Pamunugama National school - Media Unit - PNSMU

Pamunugama National school - Media Unit - PNSMU PNSMU

🎓 Warmest wishes to all our A/L students starting their exams tomorrow! 🎓You have put in the hard work and dedication ov...
09/08/2026

🎓 Warmest wishes to all our A/L students starting their exams tomorrow! 🎓
You have put in the hard work and dedication over the years. Stay focused 🧠, remain calm, and believe in your potential! 💪✨
May your effort lead to outstanding results and a bright future ahead! 🚀

Pamunugama National school - Media Unit - PNSMU

රෝස කැලෙන් ගෙනා,පොඩ්ඩන්ගේ ජීවිතයේ පළමු කඩයිම් විභාගය හෙට.."චණ්ඩියෙක් වගේ ලියන්න"අම්මාගේන් බීපු කිරිවලත්තාත්තාගෙන් වැගිරු...
08/08/2026

රෝස කැලෙන් ගෙනා,
පොඩ්ඩන්ගේ ජීවිතයේ පළමු කඩයිම් විභාගය හෙට..

"චණ්ඩියෙක් වගේ ලියන්න"

අම්මාගේන් බීපු කිරිවලත්
තාත්තාගෙන් වැගිරුණු දහඩියවලටත්
වටිනාකමක් එක් කරන්නට '
දුවේ , පුතේ ,
ශක්තිය , ධෛර්ය හා වාසනාව ලැබේවා !
තෙරුවන් සරණයි !
ජේසු පිහිටයි !
Pamunugama National school - Media Unit - PNSMU

දැනුමෙන් සහ කුසලතාවයෙන් සපිරි අභිමානවත් හෙට දිනකට...! 🌟📚පමුණුගම මහා විද්‍යාලයේ 6 සිට 11 වසර දක්වා දූ දරුවන්ගේ දෙවන වාර ස...
07/08/2026

දැනුමෙන් සහ කුසලතාවයෙන් සපිරි අභිමානවත් හෙට දිනකට...! 🌟📚

පමුණුගම මහා විද්‍යාලයේ 6 සිට 11 වසර දක්වා දූ දරුවන්ගේ දෙවන වාර සමාලෝචන ප්‍රගති වාර්තා ලබා දීම සහ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත තරු ප්‍රදානය කිරීමේ උත්සවය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
අධ්‍යාපනික අංශයන්ගෙන් ඉහළ දක්ෂතා දක්වමින් මෙම ඇගයීමට ලක්වූ සියලුම දූ දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!
නිරන්තරයෙන් දරුවන්ගේ ඉදිරිගමන වෙනුවෙන් කැපවෙන ගුරු මණ්ඩලයටත්,
Pamunugama National school - Media Unit - PNSMU

කුසලතාවයෙන් බබළන හෙට දිනකට...! 🎓✨පමුණුගම මහා විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් අභිමානවත් පියවරක් තබමින්, NVQ L...
07/08/2026

කුසලතාවයෙන් බබළන හෙට දිනකට...! 🎓✨

පමුණුගම මහා විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් අභිමානවත් පියවරක් තබමින්, NVQ Level 4 පාඨමාලාව සාර්ථකව නිමකළ සිසු සිසුවියන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික කුසලතාවයෙන්ද සන්නද්ධ වූ අපගේ දූ දරුවන්, හෙට දිනයේ වෘත්තීය ලෝකය ජය ගැනීමට සූදානම්ය.
ජයග්‍රාහී සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු! ❤️👏

Pamunugama National school - Media Unit - PNSMU

දිව්‍යමය ආශීර්වාදයෙන් පරිපූර්ණ වන හෙට දිනයක් උදෙසා... ✝️🕊️ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන්ට...
06/08/2026

දිව්‍යමය ආශීර්වාදයෙන් පරිපූර්ණ වන හෙට දිනයක් උදෙසා... ✝️🕊️
ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන්ට මුහුණ දීමට සූදානම් වන අපගේ ආදරණීය දූ දරුවන් වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ශුද්ධ වූ මංගල පූජාව සහ ආශීර්වාද කිරීමේ මෙහෙය සාර්ථකව පවත්වා නිම කරන ලදී.
දරුවන්ගේ සිත්වලට නුවණත්, නොසැලෙන ධෛර්යයත්, පැහැදිලි මතකයත් ලබා දෙමින් දෙවිපියාණන් වහන්සේගේ ශුද්ධාත්ම ආශීර්වාදය නිරන්තරයෙන් ඔවුන් සමඟ පවතින ලෙස අපි මහත් භක්තියෙන් යැදුමු.
Pamunugama National school - Media Unit - PNSMU

පමුණුගම ක්‍රීඩා ජයග්‍රහයකයෝ.Pamunugama National school - Media Unit - PNSMU
04/08/2026

පමුණුගම ක්‍රීඩා ජයග්‍රහයකයෝ.
Pamunugama National school - Media Unit - PNSMU

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය2026.07.28Pamunugama National school - Media Unit - PNSMU
28/07/2026

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය
2026.07.28
Pamunugama National school - Media Unit - PNSMU

පමුණුගම මහා විද්‍යාලයේ අභිමානය තවත් ඉහළ නංවමින්, අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගන...
21/07/2026

පමුණුගම මහා විද්‍යාලයේ අභිමානය තවත් ඉහළ නංවමින්, අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගනිමින් පාසලට කීර්තියක් අත්කර දුන් සියලුම දූ දරුවන්ට හදපිරි උණුසුම් සුභපැතුම්!

ඔබගේ කැපවීම, අඛණ්ඩ උත්සාහය සහ ගුරු මණ්ඩලයේ මගපෙන්වීම මත ගොඩනැගුණු මෙම ජයග්‍රහණය ඉදිරි උසස් පෙළ අධ්‍යාපනයට මෙන්ම සමස්ත අනාගතයටම ශක්තිමත් පදනමක් වනු නොඅනුමානය.
Pamunugama National school - Media Unit - PNSMU

Address

Pamunugama Maha Vidyalaya/Bopitiya
Bopitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Pamunugama National school - Media Unit - PNSMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category