Minimuthu Pre School මිණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල

  • Home
  • Sri Lanka
  • Bibile
  • Minimuthu Pre School මිණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල

Minimuthu Pre School මිණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණි මුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුන පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න...

ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා..."නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....මිණිමුතු ලෙස ලෝක...
29/06/2026

ධර්මාලෝකයෙන් සිත්සතන් සුවපත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...

"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණිමුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුන පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."




මුල් ළමාවිය කියන්නේ මොකක්ද ?දරුවන් යනු කවුරුන්ද ? ඔවුන්ගේ වර්ධනය හා සංවර්ධනය සිදු වන්නේ කෙසේද හා සිදු කරන්නේ කෙසේද යන වග...
28/06/2026

මුල් ළමාවිය කියන්නේ මොකක්ද ?දරුවන් යනු කවුරුන්ද ? ඔවුන්ගේ වර්ධනය හා සංවර්ධනය සිදු වන්නේ කෙසේද හා සිදු කරන්නේ කෙසේද යන වග මෙන්ම ඒ සදහා දෙමාපියන් කෙසේ කටයුතු කළ යුතුද? යන විශාල කරුණු රාශියක් පිළිබද මනා දැනුමක් ලබා දීම හා. දෙමාපියන් වන ඔබ නිවසේදී දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී දෙමාපියන් දැනුවත් කිරීම සිදු කරන ලදී. මුල් ළමාවිය පිළිබද පුළුල් දැනුමක් ලබාදුන් හා මේ අවස්ථාව සදහා පැමිණි කොට්ටාසභාර මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමියට, පෙර පාසලේ ගුරුතිමියන්ලා ඇතුළු සියළුම දෙමාපියන්ගේ හදපිරි ස්තූතිය පුද කරමු.
"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණිමුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."

Contact Us ☎️
071 4783168
076 2832865




17/06/2026

දරුවා ඉතා සියුම් වූ ක්‍රියාකාරකම් හෝ කාර්යන් මනා ඉවසිමකින් යුතු ව සිදු කිරීමට මෙවැනි ක්‍රියාකාරකම් උපයෝගී වේ.

"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණිමුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."

Contact Us ☎️
071 4783168
076 2832865




පෙර පාසල් වියේ පසුවන දරුවන් කියන්නේ හරියට පුංචි කැමරා වගේ. ගෙදරදී අම්මා, තාත්තා හැසිරෙන විදිහ, කතා කරන වචන, සහ නිවසේ ඇති...
14/06/2026

පෙර පාසල් වියේ පසුවන දරුවන් කියන්නේ හරියට පුංචි කැමරා වගේ. ගෙදරදී අම්මා, තාත්තා හැසිරෙන විදිහ, කතා කරන වචන, සහ නිවසේ ඇති වන සුළු හෝ වෙනස්වීම් ඔවුන් ඉතා ඉක්මනින් ග්‍රහණය කරගන්නවා. ඊටත් වඩා පුදුමයට කරුණ නම්, ඔවුන් ඒ හැම දෙයක්ම කිසිම හැංගිමුත්තමක් නැතිව තමන්ගේ පෙර පාසල් ගුරුතුමිය සමඟ පවසන්නට පෙළඹීමයි.

​"අපිට වැඩිය ගෙදර සිද්ද වෙන දේවල් දන්නේ පෙර පාසල් ටීචර්" කියලා සමාජයේ පොදු මතයක් හැදිලා තියෙන්නේ මේ නිසයි. දරුවා ඔබ (දෙමාපියන්) ගැන කොතරම් අවධානයෙන්ද සහ ඔවුන් තුළින් නිවසේ පරිසරය ගුරුතුමිය වෙත නිරාවරණය වන්නේ කෙසේද යන්න පිළිබඳවයි මේ ලිපිය.

​1. දරුවා ඔබ දෙස බලා සිටින "රහස් කැමරාව"

​දරුවන් තමන්ගේ මව්පියන්ව දකින්නේ ඔවුන්ගේ ලෝකයේ වීරයන් හැටියටයි. ඒ නිසාම ඔවුන් මව්පියන්ගේ සෑම ක්‍රියාවක්ම ඉතාම සියුම්ව නිරීක්ෂණය කරනවා.

​අනුකරණය (Copying): අම්මා දුරකථනයෙන් කතා කරන විලාසය, තාත්තා කේන්ති ගිය විට බනින වචන, හෝ දෙන්නා අතර ඇති වන සුළු අමනාපකම් දරුවා තදින් සිතට ගනියි.

​හැඟීම් හඳුනාගැනීම: ඔබ සිනාසුණත් සිතින් පසුවන්නේ දුකකින් හෝ ආතතියකින් නම්, දරුවාට එය වහාම දැනේ. ඔවුන් ඔබේ මුහුණේ ඉරියව් සහ කටහඬේ වෙනස්වීම් මත ඔබ සිටින මානසික මට්ටම තේරුම් ගැනීමට උත්සාහ කරයි.

​2. පෙර පාසල් ටීචර් මේවා දැනගන්නේ කොහොමද?

​ළමා මනෝවිද්‍යාවට අනුව, දරුවෙකු නිවසින් බැහැරව වැඩිපුරම කාලය ගත කරන සහ තමන්ට ආරක්ෂාව දැනෙන මීළඟ ස්ථානය පෙර පාසලයි. එහිදී ඔවුන් තමන් දකින දේ බාහිර ලෝකයට මුදාහරින්නේ ප්‍රධාන ක්‍රම 3ක් ඔස්සේය:

​අ) අසීමිත කතාබහ (Spontaneous Chats)

​පුංචි දරුවන්ට රහස් රකින්නට තේරෙන්නේ නැත. "ඊයේ රෑ අම්මයි තාත්තයි රණ්ඩු වුණා", "තාත්තා අම්මට බැන්නා", "අම්මා ඊයේ රෑ ඇඬුවා" වැනි නිවසේ සිදුවන අතිශය පෞද්ගලික දේවල් පවා ඔවුන් ඉතාම අහිංසක ලෙස ටීචර් සමඟ පවසන්නේ කිසිදු චකිතයකින් තොරවය.

​ආ) රඟපෑම් සහ සෙල්ලම් (Role Play)

​පෙර පාසලේ 'ගෙදර සෙල්ලම්' (Dollhouse play) කරන විට දරුවා හැසිරෙන ආකාරයෙන් නිවසේ පරිසරය මනාව පිළිඹිබු වේ.
​උදාහරණයක් ලෙස, දරුවා බෝනික්කාට ආදරයෙන් සලකන්නේ නම් නිවසේ ආදරණීය පරිසරයක් ඇති අතර, බෝනික්කාට කෑගසමින් දඬුවම් කරන්නේ නම් නිවස තුළ පවතින්නේ ආතති සහගත වටපිටාවකි.

​ඇ) චිත්‍ර සහ නිර්මාණ (Drawings)

​දරුවන් අඳින චිත්‍රවලින් ඔවුන්ගේ යටිසිත කියවිය හැකිය. මව්පියන් ඈතින් අඳින දරුවන්, කළු හෝ තද වර්ණ වැඩිපුර භාවිතා කරන දරුවන් තුළින් නිවසේ පවතින යම් නොසන්සුන්බවක් පෙන්නුම් කරන අතර, එය ගුරුතුමියට පහසුවෙන් හඳුනාගත හැකිය.

​3. දරුවාගේ අවධානය අපට කියන පණිවිඩය කුමක්ද?
​දරුවා ඔබ දෙස මේ තරම් අවධානයෙන් සිටීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් නිවසේ පරිසරයෙන් දැඩි ලෙස පෝෂණය වන හෝ පීඩාවට පත්වන බවයි.

​යහපත් බලපෑම: නිවස තුළ ආදරය, ගෞරවය සහ සාමකාමී බව පවතින විට, දරුවා පෙර පාසලේදී ඉතා සතුටින්, සාමකාමීව සහ මිත්‍රශීලීව හැසිරේ. ඔවුන් ගුරුතුමියට පවසන්නේ "තාත්තා ඊයේ අම්මට මලක් දුන්නා" වැනි සුන්දර කතාය.

​අයහපත් බලපෑම: නිවස තුළ නිතර අඬදබර, කෑකෝ ගැසීම් හෝ නොසලකා හැරීම් පවතී නම්, දරුවා පෙර පාසලේදී නොසන්සුන් වීම, හුදෙකලා වීම හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම පෙන්වයි.
​දෙමාපියන් ලෙස අප සතු වගකීම

​"ටීචර් හැමදේම දැනගන්නවා" කියා දරුවාට දෝෂාරෝපණය කිරීම හෝ දරුවා බිය ගැන්වීම නොකළ යුතුය. දරුවා යනු නිවසේ කැඩපතයි.

​එබැවින්, පෙර පාසල් ගුරුතුමිය ඉදිරියේ ඔබේ පවුලේ ගෞරවය රැක ගැනීමටත් වඩා, දරුවාගේ මානසික සුවතාවය වෙනුවෙන් සැමවිටම නිවස තුළ සුදුසු, ආදරණීය සහ ආදර්ශමත් පරිසරයක් නිර්මාණය කිරීමට දෙමාපියන් වගබලා ගත යුතුය. ඔබ දරුවාට දෙන හොඳම දායාදය වන්නේ සතුට පිරි නිවසකි.

lilani Jayawickrama පවුල් සෞඛ්‍ය සේවා නිලදාරීනී සටහනක්...

13/06/2026

දරුවන්ට අවුරුදු චාරිත්‍ර පිලිබදව අවබෝදයක් ලබා දීම හා අවුරුදු ක්‍රීඩා හදුන්වාදීම.මෙහිදී දරුවන් සාමූහිකව එකතු වී කටයුතු කිරීමට හුරු වේ.වැඩිහිටියන් සමගද ගනුදෙනු කිරීමට දරුවා ඉගෙන ගනී.

"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණිමුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."

Contact Us ☎️
071 4783168
076 2832865




මුණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල දෙවන  වරට සංවිධානය කරනු ලබන පුංචි සිඟිති අපේ සව් දන්සල දන්සලවෙසක් මස 28 දිනසිකුරාලන්...
27/05/2026

මුණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල දෙවන වරට සංවිධානය කරනු ලබන
පුංචි සිඟිති අපේ සව් දන්සල දන්සල
වෙසක් මස 28 දින
සිකුරාලන්ද පෙරපාසල අසල දී...
උදෑන 1000 ට..
සැදැහැති ඔබට මෙත් සිතින් ආරාධනා...!
ගුරුතුමියන් හා දෙමාපියන්
මිණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල

"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණිමුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුන පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."




මිණිමුතු පුංචි අපි නිදහස් දිනය අභිමානයෙන් සමරමු...!වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන...
04/02/2026

මිණිමුතු පුංචි අපි නිදහස් දිනය අභිමානයෙන් සමරමු...!
වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1,883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4, 5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4, 10, 11, 12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වරායේ නැව්, රජයේ ගොඩනැගිලි, ආගමික ස්ථාන, නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර, කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙකු විය. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ධූරයද හෙබවූ එතුමා අල්ටර් හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු කෞතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදෙනු ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි

අපේ අලුත් මිණිමුතු පැන්චෝ.. ජිවිතේ අලුත් ගමනකට පිය නගන පුංචි මිණිමුතු වන් මල් කැකුළු ඔවුන්ගේ අධ්‍යාපන ගමනෙහි මුල් පියවර ...
13/01/2026

අපේ අලුත් මිණිමුතු පැන්චෝ.. ජිවිතේ අලුත් ගමනකට පිය නගන පුංචි මිණිමුතු වන් මල් කැකුළු ඔවුන්ගේ අධ්‍යාපන ගමනෙහි මුල් පියවර තබන්නට මිණි මුතු අපේ පෙර පාසලට පැමිණි මේ චූටි මල් කැකුළු ටික ආදරණීය ලෙස අපේ පෙර පාසලට පිළිගත් සුන්දර දවස. 🥰
ඉතින් ලස්සනට පිපෙන්නට මේ දමන අඩි තාලම මනා ලෙස ජීවිතයට එකතු කිරීමට වසරක් පුරාවට අපි ඔබට උගන්වන්න දරන වෑයම ඉතා කැපවීමෙන් දරුවන්ට ආස ,පහසු , ලෙස ඉතා ආදරණීය ව කියා දේ.

"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණි මුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුන පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."


ඉතිං ඔන්න ආදරණිය අම්මේ තාත්තෙ ඔයාලාගේ ශක්තියෙන් ගිය අවුරුද්දෙ පටං ගත්ත මිණිමුතු පෙරපාසල දෙවන අවුරුද්දටත් පා තැබූවා...ඔයල...
12/01/2026

ඉතිං ඔන්න ආදරණිය අම්මේ තාත්තෙ ඔයාලාගේ ශක්තියෙන් ගිය අවුරුද්දෙ පටං ගත්ත මිණිමුතු පෙරපාසල දෙවන අවුරුද්දටත් පා තැබූවා...ඔයලාගේ මහන්සියෙන් ගොඩනගපු ඒ පැටව්න්ගේ අනාගතයට දාපු ඒ අඩිතාලමට 2025 වර්ශයේ සිටි සෑම දෙමාපියන්ටම ස්තුතියි මේ ඔයලාගේ ශක්තිය..💜️

මෙහි විශේෂ ස්තුතිය බිබිල ප්‍රාදේශීය ලේකම් තුමා හට සහ මුල් ළමාවිය සංවර්ධන නිළධාරිනි හා දෙමාපියන්හට.එහිදී මින් ඉදිරියට "මිණි මුතු පෙරපාසල" සාර්ථකව ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙමු.

"නැණ ගුණ පිරි සතුට සපිරි ළමා ලොවක්....
මිණි මුතු ලෙස ලෝකයේ දිදුළන්නට නැණ ගුන පිරි සතුට සපිරි ළමා ලොවක් දකින්න.සම්ප්‍රදායික පෙරපාසල් ක්‍රමයෙන් එහා දකින්න..."


Address

Bibile

Opening Hours

Monday 08:30 - 23:30
Tuesday 08:30 - 23:30
Wednesday 08:30 - 23:30
Thursday 08:30 - 23:30
Friday 08:30 - 23:30

Website

Alerts

Be the first to know and let us send you an email when Minimuthu Pre School මිණිමුතු පෙරපාසල සිකුරාලන්ද - බිබිල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category