ඇමෙරිකාව ප්‍රමුඛ ඉරානයේ විරුද්ධ පාර්ශවය සහ ඉරානය අතර ගැටුමෙන් වැඩි වාසිය කාටද?
A/L Economics
උසස් පෙළ සිසුන්ට අදාළ ආර්ථික විද්‍යා දැනුම සහ කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳ දැනුම ලබාදීම මෙහි අරමුණයි. A/L Economics
10/02/2026
Chatgpt එකට වැඩිය අනෙක් AI tools නිතර පාවිච්චි කළත් මෙයා ඒ ඔක්කොම දැනගෙන 😁
The Lamplighters of Modern Times: Technology and the Friction of Progress
The escalating conflict between app-based taxi services and independent three-wheel drivers brings several incidents to mind. I recall an experience from a few years ago; while waiting for a PickMe, the driver called and requested me to move toward the middle of the road. When I asked why, he explained that the drivers at the local "wheel park" (taxi stand) frequently harassed or even assaulted app-based drivers. Despite several police complaints, no lasting solution had been found.
Another observation is the behavior of Uber and PickMe drivers during peak morning and evening hours, particularly around Maradana and Fort. Many drivers switch off their apps during these times, making it nearly impossible to find a ride through the platform—to the point where walking to one’s destination becomes the faster option.
This conflict is not a modern anomaly; it is a recurring theme in history. Prior to 1920, London employed a vast number of lamplighters. Their duty was to light the city’s gas lamps at dusk and extinguish them at dawn. Records from 1823 indicate that nearly 40,000 gas lamps illuminated 213 miles of roads in England, maintained by approximately 800 workers. While specific statistics for 1920 are scarce, it is said this workforce had nearly doubled by then.
The disruption began in 1920 when the government started replacing gas lamps with electric ones. Electric lighting was far more efficient; it required no gas refills, no weekly cleaning, and no ladders to ignite. As the government transitioned exclusively to electricity, nearly half of the gas lamps were replaced by 1930. The crisis emerged because electric lamps did not require manual operation. Consequently, the profession of the lamplighter became obsolete. Many resisted, protesting the loss of their livelihoods and citing concerns over the "dangers" and "unreliability" of electricity. However, forward-thinking workers eventually transitioned into roles as electricians.
A similar transition occurred in India. When the Indian Railways began replacing coal-powered steam engines with diesel engines, nearly 100,000 coal workers were affected. By 1960, India operated one of the world's largest coal-based rail networks. The shift to diesel led to significant resistance, as the existing workforce lacked the technical expertise required for the new engines. In response, the Indian Railway Department introduced a Voluntary Retirement Scheme (VRS), allowing workers to exit with compensation. Younger employees were retrained for diesel maintenance, while older workers who opted out of VRS were reassigned to supportive roles. Some historical accounts even suggest that in certain jurisdictions, coal workers were permitted to ride along in diesel engines until their retirement to ease the transition.
History is replete with such examples. Similar tensions arose during the introduction of Automated Teller Machines (ATMs), and we see historical parallels with telephone operators in the USA, elevator operators in Japan, and coal miners in Germany. Even in Sri Lanka, we witnessed this friction when multi-purpose threshers (locally known as Agri-mate or Sunaami) replaced manual labor, and when computers replaced typewriters.
The current rise of taxi apps and their improved service quality is simply the latest chapter in this story. As the government digitizes, the demand for traditional clerical roles will diminish. Similarly, Artificial Intelligence (AI) is poised to displace many more traditional jobs. We have no choice but to adapt, seek new opportunities, and stay updated. As technology evolves, it inevitably renders existing roles obsolete while simultaneously creating new ones.
In economic theory, these phenomena are categorized under Development Economics. Specifically, this situation is described by the technical terms Structural Unemployment and Technological Displacement.
28/12/2025
28/12/2025
වීථි ලාම්පු කරුවන්
ටැක්සි සමාගම්වල ත්‍රීරෝද රථ සහ ස්වාධීන ත්‍රීරෝද රථ කුලී ධාවකයින් අතර ගැටුමක් හටගෙන තියෙනවා කියලා දැක්කම මට සිද්ධි කීපයක් මතක් වෙනවා. එකක් තමයි මීට වසර කිහිපයකට කළින් පික්මී එකක් දාලා එනකම් ඉද්දී රියදුරු මහත්තයා කෝල කරලා කියනවා ටිකක් පාර මැදට වෙන්න ඉන්න කියලා. මම ඇහුවාම මොකද කියලා එතන වීල් පාර්ක් එකේ අය ගහනවලු. පොලිසි ගියාලු කිහිප සැරයක්. ඒත් සාධාරණයක් වුනේ නෑලු. තව සිද්ධියක් තමයි ඌබර් පික්මී දුවන ටැක්සි වර්ෂ උදේට සහ සවසට ඇප් එක ඕෆ් කරලා දුවන එක. මරදාන කොටුව ආශ්‍රිතව උදේට ඌබර් පික්මී ටැක්සියක් හොයාගන්න යන වෙලාවට පයින් යන්න පුළුවන් අදාළ තැනට.
මේක මේ අද හටගත් ගැටුමක් නෙවෙයි. දිග ඉතිහාසයක් තියෙනවා. 1920ට පෙර ලන්ඩන්වල වීථි ලාම්පු දල්වන්නන් විශාල පිරිසක් රැකියාව කළා. ඔවුන්ගේ රාජකාරිය වුනේ සවස් කාලයේ නගරයේ වීථිවල තියෙන ගෑස් ලාම්පු දැල්වීම සහ හිමිදිරි උදෑසන ඒවා නිවා දැමීම. 1823 වර්ෂයේදී එංගලන්තයේ සැතපුම් 213 දිග මාර්ග පද්ධතියක් තුළ ගෑස් ලාම්පු 40,000කට ආසන්න ප්‍රමාණයක් භාවිත කළ බව පැවසෙනවා. මේ ගෑස් ලාම්පු දැල්වීමේ රාජකාරිවල ආසන්නව සේවකයින් 800ක් පමණ හිටියා කියලා වාර්තා වෙනවා. 1920 වෙද්දි මේ අගය දෙගුණයක් පමණ වෙනවා කියලා කිව්වට නිවැරදි සංඛ්‍යාලේඛන හොයාගන්න නෑ. සිද්ධිය ආරම්භ වෙන්නේ 1920 ඉඳලා. මේ කාලයේ රජය විසින් ගෑස් ලාම්පු වෙනුවට විදුලි ලාම්පු භාවිත කරන්න පටන් ගන්නවා. ගෑස් ලාම්පවුලට වැඩිය ඵලදායී නිසා විදුලි ලාම්පු වේගයෙන් ජනප්‍රිය වෙනවා. ගෑස් පුරවන්න ඕන නෑ. සතිපතා ලාම්පු පිරිසිදු කරන්න ඕන නෑ. ලාම්පු පත්තු කරන්න ඉණිමං භාවිත කරලා උඩට නගින්න ඕන නෑ. ආණ්ඩුව ගෑස් ලාම්පු අළුතින් දැමීම නවත්වලා විදුලි ලාම්පු පමණක් භාවිතයට යොමු වෙනවා. 1930 වෙද්දි හරි අඩක් ගෑස් ලාම්පු විදුලි ලාම්පු බවට පත් කරලා තිබුණා. ගැටලුව වෙන්නේ වෙනදා වගේ විදුලි ලාම්පු දල්වන්න සේවකයින් අවශ්‍ය නොවීම. අර ගෑස් ලාම්පු දල්වන්නන්ගේ රැකියාව අභාවයට යන රැකියාවක් බවට පත් වුනා. නමුත් බොහෝ ගෑස් ලාම්පු දල්වන්නන් විදුලියේ තියෙන අනතුරුදායක බව, විශ්වාසවන්තභාවය පිළිබඳ ගැටලු සහ ආදායම් මාර්ග අහිමිවීම නිසා පත්වන අපහසුතාව කියමින් උදඝෝෂණවල නිරත වුණා. නමුත් සමහර ලාම්පුකරුවන් විදුලි කාර්මිකයන් බවට පත් වුනා.
ඉන්දියාවෙත් මේ වගේ සිද්ධියක් වුණා. ගල් අඟුරු දුම්රිය වෙනුවට ඩීසල් එන්ජින් දුම්රිය භාවිතයට ඉන්දියාව ආරම්භ කරද්දි ගල්අඟුරු ශ්‍රමිකයින් 100,000ක් පමණ ඉඳලා තියෙනවා. 1960 දී ගල්අඟුරු දුම්රිය වැඩිම ප්‍රමාණයක් සහ සේවකයින් වැඩිම ප්‍රමාණයක් සහිත දුම්රිය පද්ධතිය ඉන්දියාවේ කියාත්මක වුණා. ගැටලුව වුණේ මේ ශ්‍රමිකයින්ගේ රැකියාව අහිමි වීම. ඩීසල් එන්ජින් ක්‍රියාත්මක කරන්න එච්චර පිරිසක් අවශ්‍ය නොවීම සහ දුම්රිය තාක්ෂණික දැනුම ඔවුන් සතුව නොමැතිවීම. ඔවුන් ඩීසල් දුම්රියට විරුද්ධ වුණා සහ උද්ඝෝෂණ කළා. ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව VRS ක්‍රමයක් යටතේ වැඩි පිරිසක ස්වේඡාවෙන් ඉවත් වෙන්න සහ වන්දි ලබා ගන්න අවස්ථාව දුන්නා. තරුණ පිරිසට ඩීසල් එන්ජින් සහයක සහ නඩත්තු අංශවල පුහුණව දීලා ඒවාට බඳව ගත්තා. VRS එකට අකමැති සහ වයස වැඩි අයවළුන්ට නඩත්තු අංශවලට අනුයුක්ත කරලා විවිධ සහයන් සඳහා යෙදෙන්න අවස්ථාව දුන්නා. එංගලන්තයේදී මේ පිරිසට විශ්‍රාම යනතෙක් ඩීසල් දුම්රිය එන්ජිමේ ඉඳගෙන යන්න අවස්ථාව දුන්නා කියලා සමහර වාර්තාවල සඳහන් වෙනවා.
මේ වගේ සිද්ධි ඉතිහාසය පුරාම නිරීක්ෂණය කරන්න පුළුවන්. බැංකු ටෙලර් මැෂින් හඳුන්වා දෙද්දීත් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඇමෙරිකාවේ දුරකථන ක්‍රියාකරුවන් සම්බන්ධව, ජපානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවන් සම්බන්ධව, ජර්මනියේ ගල් අඟුරු පතල් කරුවන් සම්බන්ධව මෑත ඉතිහාස කතා තියෙනවා. ලංකාවෙත් බහුකාර්ය කොළ මඩින යන්ත්‍ර (ඇග්‍රිමේට්, සුනාමි, භුතයා වැනි අන්වර්ත නාමවලින් හඳුන්වන ගොයම් කැපීමේ යන්ත්‍ර) භාවිතයට එද්දිත් යතුරුලියන වෙනුවට පරිගණක භාවිතයට මාරු වෙද්දිත් මේ වගේ සිදුවීම් වෙලා තියෙනවා.
ටැක්සි සමාගම්වල ජනප්‍රියතාව වැඩිවෙද්දි සහ සේවාවේ ගුණාත්මකභාවය වැඩිවෙද්දි වෙන්නෙත් ඒකමයි. රජය Digital වෙද්දි ලිපිකරු සේවයේ අවශ්‍යතාව අඩුවෙනවා. AI එක්ක තව ගොඩක් රැකියා අවස්ථා අඩුවෙනවා. අපිට තියෙන්නේ හුරුවෙන්න. නව අවස්ථා හොයාගන්න. යාවත්කාලීන වෙන්න. වෙන කරන්න දෙයක් නෑ. තාක්ෂණය දියුණු වෙන්න වෙන්න නව රැකියා අවස්ථා බිහිවෙනවා. පවතින අවස්ථා අවලංගු වෙනවා.
මේ සම්බන්ධව ආර්ථික විද්‍යෙව් න්‍යායන් කිහිපයක් ගොඩනැගිලා තියෙනවා. සංවර්ධන ආර්ථික විද්‍යා සංකල්ප එක්ක මේ තත්ත්වය හඳුන්වන්නේ ව්‍යුහාත්මක සේවා වියුක්තිය (Structural Unemployment) සහ තාක්ෂණික අවතැන්වීම් (Technological Displacement) කියන පාරිභාෂික වචනවලින්.
07/11/2025
උද්ධමනය ධන අගයකින් පවත්වාගෙන යාම ආර්ථික වර්ධනයට හේතුවක්. මේ අවුරුද්දේ NCPI ට අනුව උද්ධමනය ඍණ අගයක් ගත්තා අවස්ථා කීපයකදී. වසර පුරාම තිබුණේ ඍණ වීමේ අවදානමක. 2025 සැප්තැම්බර් ඉදලා තමයි 1%ක් දක්වා වැඩි උනේ.
උද්ධමනය ධන අගයක් කරා ගෙන ඒමට අපට හැකිවුණා - ජනපති
🔺*Watch More:* https://youtube.com/live/Ew8mwZW1-TA?feature=share
07/09/2025
ලංකාවට ඩොලර් නැවක් එයි.
මුදල් සැපයුම, මුදල් අච්චු ගැසීම සහ ආර්ථික බලපෑම
පහුගිය දවස් කීපයේ වැඩිපුරම කතාවුන ආර්ථික විද්‍යා සංකල්පයක් ගැන තමයි අද කතා කරන්නේ. ඇත්තටම සංකල්ප ගණනවක් මේ තුළ කතා කෙරෙනවා. ඇයි මුදල් සැපයුම මුදල් අච්චු ගැසීම ගැන දැන ගැනීම වැදගත් වෙන්නේ?🤔.
ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපි ජීවත් වෙන්නේ සංකීර්ණ ආර්ථික පරිසරයක. ඒ නිසා සාර්ව ආර්ථික පද්ධතියේ සිදුවන ඉතා කුඩා වෙනසක් පවා අපේ ජීවිතවලට සංවේදී වන බලපෑම් කරන්න හේතු වෙනවා. හැබැයි ඒක අසනීපයකට බෙහෙතක් දුන්නා වගේ කෙටි කාලීනව සිදුවන බලපෑමක් නෙවෙයි. අද සිදුකරන සාර්ව ආර්ථික වෙනසක බලපෑම තව මාස ගණනකින් හරි අවුරුදු කිහිපයකින් හරි තමයි අපිට දැනෙන්නේ. හැබැයි අපි දන්නේ නෑ ඒකට හේතුව මීට කළින් ගත්ත තීරණයක් කියලා. ඒ වගේම අද අපිට හොඳයි වගේ පෙනුනට ගන්න තීරණ තව ටික කාලයකින් අහිතකර ප්‍රතිඵල ඇතිකරනව වෙන්න පුළුවන්.
අනික් කාරණය තමයි ආර්ථික තීරණවල බලපෑම සිදුවෙන්නේ ගුණණාකාර ක්‍රමයකට වීම. උදාහරණයක් විදිහට මහ බැංකුව අද අළුත් මුදල් තොගයක් ආර්ථිකයට මුදා හැරියොත් ඒ මුදල් තොගය නැවත නැවත සංසරණය වෙමින් වටිනාකම් ඇති කරනවා. මේකට අපි මුදලේ සංසරණ ප්‍රෙවේගය කියලා කියනවා. රුපියල් 1000 නෝට්ටුවක් ආර්ථිකයට මුදා හැරියාම රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ මිලදී ගැනීමට ඒ රුපියල් 1000 නැවත නැවත හුවමාරු වෙනවා. ඒ කියන්නේ අද ගන්න තීරණ තව වසර ගණනාවක් නැවත නැවත ප්‍රථිඵල ජනනය කරනවා.
තව හේතු තියෙනවා. දීර්ඝ වෙන නිසා තව එක හේතුවක් කියන්නම්. මේ සංකල්ප ගැන නොදැනුවත් අය සහ දැනුවත්ව වංචනික අදහසින් කරන බොරු ප්‍රචාරවලටත් අපි අහුවෙනවා. එකක් මතකද? ඩොලර් නැවක් එනකම් බලන් හිටපු දේශපාලකයෝත් හිටියා රටේ. ඒ නිසා දෛනික ජීවිතයේදී අපි අත් දකින සාකච්ඡා කරන ආර්ථික සංකල්ප ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අපට පෞද්ලිකව ඉතාම වැදගත් වෙනවා.
හරි අපි කාරණයට එමු.
මුදල් සැපයුම
මුදල් සැපයුම කියන්නේ යම් නිශ්චිත අවස්ථාවක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ආර්ථිකය සතු මුදල් තොගයේ වටිනාකම. සාමාන්‍ය භාණ්ඩයක සැපයුම කියන්නේ වෙළෙඳපොළ තුළ ඒ භාණ්ඩ මිලදී ගැනීමට තියෙන ප්‍රමාණය නේ. මුදල් සැපයුම කියන්නෙත් ඒ වගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට රටේ මහජනතාව ළග තියෙන මුදල් ප්‍රමාණය කොච්චරද කියන එක. සරලයි. මහ බැංකුව තමයි රටේ මූල්‍ය බලධාරියා. ආර්ථිකය තුළ තියෙන්න ඕන මුදල් තොගය තීරණය කරන්නේ මහ බැංකුව විසින්. එහෙම තීරණය කරද්දි සලකා බලන සාධක ගොඩක් තියෙනවා. ඒවා අපි වෙනම කතා කරමු.
මුදල් සැපයුම තුළ මහජනතාව සතුව ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු, බැංකු ආයතන තුළ මහජනතාව පවත්වාගෙන යන චෙක්පත් ගිණුම් හෙවත් ඉල්ලුම් තැන්පතු, ඉතිරි කිරීමේ හා ස්ථාවර (කාලීන) තැන්පතු, විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති නේවාසික තැන්පතුවලින් කොටසක් සහ නේවාසික විදේශ ව්‍යවහාර බැංකු ඒකකවල තැන්පතු ඇතුළත් වෙනවා. මේ එක් එක් මුදල් කාණ්ඩ අනුව මුදල් සැපයුම පටු මුදල් සැපයුම (M1), පුළුල් මුදල් සැපයුම (M2), ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) සහ මුදල් සමස්තය (M4) වශයෙන් අවස්ථා 4ක් යටතේ ගණනය කරනවා. මහ බැංකු වාර්තාව බැලුවොත් මේකෙන් M1 සහ M2b දත්ත බලන්න පුළුවන්. පහළින් පොටෝවක් අමුණලා තියෙනවා. බලාගන්න😁.
මුදල් සැපයුම වැදගත් ඇයි?
උදාහරණයකින්ම පැහැදිලි කරගමු. ආර්ථිකයත් තියෙනවා පුද්ගලයෝ 3ක් විතරක් ඉන්න 🤓. ඔවුන් ළඟ රැපියල් 3000ක් තියෙනවා. එක්කෙනෙක් ළඟ 500යි 🥲. අනික් කෙනා ලඟ 1000යි😀. තුන්වෙනියා ළඟ 1500යි🤣. ආර්ථිකයේ නිෂ්පාදනය කරන්නේ පාන් රාත්තල් දෙකයි 🍞🍞. පාන් රාත්තල් දෙක ගන්න තුන් දෙනාම තරඟ කරන නිසා පාන් රාත්තලක මිල රුපියල් 1000ක් විදිහට තීරණය වෙනවා කියලා හිතමු 🧐. දැන් පාන් මිලදී ගන්න පුළුවන් දෙවැනියටයි තුන්වෙනියටයි විතරයි. අපි හිතමු මේ ආර්ථිකයේ මුදල් සැපයුම මහ බැංකුව වැඩි කළා රුපියල් 3000කින් සහ මේ පුද්ගලයෝ තුන්දෙනාට සමානව රුපියල් 1000 බැගින් ලැබුනා කියලා 😵💫. තාමත් පාන් රාත්තල් දෙකයි තියෙන්නේ 🍞🍞. දැන් මොකද වෙන්නේ අර පාන් රාත්තල් දෙක ගන්න ඇතිවෙන තරඟය නිසා පාන් මිල රුපියල් 2000 දක්වා ඉහළ යනවා.
ඒ කියන්නේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැතිව මුදල් සැපයුම වැඩි වුනොත් මිල ඉහළ යනවා. සරලවම කිව්වොත් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මහ බැංකුව හැම වෙලාවෙම ආර්ථිකයේ සංසරණය වන මුදල් තොගය හෙවත් මුදල් සැපයුම පාලනය කරන්න කටයුතු කරනවා.
මුදල් අච්චු ගැසීම
දැන් බලමු මුදල් අච්චු ගහනවා කියන්නේ මොකක්ද කියලා. අපි කළින් කිව්වා රටේ මූල්‍ය බලධාරිය මහ බැංකුව කියලා. ඒත් 2023 අංක 16 දරණ මහ බැංකු පනත මගින් මහ බැංකුව ස්වාධීන කරනකම් මහ බැංකුවට බලපෑම් කරපු සර්ව බලධාරියෙක් හිටියා. අළුත් මහ බැංකු පනතේ පස්වෙනි වගන්තිය අනුව මහ බැංකුව ස්වාධීන හා වගවීමෙන් යුක්ත විය යුතු අතර රජය විසින් සපයන ප්‍රාග්ධන අරමුදල් කිසිම විටක අඩු නොකළ යුතුය. කවර හෝ තැනැත්තෙකු හෝ ආයතනයක් මහ බැංකුවේ කාර්යයන්ට කිසිදු බලපෑමක් හෝ බාධා කිරීමක් නොකළ යුතුය.
පනතේ 6 වන වගන්තියට අනුව මහ බැංකුවේ ප්‍රමුඛතම අරමුණ දේශීය මිල ස්ථායීතාව අත්පත් කර ගැනීම සහ පවත්වාගෙන යාම වන අතර ද්විතීයික අරමුණ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කිරීම වේ.
ඒ අනුව ආණ්ඩුව සහ මහ බැංකුව එකිනෙකට ස්වාධීනව කටයුතු කළ යුතු ආයතන පද්ධති දෙකක් බව පැහැදිලිය. ඊළගට බලමු මහ බැංකුව මුදල් අච්චු ගැසීම කියලා හඳන්වනු ලබන සංකල්පය. මහ බැංකුව අළුත් මුදල් තොගයක් සංසරණයට නිකුත් කිරීම මුදල් අච්චු ගැසීම කියන සංකල්පයෙන් සරලවම හඳුන්වයි. ඒ අනුව අළුතින් මුදල් තොගයක් සංසරණයට නිකුත් කරන අවස්ථා දෙකක් පවතී. එක විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත්වී ඩොලර් වෙනුවට රුපියල් නිකුත් කිරීම හෙවත් ඩොලර් සංචිත මිලදී ගැනීම. දෙක රජයට සහ වාණිජ බැංකුවලට ණය දීම.
මුදල් සැපයුම කළමනාකරණය සඳහා මහ බැංකුව විසින් විවෘත වෙළෙඳපොළෙහි සාමාන්‍යෙන් සිදු කරනු ලබන ප්‍රති විකුණුම් මුදල් අච්චු ගැසීමක් ලෙස හඳුන්වන්නේ නැත. ඒ අනුව මුදල් සැපයුම වැඩිවීම 100% ක් මුදල් අච්චු ගැසීමක් ලෙස හැඳින්වීම කළ නොහැකි අතර මිල ස්ථායීතා අරමුණ යටතේ ආර්ථික වෘද්ධියට සාපේක්ෂව මුදල් සැපයුම වැඩි කළ යුතුය. එසේ නොවුණහොත් වැඩිවන නිෂ්පාදනය මිලදී ගැනීමට ප්‍රමාණවත් ඉල්ලුමක් ජනිත නොවීම නිසා නිෂ්පාදන වර්ධනය අඩාල වීම සිදු වේ.
මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵල
රටේ දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ යාමට සාපේක්ෂව මුදල් සැපයුම ඉහළ යා යුතු බව අපි දැන් දන්නවා. ඒත් මහ බැංකුව මේ කරුණ නොසලකා ආණ්ඩුවේ අවශ්‍යතාව මත මුදල් අච්චු ගසන්නේ යැයි උපකල්පනය කළහොත් ආර්ථිකයේ උද්ධමනකාරී බලපෑමක් ඇතිවේ. අති උද්ධමනකාරී තත්ත්වය රට තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන්න හේතු වෙනවා. ආයෝජන අධෛර්යමත් කරනවා. ආර්ථික වෘද්ධිය අඩාල කරන්නත් හේතු වෙන්න පුළුවන්. මේ තත්ත්වය සෑම කේෂත්‍රයකටම බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා නව මහ බැංකු පනත මගින් මුදල් අච්චු ගැසීම සීමා කිරීමේ ක්‍රමවේද භාවිත කීරීමට කටයුතු කර තිබේ.
තිළිණ සජිත් කරුණාතිලක
01/08/2025
ඉකොනොලොජියා 01 😁
01/08/2025
බයිකොනොලොජියා 😁
30/07/2025
ට්‍රම්ප් පාලනය ඇමෙරිකාව විනාශ කරයි ?
එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇතිවූ ආර්ථික අවපාතයන් වැඩි ප්‍රමාණයක ආරම්භය සිදු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. 1837 - 44 බැංකු හා මූල්‍ය අර්බුදය, 1873 - 96 කොටස් වෙළෙඳපොළ සහ ගෝලීය අවධමන අර්බුදය, 1929 - 36 මහා ආර්ථික පරිහානිය, 2007 - 2009 නිවාස ණය වෙළෙඳපොළ හා බැංකු අර්බුදය මීට උදාහරණ සපයයි.
මෙවැනි අර්බුද ඇමෙරිකානු ආර්ථිකය කේන්ද්‍රීයව හට ගැනීමට හේතුව අතීතයේ සිටම දැඩි ලෙස ගෝලීය ආර්ථිකය හා බද්ධ වී තිබීමත් ඇමෙරිකානු මුදල් ඒකකය ජාත්‍යන්තර වෙළෙඳාමේ ප්‍රධාන හුවමාරු මාධ්‍ය වීමත්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරන ආකාරයට ඇමෙරිකානු ආර්ථික අවපාතයක් දක්වා ගමන් කිරීමේ සම්භාවිතාව 25% ක සිට 40% දක්වා ඉහළ ගොස් ඇත. ඒ සඳහා බලපා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඇතිකර ඇති අවිනිශ්චිතතාවයි.
ලොව ප්‍රකට මූල්‍ය වෙළෙඳපොළ සේවා සපයන ආයතනයක් වන ජේ පී මෝර්ගන් (J.P. Morgan) ආයතනයට අනුව ට්‍රම්ප් පරිපාලනය 2025 වසර මුල ඇතිකරන ලද දැවැන්ත අවිනිශ්චිතතාව මත ඇමෙරිකානු ආර්ථික අර්බුදයක් ඇතිවීමේ සම්භාවිතාව 60%ක් වුවද මේ වන විට ට්‍රම්ප් පාලනය විසින් පෙන්නුම් කරනු ලබන නම්‍යශීලීභාවය හේතුවෙන් එම සම්භාවිතාව 40% දක්වා අඩු වී ඇත.
ඇමෙරිකානු ආර්ථික පර්යේෂණ කාර්්‍යාංශයට අනුව 2025 දෙවන කාර්තුවේ ඇමෙරිකානු දළ දේශීය නිෂ්පාදනය ඍණ වර්ධනයක් පෙන්නුම් කිරීම ඇමෙරිකානු ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරමින් සිටින බවට සාධක සපයයි. මෙම තත්ත්වය ආයෝජකයින්ට, කොටස් වෙළෙඳපොළට, බැංකු හා මූල්‍ය පද්ධතියට සහ අවසාන වශයෙන් සමස්ත ආර්ථික පද්ධතියටම අවිනිශ්චිතතාවේ සංඥා සපයනු ලබයි. යම් හෙයකින් තීරුබදු පිළිබඳ නම්‍යශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් තෙවැනි කාර්තුවේදී යම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ නම් ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අවදානම අවම කරනු ඇත.
ඇමෙරිකානු ආර්ථි සභාව සහ භාණ්ඩාගාරය විසින් මෙම ආර්ථික අර්බුද අවදානම බැහැර කරනු ලබන අතර ඔවුන් ප්‍රකාශ කරනු ලබන්නේ කෙටි කාලීන ආර්ථික බලපෑම දිගුකාලීන ඇමෙරිකානු ආර්ථික වර්ධනයේ සහ ගෝලීය ආර්ථික ප්‍රමුඛයා වීමේ පදනම ශක්තිමත් කරනු ලබන බවයි.
ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමට හේතු සහ අරමුණු මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න.
පෙර කිසි දිනක සිදුනොවන තීරණාත්මක ආර්ථික වෙනස්කම් රාශිය
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Boralesgamuwa