24/06/2026
ජපන් ආගමන විගමන ආයතනයේ දත්ත අනුව SSW රැකියාවල නවතම තත්වය
මේ වන විට ජපන් SSW ආහාරසේවා ක්ෂේත්‍රය සදහා බදවාගැනීම ජපන් රජය විසින් තාවකාලිකව නවතා තිබෙනවා. අපේක්ෂිත සේවක සංඛ්‍යාව 53000 පමණ වූ අතර දැනට 46000 පමණ ප්‍රමාණයක් ආහාරසේවා ක්ෂේත්‍රය යටතේ බදවාගෙන තිබෙනවා. සමහර විට ඉදිරියේදී මෙම ක්ෂේත්‍රය තුළ ඇතිවන පුරප්පාඩු මත නැවත බදවාගැනීම් සිදුකරන්න අවස්ථාව තිබෙනවා.
ජපන් රැකියා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්වයත් සමග ජපන් ආගමන විගමන ආයතනයේ (immigration Service Agency 出入国在留管理庁) වෙබ් පිටුුුවට ගිහිල්ලා SSW රැකියා යෝජනා ක්‍රමයෙහි නවතම තත්වය පිළිබද අධ්‍යයනයක් කළා. ඒ් අනුව ඔබගේ අනාගත සැළසුම් සකස් කර ගැනීමට සහයෝගය පිණිස එම තොරතුරු මෙම පිටුවේ පළකරනවා
SSW රැකියා ඛාණ්ඩය යටතේ ජපානයට බදවාගැනීමට අපේක්ෂිත සේවක සංඛ්‍යාව 800.000 පඹණ වෙනවා. මේ වන විට 394.000 බදවාගෙන අවසන්.
2025 දෙසැම්බර් මාසය වන විට ඒ් ඒ් රැකියා ඛාණ්ඩ සදහා අපේක්ෂිත ප්‍රමාණය සහ දැනට බදවාගෙන ඇති ප්‍රමාණය දළ වශයෙන් පහත පරිදි වේ
හෙද සත්කාර 135.000 67.871
ගොඩනැගිලි පිරිසිදු කිරීම 37,000 8395
කාර්මික නිෂ්පාදන 173,000 56,736
ඉදිකිරීම් 80,000 49,323
නැවි තැනීම් 36,000 11,204
වාහන නඩත්තු 10,000 4,560
ගුවන් සේවා 4,400 2,260
නවාතැන් ක්ෂේත්‍රය 23,000 1,968
ප්‍රවාහන 24,500 151
ද්‍රම්රිය 3,800 54
කෘෂිකර්මය 78,000 37,952
ධීවර 17,000 4,590
ආහාර නිෂ්පාදන 139,000 93,393
ආහාර සේවා 53,000 43,869
වනාන්තර 1,000 0
දැව ආශ්‍රිත 5,000 15
ඒ් අනුව ලංකාවට ලබාදී ඇති රැකියා ඛාණ්ඩවල මේ වන විට පුරප්පාඩු සංඛ්‍යාව
හෙද සත්කාර 66,129
ගොඩනැගිලි පිරිසිදු කිරීම් 28,605
ඉදිකිරීම් 30,677
වාහන නඩත්තු 5,440
ගුවන් සේවා 2,140
නවාතැන් ක්ෂේත්‍රය 21,032
ප්‍රවාහන රියදුරු 24,349
කෘෂිකර්මාන්තය 40,048
ආහාර සේවා 9131
අපිට ඉදිරියේදී SSW රැකියා සදහා ශ්‍රමිකයන් පුහුණුකරන්න වෙන්නෙ මේ පුරප්පාඩු සංඛ්‍යාවන් ඉලක්ක කරගෙන. දැනට ලංකාවට ලබාදී නොමැති වැදගත් ඛාණ්ඩ 2 ක් තිබෙනවා. ඒ් කාර්මික නිෂ්පාදන පුරප්පාඩු 116,264 සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය පුරප්පාඩු 45,607. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙලා හෝ මේ ක්ෂේත්‍ර දෙකට ශ්‍රමිකයන් යවන්න අවස්ථා ලබාගන්න පුලුවන් නම් ලොකු ජයග්‍රහණයක්.
ඒ් වගේම 2027 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන ESD Employment for skill development යටතේ ශ්‍රමිකයන් යැවීමට අපිට දැන්ම සූදානම් වෙන්න පුලුවන්.
මේ වන විට ඒ් ඒ් රටවල් අනුව ජපානයේ සිටින SSW ශ්‍රමිකයන් සංඛ්‍යාව
වියට්නාමය 158,497
ඉන්දුනීසියා 86,523
මියන්මාරය 44,315
පිලිපීනය 35,321
චීන 21418
නේපාල 12,277
කාම්බෝජය 8379
තායි 6756
වෙනත් 8656(ලංකාව ඇතුලත් මේ ඛාණ්ඩයට. මේ වන විට මේ වාර්තා වෙනස් වී ඇති) මේ වන විට බදවාගෙන ඇති ප්‍රමාණය 394,000 පමණ වුනත් අපි යවා තිබෙන්නේ සුලු පිරිසක්. අපේ රටේ අය අතර ssw ජනප්‍රිය වුනේ මෑත කාලයේදී නිසා වෙන්න ඇති. හැබැයි ඉතින් අපිට තිබෙන ගැටලුව තමයි ඒ් රටවල් ඉක්මණින්ම ඉතිරි පුරප්පාඩු පුරවන එක.
ජපන් සම්මුඛ පරීක්ෂණවලදි ජපන් භාෂා නිපුණතාවය ඉතා වැදගත් වෙනවා. දැනට කථන හැකියාව N3 මට්ටමට අපේක්ෂා කරන නිසා අනිවාර්යයෙන්ම N3 සමත්වීම අවශ්‍ය වෙනවා. නේපාලය,මියන්මාරය වැනි රටවල සිසුන්ගේ ජපන් භාෂාව ඉහළ මටිටමක තිබෙන නිසා සම්මුඛ පරීක්ෂණවලදි සමත්වීමේ ප්‍රවණතාවය වැඩියි. කොහොම වුනත් අපිට ඉක්මණින්ම භාෂා හැකියාව සහ නිපුණතාවය සහිත ශ්‍රමිකයන් පිරිසක් අවශ්‍ය වෙනවා. මොකද තව අවුරුදු තුන හතරක් ඇතුළත ssw ශ්‍රමිකයන් ජපානයට ගෙන්වීම අවසන් වේවි. # . #ජපන් #ජපන්රැකියා