B/Bibilegama Primary School

B/Bibilegama Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B/Bibilegama Primary School, School, Bibilegama.

🙏🙏🙏🙏දරු දැරියන් ගේ යහපත් ධනාත්මක ආකල්ප වර්ධනය වෙනුවෙන්  "අපි පන්සල් යමු " වැඩසටහන  තුළින් ප්‍රායෝගික අත්දැකීම් ලබා  දීම ...
17/03/2026

🙏🙏🙏🙏දරු දැරියන් ගේ යහපත් ධනාත්මක ආකල්ප වර්ධනය වෙනුවෙන් "අපි පන්සල් යමු " වැඩසටහන තුළින් ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම 🙏🙏🙏.

දරු දැරියන් ගේ  සනීපාරක්ෂක කටයුතු  සදහා භාවිතා වන ස්ථාන  පිරිසිදු කිරීම , අලංකාර කිරීම ආදී කටයුතු 2026.03.03-2026.03.06....
17/03/2026

දරු දැරියන් ගේ සනීපාරක්ෂක කටයුතු සදහා භාවිතා වන ස්ථාන පිරිසිදු කිරීම , අලංකාර කිරීම ආදී කටයුතු 2026.03.03-2026.03.06. දින දක්වා ක්‍රියාත්මක කරන ලද "සුව දරු" වැඩසටහනට සමගාමීව අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ,දරු දැරියන් සහ දෙමාපිය සහයෝගය මත සාර්ථක ලෙස නිමා
වූ වගයි.

♥️♥️🥰ඉතා උද්යෝගිමත් ලෙස උදෑසන ශරීර සුවතා ක්‍රියාකාරකම්වල යෙදෙමින්  ක්‍රියාශීලී දරු පිරිසක් ලෙස  දවස  ආරම්භ කරන පුංචි පැට...
17/03/2026

♥️♥️🥰ඉතා උද්යෝගිමත් ලෙස උදෑසන ශරීර සුවතා ක්‍රියාකාරකම්වල යෙදෙමින් ක්‍රියාශීලී දරු පිරිසක් ලෙස දවස ආරම්භ කරන පුංචි පැටව්💪💪💪

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ පළමු ශ්‍රේණියේ දරු දැරියන්ට ජීවන අත්දැකීම් සහිත ක්‍රියාකාරකම්වල සතුටින් නිරත වූ ආකාරය..♥...
17/03/2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ පළමු ශ්‍රේණියේ දරු දැරියන්ට ජීවන අත්දැකීම් සහිත ක්‍රියාකාරකම්වල සතුටින් නිරත වූ ආකාරය..♥️♥️♥️

📌අපේ පුංචි දූ දරුවන්ගේ 78 වැනි ජාතික නිදහස් දින සැමරුම!! 🇱🇰❤️🙏
05/02/2026

📌අපේ පුංචි දූ දරුවන්ගේ 78 වැනි ජාතික නිදහස් දින සැමරුම!! 🇱🇰❤️🙏

📍2026 වර්ෂය බිබිලේගම ප්‍රාථමික විද්‍යාලයට වාසනාවන්ත වසරක්! පාසලේ පුංචි දුවා දරුවන්ගේ වාසනා මහිමය නිසා 2026.01.29 වන දින ...
31/01/2026

📍2026 වර්ෂය බිබිලේගම ප්‍රාථමික විද්‍යාලයට වාසනාවන්ත වසරක්! පාසලේ පුංචි දුවා දරුවන්ගේ වාසනා මහිමය නිසා 2026.01.29 වන දින පාසලේ විශේෂ බලාපොරොත්තු කිහිපයක් ම ඉටු කරගන්නට හැකි වුණා..

✓2026 වර්ෂයේ 1 ශ්‍රේණියට නවක පුංචි දූ දරුවන් පාසල් ගත කරගැනීම.
✓පාසල් නාම පුවරුව විවෘත කිරීම.
✓අභිනව තූර්ය වාදක කණ්ඩායම එළි දැක්වීම.

ඌව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, බිබිලේගම ශ්‍රී මංගල බෝධිරාජාරාමාධිපති පූජ්‍ය කහවත්තේ ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් යුතුව එම අවස්ථාවන් අති සාර්ථක ලෙස නිම වූ වගයි. ඒ සඳහා නන් අයුරින් සහය ලබා දුන් සියලූ ම දෙනාට උත්තමාචාරය!! 🙏🙏❤️❤️❤️

📌 බිබිලේගම ප්‍රාථමික විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පුංචි දූ දරුවන්ගේ මුවගට සිනහව කැන්දන්න අපට හැකි වුණා. ඉතා කෙටි...
31/01/2026

📌 බිබිලේගම ප්‍රාථමික විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පුංචි දූ දරුවන්ගේ මුවගට සිනහව කැන්දන්න අපට හැකි වුණා. ඉතා කෙටි කාලයක් තුළ ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගනිමින් පුහුණුවීම් කටයුතු ඉතා සාර්ථක ලෙස සිදු කර ගැනීමෙන් හැකියාවෙන් පිරිපුන් දරු පිරිසක් පාසල තුළ ගොඩනඟන්නට හැකි වීම ද පාසලේ අභිමානය විදහා දක්වයි. එම දක්ෂතා තුළින් ඔවුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීම සඳහා බටහිර තූර්ය වාදක කණ්ඩායමට උචිත නිල ඇඳුමක් සකසා ගැනීම වෙනුවෙන් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට විදුහල් මාතාවගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පුද කර සිටිමු.🙏🙏🙏❤️

💙🥁🙏 අපේ පුංචි දරුවන්ගේ සිනාව වෙනුවෙන් ඔබේ දයාබර දෑත් දිගු කරන්න 🙏❤️පස්සර, බිබිලේගම ප්‍රාථමික පාසලේබටහිර තූර්ය වාදක කණ්ඩා...
15/01/2026

💙🥁🙏 අපේ පුංචි දරුවන්ගේ සිනාව වෙනුවෙන් ඔබේ දයාබර දෑත් දිගු කරන්න 🙏❤️

පස්සර, බිබිලේගම ප්‍රාථමික පාසලේ
බටහිර තූර්ය වාදක කණ්ඩායම ලස්සනට ගොඩනගාගන්න
අපි අවුරුදු ගාණක් තිස්සේ සිහින දකිමින් සිටිනවා.

2026 ජනවාරි 29 වන දින, 1 ශ්‍රේණියට අලුත් පුංචි දරුවන් භාරගැනීමේ උත්සවයට,
අපේ බටහිර තූර්ය වාදක කණ්ඩායම අලංකාර නිළ ඇඳුමක් සමඟ ඉදිරිපත් කරන්නට විදුහල්පතිතුමිය,
දෙමාපියන්, ගුරුවරුන්, සහ පාසල් පවුල එකතු වෙලා තීරණය කළා.

දිගු කලක් භාවිතා කළ හැකි අලංකාර නිළ ඇදුමක් සකසා ගැනීම අපේ අරමුණයි. ඒ සඳහා දරුවන්ට ශක්තියක් වන්නට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

🎺 අපේ තූර්ය වාදක කණ්ඩායමේ පුංචි දරුවන් 29 දෙනෙක් ඉන්නවා.
ඔවුන්ගේ ඇස්වල තියෙන සිනාව,
ඔවුන්ගේ සිහින,
ඔවුන්ගේ දක්ෂතා
ලස්සනට හැඩගස්වන්න
ඔබට හැකි නම් පුංචි උදව්වක් අපට ලබා දෙන්න.

⏳ කාලය ඉතා සීමිතයි.
නමුත් ඔබගේ හදවත විශාලයි 💖
💖
කුඩා දරුවන්ගේ සතුටට,
ඔවුන්ගේ අනාගතයට,
ඔබගේ කරුණාවන්ත හදවතෙන් උදව්වක් ලබා දුන්නොත්
අපි සැමටම මහත් ආශීර්වාදයක් වේවි.

📞 අපට කතා කරන්න:
දුරකථන අංක – 0773786085
හදපිරි ස්තුතිය… 🙏
බිබිලේගම ප්‍රාථමික පාසල – පස්සර

📌 2026.01.08 වන දින පැවැති සතුටු කඳවුරේ මතක සටහන්.. ❤️❤️❤️
12/01/2026

📌 2026.01.08 වන දින පැවැති සතුටු කඳවුරේ මතක සටහන්.. ❤️❤️❤️

📌2026.01.05 වන දින නව පාසල් වාරය ආරම්භයත‍් සමග බෝබුරුවේ අරියවිමල නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද පිරිත් පින්කම.. 🙏🙏🙏
10/01/2026

📌2026.01.05 වන දින නව පාසල් වාරය ආරම්භයත‍් සමග බෝබුරුවේ අරියවිමල නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද පිරිත් පින්කම.. 🙏🙏🙏

📌රතු කුරුස සංවිධානයේ සහයෝගය මත ප්‍රාථමික දරුවන්ට උචිත පරිදි ප්‍රථමාධාර පිළිබඳව මූලික දැනුම ලබාදීම.. ⛑️🙏
27/07/2025

📌රතු කුරුස සංවිධානයේ සහයෝගය මත ප්‍රාථමික දරුවන්ට උචිත පරිදි ප්‍රථමාධාර පිළිබඳව මූලික දැනුම ලබාදීම.. ⛑️🙏

Address

Bibilegama

Website

Alerts

Be the first to know and let us send you an email when B/Bibilegama Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category