ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ‘‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං”

‘‘හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යම් කිසිවක් ඇද්ද එ් සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි.”

31/03/2018
දුක්ඛේ ඥානං - බුද්ධ ඥානංදුක්ඛ සමුදයේ ඥානං - බුද්ධ ඥානංදුක්ඛ නිරෝධයේ ඥානං - බුද්ධ ඥානංදුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥානං - බ...
05/02/2018

දුක්ඛේ ඥානං - බුද්ධ ඥානං
දුක්ඛ සමුදයේ ඥානං - බුද්ධ ඥානං
දුක්ඛ නිරෝධයේ ඥානං - බුද්ධ ඥානං
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥානං - බුද්ධ ඥානං
අත්ත පටිසම්භිදේ ඥානං - බුද්ධ ඥානං
ධම්ම පටිසම්භිදේ ඥානං - බුද්ධ ඥානං
නිරැත්ති පටිසම්භිදේ ඥානං - බුද්ධ ඥානං
පටිභාන පටිසම්භිදේ ඥානං - බුද්ධ ඥානං
යමක ප්රාතිහාර්යයේ ඥානං - බුද්ධ ඥානං
ආසය අනුසයේ ඥානං - බුද්ධ ඥානං
ඉන්ද්රිය පරෝපරියත්තයේ ඥානං - බුද්ධ ඥානං
මහා කරැණා සමාපත්තියේ ඥානං - බුද්ධ ඥානං
සබ්බඤ්ඤුත ඥානං - බුද්ධ ඥානං
අනාවරණ ඥානං - බුද්ධ ඥානං
ඉමේහි බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සිරසා නමාමි..

යමෙක් ජිවිතයේ අර්ථය තේරුම් ගෙන තමන්ගේ ජිවිතයේ අදුරෙන් ආලෝකයට ගෙනයත්ද, ආලෝකයෙන් ආලෝකයට ගෙනයත්ද එය ඉතා වටින්නේය..
26/10/2017

යමෙක් ජිවිතයේ අර්ථය තේරුම් ගෙන තමන්ගේ ජිවිතයේ අදුරෙන් ආලෝකයට ගෙනයත්ද, ආලෝකයෙන් ආලෝකයට ගෙනයත්ද එය ඉතා වටින්නේය..

11/07/2017
’’මේ ලෝකයෙහි කාමයන්හි සංවරනුවූ, තෘෂ්ණාවට බැසගත්, යම්කිසි ජන කෙනෙක් වෙත්ද, කාම භෝගීවූ, නැවත, නැවත ඉපදීමට, ජරාවට බැස ගන්නා...
11/07/2017

’’මේ ලෝකයෙහි කාමයන්හි සංවරනුවූ, තෘෂ්ණාවට බැසගත්, යම්කිසි ජන කෙනෙක් වෙත්ද, කාම භෝගීවූ, නැවත, නැවත ඉපදීමට, ජරාවට බැස ගන්නාවූ ඔවුහු ශ්‍රොතයට අනුව යන්නාහුය. එසේ හෙයින් මේ ලෝකයෙහි එළඹ සිටි සිහි ඇති ඤාණවන්ත තෙමේ කාමයන්ද, පාපයන්ද සේවනය නොකරන්නේ, දුකින් වුවත් කාමයන් අත්හරින්නේය. ඒ පුද්ගලයා පටිසෝතගාමීයයි කීහු. යමෙක් ඒකාන්තයෙන් පිරිපුන් ශෙඛ වූයේද, නොපිරිහෙන ස්වභාව ඇත්තේද, චිත්ත වසියට පැමිණියේද, සංසුන් ඉඳුරන් ඇත්තේද, හෙතෙම ඒකාන්තයෙන් සිටි මනුෂ්‍යයා යයි කියනු ලැබේ. යමෙකු විසින් කුශලාකුශල ධර්මයෝ සංසිඳුවා පිඹහරින ලද්දාහුද, විද්‍යමාන නොවෙත්ද, අස්තයට යවන ලද්දාහුද, ඥානයේ කෙළවරට ගිය, වැස නිමවන ලද මග බඹසර ඇති, ලෝකයේ කෙළවරට ගිය පුද්ගලයා පරතෙරට පැමිණියේයයි කියනු ලැබේ.’’

අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසංගහකාරකං ගවේසන්තෝදුක්ඛා ජාති පුනප්පුනංගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසීසබ්බා තේ ඵාසුකා...
10/04/2017

අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසී
සබ්බා තේ ඵාසුකාභග්ගා ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං තන්හානං ඛය මජ්ජගාති..

එකං ධම්මං අතීතස්ස භික්ඛවෙ පුරිස පුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපධම්මං අකරණීයන්ති වදාමිකතමං එකධම්මං, යථයිදං භික්ඛවෙ සම්පජාන...
31/03/2017

එකං ධම්මං අතීතස්ස භික්ඛවෙ පුරිස පුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපධම්මං අකරණීයන්ති වදාමි

කතමං එකධම්මං, යථයිදං භික්ඛවෙ සම්පජාන මුසාවාදො

මහණෙනි, වාක් සත්‍ය නම් වූ එක් ධර්මයක් ඉක්මවා ගිය ඒ පුද්ගලයාට නොකළ හැකි කිසියම් පාපකර්මයක් නැතැයි මම කියමි. කවර එක් ධර්මයක්ද? මහණෙනි, යම් බඳු වූ මේ දැන දැන බොරු කීමෙක් වේද එයයි.

27/03/2017

‘‘ආරම්භථ නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ
ධුනාථ මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරො"

‘‘යො ඉමස්මිං ධම්මවිනයෙ, අප්පමත්තො විහස්සති
පහාය ජාතිසංසාරං, දුක්ඛස්සන්තං කරිස්සතී’’

බුදු සසුනෙහි ආරම්භ වීර්‍ය්‍ය කරව්, නිෂ්ක්‍රමණ වීර්‍ය්‍ය කරව්, පරාක්‍රම වීර්‍ය්‍ය කරව්, ඇතෙක් බටයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මර සෙනග (ක්ලේශ සේනාව) නසව්.

යමෙක් මේ ධර්මය විනයෙහි අප්‍රමත්තව (පමා නොව) වාසය කරන්නේද, ඔහු ඉපදීමද, සංසාරයද හැර, සියලු දුක් කෙලවර කරන්නේය.

Address

Belihul Oya

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share