Kodikara Sir

Kodikara Sir හතර ගම් පියසෙන්
වෛද්‍ය,ඉංජිනේරු,ඉහළ වෘත්තිකයින් බිහිකළ ගමේ තක්සලාව

03/12/2025

අවතැන් වූවන් යාචකයන් නොවේ අභිමානවත් පුරවැසියන් ඒ නිසා ඔවුන්ට මොනවා හරි දීලා සමාජ මාධ්‍ය වල photo දාන්න එපා

English Classes for Grade 1-5 has started in Master Education Institute - BatuwandaraContact for More DetailsTel : 0112 ...
10/08/2025

English Classes for Grade 1-5 has started in Master Education Institute - Batuwandara

Contact for More Details
Tel : 0112 602 591 / 071 717 4250

English classes for Grade 1-5 students now at Master Education Institute - Batuwandara. Conducted by an International Sc...
13/07/2025

English classes for Grade 1-5 students now at Master Education Institute - Batuwandara. Conducted by an International School Primary Teacher.

වයස් කාණ්ඩ එක්දින තරගයක් WFM කෙනෙක් බිහිකල හැටි.... මිනිත්තු  කිහිපයක්  වැයකර මේ ලිපිය  කියවන්න කියලා  චෙස් ක්‍රීඩාවට සම...
28/05/2025

වයස් කාණ්ඩ එක්දින තරගයක් WFM කෙනෙක් බිහිකල හැටි....

මිනිත්තු කිහිපයක් වැයකර මේ ලිපිය කියවන්න කියලා චෙස් ක්‍රීඩාවට සම්බන්ධ ඔබ සැමට මම ආරාධනා කරනවා.

2010 වර්ෂය , ඒ කියන්නේ මීට අවුරුදු 15කට කලින් මහරගම ප්‍රදේශයේ පාසලක තිබුණා එක් දින වයස් කාණ්ඩ චෙස් තරගයක්. අවුරුදු හතක පුංචි දියණියක් සහභාගී වෙනවා එම තරඟයට.එම තරගයේ අවුරුදු අටෙන් පහළ බාලිකා ඉසව්වේ champion වෙන්න ඇයට හැකියාව ලැබෙනවා. ඒ ඇය ජීවිතයේ ලබා ගන්නා පළමු රන් පදක්කම හා කුසලානය. එදාම තමයි සමස්ත ලංකා පාසල් චෙස් කේවල තරගාවලිය පැවැත්වෙන්නේ .පුංචි දුවට එදා ඊට සහභාගී වන්න වරම් අහිමි උනේ ඇය ඊට සුදුසු ස්ථානයක් දිස්ත්‍රික් තරඟයේදී නොලබපු හින්දා හැබැයි මේ ප්‍රාදේශීය තරගයේ ත්‍යාග ප්‍රදානය කරන වෙලාවේ කෙනෙක් අතින් කියවෙනවා මේ වෙලාවේ ලංකාවේ දක්ෂම චෙස් ක්‍රීඩක ක්‍රීඩකාවෝ සමස්ත ලංකා තරගය ක්‍රීඩා කරනවා ඔයාලත් ඒ සඳහා මහන්සි ගන්න ලබන අවුරුද්දටවත් යන්න කියලා. මුලින් කියපු පුංචි දුවට මේ කතාව දෙවිදියකට හිතට දැනෙනවා එකක් එයා දක්ෂයෙක් නෙවෙයිද? දෙක ලබන වසරේ අවසන් තරගයට කොහොමහරි යන්න ඕනේ කියලා. ගෙදර ඇවිත් මේ පුංචි දරුවා තමන්ගේ පොත් මේසය අසල වැකියක් ලියා අලවනවා.

" ලබන අවුරුද්දේ මම සමස්ත ලංකා චැම්පියන් වෙනවා"

මේක දැකපු දෙමාපියන්ට දුකත් හිතෙනවා. ඇය දැනට ඉන්න තත්ත්වය අනුව එහෙම එකක් හිතාගන්නවත් බැරි නිසා. ඒත් කාලය ගෙවිලා යනවා හැම තැනම වගේ තියන එක්දින තරග වලට ඇයට යන්න ඕනේ වෙනවා. ගොඩක් තරග වලින් ඇය ජයග්‍රහණ ලබනවා ඔය අතරේ Colombo open chess තරගාවලිය එනවා. ඇයට ඕන වෙනවා එම තරගයත් ක්‍රීඩා කරන්න. මුලින්ම දෙමාපියන් ඊට එතරම් එකඟ නොවුනත් පසුව ඇයගේ දැඩි ඉල්ලීම මත ඇයව ඒ සඳහා යොමු කරනවා. ඇය එම තරඟයේදී 1500 ගණනක international rated චෙස් ක්‍රීඩකයෙක් ඇය අතින් පරාජයට පරාජයට පත් වෙනවා. ඒ අනුව 2012 වසර වන තෙක් ලංකාවෙන් බිහි වූ ලාබාලතම ශ්‍රේණි ගත ක්‍රීඩිකාව බවට ඉතිහාසයට එක් වෙනවා. එතකොට ඇයගේ වයස අවුරුදු හතයි. ඒ අනුව ඇය ඊළඟ වසරේ සමස්ත ලංකා යොවුන් චෙස් තරගාවලියට සහ පාසල් චෙස් තරගාවලියට සෘජුවම සම්බන්ධ වීමට සුදුසුකම් ලබනවා.

මේ පුංචි දුව 2013 වසරේ ආසියානු පාසල් ලෝකඩ පදක්කම තම මව්බිමට උරුමකර දෙනවා. ඒ සඳහා ලෝක චෙස් සම්මේලනය ඇයට WCM (Women's candidate master)සන්නාමය ලබා දෙනවා. ඒ වගේම වසර ගණනාවක් ජාතික යොවුන් තරගාවලිය පාසල් අවසන් තරඟාවලි වලදී ඇය ප්‍රථම ,දෙවන තුන්වනාදී ස්ථාන ලබමින් ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට සුදුසුකම් ලබනවා. ඒ අතරතුර ඇය එවැනි ජ්‍යාත්‍යන්තර තරග රැසකින් මව්බිමට පදක්කම් ලබා දෙනවා.

ඇයගේ ජීවිතයේ තවත් විශේෂම තරගාවලියක් වන්නේ 2016 වසරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති West Asia youth chess championship තරඟා වලිය. එහිදී ඇය standard, Rapid,Blitz යන අංශ තුනෙන්ම රන් පදක්කම් තුනම දිනා ගනිමින් ලංකා ඉතිහාසයට තවත් වාර්තාවක් එක් කරනවා. එකම ජාත්‍යන්තර තරඟයකදී එතෙක් රන් පදක්කම් තුනම දිනා ගත් පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වෙමින් .ඊට ගෞරව වශයෙන් ලෝක චෙස් සම්මේලනය ඇයට WFM (Women's fide master) සන්නාමය පිරි නමනවා. අනුව එතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලාබාලතම WFM බවට ඇය පත්වෙනවා.

ඒ වෙන කවුරුවත් නෙමෙයි Piliyandala chess festival තරගාවලිය සංවිධානය කරන සචින්තා කොඩිකාර. ඒ සියල්ල ඇය සමග එකට සිටිමින් ජීවිත අත්දැකීමක් බවට පත්වූ මම ඇගේ තාත්තා.

මම ඔබටත් ආරාධනා කරනවා මගේ දුව වගේ ඔබේ දරුවත් චෙස් ක්‍රීඩාවේ ඉදිරියට ගෙනියන්න. ඒ සඳහා ලැබෙන පුංචිම අවස්ථාව වුණත් අපි නොහිතන විදියට පුංචි දරුවෝ හැරුම් ලක්ෂයක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙම තරගාවලිය සංවිධානය කරන්නේ එවැනි සැඟවුණු මිණිකැට මතුකර ගන්න. මම ගුරුවරුන්ට පුහුණුකරුවන්ට ආදරණීය දෙමාපියන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබේ දරුවා තුළ තිබෙන එවන් දක්ෂතා මතු කරගන්න මේ තරගාවලිය භාවිතයට ගන්න කියලා. සචින්තගේ අත්දැකීම් ඔබේ දරුවන්ට එහිදී දෙන්න ඇය බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ සටහන කියවපු ඔබට ගොඩක් ස්තුතියි. මම චමින්ද කොඩිකාර.

සචින්තට චෙස් වලින් ලැබුනේ සන්නාම හා පදක්කම් විතරද ? ඊ ඊළඟ ලිපියෙන් මම ඒ ගැන කියන්නම්.

29/09/2024

ප්‍රතිඵලය ඇයි දැම්මේ??

මම දැන් අවුරුදු 30ක විතර කාලෙක ඉඳන් දියුෂන් කරන ගුරුවරයෙක් . මම මගේ පන්තිට ආපු ළමයින්ගේ ප්‍රතිඵල මෙතෙක් කල් සමාජ මාධ්‍යවල සාමාන්‍යයෙන් දැම්මේ නෑ . හේතුව මොකද ඒ ප්‍රතිඵලයන්ට තනි අයිතිකාරයෙක් නැති හින්දා. ප්‍රතිඵලය සාමූහික ප්‍රයත්නයක් තියෙන්නේ දරුවන්ට උගන්නපු සියලු ගුරු බවතුන්, දෙමාපියන් ඒක නිසා අවසාන ප්‍රතිඵලය මගේ කරගන්න මං කැමති නෑ සහ අනිත් එක ළමයින්ට ත් ඒකේ ලොකු අයිතියක් තියෙනවා .ඉතින් ඒ හින්දා මම කවදාවත් එහෙම කලේ නෑ. නමුත් ඔබ බලයි එහෙම නොදාපු කෙනෙක් අද ම් පෝස්ට් එකක් දාලා තිබුණා ප්‍රතිඵල සම්බන්ධව. ඒකට ඇත්තටම සාධාරණ හේතුවක් තිබුනා. ඒ තමයි මම ටියුෂන් පටන් ගත්තම කාලේ 1997 මට මතක හැටියට මහරගම ඩෙයින්ටි උසස් අධ්‍යාපන ආයතනය අපේ ප්‍රවීණ දේශක දෑ සමන් සොයිසා මහත්මයාගේ අධ්‍යාපන ආයතනය මං තරුණ ගුරුවරයෙක් විදියට ගිහිල්ලා වැඩ කරද්දී මට ලොකු වගකීමක් දුන්නා එතුමා ගණිතය සහ විද්‍යාව කියන විෂය දෙකම මට භාර දුන්නා සාමාන්‍ය පෙළ දරුවන්ගේ මම බරගත්තු දහය එකොළහ පන්තියක ඕලෙවල් ළමයි 40 ගානක් හිටියා සියලුම දෙනා සමත් වෙලා වැඩි පිරිසකට විශිෂ්ට සාමාර්ථ සහ සම්මාන සාමාර්ථ අරන් දෙන්න මට විෂයන් දෙකටම පුළුවන් වුණා. ඒකත් එක්කම මම හිතන්නේ මගේ ජීවිතය මට ගොඩනගා ගන්න ගොඩක් පිටුවහලක් වුණා .එදා ඉඳන් ඉතින් මෙහෙම ආපු ගමනේ ඇවිල්ලා මම එක්තරා අවස්ථාවක මං මගේ ගෙදර පන්තියෙත් ළමයි විශාල ප්‍රමාණයක් 450ක් විතර මගෙන් ඉගෙන ගත්තා නමුත් හදිසි අනතුරකට මම ලක්වීමත් එක්ක ඒ පන්තිය යම් ආකාරයක කඩාවැටීමට ලක්වෙලා ඊට පස්සේ තමයි ඒ ළමයි ප්‍රමාණය නැතුව ගියේ .ඊට පස්සේ ලංකාවේ හි කොවිඩ් තත්ත්වය ආදිය ඇතිවුණා ඒවත් එක්ක අපිට ඇත්තටම ඒ online tution එක එතරම් සාර්ථක වුණේ නෑ. ඒ අනුව තවදුරටත් පන්ති වැටීම සිද්ධ වුණා. ඒකත් එක්කම ආරම්භ කරපු 8 ශ්‍රේණිය කොවිඩ් කාලෙත් එක්කම ආරම්භ වුණු පන්තියක්. ඒකෙදි හිටපු ළමයි ප්‍රමාණය සඳහන් කළොත් මං හිතන්නේ ආරම්භයේදී ළමයි විස්සක් විතර හිටියා. නමුත් ඊට පස්සේ කොවිඩ් රැලි දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒකත් එක්ක නැවතත් අර කඩා වැටීම් සිද්ධ වෙලා අපිට ඉතුරු වුණේ ළමයි පස් දෙනෙක් විතරයි. මේ තමයි ඔය මෙවර ප්‍රතිඵල ලබා ගත්තේ. ඒ පස් දෙනාට මං පන්තිය කරගෙන ගියා. ඇත්තටම අන්න ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ දරුවො හැමෝම මට බාර දුන්නේ ගණිතයට ගොඩක් ලකුණු අඩු වෙලා කියලා. මේ ප්‍රතිඵලය ගන්න පෞද්ගලිකව මමත් ඒ දරුවොත් දෙමව්පියොත් පුදුමාකාර කැපවීමක් කලා. ඉතින් ඒ නිසා අන්න ඒ ප්‍රතිඵලයට ලොකු අයිතියක් මට තියෙනව? ඒ හින්දයි මම මේක දැම්මේ ඇත්තටම මගෙන් ඉගෙන ගත්තු තවත් ළමයින්ගේ ප්‍රතිඵල තියෙනවා නමුත් මම ඒවා දැම්මේ නෑ හේතුව මොකද ඒවායේ අයිතිය මේ තරම්ම මගේ කියන්න සුදුසුකමක් නැහැ කියලා මං විශ්වාස කරනවා. මේ ළමයි පස්දෙනාගෙන විතරක් මං දැම්මේ එක හින්දා ඒ විතරක් නෙමේ ඊට පස්සේ විභාගයට මාස කිහිපයක් තියෙද්දී සම්බන්ධව තව දරුවෙකු මේ කණ්ඩායමට එකතු වුනා.ඒ දරුවත් ඇත්තටම එද්දී අඩු ලකුණු ප්‍රමාණයක් අරගෙන මගේ පන්තියට ආවේ.එයත් සම්මාන සාමාර්ථ ලබලා තියෙනවා.
චමින්ද කොඩිකාර
2024/09/29

29/09/2024

ගණිතය Group class එකේ දරුවන් 5 දෙනාගෙන් A -4, B-1

19/08/2024

ප්‍රසන්න රත්නායක වන මගේ හැඳුනුම් පත, රියදුරු බලපත්‍රය, විශ්වවිද්‍යාල හැඳුනුම්පත්, සහ බැංකු කාඩ්පත් සහිත පසුම්බිය (පර්ස් එක) අද දින (අගෝස්තු 19, 2024 නිකිණි පොහෝ දින) පස්වරු 2.45- 3.15 ත් අතර කාලයේදී බටුවන්දර හන්දියේ සිට වැව ඉහල පාර ඔස්සේ ජම්බුරලිය මාර්ගයේ පස්වෙනි පටුමග දක්වා පා පැදියෙන් ගමන් කරමින් සිටියදී බිම වැටී නැතිවී තිබේ. ලද අයෙක් වේ නම් 0720222289 හෝ 0718065471 යන අංකයක් වෙත අමතන්න. උදවු කරනා හැමට ස්තුතියි!

සුබම සුභ උපන්දිනයක් වේවා අපේ රත්තරන් පුතුට!
29/05/2024

සුබම සුභ උපන්දිනයක් වේවා අපේ රත්තරන් පුතුට!

https://youtu.be/R0rGMJ8SIGw?si=rJRS6XhkshQ7f6H0
27/05/2024

https://youtu.be/R0rGMJ8SIGw?si=rJRS6XhkshQ7f6H0

Sinhala detective and horror story by Chaminda Kodikara.දිය ඇල්ලෙන් අතුරුදන් වූ දරුවා - part 1.Diya Ellen Athurudan Wu Daruwaඉදිරිපත් කිරීම - Chaminda Kodika...

ග්‍රීක මිත්‍යා ජීවීන් 😯
09/04/2024

ග්‍රීක මිත්‍යා ජීවීන් 😯

Address

Batuwandara
Batuwandara
10306

Telephone

+94112602591

Website

Alerts

Be the first to know and let us send you an email when Kodikara Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kodikara Sir:

Shortcuts

Share

Category