Astrology Guru

Astrology Guru The ancient Astrologers developed this massive science well known as astrology. This divide into two sections, Astrology and Astrology based Architecture.

කේන්දර කොටුවක තුන්වන ස්ථානය  හෙවත් තුන්වන භාවය සහෝදර ස්ථානය ලෙස හැදින්වේ. සහෝදර සහෝදරියන් නෑදෑ හිතවතුන් මෙම ස්ථානයෙන් නි...
04/10/2025

කේන්දර කොටුවක තුන්වන ස්ථානය හෙවත් තුන්වන භාවය සහෝදර ස්ථානය ලෙස හැදින්වේ. සහෝදර සහෝදරියන් නෑදෑ හිතවතුන් මෙම ස්ථානයෙන් නිරූපණය වේ. මෙම භාවය ආයුෂ ස්ථානයක් ලෙස ද සැලකේ. දැනීම, වික්‍රම බව, ගෞරවය, කීර්තිය ආදිය 3 වැන්න හා එහි අධිපති ග්‍රහයා සිටින ස්ථානය හා ප්‍රබලතාව මත නිගමනය කළ හැකිය. නිදසුනක් ලෙස තුන්වැන්නාධිපති පලමු භාවයේ සිටීම පිරිවර බලයෙන් අනූන තත්වයක්.

කේන්දර කොටුවේ දෙවන භාවය හෙවත් දෙවැන්න ධනස්ථානය ලෙස හැදින්වේ. මෙයින් ධනය දේපල, කථාවේ දක්ෂතාවය , දිළිඳු වීම, මරණය ආදී දේ ව...
03/10/2025

කේන්දර කොටුවේ දෙවන භාවය හෙවත් දෙවැන්න ධනස්ථානය ලෙස හැදින්වේ. මෙයින් ධනය දේපල, කථාවේ දක්ෂතාවය , දිළිඳු වීම, මරණය ආදී දේ විමසා බැලිය හැක. සෑම ලෞකික බලවේගයක්ම මෙම ස්ථානයේ පවතින බලදුබලතාව අනුව පැවැත්ම සිදුවෙයි. දෙවැන්නට වැටී ඇති ග්‍රහයාගේ බලය, දෙවැන්නට අධිපති ග්‍රහයා සිටින ස්ථානය හා එම ග්‍රහයාගේ බලය අනුව ධනස්ථානයේ පලාපල ප්‍රකාශ කල හැක. නිදසුනක් ලෙස දෙවැන්නාධිපති ග්‍රහයා 8 වැන්නේ ධනය විනාශ වන තත්ත්වයක් වන අතර දෙවැන්නාධිපති දෙවැන්නේ හෝ අය ස්ථානයේ (11 වැන්නේ) ධනය සම්බන්ධයෙන් ඉතාම ශුභ පලදායි තත්ත්වයක්.

පලමු භාවය තමා පිලිබදව කියවේ. තමාගේ ගති ලක්ෂණ, දේහ ලක්ෂණ, ශරීරය, වාසනාව, අවාසනාව පිලිබදව පිළිඹිබුවකි. රාශි චක්‍රයේ රාශි 1...
02/10/2025

පලමු භාවය තමා පිලිබදව කියවේ. තමාගේ ගති ලක්ෂණ, දේහ ලක්ෂණ, ශරීරය, වාසනාව, අවාසනාව පිලිබදව පිළිඹිබුවකි. රාශි චක්‍රයේ රාශි 12 ට අනුව තම ලග්නය නිගමනය වේ. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. මෙම රාශි 12 ට අධිපති ග්‍රහයන් සිටින භාවය අනුව හා ග්‍රහයන්ගේ උච්ච, නීච, සතුරු, ස්වක්ෂේත්ර, මූඪ අවස්ථා අනුව පලාපල පුරෝකථනය කල හැක. අධිපති ග්‍රහයන් සම්බන්ධව දැනගැනීමට පෙර යොමු කර ඇති ඇල්බමයක් පරිශීලනය කරන්න. නිදසුනක් ලෙස පලමු වැන්නාධිපති 8 වන භාවයේ සිටීම අඩු ආයුෂ පිහිටීමක්.

සෞරග්‍රහ මණ්ඩලයේ නායකයා හෙවත් රවි ග්‍රහයාගේ මහ දශාව කල පලාපල විමසා බලමු. රවි ග්‍රහයා පාපියකු ලෙස සැලකේ. ඒ එසේද? විමසා බල...
02/10/2025

සෞරග්‍රහ මණ්ඩලයේ නායකයා හෙවත් රවි ග්‍රහයාගේ මහ දශාව කල පලාපල විමසා බලමු. රවි ග්‍රහයා පාපියකු ලෙස සැලකේ. ඒ එසේද? විමසා බලමු.

* ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයාට මහ දශාවක් වශයෙන් වසර 6ක් හිමිවේ. යම්කිසි කෙනෙක්ගෙ කේන්දරයේ පියා සම්බන්ධව නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා රවිය.
රවි ග්‍රහයා, පුද්ගලයෙකුගෙ ආත්ම ශක්තිය නිවේදනය කරයි.

● රවි මහ දසාව ලැබූවිට පුද්ගලයාගේ සමාජ තත්වය ඉදිරියට යයි. පුද්ගලයා තේජමාන පුද්ගලයෙක් වේ. රජයේ සමාජයේ හොඳ ස්ථාන ලැබේ. ඇත්ත වශයෙන්ම කිවහොත් ග්‍රහ බලය අනුව පුද්ගලයා රජෙක් සමානව ජිවත්විමට වරම් ලැබෙන්නේද මේ කාලයේදිය.
මෙය ධනු ලග්නයේ ධර්මකර්මාධිපති රාජයෝගය යෙදි තිබ්බ නම් එසේම වේ.

● රවිගේ සඳු අන්තර් දශාවේදී පිටපලාත් වල වාසය, අලංකාර නිවාස ලැබීම, යාන වාහන ලැබීම, එසේම විදේශ රටවල් වල සංචාරය සිදුවේ.

● රවිගේ කුජ අන්තර් දශාවෙදි බලවත්ව පිහිටියොත් විවිධ කර්මාන්ත ශාලා අරඹන්නට ලැබිම, භූමි ලාභ, වාසනා ලාභ ලැබීම සහ බලවත් සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ.
දුර්වලව සිටියොත් සතුරු කරදර, ආයුධ වලින් විපත් සහ මුත්‍රාගල්, මුත්‍රා අමාරු ඇතිවිය හැක.

● රවිගේ රාහු අන්තර් දශාවෙදි, විදෙස් ගමන් තීව්ර වීම හදිසි ධන වාසනාව, ලොතරැයි ලැබීම ආදිය සිදුවේ.
අයහපත්ව නම් පියා සමග දබර, නීතියෙන් දඩුවම්, ලේ විෂවීම් ආදිය ඇතිවේ.

● රවිගේ ගුරු අතුරු දසාව ඉතාම ශුභ කාලයකි. පදවි නිලතල ලැබේ. දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින අයට මැති ඇමතිධුර ලැබේ.
අයහපත්ව පිහිටා සිටියොත් යම් වෙලාවක උදරාබාධ හෝ ගෙඩි හටගැනිමට පුලුවන.

● රවිගේ ශනි අන්තර් දශාව ඇත්ත වශයෙන්ම අශුභ කාලයකි. අයහපත්ව පිහිටා සිටියොත් ගින්නෙන්, විදුලියෙන් අනතුරු විය හැක. රවි - ශනි යෝගය එතරම් හොද නැත. මුදල් වැයවීම අයහපත, කනස්සල්ල, පවුල් සංස්ථාවේ විවිධ ප්‍රශ්න මේ ආදිය සිදුවේ.
පූර්වාචාරින් සදහන් කරන ආකාරයට මෙය ඉතාම නරක කාලයක් බව සදහන්ය.

● රවිගේ බුද අන්තරය ඉතාම ශුභයි. ඉගෙන ගන්නා වයසේ අයට ඥානය දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා සේම, බුද්ධිමත්ව කටයුතු කරන ප්‍රඥාව ලැබෙන කාලයයි. වැරදුනු ජිවිතය හරි මගට එන කාලයයි.
විසේසයෙන්ම සෙනසුරු අතුරු දසාවෙන් පසු ලබන බුද අතුරු දසාව ඒ තරමටම සුබයි.

● රවිගේ කේතු අන්තරය, සැබැවින්ම සුභදායක නොවනු ඇත. මෙම තත්වය නිසා මුත්‍රා අමාරු, එසේම ලේ කෝපවීමේ දෝෂ හට ගැනිමට පුලුවන්. එමෙන්ම යම් යම් සිත තුල මානසික ව්‍යාකූලතාවය ඇතිවෙන්න පුලුවන්.

● රවිගේ සිකුරු අන්තරය ඉතාම ශුභයි. මංගල්‍යය සහිත කාලයක්, සියලුම සුභ කටයුතු මෙන්ම ප්‍රේම සබදතා ඉෂ්ඨ සිද්ධ වීම, අධි සුඛෝපභෝගි ජිවිතයක් ලැබිම මේ කාලයෙදි සිදුවේ.

* අප මේ ඉදිරිපත් කල සියලුම කාරණා ඒ ඒ පුද්ගලයාගේ කේන්දරය අනුව සිදුවිය හැක.
බොහෝවිට රවි බලවත් නැති අයගේ රවි මහ දසාව ඔහේ යන්නන් වාලේ ගොස් කිසිම යහපතක් නොවි ඇත. අප පරික්ෂා කල කේන්දරවල බොහෝ ඒවායේ තමන් කරන්නේ කුමක්ද යන්නවත් නොදන අතරමංව සිටින අයුරු අපි අනේකවාරයක් දැක ඇත.

ජේ‍යාතිෂයේ ග්‍රහ තොරතුරු පිළිබඳව ලියැවී ඇති ග්‍රන්ථ සමූහයකි. මෙහි අක්මුල් සොයා යෑමේදී විශේෂයෙන් ග්‍රහයන් අතර ඉතාම ප්‍රසි...
02/10/2025

ජේ‍යාතිෂයේ ග්‍රහ තොරතුරු පිළිබඳව ලියැවී ඇති ග්‍රන්ථ සමූහයකි. මෙහි අක්මුල් සොයා යෑමේදී විශේෂයෙන් ග්‍රහයන් අතර ඉතාම ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ සෙනසුරු හෙවත් ශනිය. සෙනසුරු නම අසුබ යැයි කෙනකු බිය වේ. නැතිනම් කුකුසක් ඇතිවේ. ඒ මේ ශනිට ගසා ඇති ලේබලය නිසාය. ශනි හෙවත් සෙනසුරු ගැන කිසිවෙක් කතාබහ කරන්නටවත් කැමැති නැත. සියලුම මෙලොව අපල කරන්නේ සෙනසුරු යැයි මතයක් පවතී. මෙය සම්පූර්ණම ඇත්තක්ද? මේ පිළිබඳව සොයා බැලීම අතිශයින්ම වැදගත් වේ.

මාරක අපල, අතපය කඩා දැමීම, පවුල් නැති කිරීම, ලෙඩ රෝග සෑදීම, මුදල් නැති කිරීම ආදී අසුබ පැත්තේ නිලධාරියා ශනිය. මාරක අපල උවදුරු විනාශකාරී අවස්ථා උදාකර දෙන්නේද ශනි පමණක්ම නොවේ. සුබ ග්‍රහයන්ද ඒවාට පාදක වේ. මේ අතර සෙනසුරු සුබපල ලබාදී සමාජයේ ඉහළම තැන්වලට ගිය අය ඕනෑ තරම් සිටී. මේ ගැන කතාබහ නොකිරීම අසාධාරණයකි. සෙනසුරු ගැන ගැඹුරින් බැලීමේදී සුවිශේෂී කරුණු විශාල සංඛ්‍යාවක් හෙළිවී තිබේ. බ්‍රහස්පතිගේ මහ දශාවේදී අයුතු අසාධාරණ අන්දමට කල් ගෙවූ මිල මුදල් උපයාගත් අයට ශනි සෙනසුරු මහ දශාව තුළදී යම් යම් විපාක ගෙන දෙන බැව් පෙනේ. රජකම් කළත්

කළකම් පල දෙනු ඇත.

ඉගෙන ගන්නා දරුවන් ඒ දශාව තුළදී විභාගවලින් සමත්ව සරසවි වරම් ලබා උගතුන් වූ අය අපමණයි. ජේ‍යාතිෂ විද්‍යාත්මකව බලන විට මෙය පැහැදිලිවේ.

සෙනසුරු දශාවේ මුල් කාලය සෙනසුරු අතුරු දශාවේදී අසුබ පල ලැබුවත් ඊළඟ එන බුධගේ කාලයේදී සුබ පල අත්වූ අයද කොතෙකුත් සිටී. සෙනසුරු සුබ ආකාරයට වෘෂභ, තුලා, මකර, කුම්භ හිමියන්ට සුබවාදීව ප්‍රතිඵල උසස් ලෙස අත්කර දෙන බවද සත්‍යයකි.

තුලා, ධනු, මකර, කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු සිටියොත් ඉතාම සුබයි. ධනය බුද්ධිය දෙකම දෙනු ඇත. ශනි 3 වැන්නේ නම් වික්‍රමය පතුරුවයි.

මේෂ, කටක, තුලා, මකර රාශියක නම් තම පදිංචිය වෙනස් කරයි. ශනි බලවත් නම් නෑයන් අතර නායකත්වය දරයි. ශනි පස් වැන්නේ නම් තුලා, මකර, කුම්භ රාශිවලින් එකක් නම් සුබයි. ධනු ලග්නයට 5 වැන්නේ නීච වුවත් සුබ පල ගෙනදේ. සෙනසුරු අසුබ නම් සියලු වැඩකටයුතුවලට බාධා පැමිණේ.

ශනි 7 වැන්න දිග්බල සහිතයි. සුබව ඇත්නම් විවාහය, හවුල් ව්‍යාපාරවල දියුණුව ලබයි. නරක නම් විනාශ වේ. අට වැන්න ශනි සුබ නැත. අසුබ නම් වඩාත් නරක ප්‍රතිඵල ගෙනදේවි. රෝගී වේ. දුක් විඳිනු ඇත. යහපත්ව ඇත්නම් ධනය, ඉගෙනීම, වාසනාව පෑදේ. ශනි 9 වැන්නට යහපත්ය. ගුප්ත විද්‍යාවට යහපත්ය. ආගමික පැත්තට නැඹුරු වේ. ශාස්ත්‍රීය කටයුතුවලින් ධන සම්පත් උපයයි. නමුත් ඉක්මනින්ම කලකිරීමකට පත්වේ. තවුස් දිවියකට යහපත්ය. 10 වැන්නට අයහපත්ය. රැකියාව ගැන කලකිරේ. ප්‍රශ්න ඇතිවේ.

වෘෂභ, මකර, තුලා හිමියන්ට ශනි 10 බලවත් වීමෙන් සුබපල අධික වේ. ධන සම්පත් යස ඉසුරු මෙන්ම භාග්‍යවන්තකමින් පොහොසත් වන්නේය. සෑම අංශයකින්ම දියුණුව ලබයි. ශනි 11 වැන්නට බලවත්ව සිටීමෙන් මහත් සුබපල ගෙනදේ. මැණික් හා පොළොව ආශි්‍රතව සම්පත් හිමිවේ. දේශපාලනයට යහපත්ය. දියුණුව ලබයි. අයහපත් වීම අසුබයි. 12 වැන්නට එතරම් සුබ නැත. මහ දශා, අතුරු දශා කාලය තුළදී නඩුහබ, ආරවුල් පැන නඟී. යහපත් නම් සමාජ සේවක කටයුතුවලින් දියුණුව ඇති වේ.

ශනිට එකතු වන අනෙක් ග්‍රහයන්ගෙන්ද සුබ අසුබ බලපෑම් තිබේ. ශනි, බුධ, ශුක්‍ර, රාහු මිත්‍රවද ගුරු, කේතු සමවද සිටී. සතුරු වන්නේ රවි, චන්ද්‍ර, කුජ ග්‍රහයන්ය. ශනි, ශුක්‍ර බලවත්ව සිටියහොත් සමහර විට ලොතරැයි දිණුම් පවා අත්පත් කරදේවි. කන්‍යා ලග්නයට ශනි, රාහු පහේ සිටි විට මකර රාශියේ නිසා පොතපතේ අධ්‍යාපනයට වඩා තෙවැනි ඇසින් උගත හැකිය. අති දක්‍ෂ නිර්මාණකරුවෙක් වේ. සංගීතය, නාට්‍ය, චිත්‍ර හා පොත්පත් ලිවීමත් මාධ්‍ය අංශයටත් අති දක්‍ෂ වේ. ප්‍රසිද්ධ පුද්ගල චරිතයක් වේ. සැබැවින්ම ශනිට වැරැදි ලේබල් ගැසීම එතරම් සුබ නැත. කියන තරම් සෙනසුරු අපල ගෙන නොදේ.

ඔබේ ජන්මපත්‍රයේ සෞම්‍ය ග්‍රහයා ලෙස සැලකෙන “සඳු” ග්‍රහයාගේ බලපෑම සහ සඳු ගැනත් ඉගෙන ගැනීම වැදගත්ය. පාසලේදී සඳු පෘථිවියේ උප...
01/10/2025

ඔබේ ජන්මපත්‍රයේ සෞම්‍ය ග්‍රහයා ලෙස සැලකෙන “සඳු” ග්‍රහයාගේ බලපෑම සහ සඳු ගැනත් ඉගෙන ගැනීම වැදගත්ය. පාසලේදී සඳු පෘථිවියේ උපග්‍රහයකු ලෙස පිළිගත්තද ජේ‍යාතිෂයේ “සඳු” ප්‍රධාන ග්‍රහයෙකි. ග්‍රහ මණ්ඩලයේ “මව” ලෙස මෙන්ම “කුඩම්මා” ලෙසද, සඳු ග්‍රහයා යෙදෙන අවස්ථා පවතී. “සඳේ සාවුන්” ගැන මෙන්ම “සඳේ ලප” ගැනද කවි සීපද ලියා ඇතත් සඳ නැතහොත් චන්ද්‍රයා ගැන බොහෝ දේ ඉගෙන ගන්නට අවශ්‍යය. නමින් ග්‍රහයකු වුවත් අවුරුදු 10 (දහයක්) පුරා සඳුගේ මහා දසාව පවතින කාල සීමාවන් හා සඳු ග්‍රහයා ජන්ම පත්‍රයේ ගෝචර වන ස්ථාන අනුවත් ඔබේ ජීවිතය, චරිතය වෙනස් වේ.

එසේම සඳු ග්‍රහයා තවත් ග්‍රහයකු සමඟ එකම රාශියක සිට ඔබ ඉපදී ඇත්නම් එය “ද්විග්‍රහ” පිහිටීමක් ලෙස සැලකේ. සඳු ග්‍රහයා සමඟ සිටින අනෙක් ග්‍රහයා නිසා ඔබේ ජීවිතයට බොහෝ බලපෑම් එල්ල වීමට ඉඩ ඇත. සඳු ග්‍රහයාට “චන්ද්‍රයා” “සීතංගු” ර්ධධද ලෙස ජේ‍යාතිෂයේ කියැවුමකි. කවි ලෝකයේ බොහෝ නම් ඇත. ඒවා සොයා බලන්න. දිනකට අංශක 13 කලා 20ක දුර ගමන් කරන සඳු එක් රාශියක සිට අනෙක් රාශියට දින 02 1/2 ක් තුළ ගමන් කරන වේගවත් ග්‍රහයෙක්.

නායකත්වය නොව දෙවැනි තනතුර දීමට සඳු සමත් වේ. (උපනායක තනතුර) ජලය ආශ්‍රිත රැකියාවලටත් රුධිරය ආශ්‍රිත රෝගවලටත් සඳු හේතුවේ. සඳුගේ මහ දසාවේදී ඇදුම – පීනස, සෙම්රෝග වැඩිපුර සෑදුනු බව පැහැදිලි වේ. ‘මව“ නියෝජනය කරන්නේ සඳුගේ සඳු බලවත් නම් ජන්මියාගේ මවට සුබපල ගෙන දේ.

සඳු උපතේදී ජන්ම ස්ථානයේ හෝ කලත්‍රස්ථානයේ ගෝචර වූයේ නම් ප්‍රසන්න පෙනුමක් උදාකරන අතර ප්‍රේම සබඳතා ඇතිවීමටත් අන්‍යයන්ගේ ආදරය දිනාගන්නත් සමත් පුද්ගලයෙකි. උපතින් සඳු “වෘෂභ” රාශියේ ගෝචරව “සස” යෝගය උදා වී ඇත්නම් ඔහු හෝ ඇය වාසනාවන්තය. ප්‍රසන්නය. මාතෘ ස්ථානයේ සඳු පිහිටියේ නම් සිත චංචල වන අතර මවට ඉතාම ආදරය කරයි. සඳු රෝගස්ථානයේ ගෝචරව උපත ලබා ඇත්තේ නම් සෙම් රෝග සතුරු කරදර අධිකය. මාරක ස්ථානයේ සඳු ගෝචර වූයේ නම් සෙම් රෝග, පීනස, ඇදුම ආදියට ඉඩ ඇති අතර ජලයෙන් විපත්, අනතුරු වීමට අවස්ථා පවතී. අනියම් ප්‍රේම සබඳතා ආදියටත් සඳුගේ බලපෑම පවතී.

සඳුගේ මහදසාව අවුරුදු දහයක් වේ. “පුර පක්‍ෂයේ” උපන් අයට සඳු මහ දසාව සුබපල ගෙන දෙන අතර “අව පක්‍ෂයේ” උපන් අයට සඳු මහදසාව අසුබ පල ගෙන දේ.

ජේ‍යාතිෂයේ නැකත් සාදන්නේ සඳු මුල් කරගෙනය. සඳු නිසා “තිථිය” ඇතිවේ. චන්ද්‍ර මාස ක්‍රමය අනුව සෑම මාසයකටම දින තිහකි (30)කි. ඒ නිසා ඉංග්‍රීසි ක්‍රමයට මෙන් ඇතැම් මාස අඩු දින ගණනක් හෝ ඇතැම් මාසවල වැඩි දින ගණනක් නොමැත. සඳුට එක් රාශියක සිට නැවත එම රාශියට ඒමට දින 30 (තිහක්) ගතවේ.

සඳුගේ මහදසාවේදී ඇතිවන අපල අඩු කරගන්නට පත්තිනි මෑණියන්ට පූජා පවත්වන්න. ඒත් මෙහිදී පත්තිනි මෑණියන්ට “බාරවීම” සහ “පූද පූජා” පවැත්වීම දෙකක් බව දැනගන්න. පලතුරු සහ එළකිරි පූජා කිරීම සෑහේ. ඒත් “බෙලි” පලතුරු විශේෂය පූජා නොකරන්න. පත්තිනි දේවිය “බෙලි” පලතුරු අප්‍රිය කරයි. රාත්‍රියේ පිපෙන මල් එනම් සමන්පිච්ච, කුමුදු වැනි මල් පූජා කිරීම (බුදුන්ට) වඩා සුබයි. එසේම සුදු සහල්වලින් උයන ලද දානය දන්දීම, රතන සූත්‍රය දිනපතා කියවීම හා රතන යන්ත්‍රය පැලඳීම වැදගත්ය.

31/12/2024

ඔබගේ ලග්නයට හිමි පලාපලය කුමක් වුවත් උත්සාහවන්තව ඔබට 2025 නව වසර ජය ගැනීමට හැකි වනු නොඅනුමානය. සියලු දෝෂ භංගවී නව වසර 2025 උත්සාහය මගින් සුභ වසරක් බවට පත් කර ගත හැක. සියලු බාධක මග හැරේවා. නව වසර ඔබ සියල්ලටම ශ්‍රී සුභ නව වසරක් වේවා

06/10/2024

ඔබ කුමන ලග්නයේද? ඔබේ ලක්ෂණ බලන්න.

ඔබ තුලා ලග්නයේ නම් ගතිගුණ, රැකියාව, රෝගාබාධ, මරණය මෙසේ විය හැකියි.තුලාව යනු තරාදියයි. තරාදියක් අතින්ගත් පුරුෂයෙකුගේ රූපය...
06/10/2024

ඔබ තුලා ලග්නයේ නම් ගතිගුණ, රැකියාව, රෝගාබාධ, මරණය මෙසේ විය හැකියි.

තුලාව යනු තරාදියයි. තරාදියක් අතින්ගත් පුරුෂයෙකුගේ රූපයකින් තුලා රාශිය නොහොත් තුලා ලග්නය සංකේතවත් කරයි. මේ නිසා තුලා රාශියෙන් සාධාරණත්වය, යුක්තිය, නීතිය හා සමානාත්මතාවය පෙන්නුම් කරයි. තුලා රාශිය පුරුෂ රාශියකි. තුලා රාශියේ අධිපති ග්‍රහයා වන්නේ සිකුරුය. අලංකාරබව, පවිත්‍රබව, ආලය, පී‍්‍රතිය, චිත්‍ර කලාව, නාට්‍ය, සංගීතය වැනි දේ සිකුරුගෙන් නියෝජනය වන බැවින් තුලා ලග්න හිමියෝද සිකුරුගේ බලපෑම අනුව එම දේවල් කෙරෙහි යොමුවේ.

සිකුරු ග්‍රහයා සියලු සම්පත් අධිකව ගෙනදෙන අතර අන්‍යයන් සමඟ විනෝදයෙන් පී‍්‍රතියෙන් කාලය ගත කිරීමේ හැකියාව ලබාදෙන බැවින් තුලා රාශිය සිකුරුට හිමිකර දී ඇත. තුලා ලග්නයෙන් උපන් අය තරාදියක් මෙන් ලොවට සැපදුක් සමසේ බෙදාදෙයි. පුරුෂාකාර මිනිස් රුවකින් තුලා රාශිය හඳුන්වා දී ඇත්තේ මිනිස්කමේ ඇති ශ්‍රේෂ්ඨ උතුම් ගතිලක්ෂණ විදහා දැක්වීමට විය යුතුය. නිතරම සැප කැමති, දැකීමට පි‍්‍රය යහපත් පියකරු ඇස් ඇති නිසා වීනස් දෙව්දුව යනුවෙන් හැඳින්වෙන සිකුරු ග්‍රහයාට තුලා රාශිය ස්වක්ෂේත්‍ර රාශිය ලෙස ඡ්‍යොතිෂයෙහි දක්වා ඇත. තුලා රාශිචක්‍රයේ සත්වැන්නයි. සෙනසුරු උච්ච වන්නේ මේ රාශිය තුළ ගමන් කරන අවස්ථාවලදීය.

පෘථිවියට දුරින්ම පිහිටි රාශිය බැවින් දැඩි දුක් කරදරවලට අධිපති සෙනසුරුගේ බලය මෙහිදී දුර්වලවේ. හීනවේ. එබැවින් දැඩි දුක්කරදරවලින් තොරවූ දීර්ඝායුෂ ලැබීමේ හැකි කමක් තුලා ලග්න හිමියන්ට හිමිවේ. ඔවුහු ස්වශක්තියෙන් දියුණුවීමේ ශක්තියක් ඇත්තෝ වෙති. එමෙන්ම යහපත් විනීත ගති පැවතුම්වලින් යුතු අය වෙති. පුහු අහංකාරයෙන් තොර ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කරන්නෝ ය. තුලා රාශිය වායෝ රාශියක් නිසා ඇවිදීමට පි‍්‍රයකරන, අලංකාර ලෙස ඇඳුම් පැලඳුම්වලින් සැරසීමටත් ස්වභාව සෞන්දර්ය ආදී දේ නැරඹීමටත් වැඩි කැමැත්තක් දක්වන, කාටත් පි‍්‍රය උපදවන පරිදි ශරීර අලංකාරය පිළිබඳව වඩා සැලකිලිමත් වන අතර අනුන්ට සංග්‍රහ කිරීමට හා චිත්‍ර ශිල්පියට වැඩි දක්ෂකමක් පෙන්වයි. සාධාරණව සිතාබලා නිවැරදිව තීරණ ගැනීමට දක්ෂ වේ. දුටුවන් පි‍්‍රය කරන ශරීරයක් ඇතිවේ. කළගුණ සැලකීම ඉහළින් අගය කරයි. ධාර්මික ගතිවලින් යුක්තය. පියාගෙන්ද අන්‍ය අයගෙන්ද පිදුම් ලබයි. යහපත් දූ දරුවන් ලැබීමේ වාසනාව ඇත. ඉක්මන් කෝපය හා හදිසි තීරණ ගැනීම මොවුන් තුළ ඇති දුර්වලකමක් ලෙස සැලකිය හැකිය. අයුක්තියට හිස නැමීමට ඔවුන් කිසිසේත්ම කැමැති නොවේ. සාමය, සමාදානය අගය කරන ගතිගුණ වගේම උපායශීලී ශූර චණ්ඩියන්ද මේ ලග්නයෙන් උපත ලබා ඇත. තුලා ලග්නය හිමි අයට ගැළපෙන වෘත්තීන් ලෙස දැක්විය හැක්කේ සෞන්දර්යය අංශයට ගැළපෙන නාට්‍ය ලේඛනය. සංගීතය, ඡායාරූප ශිල්පය, සිනමා කර්මාන්තය ආදි යයි. ඊට අමතරව භූමිලාභ ඇති බැවින් මිනිරන්, මැණික් කර්මාන්තය, කෘෂිකර්මාන්තය වැනි දේවලින් ද උසස් තත්ත්වයකට පැමිණිය හැකිවේ. තුලා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකීමේ දී මොවුහු බොහෝ දුරට නීරෝගි පුද්ගලයෝ වෙති. පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු නොවෙති. නීතියට ගරුකරන ඝෘජු හිතක් තිබෙන ඔවුන් කාට වුවත් කරුණාවන්ත විදියට එමෙන්ම ගෞරවණිය විදියට හිතන්නත් සලකන්නත් උපතින්ම හුරුවී ඇත.

තුලා රාශිය ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගේ උච්ච රාශියයි. එහෙයින් සෙනසුරු තුලා ලග්න හිමියන්ට උසස් ප්‍රතිඵල ගෙනදේ. තුලා ලග්නයෙන් ජන්ම ලාභය ලැබූ අයගේ ලග්නයේ හෙවත් පළමුකොටුවේ ශනි සිටියේ නම් එම අය ‘සස යෝගයෙන්’ උපන්නෝ වෙති. මෙවැනි අය පරම්පරාගත විශාල ඉඩම් මහා මන්දිර, මිල මුදල්, ධන ධාන්‍යය ලබන්නෝ ය. පිරිවර සේනා ලබන්නෝද, කීර්ති ප්‍රශංසා ලබන්නෝද අන් අයට අනුශාසනා කරන්නෝ ද වෙති. තුලා ලග්න හිමියන්ට කීප ආකාරයකින්ම නීච භංග රාජයෝගද උදාවේ. නීච භංග රාජ යෝගය නම් යම් ග්‍රහයෙකුගේ උච්ච රාශියේම නීචවූ ග්‍රහයන් පිහිටිමය. මේ අයුරින් රවි හා ශනි ලග්නයේ හෝ හත්වැන්නේ යෙදීමෙන්ද, ගුරු ග්‍රහයා හා කුජ ග්‍රහයා හතරවැන්නේ හෝ දහවැන්නේ යෙදීමෙන් ද නීචභංග රාජයෝග උදාවේ. මේ යෝග ඇත්තෝ මිල මුදල්, ධන ධාන්‍ය ලබන අතරම ඉඩකඩම්, යාන වාහන හා යස ඉසුරු එම ග්‍රහයන්ගේ මහදශා, අතුරුදශා ගෙවන කාලවලදී හිමිවේ.

තුලා ලග්නයෙන් උපදින වැඩිදෙනා ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි යෙදෙන අයවේ. නීතිඥවරු, භාෂා පරිවර්තකයන්, නොතාරිස්වරු, පොත්පත් කතුවරු ධනවන්තයන්, කලාකරුවන්, නළුනිළියන්, හා සංගීත ගුරුවරුද මේ ලග්නයෙන් උපත ලබා ඇත. රෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය මැනවින් පිහිටා ඇත. තුලා ලග්න හිමියන්ට අසනීප නොසෑදෙනවා ම නොවේ. ඒත් කලාතුරකිනි.

බහුල වශයෙන් තුලා ලග්න හිමියන් පෙළෙන අසනීප තත්ත්වයන් කීපයක් ඇත. මූත්‍රාශය හා ඒ ආශි‍්‍රත අසනීප ප්‍රධාන වේ. නිසි පරිදි මූත්‍රා නොපෙරීම, මූත්‍රාවල, ආම්ලික තාවය, තුනටියේ වාත රෝග, බහු මූත්‍රතාව ආදිය ද වේ. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 2, 8, 12 යන ස්ථානවල එකක ශනි පිහිටීම අසුබය. තුලා ලග්න හිමි කාන්තා කේන්ද්‍රවල පස්වැන්නේ රාහු පිහිටීමද සුබ නොවේ. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල 6 වැන්නේ රාහුද, 7 වැන්නේ කේතුද, 3 වැන්නේ ගුරුද පිහිටීම මාරක යෝගයක් වේ. මෙවැනි පිහිටීම් ඇති අය මෝටර් රථවාහනවලින් ප්‍රවේශම් විය යුතුය. ගමන් බිමන් හේතුවෙන් සිවුපාවන්ගෙන්, ආදරය ඇති අයගෙන් වෙන්වීමෙන් ඇතිවෙන ශෝකයෙන්, නිරාහාරව ඉදීමෙන්, මූත්‍රාශය පිළිබඳ රෝගයකින් දියවැඩියාව වැනි රෝගයකින් මරණ සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇත.

29/06/2024

මගේ ආයතනයේ FB පිටුව. Like කරන්න.
https://www.facebook.com/profile.php?id=61561310341034&mibextid=ZbWKwL

WP/KE/Biyagama Central College situated at Biyagama, Sri Lanka and Leading well organized school at Gampaha District with nearly 1800 mixed students and also a 1AB catogorized school that have grade 6 - 11 Secondary classes,GCE(AL) Art,Sci, Maths,Com,Tech

05/10/2021

Address

Biyagama
0094

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773354489

Alerts

Be the first to know and let us send you an email when Astrology Guru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Astrology Guru:

Shortcuts

Share

Category