Yashodhara Girls College - Bibile

Yashodhara Girls College - Bibile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yashodhara Girls College - Bibile, School, Bibile.

20/08/2026
🔴  ආසියානු නෙට්බොල් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවන් දෙදෙනෙක්මෙවර ආසියානු නෙට්බොල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජ...
17/08/2026

🔴 ආසියානු නෙට්බොල් ශූරතාවලියට
ශ්‍රී ලංකාවෙන්
විනිසුරුවන් දෙදෙනෙක්

මෙවර ආසියානු නෙට්බොල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ විනිසුරුවන් දෙදෙනකු සහභාගි වන බව වාර්තා වේ.

ඒ බිබිල යශෝදරා බාලිකා විදුහලේ පුහුණුකරු එරංග සිතාර මහතා සහ ගැටියමුල්ල ගාමිණී අභය මහා විදුහලේ ගුරු අශාන් චිරන්ත මහතායි. ලෝක නෙට්බොල් සම්මේලනයේ අදාළ නිල තත්ත්වය හිමි කරගෙන ඇති එරංග සිතාර මහතා ආසියානු නෙට්බොල් ශූරතාවලියේ කුසලාන තරගාවලියේ ප්‍රමුඛ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර, අශාන් චිරන්ත මහතා පළිහ තරගාවලිය විනිශ්චය කරන ප්‍රමුඛ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි.

🔺2026 ඌව පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ 🏅       ------------------------------------©️ වයස අවුරුදු  18 න් පහල බාලිකා 100 ...
05/08/2026

🔺2026 ඌව පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ 🏅
------------------------------------

©️ වයස අවුරුදු 18 න් පහල බාලිකා 100 M ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම - ගගනි කාවින්දියා .

©️ වයස අවුරුදු 14න් පහල බාලිකා 100 M ඌව පලාත් පැවති වාර්තාව සම කිරීම,දෙවන ස්ථාන සමගින් රිදී පදක්කම - සයුමි විහන්සා .

©️ වයස අවුරුදු 14න් පහල බාලිකා 60 M තුවන්වන් ස්ථානය සමගින් ලෝකඩ පදක්කම - සයුමි විහන්සා

©️ වයස අවුරුදු 18න් පහල බාලිකා 200 M තුන්වන ස්ථානය සමගින් ලෝකඩ පදක්කම - ගගනි කාවින්දියා .

©️ වයස අවුරුදු 14න් පහල බාලිකා 100 * 4 දෙවන ස්ථානය සමගින් රිදී පදක්කම.

©️ වයස අවුරුදු 18 න් පහල බාලිකා 100 * 4 තුන්වන ස්ථානය සමගින් ලෝකඩ පදක්කම.

©️ වයස අවුරුදු 16 න් පහල බාලිකා 100 * 4 තරගයේ හතරවන ස්ථානය.

©️ වයස අවුරුදු 16න් පහල බාලිකා 100/200 තරගයේ 5 වන ස්ථානය - අදීශා පන්චලී

©️ වයස අවුරුදු 14න් පහල දුර පැනීම 5 වන ස්ථාන - ඔශදී ගයාශා .

©️ වයස අවුරුදු 12 න් පහල 100M ඌව පලාත් පරිසාධන මට්ටම ජයග්‍රහණය - ගයාන්සා

©️ වයස අවුරුදු 12 න් පහල දුර පැනීම ඌව පලාත් පරිසාදන මට්ටම ජයග්‍රහණය - ගවේශා

©️ වයස අවුරුදු 12 න් පහල 100 * 4 ඌව පලාත් පරිසාධන මට්ටම ජයග්‍රහණය සමගින්

# ඌව පලාත් මලල ක්‍රීඩා හොදම පාසල් 10 ය අතරින් 7 වන ස්ථානයද

# ඌව පලාත් පාසල් 893 න් 13 වන ස්ථානය සමගින් සහභාගී වූ සියළු ක්‍රීඩිකාවන් සමස්ථ ලංකා තරග නියෝජනය සදහා වරම් ලබා ගත් බව ඉතා සතුටින් දන්වා සිටිමු.

23/07/2026
🔴 ඌව පළාත් පාසල් ක්‍රීඩා 2026වොලිබෝල් තරඟාවලියේ වයස අවුරුදු  16න් පහළ ප්‍රථම ස්ථානය සහ   වයස අවුරුදු 18න් පහළ බාලිකා තෙව...
16/07/2026

🔴 ඌව පළාත් පාසල් ක්‍රීඩා 2026

වොලිබෝල් තරඟාවලියේ වයස අවුරුදු 16න් පහළ ප්‍රථම ස්ථානය සහ වයස අවුරුදු 18න් පහළ බාලිකා තෙවන ස්ථානය ජයග්‍රහණය කරමින් සමස්ත වොලිබෝල් ශූරතාවය යශෝධරා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙයවිමෙන් උසස්පෙළ් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන් වෙනුවෙන් පැවැති ජනමාධ්‍ය වැඩම...
14/07/2026

ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙයවිමෙන් උසස්පෙළ් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන් වෙනුවෙන් පැවැති ජනමාධ්‍ය වැඩමුළුව අද දින අති සාර්ථකව යශෝධරා ජාතික පාසලේදි පැවැත්විණි.
මාධ්‍ය සාක්ෂරතාව,ජනමාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය නිතිය මෙන්ම පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳ විද්වත් දේශන මෙහිදි සිදුකෙරිණ.
මෙහි ප්‍රධාන දේශනය- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් මහත්මිය විසින් සිදුකරනු ලැබුවාය.
පාසල් උපකරණ ලබාදිමක් ද මෙහෙදි සිදුකරනු ලැබු අතර පැමිණි සියලු දරුවන්ට ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සහතිකයක් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාව ලබා දුන් ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයට,විද්‍යාලයේ විදුහල්පතිතුමිය ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමයේ කෘතවේදිත්වය පළකර සිටින්නෙමු.

🔴පාසල්  ජනමාධ්‍ය වැඩමුළුව 2026    ශ්‍රිලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙයවිමෙන් ජුලි 14 දින යශෝධරා බාලිකා ජාතික පාසලේදී පැවැත්ව...
12/07/2026

🔴පාසල් ජනමාධ්‍ය වැඩමුළුව 2026

ශ්‍රිලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙයවිමෙන් ජුලි 14 දින යශෝධරා බාලිකා ජාතික පාසලේදී පැවැත්වේ.

මෙහිදි මාධ්‍ය නිදහස, වගකිම සහ ආචාර ධර්ම පිළිබඳ ප්‍රධාන දේශනය.ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත් මහත්මිය විසින් සිදුකෙරේ.

2028 උසස්පෙළ කලා, වානිජය,විද්‍යා, ගණිත සහ තාක්ෂණවේදය විෂය. ධාරාවන් සදහා යශෝධරා බාලිකා ජාතික පාසලට දියණියන් ඇතුළත් කිරිමේ...
10/07/2026

2028 උසස්පෙළ කලා, වානිජය,විද්‍යා, ගණිත සහ තාක්ෂණවේදය විෂය. ධාරාවන් සදහා යශෝධරා බාලිකා ජාතික පාසලට දියණියන් ඇතුළත් කිරිමේ උත්සවය අභිමානවත් අයුරින් සිදුකෙරිණ.

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Yashodhara Girls College - Bibile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category