Sri Pragnasagara Piriven Maha Viharaya

Sri Pragnasagara Piriven Maha Viharaya It is a scenic and sacred place located in Beliatta town in Hambantota district. You too can join ou

01/11/2025
2025 වර්ෂයේ වෙසක් පුණ්‍ය මහෝතසවය. දායක වූ, සහභාගි වූ.. සියලු දෙනාට ම බෙහෙවින් ස්තුතියි.. මෙම උතුම් පින්කම්වල ආශිර්වාදය ඔ...
22/05/2025

2025 වර්ෂයේ වෙසක් පුණ්‍ය මහෝතසවය. දායක වූ, සහභාගි වූ.. සියලු දෙනාට ම බෙහෙවින් ස්තුතියි.. මෙම උතුම් පින්කම්වල ආශිර්වාදය ඔබ සැමට වේවා..!

අපවත් වී වදාළ බෙලිඅත්ත ශ්‍රී ප්‍රඥාසාගර පිරිවෙන් මහා විහාරාධිපති, පූජ්‍ය මොරයායේ කස්සප ලොකු හාමුදුරුවන් වහන්සේගේ දෙවර්ෂ ...
21/10/2024

අපවත් වී වදාළ බෙලිඅත්ත ශ්‍රී ප්‍රඥාසාගර පිරිවෙන් මහා විහාරාධිපති, පූජ්‍ය මොරයායේ කස්සප ලොකු හාමුදුරුවන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම සහ වාර්ෂික කඨින පුණ්‍යෝත්සවය. මෙම උතුම් පින්කමේ සාර්ථකත්වය පිණිස ශ්‍රම ශක්තියෙන් සහ ධන පරිත්‍යාගයෙන් කැප වී ක්‍රියා කළ සැමටත්, වැඩම කළ පින්වත් මහා සංඝරත්නයටත් මේ උතුම් පින් බල මහිමය අනේකවාර⁣යක් ආශිර්වාදයක් ම වේවා..! නිදුක් වේවා..! නීරෝග වේවා..! සුවපත් වේවා..! උතුම් නිවන් සුවය පිණිස ම හේතු වේවා..!

21/10/2024

කඨින පූජා පිංකම යනු කුමක්ද....
කඨින පුජා ඉතිහාසය ..

වස් විසීමේ ආරම්භයවස් විසීමේ සිරිත බුද්ධ ශාසනය ආරම්භයේ සිට පැවතුනේ නැත. එකල දඹදිව සිටි ජෛන පූජකයෝ වැහි තෙමස සිය ආරාමවල රැඳී සිටියහ. උග්‍ර තපස්වාදී වූ ඔවුහු එසේ සිටියේ බැහැර සංචාරය කිරීමෙන් කුඩා ප්‍රාණීන් මෙන්ම පැළෑටි විනාශ වී යන බැවිනි.
මේ කාලයේ දී, බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාතය පිණිසත් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහාත් ගම් නියම් ගම්වල සංචාරය කළහ. මෙය දුටු ජෛන පූජකයෝ මෙන්ම මහජනතාවද භික්‍ෂූන් වහන්සේට දෝෂාරෝපනය කළහ.
ජෛන පූජකයන්ගේත්, මහ ජනතාවගේත් මෙම විරෝධතාවය බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේට ද වැහි කාලය තුළ දී ආරාමවලින් බැහැර නොයෑමට අනුදැන වදාළහ. එම කාලයේ දී ආරාමවල රැඳී සිටිමින් බණ භාවනාදී කටයුතුවල යෙදෙන්නට දැන්වූහ. මෙම වස් තෙමසේ දී දාකයෝ භික්‍ෂූන් වහන්සේට දානමානාදියෙන් සංග්‍රහ කළහ. ඔවුහු භික්‍ෂුන් වහන්සේ හමුවට පැමිණ ධර්ම සාකච්ඡාවල යෙදුනහ. මෙය භික්‍ෂූන් වහන්සේත් ගිහි ජනතාවත් අතර දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමට ද හේතුවක් විය.
ලක්දිව වස්විසීමේ ආරම්භය ඇති වූයේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට පැමිණීමෙන් පසුවය. උන්වහන්සේ මෙහි පැමිණි විසි හත් වන දින මිහින්තලාවේ වස් විසූහ. මේ අනුව ලක්දිව වස් විසීමේ සිරිත ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සියයක් පමණ ගත වී ඇත.

වස් ආරාධනයභික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.
මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.
එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය.
එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය.
මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි. එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.
ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි, ඉධ වස්සං උපෙමි, ඉධ වස්සං උපෙමි යනුවෙනි.
(උපෙමි, එළඹෙති)

වස් දානය.......
වස් තෙමස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ බාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය, සවස ගිලන් පස දානය සපයමින් ඔවුහු උන්වහන්සේට සංග්‍රහ කරති. මෙම වස් කාලය තුළ සවස් කාලයේ දී දායකයෝ විහාරස්ථානයට පැමිණ මල්පහන් පූජා කරති. ධර්ම සාකච්ඡා කරති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරති. සතර පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා පවත්වති.

කඨින ඉතිහාසය .........
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයේ දී පාවා නුවර වාසය කළ භික්‍ෂූන් වහන්සේ තිස් නමක් බුදුරජාණන් වහන්සේ දැක ගැනීම පිණිස එහි වැඩියහ.
වස් එළඹෙන දින උන්වහන්සේට සැවැත්නුවරට ළඟා වීමට නොහැකි විය. එබැවින් උන්වහන්සේ අතර මඟ සාකේත නුවර වස් විසූහ. වස් අවසාන වූ පසු උන්වහන්සේ මහ වැසි නොතකා තෙමුණු සිවුරු සහිතව
ගොස් බුදුරජාණන් වහන්සේ දැක ගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේට දහම් දෙසූහ. ඒ තිස් නම රහත්වූහ. එයින් පසුව බුදුරජාණන් වහන්සේ මා කඨිනය අනුදත්තේ නම් මේ භික්‍ෂූහු තුන් සිවුරෙන් වෙන්ව උත්තරාසංගය පමණකින් එන්නාහයි සිතා.
“අනුජානාමි භික්‍ඛවේ වස්සං වුත්තානං කඨිනං අත්ථරිතුං” (මහාවග්ග පාලිය 629 පිටුව)
යනුවෙන්, මහණෙනි, වස්වැස නිම කළ භික්‍ෂූන්ට කඨිනය ඇතිරීම අනුදනිමි” යනුවෙන් කඨින චීවරය අනුදැන වදාළහ.

කඨිනය......
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි.
එබැවින් බුදුරජාණන් වහන්සේ,
“පඨවි රිව නජාතු කම්පනේ නචලති. මේරු රිවානි වායුනාං වජිර මිව නභිිජ්ජතෙ ඝනං තම්ද මතො කඨිනන්ති චුච්චති”.
යනුවෙන් කඨිනානිශංස වදාළහ.
මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව වායුවෙන් සෙලවීමට නොහැකි සේ වජිර (දියමන්ති) පව්ව බිඳ දැමීමට නොහැකි සේ තද වූ බැවින් කඨිනය යැයි කියනු ලැබේ යනු, මෙහි සාමාන්‍ය තේරුමයි. කඨිනය සිවුරක් නිමිති කරගෙන ඇති ප්‍රඥප්තියකි. සිවුරක්, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ රස ඔජා යන දෙයින් යුක්ත ය. මේ වස්තුවෙන් කළ නොහැකි ආකාරයට බැඳි ඇති හෙයින් එය කඨින නම් වෙයි.

කඨින වස්ත්‍රය.......
මෙය ‘කඨින දුස්සං’ නමින් හැඳින්වෙයි. ඇතැම්හු දුස්සං යන්න චීවර යනුවෙන් ද හඳුන්වති. පෙර දවස චීවරයක් සකස් කර ගැනීමට සොහොනක, කසල ගොඩක් හෝ ඇති අන් අයිතියක් නැති වස්ත්‍රයක් ලබාගෙන ඇත. එය පිරිසුදු කර පඬු පොවා සිවුරක් කොට ගත්හ. පසු කාලය වන විට සුදු වස්ත්‍රයක් මිලදී ගැනීම සිදුවිය. වර්තමානයේ මේ සඳහා කහ පැහැති වස්ත්‍ර තෝරා ගැනෙයි.
අතීතයේ කපු නෙළා, නූල් සකසා එදිනම වස්ත්‍රයක් සකස්කර කපා, මසා, කඨිනය සඳහා අවශ්‍ය සිවුර පිළියෙළ කර ගැනිණි.
කඨිනය බාරගත් අයගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් වඩමවා ගෙන යනු ලැබේ. එය අනියම් කාලයේ දී හිස තබාගෙන, ඉමහත් ගෞරවයෙන්,
“ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් ප්‍රකාශ කරමින් සංඝයා වහන්සේට පූජා කිරීම සිදුවෙයි.
කඨින වස්ත්‍රය එළනු ලබන්නේ ගිහියකු විසිනි. සිවුර සකස් කිරීම සඳහා නියම කරන ලද රාමුවක් ඇත. ඒ අනුව එම වස්ත්‍රය කපා මසා සිවුර පිළියෙළ කැරෙයි. සිවුර මැසීමට කපන කැබෙල්ලක්, සුගත් වියත් හතරකි. චීවරය මීටර් දහයකි. සමහර විට අට හමාරකි. භික්‍ෂූන් වහන්සේගේ උස අනුව චීවරය පිළියෙළ කර ගැනීම සිදුවෙයි.

කඨින පූජාව.....
කඨින පූජාව සියලු බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද පුණ්‍ය කර්මයකි.
ලක්දිව ඉතිහාසයේ ප්‍රථම වරට කඨින පූජාවක් ගැන සඳහන් වන්නේ තුන්වන දල්ල මොග්ගල්ලාන (ක්‍රි.ව. 614- 619 ) රජතුමාගේ කාලයේදී ය. එයින් පසුව දඹදෙණිය රජකළ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1250 – 1285 ) රජතුමා විසින් කඨින පූජාවක් පවත්වන ලදී.
“ඉක්බිති කඨින දානයෙහි අනුසස් අචින්ත්‍ය යැයි අසා පහන් සිත් ඇති මහරජ තෙමේ... සියලු නරනාරි ජනයා රැස්කොට ඒ සියල්ලන් ලවා කපුසකස් කෙරීමේ ආදී සියලු සිවුරු කර්මාන්තයන් ද වහා එක් දවසින් නිමකොට නිමවමින් කැප සියලු ගරු භාණ්ඩයන් විසින් පිරිවරන ලද අසු කඨිනයක් ඒ තෙමේ දෙවි.
මහා වංශය 85 පරිච්ඡේදය 271 පිට
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
1946
මෙලෙසින් හය වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1410 –1460 ) රජතුමා ද, කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1746 – 1779 ) රජතුමාද, කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1779 – 1797 ) රජතුමාද කඨින චීවර පූජා කර ඇත
කඨිනානිසංස, මහත් ඵලය.
“කඨිනානිසංසංයං සබ්බ දානං වජ්ජෙත්වා කඨින දානානිසංස මහප්ඵල භාවතං පන කඨින දානං සබ්බ දානතො අග්ගංච හොති සෙට්ඨාව“
“කඨින දානය අනෙක් සියලු දාන අභිබවා මහත්ඵල ලබා දෙන්නා වූ, සියලු දානයන්ට අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ දානයක් වන්නේ ය.
ගුණවත් භික්‍ෂූන් වහන්සේට කඨින සිවුරු පූජා කිරීමෙන් මහා කල්ප තිහක් දුගතියට පත් නොවන බව ද දක්වා තිබේ. කඨින සිවුරෙහි කරන ලද ගෙත්තමෙහි ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් සක්විති රජ සැප ලැබේ. (නාගිතාපදානය)
පංචානන්තර්ය පාප කර්ම කළ අයට කඨින පූජාවේ පින් ලැබෙන්නේ, ඒ අකුසල කර්ම ඵලදීමෙන් පසුව ය.
හය වන පැරකුම්බා රජතුමා විසින් රචනා කරන ලද කඨිනානිසංසය නම් පොතෙහි කඨින පූජාවේ ආනිසංස තවදුරටත් සඳහන් වෙයි. කඨිනය සමඟ ඉඳි කටුවක පමණ පූජාවක් තැබීමෙන් ද ලැබෙන පුණ්‍ය කර්මය මහත් ඵලය . මහානිශංසය.

මෙවර කඨින මහා පු⁣ණ්‍යෝත්සවයේ දායකත්වය දරනු ලබන්නේ බෙලිඅත්ත, නන්දන ගිෆ්ට් හවුස් ආයතනයේ අධිපති, වසන්ත මහත්මා සහ නයනා මහත්ම...
10/10/2024

මෙවර කඨින මහා පු⁣ණ්‍යෝත්සවයේ දායකත්වය දරනු ලබන්නේ බෙලිඅත්ත, නන්දන ගිෆ්ට් හවුස් ආයතනයේ අධිපති, වසන්ත මහත්මා සහ නයනා මහත්මිය, ප්‍රභාෂිණී ගුරුතුමිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්..
පින් කැමති සියලු දෙනාට පැමිණෙන ලෙස කෙරෙන පින්බර ඇරයුමයි..

සසර වසනා තුරු දිගාසිරි විඳ උතුම් නිවන් සුවයෙන් සැනසේවා..! අපේ ලොකු හාමුදුරුවනේ...
14/09/2024

සසර වසනා තුරු දිගාසිරි විඳ උතුම් නිවන් සුවයෙන් සැනසේවා..! අපේ ලොකු හාමුදුරුවනේ...

Address

Sri Pragnasagara Piriven Maha Viharaya, Walasmulla Road
Beliatta
82400

Telephone

+94472243185

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pragnasagara Piriven Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share