Wellassa national school

Wellassa national school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wellassa national school, Badulla Road, Bibile.

14/02/2026

04/02/2026
වෙල්ලස්ස මැදි විදුහලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි.බිබිල කලාපයට අයත් පාසල් අතුරින් කාන්තා ක්‍රිකට් කණ්ඩාය...
24/01/2026

වෙල්ලස්ස මැදි විදුහලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු ජය වාර්තා කරයි.

බිබිල කලාපයට අයත් පාසල් අතුරින් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ඇති එකම පාසල ලෙස වෙල්ලස්ස මැදි විදුහලේ ක්‍රීඩිකාවන් පසු ගිය 23 වන දා අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයීය කණ්ඩායම සමඟ තරග කරමින් කඩුලු 08ක පහසු ජයක් වාර්තා කරන ලදී.

එහි දී සද්ධාතිස්ස විද්‍යාලයීය කාන්තා කණ්ඩායම පන්දුවාර විසි එකක් හා පන්දු දෙකක් (21.2) තුළ දී සියලු දෙනා දැවී ලකුණු 70ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෙල්ලස්ස මැදි විදුහල් ක්‍රීඩිකාවන් පන්දුවාර පහලොවක් හා පන්දු දෙකක (15.2) දී කඩුලු දෙකක් පමණක් දැවී කඩුලු අටක (08) ඉතා පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නා ලදී.

වෙල්ලස්ස මැදි විදුහලේ නෙතූෂි මෙවන්සා ක්‍රීඩිකාව ලකුණු 19කට කඩුලු තුනක් (03) ලබා ගනිමින් දක්ෂතම පන්දු යවන්නිය බවටත්, නෙත්මිණි කෞෂල්‍යා ක්‍රීඩිකාව නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් දක්ෂතම පිතිකාරිය බවටත් පත් විය.

පාසල වෙනුවෙන් ජයග්‍රහණය ලබා දුන් ක්‍රීඩිකාවන්ටත්, පාසලේ ක්‍රිකට් කණ්ඩායම් භාර නුවන් සී. කෝණාර මහතාට, ක්‍රීඩිකාවන් පුරුදු පුහුණු කරමින් දායකත්වය ලබා දෙන විරාජ් හෙට්ටිගමගේ මහතාට, දිනුක් පැතුම් මහතාට හා ක්‍රීඩා අංශයේ සියලු දෙනාට පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ.

 ්_කැකුළට_පියාපත්_20262026 වර්ෂයේ හය ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනීම පසුගිය ජනවාරි 09 වන දින විදුහල්පතිතුමාගේ ප්‍රධ...
14/01/2026

්_කැකුළට_පියාපත්_2026

2026 වර්ෂයේ හය ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනීම පසුගිය ජනවාරි 09 වන දින විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි.

මහාචාර්ය සේනක බිබිලේ ආදර්ශ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුභවතුන් ද මෙම අවස්ථාවට සහභාගී විය. 2025 වර්ෂයේ දී 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සියලු දරුවන් ද පෝෂිත පාසල්හි සියලු දරුවන් ද මෙම දිනයේ දී වෙල්ලස්ස මැදි විදුහලට ඇතුළත් කර ගන්නා ලදි..

"සහෝදරත්වයේ දෑත්"පසු ගිය දා පැවති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මහියංගන ජාතික පාසල නැවත යතාවත් කිරීම ව...
10/12/2025

"සහෝදරත්වයේ දෑත්"

පසු ගිය දා පැවති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මහියංගන ජාතික පාසල නැවත යතාවත් කිරීම වෙනුවෙන් වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ ශ්‍රම දායකත්වය ලබා දීම ඊයේ (09) දිනයේ දී සිදු කරන ලදි.

මෙම කාර්‍ය සඳහා පාසලේ විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ද ආදරණිය දරුවන් ද සහභාගී විය.

සහභාගී වීමට නොහැකි වුව ද මේ සඳහා විවිධාකාරයෙන් දායකත්වය ලබා දුන් කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාට ද කෘතවේදීත්වය පුද කරන්නෙමු...

 ෙල්ලස්ස_මැදි_විදුහලට_තවත්_චෙස්_ජයක්...ශ්‍රී ලංකා චෙස් සංගමය විසින් පවත්වන්නට යෙදුණු Sri Lanka National Youth Chess Cham...
30/10/2025

ෙල්ලස්ස_මැදි_විදුහලට_තවත්_චෙස්_ජයක්...

ශ්‍රී ලංකා චෙස් සංගමය විසින් පවත්වන්නට යෙදුණු Sri Lanka National Youth Chess Championship 2025 මොණරාගල දිස්ත්‍රික් තරාගවලියේ දී අප විද්‍යාලයේ
🥇15න් පහල බාලක ශූරතාවය

🥈15න් පහළ බාලිකා අනුශූරතාවය අඛණ්ඩව වසර දෙකක් තුළ මෙවරත් දිනා ගැනීමට සමත් විය.

තව ද,
🥉අවුරුදු 11න් පහළ බාලිකා තෙවන ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.

එම තරගාවලියට සහභාගී වූ දරු දැරියන් අතරින් දස දෙනෙකු ට සමස්ත ලංකා තරග සඳහා ද සුදුසුකම් ලබා ගන්නා ලදි.

වෙල්ලස්ස විදු මාතාව වෙනුවෙන් එම ජයග්‍රහණ අත් පත් කර දුන් දරුවන්ටත්, ඔවුන් පුරුදු පුහුණු කළ ගුරුභවතුන්ටත්, විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංෂණ..

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ දී  07 ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ද, පද්‍ය ගායන...
22/10/2025

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ දී 07 ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ද, පද්‍ය ගායනා අංශයේ ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය ද දිනා ගැනීමට වෙල්ලස්ස මැදි විදුහලේ ආර්. ඩී. දිනෙත් හිමංස පුතණුවන් සමත් විය.

එම ජයග්‍රහණය අත්පත් කර දුන් දිනෙත් හිමංස පුතණුවන් ඇගයීම වෙනුවෙන් රථ පෙළපාළියක් ඔස්සේ බිබිල නගරයේ සිට පාසල දක්වා කැඳවාගෙන ඒම සිදු විය.

බිබිල යශෝදරා බාලිකා විද්‍යාලය, බිබිල රෝහල, මහාමාත්‍ය විද්‍යා විද්‍යාලය, ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය, බිබිල මැණික් ව්‍යාපාරික සංසදය, බිබිල මහජන බැංකුව, බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, බිබිල ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා මහාචාර්ය සේනක බිබිලේ ප්‍රාථමික විද්‍යාලය විසින් දිනෙත් හිමංස පුතණුවන් ඇගයීමට දායකත්වය ලබා දෙන ලදී.

 ්_ඔය_දියවර_2025ගල් ඔය දියවර සාහිත්‍ය කලා මහෝත්සවය ඊයේ දිනයේ (2025.10.16) දී ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල්...
17/10/2025

්_ඔය_දියවර_2025

ගල් ඔය දියවර සාහිත්‍ය කලා මහෝත්සවය ඊයේ දිනයේ (2025.10.16) දී ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පාසලේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

එම අවස්ථාවට බිබිල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අසංක දිසානායක මහතා, සම්මානලාභී ලේඛක චන්ද්‍රපාල මහතා බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

එහි දී සාහිත්‍ය තරගාවලියේ දී කෙටිකතා, ගද්‍ය රචනා, පද්‍ය රචනා, පද්‍ය ගායනා ආදී තරග සඳහා ඉදිරිපත්ව ජයග්‍රහණ ලබා ගත් දරුවන් සියයකට ආසන්න ප්‍රමාණයකට සහතිකපත් හා ත්‍යාග ප්‍රධානය කිරීම සිදු කරන ලදි.

තව ද සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ දී පද්‍ය ගායනා අංශයෙන් සමස්ත ලංකා හා ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය ලබා ගත් ආර්. ඩී. දිනෙත් හිමංස පුතණුවන් ඇගයීම ද ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

Address

Badulla Road
Bibile
91500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94552265404

Website

Alerts

Be the first to know and let us send you an email when Wellassa national school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wellassa national school:

Shortcuts

Share