Barista Thirty Six

Barista Thirty Six Barista Thirty Six – Advanced barista training led by coffee expert Thasun Rasanga. HOT LINE : 076 55 90 450

Empowering passionate coffee professionals through hands-on, industry-standard education to master the art and science of coffee.

30/06/2026

"විණෙය්‍ය මච්ඡේරමලං - දදේථ අණිවත්තිතෝ"
(මසුරුකම නමැති මලකඩ දුරු කර, පසුබට නොවී සතුටු සිතින් දන් දෙන්න.)

මෙවර උදාවූ උතුම් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, 𝐁𝐀𝐑𝐈𝐒𝐓𝐀 𝟑𝟔 𝐁𝐘 𝐌𝐈𝐗 𝐌𝐀𝐒𝐓𝐄𝐑𝐒 𝐁𝐀𝐑𝐓𝐄𝐍𝐃𝐈𝐍𝐆 𝐀𝐂𝐀𝐃𝐄𝐌𝐘 සංවිධානය කළ දන්සල... 💛✨

අපගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමෝගෙම එකමුතුකම, කැපවීම සහ ශ්‍රමය නිසා මේ පුණ්‍යකර්මය ඉතාමත් සාර්ථකව නිමා කරන්න ලැබුණා. දෑතින්ම ශ්‍රමය කැප කරපු, නන් අයුරින් උදව් උපකාර කරපු මගේ දරුවන් හැමෝටමත්, දන්සලෙන් පවස නිවාගත් සැමටත් මේ පින ඒකාකාරවම අත්වේවා!

කරන ලද මේ උතුම් පුණ්‍යකර්මය හැමෝගෙම සිත සුව පිණිසම හේතු වේවා! 🙏 කුසල් සිත් ඇතිවී නිවන් මග පෑදේවා!

17/06/2026

𝐂𝐨𝐟𝐟𝐞𝐞 𝐒𝐡𝐨𝐩 කලචර් එකේ ආරම්භය, 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 හී විකාශනය 🤯❤️

ඉතිහාසයෙන් අපිට කරුණු දැනගන්න ලැබුණත්, සංස්කෘතියක ජීවය රැඳිලා තියෙන්නේ මිනිස්සු එකතු වෙන තැන්වලයි.
ඔයාත් කෝපි කෝප්පයක් බොන ගමන් කැෆේ එකක තියෙන ඒ කතාබහට, ඒ එනර්ජි එකට ආස කරන කෙනෙක් නම්, අද අපේ ගමන සෑහෙන විශේෂයි. අපි අර "කල්දි" (𝐊𝐚𝐥𝐝𝐢) ගේ එළුවන්ගේ කාලයෙන් එහාට ගිහින්, කෝපි කියන දේ ආගමික වතාවත්වලට විතරක් රහසක් වෙච්ච කාලෙන් මිදිලා, මුළු සමාජයේම හදගැස්ම බවට පත්වුණු කාලයකට යනවා.

අපේ "𝐄𝐬𝐩𝐫𝐞𝐬𝐬𝐨 𝐓𝐢𝐦𝐞 𝐌𝐚𝐜𝐡𝐢𝐧𝐞" එක ලෑස්ති කරගෙන අපි මේ යන්නේ 16 වැනි සියවසට, ලෝකයේ මුල්ම නිල කෝපිහල් සංස්කෘතිය, එහෙමත් නැත්නම් "𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡" ආරම්භ වුණු කාලයටයි.

👉 මොකක්ද මේ 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 කියන්නේ? (නම පිටුපස ඇති රසවත් කතාව)

මේ විස්තරේ තේරුම් ගන්න නම්, මුලින්ම මේ නම හැදුණු හැටි බලන්න ඕනේ. 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 කියන වචනයේ සෘජු අර්ථය තමයි "කෝපි නිවහන" (Qahveh = කෝපි, Khaneh = නිවස/කාමරය). හැබැයි "Qahveh" කියන වචනය කෝපිවලට පාවිච්චි වෙන්න ගත්ත විදිය හරිම අපූරුයි.

මුල් කාලයේ පැරණි අරාබි භාෂාවෙන් 𝐪𝐚𝐡𝐰𝐚𝐡 කියලා හැඳින්වූයේ මුද්‍රික පානය (වයින්) හඳුන්වන්නයි. හැබැයි මත්පැන් පානයෙන් වැළකී සිටි යාමනයේ (Yemen) සුෆි භක්තිකයෝ, රෑ තිස්සේ නිදිවරාගෙන ආගමික වතාවත් කරන්න මේ ශක්තිජනක කෝපි ඇටේ පාවිච්චි කරන්න ගත්තා. මනස අවදිව තියන, හැබැයි මත් නොවන මේ පානයට ඔවුන් ආදරයට වගේ කිව්වේ qahwah කියලයි. පස්සේ කාලෙක මේ වචනය වයින්වලින් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා, ඔටෝමන් අධිරාජ්‍යය හරහා kahve බවට පත් වෙලා, අන්තිමට අද අපි කියන Coffee කියන වචනය හැදුණා.

ඉතින් මේ පානය විකුණන්නම පොදු ස්ථාන හැදුවට පස්සේ, ඒවට ස්වාභාවිකවම "𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡" කියන නම පටබැඳුණා.

👉 මෙක්කාවේ සිට ඉස්තාන්බුල් දක්වා, කෝපි සංස්කෘතිය පැතිරුණු හැටි

කෝපිහලක් කියන සංකල්පය එක රැයින් එක නගරයක හැදුණු දෙයක් නෙවෙයි. ඒක කාලයත් එක්ක මුළු ඉස්ලාමීය ලෝකය පුරාම ලැව්ගින්නක් වගේ පැතිරිලා ගිය දෙයක්.

ආරම්භය (15 වැනි සියවසේ අග - 16 වැනි සියවසේ මුල), ලෝකයේ මුල්ම පොදු කෝපිහල් බිහිවුණේ ශුද්ධ වූ මෙක්කා නගරය සහ කයිරෝ නගරයේයි. ඒවා මුල් කාලයේ සංචාරකයින්ට සහ ප්‍රදේශවාසීන්ට පල්ලියෙන් හෝ ගෙදරින් පිටතදී කෝපි කෝප්පයක් බොන්න හදපු සරල තැන් විතරයි.

පදනම වැටීම (1555), මේ ගමනේ ලොකුම පෙරළිය වුණේ 1555 අවුරුද්දේදීයි. සිරියානු වෙළෙන්දන් දෙන්නෙක් ඔටෝමන් අධිරාජ්‍යයේ අගනුවර වුණු ඉස්තාන්බුල් නුවර ලොකු කෝපිහල් ආරම්භ කළා. මේවා නිකන්ම බොන තැන් නෙවෙයි, අලංකාරව සරසපු, අද කාලේ කැෆේ සංස්කෘතියට නියම පදනම දාපු තැන් වුණා.

පර්සියානු පෙරළිය (16 වැනි සියවස), මේ විප්ලවීය සංකල්පය ඊළඟට පැරණි සිල්ක් මාවත දිගේ ගිහින් සෆාවිඩ් අධිරාජ්‍යය යටතේ තිබුණු පර්සියාවට (Iran) ළඟා වුණා.

👉16 වැනි සියවසේ පර්සියානු 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 එකක් ඇතුළට යමු

මේ වීඩියෝ එකේ පේන විදියට, බැරිස්ටා 36 (Barista 36) දුම් වලාකුළු මැදින් කාලය හරහා ගිහින් බැස්සේ පර්සියානු 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 එකක් ඉස්සරහටයි.

පර්සියාව කෝපිහල කියන දේ මුලින්ම හැදුවේ නැති වුණත්, ඔවුන් ඒක උපරිමයටම දියුණු කළා. ෂා අබ්බාස් (𝐒𝐡𝐚𝐡 𝐀𝐛𝐛𝐚𝐬 𝐈) රජුගේ කාලයේදී මේ ස්ථාන හරිම සුඛෝපභෝගී, ඉහළ සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත් වුණා. ලස්සන කැටයම් කැපූ වහලවල් යට, කැෆේන් බලයෙන් ක්‍රියාත්මක වුණු අලුත්ම සමාජ කතාබහක් එතැනදී බිහිවුණා.

තඹ පෝච්චිවල පදමට හදලා, හීනි කෝප්පවලට වත් කරපු මේ කෝපි, යේමනයේ කඳුවල ඉඳන් පර්සියාවට ගෙනාපු සරුසාර 𝐘𝐞𝐦𝐞𝐧𝐢 𝐀𝐫𝐚𝐛𝐢𝐜𝐚 කෝපි වර්ගයක් කියලයි කියන්නේ.

👉 හැබැයි මිනිස්සු එතැනට ආවේ කෝපි බොන්න විතරක්ම නෙවෙයි,

වියතුන් සහ චින්තකයින්, උගතුන්, කවියන් සහ වෙළෙන්දන් එකම පලසක් උඩ වාඩි වෙලා දේශපාලනය, දර්ශනය, වෙළඳාම සහ රටේ තොටේ විස්තර ගැන උණුසුම් ලෙස විවාද කළා.

ක්‍රීඩකයින්, කෝපි කෝප්පයක් බොන ගමන්, චෙස් (𝐂𝐡𝐞𝐬𝐬) සහ බැක්ගැමන් (𝐁𝐚𝐜𝐤𝐠𝐚𝐦𝐦𝐨𝐧) වගේ සාම්ප්‍රදායික පුවරු ක්‍රීඩාවල නිරත වෙමින් තමන්ගේ මොළේ වෙහෙසුවා.

කලාකරුවන්, පර්සියානු කෝපිහල කියන්නේ කලාව පිරුණු තැනක්. එක පැත්තකින් සාම්ප්‍රදායික තාර (𝐓𝐚𝐫) සහ උද් (𝐎𝐮𝐝) වගේ සංගීත භාණ්ඩ වයද්දී, තව පැත්තකින් ප්‍රසිද්ධ "ෂානාමේ" (𝐒𝐡𝐚𝐡𝐧𝐚𝐦𝐞𝐡) වීර කාව්‍යයන් රසකර කර කියන කතන්දරකාරයෝ හිටියා.

තොරතුරු හුවමාරු වුණු, අලුත් අදහස් උපන්නු මේ වටිනා පරිසරය නිසාම මේවට අපූරු නමක් පටබැඳුණා: "ප්‍රඥාවන්තයින්ගේ පාසල්" (𝐒𝐜𝐡𝐨𝐨𝐥𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐖𝐢𝐬𝐞).

👉 අදටත් අපව යා කරන ඒ අතීතය

හිරු බැස යනකොට, ලාම්පු එළියෙන් මුළු 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 එකම රන්වන් පාටින් බැබළෙන්න ගන්නවා. බැරිස්ටා 36, එදා ලෝක කෝපි කලචර් එක හැඩගස්වන්න උදව් කරපු ඒ අපූරු මිනිස්සු එක්ක ලස්සන සෙල්ෆියක් (Selfie) ගන්නත් අමතක කරන්නේ නැහැ.

ආයෙත් 𝐓𝐢𝐦𝐞 𝐌𝐚𝐜𝐡𝐢𝐧𝐞 එකට ගොඩවෙන්න කලින් වටපිට බලද්දී එක දෙයක් පැහැදිලියි, කෝපි කියන්නේ උදේට ඇහැරෙන්න බොන බීමක් විතරක් නෙවෙයි, ඒක ජීවන රටාවක් වෙන්න පටන්ගත්තේ මෙන්න මෙතනින්. අද අපි වාඩිවෙලා ඉන්න නවීන කැෆේ එකක තියෙන්නෙත් එදා 16 වැනි සියවසේ 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡 එකේ තිබුණු ඒ ආගන්තුක සත්කාරය සහ එකමුතුකමම තමයි.

👉 ඔයත් අපිට වගේම කෝපිවලට ආදරේද?
මේ අතීත ගමන ඔයාගේ මූණට හිනාවක් ගෙනාවා නම්, බොන කෝපි කෝප්පය ගැන අලුත් හැඟීමක් ඇති කළා නම්, දැන්ම 𝐋𝐢𝐤𝐞 කරලා අපේ පේජ් එක 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන්න! කෝපි ලෝකයේ මෙන්න මේ වගේ රසවත්, අතීත විස්තර අපේ 𝐓𝐢𝐦𝐞 𝐓𝐫𝐚𝐯𝐞𝐥 වීඩියෝ හරහා බලන්න 𝐁𝐚𝐫𝐢𝐬𝐭𝐚 𝟑𝟔 කොමියුනිටි එකට එකතු වෙන්න. හැම කෝපි උගුරකින්ම අලුත් දෙයක් ඉගෙන ගනිමු! ❤️😇

- බැරිස්ටා 36

-----------------

𝐓𝐡𝐞 𝐁𝐢𝐫𝐭𝐡 𝐨𝐟 𝐂𝐨𝐟𝐟𝐞𝐞 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞, 𝐓𝐡𝐞 𝐑𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡

History records the facts, but the soul of a culture lives in its shared spaces.

To anyone who has ever found comfort in the lively hum of a local cafe, or felt the magic of a community gathered around the aroma of a fresh brew, our journey takes a massive leap forward. We leave behind the ancient folklore of Kaldi and step into a time when coffee stopped being a hidden ritual of Sufi mystics and became the absolute heartbeat of society.

Fire up the espresso time machine, we are traveling back to the 16th century to witness the birth of the Qahveh Khaneh, the world’s very first true coffeehouse culture.

👉 𝐖𝐡𝐚𝐭 𝐢𝐬 𝐚 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡? (𝐀𝐧𝐝 𝐭𝐡𝐞 𝐒𝐜𝐚𝐧𝐝𝐚𝐥 𝐁𝐞𝐡𝐢𝐧𝐝 𝐭𝐡𝐞 𝐍𝐚𝐦𝐞)

To understand this revolution, we have to look at the name itself. Qahveh Khaneh literally translates to "Coffee House" (Qahveh = coffee, Khaneh = house/room). But how the word qahveh came to mean coffee is a fascinating piece of history.

Originally, the old Arabic word qahwah was a poetic term used for w**e, derived from a verb meaning "to lessen one's appetite." Because devout Muslims abstained from alcohol, Sufi saints in Yemen adopted this dark, energizing bean to help them stay awake during intense midnight prayers. They jokingly or poetically called this rich elixir qahwah because it stimulated the mind without the intoxication of w**e. Eventually, the word completely lost its connection to alcohol, traveled through the Ottoman Empire as kahve, and became the root of our modern word: Coffee.

When public spaces were built specifically to serve this drink, they naturally became known as the Qahveh Khaneh.

👉 𝐅𝐫𝐨𝐦 𝐌𝐞𝐜𝐜𝐚 𝐭𝐨 𝐈𝐬𝐭𝐚𝐧𝐛𝐮𝐥, 𝐇𝐨𝐰 𝐭𝐡𝐞 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞 𝐒𝐩𝐫𝐞𝐚𝐝

The coffeehouse wasn't born overnight in one city; it was a wildfire that swept across the Islamic world.

𝐓𝐡𝐞 𝐑𝐨𝐨𝐭𝐬 (𝐋𝐚𝐭𝐞 𝟏𝟓𝐭𝐡 - 𝐄𝐚𝐫𝐥𝐲 𝟏𝟔𝐭𝐡 𝐂𝐞𝐧𝐭𝐮𝐫𝐲), The very first public coffeehouses quietly emerged around the holy city of Mecca and the bustling streets of Cairo. They began as simple places where travelers and locals could gather to drink coffee outside of mosques and homes.

𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐞𝐩𝐫𝐢𝐧𝐭 (𝟏𝟓𝟓𝟓), The concept reached a massive turning point in 1555, when two Syrian merchants opened the first grand coffeehouses in Istanbul, the capital of the Ottoman Empire. These weren't just drink stalls, they were beautifully decorated, lively hubs that laid the exact blueprint for modern cafe culture.

𝐓𝐡𝐞 𝐏𝐞𝐫𝐬𝐢𝐚𝐧 𝐏𝐞𝐚𝐤 (𝟏𝟔𝐭𝐡 𝐂𝐞𝐧𝐭𝐮𝐫𝐲), As this revolutionary concept spread along the ancient Silk Road, it arrived in Persia under the Safavid Empire.

👉 𝐈𝐧𝐬𝐢𝐝𝐞 𝐭𝐡𝐞 𝟏𝟔𝐭𝐡 𝐂𝐞𝐧𝐭𝐮𝐫𝐲 𝐏𝐞𝐫𝐬𝐢𝐚𝐧 𝐐𝐚𝐡𝐯𝐞𝐡 𝐊𝐡𝐚𝐧𝐞𝐡

As the espresso time machine materializes amidst billowing steam in the video, Barista 36 steps through the heavy, ornate curtains of a Persian Qahveh Khaneh.

While Persia didn't invent the coffeehouse, they completely perfected it. Under the reign of Shah Abbas I, these spaces were elevated into luxurious, grand cultural institutions. Under beautifully tiled, vaulted ceilings, a brand-new phenomenon was born, public conversation fueled entirely by caffeine.

The coffee served here, meticulously brewed in copper pots and poured into delicate cups, was rich Yemeni Arabica, transported across ancient trade routes from the mountains of Yemen straight into the heart of Persia. But people didn’t just come for the brew; they came for the community.

𝐓𝐡𝐞 𝐓𝐡𝐢𝐧𝐤𝐞𝐫𝐬, Scholars, poets, and merchants sat side-by-side on grand, rug-covered benches, fiercely debating politics, philosophy, trade, and the daily affairs of the empire.

𝐓𝐡𝐞 𝐏𝐥𝐚𝐲𝐞𝐫𝐬, Patrons huddled tightly over traditional board games like chess and backgammon, testing their skill, patience, and strategic thinking.

𝐓𝐡𝐞 𝐀𝐫𝐭𝐢𝐬𝐭𝐬, The Persian Qahveh Khaneh was a thriving cultural stage. Musicians strummed traditional stringed instruments like the tar and oud, while passionate storytellers (Maddah) recited epic poetry from the famous Shahnameh (The Book of Kings).

It was a place where information traveled, ideas were born, and culture came completely alive. It earned these spaces a magnificent universal nickname: "Schools of the Wise."

👉 𝐀 𝐋𝐞𝐠𝐚𝐜𝐲 𝐓𝐡𝐚𝐭 𝐂𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐬 𝐔𝐬 𝐀𝐥𝐥

As the sun sets over the horizon and the lamps begin to cast a warm, golden glow, Barista 36 snaps a quick selfie with the incredible people who helped shape global coffee culture.

Before stepping back into the time machine, a final look around reveals the ultimate truth: this was the exact moment in history where coffee stopped being just a morning pick-me-up and officially became a way of life. The modern cafes we sit in today find their exact DNA right here, in the lively, welcoming, and intellectual spirit of the 16th-century Qahveh Khaneh.

👉 𝐋𝐨𝐯𝐞 𝐜𝐨𝐟𝐟𝐞𝐞 𝐚𝐬 𝐦𝐮𝐜𝐡 𝐚𝐬 𝐰𝐞 𝐝𝐨?

If this journey through time brought a smile to your face and made you appreciate your daily brew just a little bit more, hit that 𝐋𝐢𝐤𝐞 button and 𝐅𝐨𝐥𝐥𝐨𝐰 our page! Join our community at Barista 36 to explore the rich, fascinating history of coffee through our time-traveling adventures. Let's keep learning and brewing, one cup at a time!

- Barista 36



#𝐛𝐚𝐫𝐢𝐬𝐭𝐚𝐥𝐢𝐟𝐞

Going beyond the basics is what sets great baristas apart..!Our students don’t just learn how to make coffee, they learn...
07/06/2026

Going beyond the basics is what sets great baristas apart..!

Our students don’t just learn how to make coffee, they learn how machines work from the inside out. From understanding the internal components of a semi-automatic espresso machine to diagnosing and fixing common issues, we make sure every trainee gains real, hands-on knowledge.

At Barista 36 by MMBA, we believe true mastery comes from understanding, not just practice, and that’s why we offer this level of training as part of our course, at no extra cost.

A special thank you to Mr. Ajith for leading this insightful session and sharing his expertise with our students.

Because building the best baristas on the island means leaving no detail behind. ♥️😇

29/05/2026

The Origin of Coffee: A Journey Through Time ☕

History is built on facts, but the soul of a culture is often kept alive through its stories. 🌟

To anyone who has ever truly loved coffee, anyone who has dug into its roots, felt the magic in a morning brew, or dedicated their life to mastering the craft, one name always echoes across time. "Kaldi"

Even though we lack definitive historical proof to validate his tale, every passionate coffee lover and student of the bean has heard it, been inspired by it, and carried it in their hearts. It is a story that bridges the gap between ancient wonder and our modern daily ritual.

Ethiopia, 9th Century: Where It All Began 🌄
Our journey takes us back to the breathtaking Ethiopian Highlands, the undisputed birthplace of Coffea arabica.

According to legend, a young goatherd named Kaldi noticed his flock behaving rather peculiarly. After nibbling on some mysterious, bright red cherries from a nearby shrub, the goats began to dance, leap, and bubble over with an unusual energy. Intrigued, Kaldi tried the cherries himself and felt an immediate rush of revitalization.

Seeking answers, he took the berries to a nearby monastery. The chief monk, initially fearful of these strange "magical" fruits, tossed them into the fire. But as the berries roasted in the flames, an aroma so divine, rich, and enchanting filled the room that the monks quickly raked the glowing embers away, crushed the roasted seeds, and mixed them with hot water.

That night, the world’s first true coffee brewers stayed wide awake during their midnight prayers, energized by this extraordinary new elixir.

A Living Coffee Culture 🙇
From those ancient highlands, coffee became more than just a drink, it became the heartbeat of a nation. Today, Ethiopia’s connection to coffee remains deeply sacred. The traditional Ethiopian Coffee Ceremony (Buna) is a beautiful, hours-long ritual of hospitality, community, and respect. The beans are roasted fresh on the spot, ground by hand, and brewed in a traditional clay pot called a Jebena, served to family and friends as a symbol of unity and life.

Thank You, Kaldi ! ❤️🙏
Whether fact or folklore, we owe an immense debt to Kaldi, his dancing goats, and the forward-thinking monks of Ethiopia. Today, the world runs on coffee. It fuels our ambitions, sparks our creativity, and brings us together across oceans and continents. Humanity wakes up because of this magnificent bean.

Love coffee as much as we do? 🙌
If this journey through time brought a smile to your face, hit that Like button and Follow our page! Join our community to explore the rich, fascinating world of coffee through fun, creative videos just like this one. Let's keep learning, one cup at a time! ☕️✨
--------------------------

කෝපි වල උපත හොයාගෙන: කාලය හරහා ගිය සංචාරයක් ☕️

ඉතිහාසය හැදෙන්නේ සාක්ෂි මත වුණත්, සමහර සංස්කෘතීන් පවතින්නේ ලස්සන ජනප්‍රවාද සහ කතාන්දර නිසා.

ඇත්තටම කෝපි වලට ආදරය කරන, කෝපි වල ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි හොයලා බලපු හැමෝම අනිවාර්යයෙන්ම අහලා තියෙන නමක් තමයි "කල්දි" (Kaldi).

මේ කතාව ඔප්පු කරන්න අපිට පැහැදිලි ඓතිහාසික සාක්ෂි නැති වුණත්, කෝපි වලට ආදරය කරන, ඒ ගැන ඉගෙන ගන්න හැම කෙනෙක්වම මේ කතාව හැමදාමත් දිරිමත් කළා. ඒ වගේම අපේ හදවත් වලට මේ කතාව ගොඩක් සමීප වුණා.

ඉතියෝපියාව, 9 වන සියවස: කෝපි ආරම්භය 🌄
අපි මේ යන්නේ 9 වන සියවසේ ඉතියෝපියානු කඳුකරය (Ethiopian Highlands) වෙතට. ඒ කියන්නේ "Coffea arabica" වල උපන්බිමට.

කතාවට අනුව, කල්දි කියන තරුණ එළු එඬේරා දවසක් දැක්කා තමන්ගේ එළුවන් රතු පාට අමුතු බෙරි ජාතියක් කාපු වෙලාවේ ඉඳන් හරිම සතුටින්, නටමින්, වෙනදාට වඩා ක්‍රියාශීලීව හැසිරෙනවා. පුදුමයට පත්වුණු කල්දිත් මේ බෙරි වර්ගයෙන් ටිකක් කාලා බැලුවා. එකපාරටම ඔහුටත් පුදුමාකාර ශක්තියක් සහ ප්‍රබෝධයක් දැනෙන්න ගත්තා.

මේ ගැන හොයන්න කල්දි මේ බෙරි වර්ගය අසල තිබුණු ආශ්‍රමයක භික්ෂූන් වහන්සේලාට ගිහින් දුන්නා. මුලින්ම මේක "මායාකාරී" දෙයක් කියලා බය වුණු ප්‍රධාන හිමිනම, මේවා ගින්නට විසිකරලා දැම්මා. හැබැයි මේ කෝපි ඇට ගින්නෙන් බැදෙද්දී මුළු ප්‍රදේශයම පුරාම පැතිරුණේ පුදුමාකාර සුවඳක්! ඒ සුවඳට වශී වුණු භික්ෂූන් වහන්සේලා ඉක්මනින්ම ගිනි අඟුරු අයින් කරලා, බැදුණු කෝපි ඇට කුඩු කරලා, උණු වතුරත් එක්ක එකතු කළා.

එදා රෑ, ලෝකයේ පළමු කෝපි රසිකයෝ වුණු ඒ භික්ෂූන් වහන්සේලා, කිසිම නිදිමතක් නැතුව ඉතාම ප්‍රබෝධමත්ව තමන්ගේ රාත්‍රී වත්පිළිවෙත් සිද්ධ කළා.

අදටත් ජීවමාන ඉතියෝපියානු කෝපි සංස්කෘතිය
එදා ඒ කඳුකරයෙන් ආරම්භ වුණු කෝපි, අද වෙනකොට මුළු ලෝකයකම හදගැස්ම බවට පත්වෙලා තියෙනවා. අදටත් ඉතියෝපියාවේ කෝපි කියන්නේ පූජනීය දෙයක්. ඔවුන්ගේ සාම්ප්‍රදායික "ඉතියෝපියානු කෝපි උත්සවය" (Buna) කියන්නේ පවුලේ අය සහ මිතුරන් එකතු වෙලා, අලුතින්ම කෝපි ඇට බැදලා, මැටි බඳුනක (Jebena) කෝපි හදලා එකිනෙකාට සංග්‍රහ කරන ඉතාම ලස්සන සංස්කෘතික අංගයක්.

ස්තූතියි කල්දි! 🙏❤️
මේක ඇත්තම කතාවක් වුණත්, ලස්සන ප්‍රබන්ධයක් වුණත්, කල්දිට සහ ඔහුගේ ඒ නටන එළුවන්ට අපි හැමෝම ණයගැතියි. අද මුළු ලෝකයම දුවන්නේ කෝපි නිසා. මිනිස්සු උදේට ඇහැරිලා තමන්ගේ දවස පටන් ගන්නේ මේ පුදුමාකාර කෝපි ඇට නිසා.

ඔයත් කෝපි වලට මේ තරම්ම ආදරෙයිද? 🙌
කෝපි වල මේ අතීත සංචාරය ඔයාගේ හිතටත් සතුටක් ගෙනාවා නම්, දැන්ම මේ Post එකට Like එකක් දාලා, අපේ Page එක Follow කරන්න! මේ වගේ කෝපි ගැන රසවත්, විනෝදජනක සහ වටිනා දේවල් දිගටම ඉගෙන ගන්න අපේ කෝපි පවුලත් එක්ක එකතු වෙන්න. කෝපි කෝප්පයක රස බලන ගමන් අලුත් දේවල් ඉගෙන ගනිමු! ☕️✨

#𝐛𝐚𝐫𝐢𝐬𝐭𝐚𝐥𝐢𝐟𝐞

25/05/2026

ගැහැනුළමයි ලාතේ හදපු හැටි! ❤️😇


Moments! ❤️❤️❤️
14/05/2026

Moments! ❤️❤️❤️

14/05/2026

ඉගෙනුම සතුටක් වෙච්ච තැන තමයි දක්ෂයෝ බිහිවෙන්නේ! 🥹❤️

Video Credits: නිමාෂා මල්මී 🙏❤️


Address

376 A 1/2 , Kaduwela Road
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Barista Thirty Six posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category