H/ Puwakdandawa primary school

H/ Puwakdandawa primary school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from H/ Puwakdandawa primary school, School, Beliatta.

16/01/2025

♥️♥️♥️"හිරු ප්‍රභා 2025"♥️♥️♥️

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ  කුඩා දරුවන්ගේ පාවිච්චි කිරීමට නොහැකිව තිබූ සපත්තු මසා නිම කර දෙමින් තමාගේ කාලය, ශ්‍ර...
15/08/2024

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ කුඩා දරුවන්ගේ පාවිච්චි කිරීමට නොහැකිව තිබූ සපත්තු මසා නිම කර දෙමින් තමාගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරමින් ප්‍රදීප් රණසිංහ මැතිතුමන් කරන ලද සත් ක්‍රියාව ලොව අන් අයට ආදර්ශයක් වේවා..♥️එවැනි උතුම් මිනිසෙකු හඳුන්වාදෙමින් හ/ ධම්මපාල බාලිකා විද්‍යාලයේ ශ්‍රේෂ්ඨභාර නිලධාරී T.ශාන්තිලතා ගුරුතුමිය ඒ සඳහා සහයෝගය ලබාදීම විද්‍යාලයේ සැමගේ පැසසුමට ලක් වී ඇත.ඔබ දෙපලට අප සැමගේ උතුම් වූ ආශිර්වාදය ලැබේවා...දීර්ඝායු වේවා..🙏♥️

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ 2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ඉංග්‍රීසි භාෂාව හා දෙමළ භාෂාව පිළිබඳ දැනුම ...
15/08/2024

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ 2024 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ඉංග්‍රීසි භාෂාව හා දෙමළ භාෂාව පිළිබඳ දැනුම ලබාදුන් ප්‍රවීණ දේශක ලසන්ජිත් චරිත එදිරිවීර මහතාට සහ ජයනාත් ජයමහ යන මහත්වරුන්ට විද්‍යාලයේ ගෞරවය පුද කරන අතර තමාගේ ධනය ශ්‍රමය වැය කරමින් මෙවැනි උතුම් කර්තව්‍යයක් ඉටු කිරීමට ඔබ දෙපලගේ සිත් පෙළඹීම මුදල් පසුපස පමණක් හඹායන සැමට ආදර්ශයක් වේ.ඔබ දෙපලටම දීර්ඝායු වේවා......🙏♥️

මත්තෙගොඩ සිංහ සමාජයේ ගරු සභාපතිතුමන්ගේ බිරිඳ ගයාත්‍රි කරුණානන්ද මහත්මිය සමඟ පැමිණි සියලු නිලධාරී පිරිස හ/පුවක්දණ්ඩාව ප්‍...
07/08/2024

මත්තෙගොඩ සිංහ සමාජයේ ගරු සභාපතිතුමන්ගේ බිරිඳ ගයාත්‍රි කරුණානන්ද මහත්මිය සමඟ පැමිණි සියලු නිලධාරී පිරිස හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතාවයන් කිහිපයක් සැපයීමට යෝජනා කරමින් විදුහල්පතිතුමිය සමඟ සුහදව එක් වූ අවස්ථාව. දැයේ දරුවන් උදෙසා උතුම් මෙහෙවරක් කිරීමට ඔබ සැමට දීර්ඝායු ලැබේවා...♥️♥️♥️

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයට A.W.හේෂනී මහත්මිය විසින් ඇයගේ පරලොව සැපත් බාප්පා වන A.W.ඉන්දික මහතාට පිං පිණිස බුද්ධ ...
24/06/2024

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයට A.W.හේෂනී මහත්මිය විසින් ඇයගේ පරලොව සැපත් බාප්පා වන A.W.ඉන්දික මහතාට පිං පිණිස බුද්ධ ප්‍රතිමාවක් පාසලට පරිත්‍යාග කරන ලදී.එතුමාට උතුම් වූ නිවන් සුව ලැබේවායි අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු.

10/06/2024
10/06/2024

ජාතික රූපවාහිනී නාලිකාව මගින් පවත්වන ලද නැණ මිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වු අවස්ථාව ❤️‍🩹💫

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් සිව් දෙනෙක් උදෙසා සිය පුතුගේ උපන්දිනය නිමිත්තෙන් වටිනා කරාබු යුගලයන් පරිත්‍යාග...
23/05/2024

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් සිව් දෙනෙක් උදෙසා සිය පුතුගේ උපන්දිනය නිමිත්තෙන් වටිනා කරාබු යුගලයන් පරිත්‍යාග කළ G.B.ෂර්ලි අසංක මහතාට සහ එම මහත්මියට කරන කියන සියලු කටයුතු සාර්ථක වී පවුලේ සමගිය ඇති වී නිරෝගී ජීවිතයක් උදා වේවා....උපන් දිනය සමරන G.B. කේශව අභිශේක සිය පුතුට දීර්ඝයි වේවා....♥️♥️♥️
විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය.

සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙනඅපටත්  වඩා කල් ඔබ ජීවත් වේවා!!මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලදවිශාඛාව වේවා!!!නිදුක් නීරෝගී වාසනාව...
10/04/2024

සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන
අපටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද
විශාඛාව වේවා!!!
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !!!විදුහල්පතිතුමියණි🥞🌷

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව දරුවන් ඇගයීමේ අවස්ථාවට එක්වී 2023 වර්ෂයේ සාහිත්‍ය තරඟ සඳහා සියල...
22/02/2024

හ/පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව දරුවන් ඇගයීමේ අවස්ථාවට එක්වී 2023 වර්ෂයේ සාහිත්‍ය තරඟ සඳහා සියලුම සහතික පත්‍ර මුද්‍රණය කර දෙමින් දරුවන්ට සුභාශින්ෂන එක්කල ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර රක්ෂණ අධ්‍යක්ෂක,බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර සභාපති මාක්නස් විදානගමගේ මැතිතුමාට සහ සමූපකාර ආයතනයේ සාමාන්‍ය අධිකාරිතුමා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට විද්‍යාලයේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර ආයතනය දිනෙන් දින දියුණුවේවායි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන්නෙමු......

විදුහල්පති තුමිය ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය

06/10/2023

Address

Beliatta
1234

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when H/ Puwakdandawa primary school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category