විසින් එකතු කල මේ මුදල් පරිත්‍යාගය සතුටින් බාර ගත්තා...

SJC 96



හොඳම දේ දරුවන්ට...ඒ ටැග් ලයින් එක දෙමව්පියන්ගේ හදවත් අස්සේ පරම්පරා ගාණක් රැව් දුන්න වචනයක්..ඒ වචනයේ බර එදත් , අදත් , හෙට...
06/04/2026

හොඳම දේ දරුවන්ට...

ඒ ටැග් ලයින් එක දෙමව්පියන්ගේ හදවත් අස්සේ පරම්පරා ගාණක් රැව් දුන්න වචනයක්..

ඒ වචනයේ බර එදත් , අදත් , හෙටත් ඒ විදිහමයි...ඒ බරමයි..ඒ හැඩමයි..

සංජය අපේ බැජ් එකේ එකෙක්..

ඌට ඉන්නවා පුතාලා දෙන්නෙක්..

උගේ ප්‍රාණ සම..

හරියට ඇස් දෙක වගේ...

ඒ දරුවෝ දෙන්නම ඉගෙන ගන්නේ අපේ ඉස්කෝලේ..

ඒ දරුවෝ දෙන්නම විදුහලේ බොක්සිං තරු දෙකක්..

මෙතනදී අපිට තව බර අවියක් හමුවෙනවා..

ඒ තමයි අපේ ඉස්කෝලේ බොක්සිං ක්‍රීඩා පුහුණුකරු දිනේෂ් රණසිංහ ඌත් අපේ බැජෙක්..ඒ කියන්නේ ඌත් 96 රැහේ...

සංජයගේ බාල පුතා ජනිත් පසුගිය දවසක බොක්සිං වලින් ලොකු ගේමක් ගහනවා..

ඒ ගේම් එකේ බර නිසාම ඒ දරුවා මේ මාසේ අග උස්බෙකිස්තානයේ පැවැත්වෙන ජාත්‍යන්තරය බොක්සිං තරඟයකට සුදුසුකම් ලබනවා...

මචං....

අපේ ඉස්කෝලේ කොල්ලෙක්
උගේ තත්තා අපේ බැජෙක්
ඒ මදිවට ඒ කොල්ලව ඒ ගාණට පුහුණු කලේ අපේ එකෙක්..

එක ගලයි ...

කුරුල්ලෝ තුනයි..

හැමදේටම වගේ මෙතනත් ප්‍රශ්නය මුදල්..

කොල්ලට උස්බෙකිස්තාන් යන්න ලක්ෂ 9ක් ඔනේ..

ඒක මේ මාසේ අග වෙනකොට දෙන්නත් ඔනේ..

අපි කවුරුත් සල්ලී ළඟ තියන් ඉන්න එවුන් නෙමෙයි…

සංජයත් එහෙමයි...

ඉතිං අපි මෙතන හිටගන්න ඔනේ නේද ??

අපේ එකෙක් ගේ කොල්ලා , අපේ එකෙක්ගෙන් බොක්සිං ඉගෙනගෙන අපේ ඉස්කෝලේ නම ජාත්‍යන්තරයට ගෙනියන වෙලාවක , අපි ඒකට මුක්කු ගහන්න ඔනේ නේද ?

මචං හොයලා දෙමු ලක්ශ 4ක්..

තියෙන්නේ හරියටම තව දවස් 13යි..

මේ අවුරුදු කටේ
ට්‍රම්ප් නාකියාගේ යුද්ධේ අස්සේ
අපිත් බැට කාගෙන
ලයිට් වතුර නැතිව..

මේ ගේම් එක ගහලා ලක්ෂ 4ක් එකතු කරලා දුන්නොත්..

ඒ කොල්ලා එහෙදීත් ගේම ගහලා වින් කලොත්

අන්න එදාට තමයි මචං...

96 අපේ අලුත් අවුරුද්ද ...

කිරි පැණි ඉතිරෙන...

එදාට කියමු සද්දෙට..

හොඳම දේ දරුවන්ට....

ගේම ගහමු...එකෙන්ම..

අපි අතරින් වෙන් වූ සදාරණීය මිත්‍රයා..නන්දික එරංග ..ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව96 සහෘද කැල..
28/03/2026

අපි අතරින් වෙන් වූ සදාරණීය මිත්‍රයා..

නන්දික එරංග ..

ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව

96 සහෘද කැල..

හරිත කාල වර්ණ ධජ සරසානුගේගොඩම දෙවනත් කලඅභිමානනීය ජෝන් පුතනුවන්ගේසැබෑවන සිහිනයක පාද රිද්මය...නුග අත්තෙන් ගොඩ ගියා යැයි ජන...
27/01/2026

හරිත කාල වර්ණ ධජ සරසා

නුගේගොඩම දෙවනත් කල

අභිමානනීය ජෝන් පුතනුවන්ගේ

සැබෑවන සිහිනයක පාද රිද්මය...

නුග අත්තෙන් ගොඩ ගියා යැයි ජනප්‍රවාදයේ සඳහන් නුගේගොඩ නම් සෞභාග්‍ය පුරයේ...

වසර 110 පුරා නැණ සිප් කිරි දී ,
වීර විකුම් පුත් රුවන් සිය දහස් ගණනක් ලොවට බිහිකල

සදාදරණීය සාන්ත ජෝන් විදු මවුනී..

මේ හෘදයාංගම උණුසුම් ආචාරය ඔබටයි..

96 වර්ෂ කණ්ඩායම.

Fallow

09/09/2025
09/09/2025

2019 පටන් ගත්ත SJC 96 ආදී සිසු එකමුතුවට දැන් අවුරුදු 6ක් වෙනවා.

දවසින් දවස ඉහල යන ගුණත්වයකින් පෞඩත්වයකින් හා අභිමානයෙන් යුතුව අපි ඉතාම සාර්ථක ගමනක් යනවා.

මේ 2025 වසරට අදාලා මහා සභා රැස්වීම සහ සුහද හමුව

සැත්තැම්බර් 6වන සෙනසුරාදා රාත්‍රි 6 සිට 12දක්වා
බොරලැස්ගමුව විද්මා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනා.

එ සඳහා සාන්ත ජෝන් විදුහලේ වර්ථමාන විදුහල්පතිතුමාද සහභාගී වුනා.

නව නිලධාරි මණඩලය

සභාපති - ජානක වීරතුංග

ලේකම් - සරසි බුද්ධික

භාන්ඩාගාරික - සුරංග ආරියපාල

සාන්ත ජෝන් ව්ද්‍යාලීය 96 වර්ෂ ආදී සිසු කණ්ඩායමේ  වාර්ශික මහා සභා රැස්වීම සහ සුහද හමුව සැත්තැම්බර් 06 වන සෙනසුරාදා බොලරැස...
06/09/2025

සාන්ත ජෝන් ව්ද්‍යාලීය 96 වර්ෂ ආදී සිසු කණ්ඩායමේ වාර්ශික මහා සභා රැස්වීම සහ සුහද හමුව සැත්තැම්බර් 06 වන සෙනසුරාදා බොලරැස්ගමුව විද්මා සම්මන්ත්‍රණ ශාලාවේ දී.

13/08/2025

ආදරයේ මාත්‍රාවෙන් හදපු

විශ්වාසයේ යාත්‍රාව

සාන්ත ජෝන් පුතණුවන් 450කට

අලුත් ඉවුරු පෙන්නුවා කියලා මම හිතනවා...

ඒ අත්දැකීම මට තාම හීනයක් තරම් පුදුමයි....

මේ ඒ මිහිරියාවේ නොමැකෙන ඇසි දිසි රූ සිත්තම.

27/06/2025

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය කියන්නෙ මුළු නුගේගොඩටම තියන එකම පිරිමි පාසැල.

සිසුන් උනත් පිරිමි දරුවෝ 3000කට වැඩි පිරිසක් පාලනය කරගෙන,

එහා සමාන ආදී සිසු රොත්තකුත් බැලන්ස් කරගෙන

ඒ ආදී සිසුන්ව අහිප්‍රේරණය කරලා විදිහලේ සංවර්ධන කටයුතු කරන ගමන්

පාසලේ ගුණත්වය තත්වය හා අභිමානය ඉහල දමනවා කියන්නේ

ඒක සම්පුර්ණයෙන්ම සුපිරි නායකත්ව ගුණයක්.

සාන්ත ජෝන් විදුහලේ වර්තමාන විදුහල්පතිතුමා අන්න එහෙම නායකයෙක්..

එතුමා එක්ක තමයි 96 ආදී සිසු කන්ඩායම Dream Stage ව්‍යාපෘතිය සහ යාත්‍රා ව්‍යපෘතිය සිදු කරන්නේ

එහෙම නායකයෙක් වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා.

96 ආදී සිසු සංගමයේ වර්තමාන සභාපති ජානක වීරතුංග මේ කියන්නේ අපි හැමෝගෙම අදහස.

Address

188/5 , Werahara,
Boralesgamuwa
10290

Website

Alerts

Be the first to know and let us send you an email when SJC 96 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category