Technology Section

Technology Section Hello everyone, welcome to our page ❤️
ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා 🙏

11/07/2026
09/07/2026

Celebrating my 12th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

30/04/2020

බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ඔබට නිවසටම #ඖෂධ ගෙන්වා ගැනීමට දැන් හැකියාව ඇත...

හැකි තරම් Share කරන්න...
ගොඩක් දෙනෙක් ට වැදගත් වේවි...


30/04/2020

දෙවන ලෝක යුද්ධයෙන් පසු මුලු ලොවක්ම මුහුණ දෙන ප්‍රධානතම ගෝලීය ප්‍රශ්නය ලෙසට covid19 හෙවත් නව කොරෝනා වෛරසය පත් වී හමාරයි.අන්ත දුප්පත් රටවල සිට ඉතා දියුණු සමාජ,ආර්ථික හා දේශපාලන පසුබිම් ඇති රටවල් පවා මෙම covid19 වසංගතය හමුවේ දණ ගසා අවසන්. මැදි මට්ටමේ ආර්ථිකයකට උරුමකම් කියන අප රට ද මේ වන විට මෙම ගෝලීය වසංගතයට ගොදුරු වී හමාරයි.
මේ වන විට අප රටේ සෞඛ්‍යය, ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අංශ මෙම covid19 හෙවත් නව කොරෝනා වසංගතය මැඩලීමට පෙරමුණ ගෙන අවසන්. සියලු ගුවන් ගමන් හා නාවික කටයුතු නවතා ඇති නිසා අපරටේ ද ආනයන අපනයන කටයුතු මුළුමනින්ම පාහේ මේ වන විට අඩපණ වී අවසන්.
"කළු වලාවක වුව රිදී රේඛා දැකිය හැකිය" යන කියමන සනාථ කරමින් වසර ගණනාවකට පසු අප රටට ඇවැසි දෑ අවම මුදලකින් හා ඉහල ප්‍රමිතියකින් යුතුව අප රටේම නිපදවෙමින් පවතී. එකී නව නිර්මාණ අතර නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිපදවනු ලැබූ නිර්මාණයක් ගැන අපට බිබිල ප්‍රදේශයෙන් වාර්තා වුනා.
එනම්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා. ඔවුන් කුඩා කල සිට එකම පාසලේ ඉගෙනුම ලැබූ යහලුවන් පිරිසක් වීම විශේෂත්වයක්.
චරිත් ප්‍රියශාන්ත ( ඉංජිනේරු පීඨය - ශ්‍රීලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය )
හසිඳු ජයසිංහ ( ඉංජිනේරු පීඨය - විවෘත විශ්වවිද්‍යාලය )
ගයාන් කරුණාතිලක ( හෙද පීඨය - නැගෙනහිර විශ්වවිද්‍යාලය )
මදුෂාන් කහඳවල ( හෙද පීඨය - නැගෙනහිර විශ්වවිද්‍යාලය )
මලිත් බන්දුල ( සිවිල් ඉංජිනේරු - CINEC Campus )
මෙම නිර්මාණයේ ඇති විශේෂත්වය වනුයේ මෙය තුලට ඇතුලු වන කිසිඳු පුද්ගලයෙකුට බාහිර ස්පර්ශයකින් තොරව කුටිය තුලට ඇතුලු වීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම ස්පර්ශය මඟින් පවා බෝවන covid19 රෝගය සැලකීමේදී මෙම කාරණය ඉතා වැදගත් වනවා. කුටීරයට පිවිසීමේදී දොරටු ස්වයංක්‍රීයව විවෘත වන අතර ඇතුලු වූ පසු ස්වයංක්‍රීයවම දොරටු වැසෙන අතර විෂබීජ නාශක දියර මුදා හැරීමද සිදු වනවා. සාමාන්‍යයෙන් විෂබීජ නාශක දියර සඳහා අප යොදා ගන්නේ ක්ලෝරීන් මූල ද්‍රව්‍යයි. එහි ඇති අවාසිය වනුයේ ක්ලෝරීන් දියරය සම හා ගැටීම අහිතකර වීමයි. නමුත් මෙම නිර්මාණයේදී විෂබීජ නාශක දියර ලෙස යොදා ගෙන ඇත්තේ රෝහල් වල පවා බහුලව යොදා ගන්නා ඇල්කොහොල් ද්‍රාවණයයි. එම නිසා මෙමඟින් පෙර කී පරිදි අහිතකර තත්වයක්ද ඇතිවන්නේ නැහැ.
වැඩ අවසන් කල ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය බිබිල මූලික රෝහල වෙනුවෙන් පරිත්‍යාග කෙරුණ අතර ඒ සඳහා බිබිල මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා ද සහභාගී වී සිටියා.
ලොව දිනන දිරිය දරුවනි...ඔබට AGNIEDGE මාධ්‍ය ජාලයේ උණුසුම් සුභ පැතුම්.

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Technology Section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share