Mo/Sri Saddarmalankara Buddhist School

Mo/Sri Saddarmalankara Buddhist  School මො සද්ධර්මාලංකාර බෞද්ධ පාසල - බිබිල

ඌව මහ දිසාවට අභිමානයක් ගෙන දෙමින් මාදෝවිට වජිරබුද්ධි නා හිමිපාණන් වහන්සේ පිරිවෙන් අධ්‍යක්ෂක ජනරාල් පදවියෙන් පිදුම් ලබයි....
24/04/2026

ඌව මහ දිසාවට අභිමානයක් ගෙන දෙමින් මාදෝවිට වජිරබුද්ධි නා හිමිපාණන් වහන්සේ පිරිවෙන් අධ්‍යක්ෂක ජනරාල් පදවියෙන් පිදුම් ලබයි.

වසර 1968 ක් වූ ඔක්තෝබර් මස 11 වන දින ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මාදෝවිට නම් සොඳුරු ගම්පියසෙහි විසූ සාමවිනිසුරු එන්.එම්. ගුණසේකර සහ ටී.ඇම්.ලීලාවති නම් දම්පතීන්ට දාව පින්වත් කුමරකු ලෙසින් එළිය දුටු අප කතානායකයාණෝ 1983.01.13 වන දින, වැලිමඩ බිබිළගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී, “මාදෝවිට වජිරබුද්ධි” නමින් සසුන් ගත වූයේ, මාදෝවිට විද්‍යාලයෙන් හා බෝගහකුඹුර විද්‍යාලයෙන් මෙන්ම මාදෝවිට විජයාරාම විහාරස්ථානයෙන් උගත් බණ දහමින් හා ශික්ෂණයෙන් ද හෙබිව පහළොස් වැනි වියේ දී ය. වසර 1986 අගභාගයේ දී හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කළ මාදෝවිට වජිරබුද්ධි හිමියන්, බෙල්ලන ධර්මපාල පිරිවෙණ, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණ යන විද්‍යස්ථානයන්ගෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට දැනුමින්, කුසලතාවන්ගෙන් ද පිරිපුන් පඬිරුවනක් බවට පත් වූහ.

1990 වර්ෂයේ දී උගත් බණ දහමින් යුතුව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි සංඝ සභාවේ රාජමහා විහාරස්ථ සීමා මාලකයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උතුම් උපසම්පදාව ලබන්නට භාග්‍ය සම්පන්න වූහ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියෙන් ද, කැලණිය විශ්වවිද්‍යාලය හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මඟින් ශාස්ත්‍රපති උපාධි ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද මැනවින් සමත් වන්නට වූයේ තව තවත් ස්වකීය පැවිදි දිවිය අර්ථවත් කර ගනිමිනි.
පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උපගුරුවරයකු ලෙස වර්ෂ 1998 දී එක්වන උන්වහන්සේ එහි ම නියෝජ්‍ය පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් පත්වන අතර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට හා පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට පත් ව ලක්දිව සෑම පළාතක් ම ආවරණය වන පරිදි සේවය කරමින් කා අතරත් “අපේ මාදෝවිට හාමුදුරුවෝ” යන ගෞරවාන්විත ජනාදරයට පත්වීමට සමත් වූහ.
උතුම් සඟ සෝභන ගුණයෙන්, ශාසනික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද විවිධ තනතුරු දරමින්, දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරමින්, ලේඛනයෙන් මෙන් ම භාෂණයෙන් ස්වකීය ප්‍රතිභාව සමාජානුසරණය කරමින් සසුනඹරෙහි දිලෙන පඬිරුවනක් විලස, සියල්ලන්ගේ ම ජනප්‍රසාදයෙන්, වැඩ වෙසෙන නාහිමියන් වහන්සේ, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි සංඝ සභාවේ මහානායක සානුනායක කාරක පාලක විධායක සභාවන්හී ඒකච්ඡන්දයෙන්, හේවාගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීමෙන් පසු අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල් (පිරිවෙන්) තනතුර හරහා තව තවත් සසුනඹරෙහි සුදිලෙන සුපුන් සඳක් වනු දැකීම අපගේ අභිලාශය යි.

හෝමාගම පුරාණ විහාරාධිපති, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික, හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් (පිරිවෙන්), මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි සංඝ සභාවේ කාරක සංඝ සභික, හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පණ්ඩිත මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමීන් වහන්සේ ලෝ සසුන් වැඩ පිණිස නොනිමි මෙහෙවරක යෙදේ. උන්වහන්සේට උතුම් දළදා සමිඳුන්ගේ සුභාශීර්වාදය තිසරණාධාර පෙරටුව ප්‍රාර්ථනා කරමි.

මො/ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන
වෑගම - බිබිල

 ොමියුනිකේෂන් වෑගම,බිබිල❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
08/04/2026

ොමියුනිකේෂන්
වෑගම,බිබිල
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 #සිංහල භාෂා විෂය දිනය සැමරුම - 2026ගද්‍ය රචනා තරඟය.....   #සඳම්ලකර     #බිබිල  2026.03.12🟣🟣🟣🔴🔴🔴🟠🟠🟠🌹🌹🌹💞
12/03/2026

#සිංහල භාෂා විෂය දිනය සැමරුම - 2026
ගද්‍ය රචනා තරඟය.....

#සඳම්ලකර


#බිබිල
2026.03.12
🟣🟣🟣🔴🔴🔴🟠🟠🟠🌹🌹🌹💞

10/03/2026

සඳම් ලකරේ පුංචි පැංචෝ....❤️❤️❤️❤️




#සඳම්ලකර

නේවාසික ඉංග්‍රීසි කඳවුර- 2026  2026.02.16 දින සිට 19 වන දින දක්වා පැවැත්වූ ඉංග්‍රීසි නේවාසික කඳවුරේ අධ්‍යයන කටයුතු අද දි...
19/02/2026

නේවාසික ඉංග්‍රීසි කඳවුර- 2026

2026.02.16 දින සිට 19 වන දින දක්වා පැවැත්වූ ඉංග්‍රීසි නේවාසික කඳවුරේ අධ්‍යයන කටයුතු අද දින නිමා වූ අතර මෙම කඳවුර තුළින් විද්‍යායතනයේ සිසුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ..
මෙම වැඩමුලුව අප විද්‍යායතනයේ ඉංග්‍රීසි විෂය භාර,ජ්‍යෙෂ්ඨ අංශ ප්‍රධාන,සාගර දසුන් දඹදෙණිය මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ අතර මේ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු ස්වාමීන්වහන්සේලාට හා අප විද්‍යායතනයේ ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු භවතුන්ට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන්නෙමු.

විදුහල්පති හිමි


18/02/2026

#පරිගණක_මූලික_දැනුම_පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ අපේ පොඩ්ඩෝ......🖥️🖥️🖥️🖥️
#පළමු_කණ්ඩායම.......💻💻💻💻
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
දෙවන කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවීම ළඟදීම...... (1,2,3,4,5, ශ්‍රේණී දරුවන් සඳහා)




🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️🖥️



#සඳම්ලකර

#බිබිල

16/02/2026

සඳම්ලකරේ පුංචි පැංචගේ හැකියාව.. අහල බලන්නකෝ..
#පරිසරය ගැන...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️



👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰

 #සඳම්ලකර විදු බිමේ අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් පරිත්‍යාග කළ   #බිබිල Sampath bank සහක...
13/02/2026

#සඳම්ලකර විදු බිමේ අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් පරිත්‍යාග කළ #බිබිල Sampath bank සහකාර කලමණාකර #මලින්ද ප්‍රේමදාස මහතාට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතියි පිරිනමන්නෙමු.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

#සඳම්ලකර_විදු_බිම



🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

 #සඳම්ලකර විදු බිමේ අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් පරිත්‍යාග කළ වෑගම  #නිශාන්ත සර්විස් අධ...
13/02/2026

#සඳම්ලකර විදු බිමේ අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් පරිත්‍යාග කළ වෑගම #නිශාන්ත සර්විස් අධිපති, #නිශාන්ත_රුවන්_කුමාර මහතාට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතියි පිරිනමන්නෙමු.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

#සඳම්ලකර_විදු_බිම



🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

13/02/2026

සඳම්ලකරේ පුංචි පැංචගේ හැකියාව.. අහල බලන්නකෝ..
#තාත්තා ගැන...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️



👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰👩‍🦰

2025(2026)  #සා.පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අපේ ආදරණීය දූ පුතුන්ට ආශීර්වාද කිරීම.2026.02.13❤️❤️❤️❤️❤️❤️❤️   #සඳම්ලකර_විද...
13/02/2026

2025(2026) #සා.පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අපේ ආදරණීය දූ පුතුන්ට ආශීර්වාද කිරීම.
2026.02.13❤️❤️❤️❤️❤️❤️❤️

#සඳම්ලකර_විදු_බිම



🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

Address

මො/සද්ධර්මාලංකාර විද්‍යායතනය/වෑගම
Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Sri Saddarmalankara Buddhist School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category