31/07/2026
ඓතිහාසික කතරගම පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් අප පාසලේ පරිසර නියමු සමාජයේ සාමාජික දරුවන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය වූ විශේෂ වැඩසටහන සහ පරිසරය පවිත්‍ර කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරය ඊයේ දින ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
පරිසර පද්ධතිය සුරැකීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම අර්ථවත් කර්තව්‍යය සඳහා අප පාසලේ පරිසර නියමු කණ්ඩායමේ සිසු දරුවෝ ඉතා උද්‍යෝගයෙන් සහ සක්‍රීය ලෙස සිය දායකත්වය ලබා දුන්හ.
මෙම අගනා මෙහෙය අගය කරමින් සහ දරුවන් දිරිගන්වමින් මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සහභාගීත්වය ද මේ සඳහා හිමිවීම විශේෂත්වයකි.
බිබිල කලාපයේ පරිසර කොමසාරිස් ලෙස කටයුතු කරන අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති භාෂිණී ආරියරත්න මහත්මියගේ මඟපෙන්වීම සහ පරිසර සමාජ වැඩසටහන් භාර නිලධාරි මහත්මීන්ගේ කැපවීමෙන් සහ පූර්ණ සහභාගීත්වය මත මෙම සමස්ත වැඩසටහන ඉතා සාර්ථකව නිම කිරීමට හැකි විය.
එමෙන්ම, ආරම්භයේ සිටම අවශ්‍ය සියලු උපදෙස් හා මඟපෙන්වීම් ලබා දෙමින් සිසු දරුවන් මෙන්ම ආචාර්ය මණ්ඩලය ද නොමදව දිරිගැන්වූ අප පාසලේ ගරු විදුහල්පතිතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය හා හදපිරි ස්තූතිය හිමිවේ.
අනාගත පරපුර උදෙසා පරිසරය සුරැකීමට අභිමානවත් පියවරක් තැබූ අප පාසලේ පරිසර නියමු දරුවන්ටත්, ඊට ශක්තියක් වූ සමස්ත පිරිසටත් අපගේ උණුසුම් සුබ පැතුම් සහ ගෞරවණීය ස්තූතිය පිරිනමමු..❤️