Wp/Ke/Biyagama Central College . Biyagama

Wp/Ke/Biyagama Central College . Biyagama Official Web site

14/04/2022
Happy New Year 2022
31/12/2021

Happy New Year 2022

බියගම විදුමව් ලකඹරෙහි රනින් දුළවූ හිටපු විදුහල්පති යූ.වී.ගුණරත්න මැතිඳුන් නිමකල අමිල මෙහෙවර බියගම ජාතික පාසල නමින් නව ජව...
02/12/2021

බියගම විදුමව් ලකඹරෙහි රනින් දුළවූ හිටපු විදුහල්පති යූ.වී.ගුණරත්න මැතිඳුන් නිමකල අමිල මෙහෙවර බියගම ජාතික පාසල නමින් නව ජවයකින් යළි අරඹන්නට සපැමිණි වත්මන් විදුහල්පති බන්දුල දිසානායක මැතිඳුනි ඔබතුමන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

පාසල  පිරිසිදු කිරීමේ   ශ්‍රමදානයට    පැමිණි   සියළුම   ගුරු භවතුන්ට,   දෙමාපියන් ට   හා   දරුවන්ට    මාගේ   විශේෂ   ස්ත...
04/11/2021

පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට පැමිණි සියළුම ගුරු භවතුන්ට, දෙමාපියන් ට හා දරුවන්ට මාගේ විශේෂ ස්තුතිය පිරිනමමි.
විදුහල්පති

උසස් පෙළට ICT විෂයක් ලෙස තෝරා ගැනීමට පෙර මෙය කියවන්න
09/10/2021

උසස් පෙළට ICT විෂයක් ලෙස තෝරා ගැනීමට පෙර මෙය කියවන්න

06/10/2021

#සිප්_කිරි_පෙවූ_මූසිලයින්_උඩු_මාලේ
#අපෙ_ගුරුතුමා_යයි_තාමත්_ඉස්කෝලේ

ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවයක් සහ, වන්දනීය බවක් ලබන්නේ ගුරුවරයා පමණකි.

සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි. ගුරුවරයා අපි සැළකුවේ දෙවැනි අම්මා ලෙසිනි. එය සැබෑවකි. අදටත් එය එලෙසම බව අප කාටත් බැලූ බැල්මටම දැකගත හැක. මන්ද ගුරුවරයා; සැබෑ ගුරුවරයා යනු ඉටු දෙවිකෙනෙකි.

ඉතිං මෙවන් උත්තමයන් වෙනුවෙන්, ඔවුනට උපහාර පිණිස දිනයක් වෙන් කිරීම අතිශය සාධාරණ කරුණකි. එය ⁣යම්තමට හෝ අකුරු උගත් සැමගෙ කලගුණ සැලකීමක් ලෙස අපට පෙන්වාදිය හැක.

අද ඔක්තෝබර් 6 වනදායි. මේ ශ්‍රී ලංකාවේ ගුරු උපහාර දිනයයි.

මම ද ශිෂ්‍යයෙකි. ජීවිතය ඇරඹීමට අත්පොත් තබා පියවරෙන් පියවර ඉදිරියට යන තවත් එක් ශිෂ්‍යයෙකි. මූසිලයකු නොවන කලගුණ දත් ශිෂ්‍යයෙකි. එනිසාම මම මෙලෙස මගෙ ගුරු පියවරුන්ට මෑණිවරුන්ට මාගෙ මෙම උපහාරය පුද කරමි. එමෙන්ම දැයේ දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන සියලු ගුරුවරුනට, විශේෂයෙන් මාගේ නායකත්වය සමගින් *මා සමග සේවය කරන මොරටු මහා විද්‍යාලයේ ගෞරවණීය ස්වාමින් වහන්සේලා ඇතුලු සහෝදර ආචාර්ය මණ්ඩලයට*,මාගේ නායකත්වය සමගින් සේවය කල බියගම ම.ම.විද්‍යාලයේ සහොදර ආචාර්ය මණ්ඩලයට, මාගේ නායකත්වය පිලිගනිමින් හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයේ සේවය කරපු සොයුරු ආචාර්ය මණ්ඩලයට සහ මා ගුරු වරයෙකු ලෙස සේවය කල පාසල් වල සේවය කල ගුරු සොයුරු සොයුරියන් හට මෙය උපහාරයක් ම වේවායි පතමි. 🙏...❤❤❤

24/09/2021

2020 සා.පෙල ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට දායක වු නියෝජ්‍ය විදුහල්පති තුමා, තුමියන් ඇතුලු ගුරු මහත්ම මහත්මීන්ටත්
ශක්තියක් වූ දෙමව්පියන්ටත් ස්තුතිය පුද කරමි.
මෙයට- හිටපු විදුහල්පති

24/09/2021

*2020 අ.පො.ස.(සා.පෙ.) විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසු දරුවන් ප්‍රමුඛ විභාගය සමත් වු සිසු දරුවන්ට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. විභාගය සමත්වීමට අපොහොසත් වු සිසු දූ පුතුන්ට ඉදිරියේ පැවැත්වෙන විභාගයට සාර්ථකව මුහුණ දී සමත්වීමට ආශීර්වාද කරමි. ඔබගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට හැකි පරිදි අ.පො.ස.උ.පෙල විෂය ධාරාව තෝරා ගන්න. කැපවීමෙන් කටයුතු කර උසස් අධ්‍යාපන සිහින ජයගැනීමට පියවර ගන්න . ඒ සදහා ශක්තිය ලැබේවා පතමි.*
මෙයට ,
යූ.වී. ගුණරත්න
පසුගිය වසරේ ඔබේ ලොකු සර්

Address

Biyagama

Alerts

Be the first to know and let us send you an email when Wp/Ke/Biyagama Central College . Biyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wp/Ke/Biyagama Central College . Biyagama:

Shortcuts

Share

Category