G/Gonagala M.V - Media Unit

G/Gonagala M.V - Media Unit G/Gonagala Navodya Vidyalaya (National School)
Official Facebook fan page

🏆 විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් කලාපයේ ප්‍රථමයා! 🏆​ගා/ගෝනගල මහා විද්‍යාලයට සහ අප සැමට මහත් ආඩම්බරයක් ගෙන දෙමින්, පසුගි...
06/05/2026

🏆 විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් කලාපයේ ප්‍රථමයා! 🏆

​ගා/ගෝනගල මහා විද්‍යාලයට සහ අප සැමට මහත් ආඩම්බරයක් ගෙන දෙමින්, පසුගියදා පැවති 6/7 ශ්‍රේණි කාණ්ඩයේ "විද්‍යා ඔලිම්පියාඩ්" තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට H.D. ආකර්ෂි සෙහන්සා දියණිය සමත් වී තිබෙනවා.
​7A ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආකර්ෂි දියණිය, කලාප මට්ටමේ තරගයෙන් ලකුණු 75ක් ලබා ගනිමින් කලාපයේ ප්‍රථම ස්ථානය (1st Place) දිනා ගැනීමට සමත් වූවාය. 🥇

​දකුණු පළාත් තරගය සඳහා ද සුදුසුකම් ලබා දැනටමත් එම තරගයට ඉදිරිපත් වී සිටින ඇයට, එම ප්‍රතිඵලවලින් ද විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌟

​සුබ පැතුම් දියණියනි! ඔබට දීප්තිමත් අනාගතයක්! ✨

02/05/2026

හේවිසි රාවයෙන් විදුබිමම පිබිදුණු මොහොතක්... 🌸🥁

"සරු දම් යාය" පෙර පොහොය වැඩසටහන වෙනුවෙන් වැඩම කළ මහා සංඝරත්නය, අපේ පාසලේ හේවිසි කණ්ඩායමේ දරුවන් ගෞරවපූර්වකව පිළිගත් අයුරු. 🙏

​නර්තන අංශයේ බුද්ධිකා ගුරුතුමියගේ මඟපෙන්වීම හා පුහුණුව යටතේ හැඩවුණු අපේ දරුවන්ගේ පුංචි අත්වලින් වැයෙන මේ අපූරු නාද රටාවන් ඔබත් අහලා බලන්න.

​ #සරුදම්යාය

🌸✨ "සීලේන අනුපේතස්ස සුතේනත්ථෝ න විජ්ජතී..."(සීලයෙන් තොර උගත්කම අර්ථවත් නොවේ) ✨🌸​අප විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධාන...
02/05/2026

🌸✨ "සීලේන අනුපේතස්ස සුතේනත්ථෝ න විජ්ජතී..."
(සීලයෙන් තොර උගත්කම අර්ථවත් නොවේ) ✨🌸

​අප විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධානය කළ "සරු දම් යාය" පෙර පොහොය වැඩසටහන පසුගිය අප්‍රේල් 30 වන දින ඉතා සාර්ථකව සහ ශ්‍රද්ධාපූර්වකව නිමාවට පත් විය. 🙏

​6, 7, 8 සහ 9 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන අපේ ආදරණීය දූ දරුවන් මල් පහන් පුදා, ආගමික වතාවත්වල නිරත වෙමින් මුළු විදුබිම පුරාම මහා බොදු බැතියක් ජනිත කළ අයුරු සැබැවින්ම සිත් නිවන දසුනක් විය. අධ්‍යාපනයෙන් සපිරි මෙන්ම, ගුණධර්ම හා විනයෙන් පිරිපුන් දරු පරපුරක් දැයට දායාද කිරීමේ උදාර අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන දියත් කෙරිණි.

​මෙම පිංකම ඉතා සාර්ථකව සිදුකර ගැනීම සඳහා නොමඳ සහයෝගයක් ලබා දුන් ආදරණීය දූ දරුවන්ටත්, දෙමාපියන්ටත්, මඟපෙන්වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපගේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව පිරිනමන්නෙමු!

​ඒ ශාන්ත මෙන්ම පූජනීය අවස්ථාවේ අප කැමරා කාචයේ සටහන් වූ සේයා රූ පෙළක් පහතින්... 👇

​ #සරුදම්යාය #බෞද්ධසංගමය

ගෝනගල මහා විද්‍යාලයේ අභිමනවත් දවසක්! 🎓✨​අද දින අප විද්‍යාලයේ දරුවන්ගේ පළමු වාර පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ප්‍රගති වාර්තා ලබ...
30/04/2026

ගෝනගල මහා විද්‍යාලයේ අභිමනවත් දවසක්! 🎓✨

​අද දින අප විද්‍යාලයේ දරුවන්ගේ පළමු වාර පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ප්‍රගති වාර්තා ලබාදීම ඉතා සාර්ථකව සිදු කරන ලදී. දරුවන්ගේ අධ්‍යාපනික ගමන ශක්තිමත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය.

​එමෙන්ම, මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී විද්‍යාලයට කීර්තියක් අත්කර දුන් අපේම දිරිය දියණියන් ඇගයීම ද මෙහිදී සුවිශේෂී ලෙස සිදු කරන ලදී. ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්! 🌟👏

​මෙම අවස්ථාවට සහභාගී වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, අපගේ ස්තුතිය.

🏆👑 18න් පහල කලාප වොලිබෝල් කිරුළ ගෝනගලට! 👑🏆🔥 පිටිය දෙවනත් කළ ගෝනගල සිංහ පැටව්! 🔥​ඇල්පිටිය කලාපීය වයස අවුරුදු 18 න් පහළ බා...
29/04/2026

🏆👑 18න් පහල කලාප වොලිබෝල් කිරුළ ගෝනගලට! 👑🏆

🔥 පිටිය දෙවනත් කළ ගෝනගල සිංහ පැටව්! 🔥
​ඇල්පිටිය කලාපීය වයස අවුරුදු 18 න් පහළ බාලක වොලිබෝල් තරගාවලියේ අභිමානවත් ශූරතාවය (CHAMPIONS) දිනා ගනිමින් ගා/ගෝනගල මහා විද්‍යාලයේ නාමය රන් අකුරින් ලියා තබන්නට අපේ දක්ෂ ක්‍රීඩකයින් අද සමත් වුණා! 🏐🥇

​මේක නිකම්ම ජයග්‍රහණයක් නෙවෙයි! තරගයෙන් තරගය ඉදිරියට යමින්, නොසැලෙන ධෛර්යයෙන් සහ අපූරු කණ්ඩායම් හැඟීමෙන් ඔවුන් පිටියේ දැක්වූ දක්ෂතා මුළු පාසලටම අතිමහත් ආඩම්බරයක්.

​අපේ දරුවන්ව මේ ජයග්‍රාහී මාවතට ගෙන ආ දක්ෂ පුහුණුකරුවන්ටත්, නිරන්තරයෙන්ම පන්නරයක් වූ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ ආදරණීය දෙමාපියන්ටත් අපගේ හදපිරි ප්‍රණාමය! 🙏

​මේ අභිමානවත් ජයග්‍රහණය හැමෝම දකින්න Share කරමු! කලාපයම ජයගත් අපේ කොල්ලොන්ගේ දක්ෂතාවයට උණුසුම් සුබ පැතුමක් කමෙන්ට් එකකින් එකතු කරන්නත් අමතක කරන්න එපා! 💪❤️🔥

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ​ගා/ගෝනගල මහා විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් මෙහෙයවනු ලබන "සරු දම් යාය" පෙර පෝය වැඩසටහන එළඹෙ...
29/04/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

​ගා/ගෝනගල මහා විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් මෙහෙයවනු ලබන
"සරු දම් යාය" පෙර පෝය වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

​මෙවර වෙසක් පෝය නිමිත්තෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා 6 සිට 9 ශ්‍රේණි දක්වා ඉගෙනුම ලබන දූ පුතුන් සහභාගී වේ. දහම් දැනුම මෙන්ම ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම අපගේ අරමුණයි.

🥉🔥 ගා/ගෝනගල මහා විද්‍යාලයට තවත් ජයග්‍රහණයක්! 🔥🥉​ඇල්පිටිය කලාපීය වයස අවුරුදු 20 න් පහළ බාලිකා වොලිබෝල් තරගාවලියේ තෙවන ස්ථ...
29/04/2026

🥉🔥 ගා/ගෝනගල මහා විද්‍යාලයට තවත් ජයග්‍රහණයක්! 🔥🥉

​ඇල්පිටිය කලාපීය වයස අවුරුදු 20 න් පහළ බාලිකා වොලිබෝල් තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගන්නට අපේ පාසලේ දක්ෂ ක්‍රීඩිකාවන් සමත් වුණා! 🏐✨

​මේ ජයග්‍රහණයට දහදිය හෙලූ අපේ දියණිවරුන්ටත්, මඟ පෙන්වූ පුහුණුකරුවන් ඇතුළු සැමටත් උණුසුම් සුබ පැතුම්! 👏
​අපේ දරුවන්ගේ දක්ෂතා අගයන්න Share කරලා සුබ පතන්න! 💪❤️

🌟 Congratulations to our 2025 A/L High Achievers! 🌟​We are extremely proud of our brilliant students at Gonagala Maha Vi...
19/04/2026

🌟 Congratulations to our 2025 A/L High Achievers! 🌟

​We are extremely proud of our brilliant students at Gonagala Maha Vidyalaya for their outstanding results in the 2025 G.C.E. A/L Exams. You have truly colored our Alma Mater! 🎓👏

​Best of luck with your next steps!

15/04/2026

අප පාසලේ ඉගෙනුම ලබන රන්තිස් පුතනුවන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න

🌸 ගෝනගල ම.වි. පුංචි පැටවුන්ගේ අවුරුදු අසිරිය! 🌸​අද දින අපේ ගෝනගල මහා විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිඟිති දූ දර...
09/04/2026

🌸 ගෝනගල ම.වි. පුංචි පැටවුන්ගේ අවුරුදු අසිරිය! 🌸

​අද දින අපේ ගෝනගල මහා විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිඟිති දූ දරුවන් එක්ව ඉතා අපූරුවට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉස්කෝලේදී ඉටු කළා. සැබැවින්ම එය හරිම සුන්දර දසුනක්! 🥰

​අපේ කම, අපේ සංස්කෘතිය සහ චාරිත්‍ර වාරිත්‍ර හෙට පරපුරට දායාද කරන මේ අපූරු අවස්ථාවේ ගත් ලස්සන සේයාරූ පෙළක් තමයි මේ... 📸👇

​හැමෝටම කිරි ඉතිරෙන, සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

​ #අවුරුදු #ගෝනගල

🌟 විශිෂ්ට මෙහෙවරක අභිමානවත් සටහන! 🌟​වසර 09ක් පුරා ගා/ගෝනගල මහා විද්‍යාලයට පරමාදර්ශී නායකත්වයක් සහ විශිෂ්ට පරිපාලනයක් ලබා...
03/04/2026

🌟 විශිෂ්ට මෙහෙවරක අභිමානවත් සටහන! 🌟

​වසර 09ක් පුරා ගා/ගෝනගල මහා විද්‍යාලයට පරමාදර්ශී නායකත්වයක් සහ විශිෂ්ට පරිපාලනයක් ලබාදුන් අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වූ H.K. ඔවිනි වත්සිලා මැතිණිය, සිය වෘත්තීය ගමන්මගේ තවත් අභිමානවත් කඩඉමක් සනිටුහන් කරමින් ගා/ඉඳුරුව මහා විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස පත්වීම් ලබා ගියාය.

​ගා/ගෝනගල මහා විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය ඉටුකළ මෙහෙවර අතිවිශිෂ්ටය. ඉතාමත් විධිමත් පාසල් පරිපාලනයක් පවත්වාගෙන යමින්, දූදරුවන්ගේ අධ්‍යාපනික ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ඇය ක්‍රියා කළේ නොසැලෙන අධිෂ්ඨානයකිනි. බෙන්තොට කොට්ඨාසයේ පාසල් අතරින් අප පාසලේ අ.පො.ස (සා/පෙළ) ප්‍රතිඵල ඉහළම තලයකට ගෙන ඒම පිටුපස තිබූ ප්‍රබලතම ශක්තිය වූයේ ද එතුමියගේ ඒ දූරදර්ශී දැක්ම සහ කැපවීමයි.

​ගෝනගල මහා විද්‍යාලයට අත්කර දුන් ඒ කීර්තිමත් ජයග්‍රහණ සහ පරිපාලනමය ශික්ෂණය වෙනුවෙන් එතුමියට අපගේ අභිමානවත් ප්‍රණාමය මෙලෙස පුදකර සිටිමු!

​මෙතෙක් කල් ගොඩනගාගත් ඒ විශිෂ්ට පරිපාලනමය පන්නරයත් සමඟින්, ගා/ඉඳුරුව මහා විද්‍යාලය ද නව පියවරකට ඔසවා තැබීමට එතුමියට හැකියාව ලැබෙනු නොඅනුමානය. විදුහල්පතිනියක ලෙස අභිමානයෙන් යුතුව අරඹන ඔබගේ ඒ නව ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි, ගා/ගෝනගල මහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවම ගෞරවපූර්වකව සුබ පැතුම් එක්කර සිටිමු!

Address

Gonalapura
Bentota
80502

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when G/Gonagala M.V - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category